මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි චෝදනා එල්ල වූ පාසල් සිසුවා අද සිය දෙමාපියන් සමඟ පැමිණි ජනාධිපතිවරයා හමු විය.
ජනපතිගේ ඇරයුම අනුව එහි ගිය සිසුවා සහ දෙමාපියන් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා සුහද කතාබහක යෙදුණේය.
සිසුවාගේ අධ්‍යාපනය සාර්ථව කර ගැනීමට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ද ප්රදානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා (නි)
උතුරේ අයට නිතරම මේ වගේ සැළකිලි කරන අතරේ කලාතුරකින් හරි සිංහල ළමයෙක් ගෙනවිත් මෙහෙම කළ එක හොඳ වැඩක් (නි)
පාසල් බෑගය හොඳ තෑග්ගක් තමා (නි)
ස්තූතියි ජනපතිඳුනි. ඔබ නියම පුරුෂයෙක් (නි)
තවත් පුහුණු කළොත් අපේ රටට හොඳ සේවයක් ගන්න පුලුවන් වෙයි. (නි)
ජනාධිපති මුණගැහෙන්න තියෙන හොඳම ක්‍රමයක් කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. මොකද කට්ටයෙකුට මේ පින්තූර ටිකත් ඇති තවත් කට්ට වැඩකට උදවුකරගන්න. (නි)
පිටිගල මිලානෝ, ලහිරු, යුද්ධ කාලෙ එහෙම දේවල් වෙන්න ඇති. ඒ අපි හැමෝම වෙනුවෙන්. එහෙම නැතුව එතුමාගේ පෞද්ගලික දේකට අතුරුදහන් වුණ එක් කෙනෙක්ගේ නමක් කියන්න. (නි)
කවුරු මොනවා කිවුවත් ජනාධිපතිතුමාගේ මනුස්සකම පෙන්වූ හොඳම අවස්ථාවක් මෙය. ඇත්තෙන්ම මෙය එතුමාට ගරු කළයුතු දෙයක්. බොහෝවිට තරුණ වයසේ අය නොසිතා කරන, එහෙම නැත්නම් නරක මිතුරන් ඇසුරෙන් කරන වැඩ තමයි මේවා. කොහොම වුණත් මේ ළමයා ජනාධිපතිතුමාට සදා ණයගැතිවිය යුතුයි. අකාලයේ විනාශවීමට ගිය තරුණ ජිවිතයක් යහමගට යොමු කිරීම කොහොම අගය කළයුතුදැයි නොදනිමි. (නි)
මෙම සිසුවා නිසි වයස් පැමිණිපසු රාජ්‍ය බුද්ධි අංශයට බඳවා ගැනීම සුදුසුයි (නි)
නොදැනුවත්කම නිසා හෝ කළ වරදට අවවාද දී මෙසේ කිරීම ඒ දරුවාගේ මුළු ජීවිතයම ගොඩගැනීමක්. නැත්නම් ජීවිතේ අපායක් වෙන්න තිබුනා. ඔබතුමාට පින්! (නි)
ඇත්තෙන්ම මෛත්‍රිය දක්වන්න තිබුණේ බන්ධනාගාරගත කරන්න පෙර නොවේද? (නි)
මෙතුමා ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් (නි)
එතුමාගේ ජීවිතය නැතිකරන්න ආ කොටි සාමාජිකයාටත් සමාව දුන්නා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ වචනය පිළිපදින ජනපතිතුමා රටට අාශිර්වාදයක් නේද. (නි)
මේවා මිනිස්සුන්ගේ ආකර්ෂණය ඇදගන්න කරන පොඩි,පොඩි වැඩ. මේවා දැක්කම සමහර කට්ටියට 30% කින් වැඩි කරපු ජල ගාස්තු පවා අමතක වෙනවා. මේවා තනිකරම දේශපාලන නාට්ටි. (බ)
ඔබතුමාගේ ගතිගුණ අපි අගය කරනවා (නි)
ඉතා හොඳයි. අපි අගය කරනවා (නි)
හොර පාස්පෝර්ට්, හොර උප්පැන්න්න සහතික කිලෝගානක් තියාගෙන නිදහසේ කයිවාරු ගගහ මිනිස්සු ඉන්න රටක බුද්ධිමත් දරුවෙකුට තමන් අතින් සිදුවූ වැරැද්ද කියාදී තමන්ගේ හැකියාව රටට යහපත් අයුරින් සිදුකරන්නැයි කියාදී සමාවදීම උතුම් ක්‍රියාවක් (නි)
අර අප්පුහාමි නමේ හැටියටම අදහස් දාලා තියෙනවා. (නි)
මටත් හිතුනා නිකන් ඉන්න එකේ හැක් පාරක් දාලා බෑග් එකක් දිනාගන්න (නි)
ඕක පහුගිය ආණ්ඩුවේ වුණා නම්...? (නි)
කොහොමත් ඉතින් ලෝකෙන් උතුම් රටේ සම්මාන සහතික ලැබෙන්නේ, තක්කඩිකම් කරන අයටනේ. දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ, තක්කඩිකම් කරන්න බැරි නම්. අන්න එහෙම කළාම තමයි රාජ්‍ය පිළිගැනීම, සමාජ පිළිගැනීම ඇතිවෙලා මේ රටේ කීර්තිමත් චරිතයක් විය හැක්කේ. (නි)
ඔබ ක්‍රියාවෙන්ම දුන්නේ ආදර්ශයක් (නි)
නිරූ, ඒ කාලය වෙද්දී රාජ්‍ය බුද්ධි අංශයක් පවතීවිද?? (නි)
හිරාන්ට විතරයි මේක මාධ්‍ය සංදර්ශනයක් බව පෙනුනේ. අර කිව්වා වගේ කෝටි ගණන් වියදම් කරලා මන්තිරියන්ට වාහන ගන්න එකත් මිනිස්සුන්ට අමතක වෙනවා මේවා දැක්කම. (බ)
හොර රහසෙන් වෙබ් අඩවියේ ලියා ජනධිපතිට දැන්වු පණිවිඩය ඔහුට හමුවෙලාම පැවසීමට ලැබීම ගැන සතුටු ඇති. දැන් ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන්න ඇති නේද... (නි)
මෙතුමාගේ හිත හොඳකමින් අනිත් අය ප්‍රයෝජන ගන්නවා කියලා තේරෙන්නේ දැන්ම නොවෙයි. ඕක කලින් එක්කෙනාටත් වුණා. (නි)
ඔබ සැමටම ආදර්ශයක් (නි)
මේ අවස්ථාවෙත් දේශපාලන වාසි ගන්න සමහර උදවිය උත්සාහ කිරීම කණගාටුවක්. හොඳ දෙයක් කළාම එය අගය කළයුතුය (නි)
මේ දරුවාව උපාධියකට ඇරලා පස්සේ හමුදා බුද්ධි අංශයට අන්යුක්ත කරන්න., ඉදිරියේදී ඔහු බොහෝ ප්‍රයෝජනවත් වෙයි රටට. (නි)
කොල්ලගේ මුහුණෙන් නම් දඩබ්බර ගතියක් පෙනෙන්න නැහැ. හරියට පුරුදු කරලා ගත්තොත් ලංකාවෙත් විකි ලීක් එකක් පටන්ගන්න පුළුවන්. (නි)
නියමයිනේ. බෑග් එකකුත් හම්බවෙනවා. බලමුද ට්‍රයි එකක් දීලා. (නි)
දැන් ඉතින් එක එක වෙබ් අඩවි අටවාගෙන ජනාධිපතිතුමාට මඩ ගහන, අපහාස කරන හොරුන්ව අල්ලාගන්න මෙම සිසුවාව යොදාගත්තොත් හොඳයි නේද? (නි)
මේ වීර ක්‍රියාවක් කර ජනාධිපති සම්මානයට පාත්‍ර වූ අවස්තාවක් නොවෙයි. තමන්ගේ බුද්ධිය තමාගේත් රටෙත් යහපතට යොදාගත යුතු බව මේ තරුණයාට දෙමව්පියන් කියා දී නැද්ද. මේ සිදුවුණ දෙය නිසා මේ තරුණයාට තොරතුරු රහස්‍යභාවය සුරැකිය යුතු තැනක රැකියාවක් නම් ජිවිතේට නොලැබෙන්න හේතුවක්. (නි)
අධ්‍යාපනය සාර්ථව කරගැනීමට තිළිණයක් දුන්නාට කමක් නැහැ. නමුත් අනවසරයෙන් තව කෙනෙකුගේ වෙබ් අඩවියට ඇතුළු වී දත්ත වෙනස් කිරීම හපන්කමක් හෝ විශේෂ දක්ෂතාවයක් නම් නොවේ. (නි)
මේ දරුවා දක්ෂයෙක්. දඬුවම් කරන්න ඕනෑ, ළමයෙකුටත් රිංගන්න පුලුවන්වෙන අනාරක්ෂිත විදිහට මේ වෙබ් එක හදපු නිලධාරීන්ටයි. හොඳ උපදේශන මඟින් මේ දරුවා රටට සම්පතක් කරගැනීම බලධරයන්ගේ වගකීමයි. (නි)
හොඳ පූර්වාදර්ශයක්! (නි)
මෙය සැබවින්ම යහපත් චේතනාවකින් කළ වැඩක් නම් ඉතා අගනේය (නි)
ඔහු රටට වැඩදායක පුරවැසියකු කිරිමට පියවරගත් ජනාධිපතිතුමාට තුති! (නි)
මෛත්‍රිය දක්වන්න තිබුණේ බන්ධනාගාරගත කරන්න පෙර නොවේද. (නි)
අපිත් අනවසරයෙන් ඇතුළු වුණොත් තෑගි දෙනවද? (නි)
ලෝකයේ ප්‍රථම "හැකර්" සම්මානය ශ්‍රී ලංකාවෙන් දුන් වගයි! (නි)
ඉතා අගය කළයුතු දෙයක් (නි)
මේ ළමයාව දේශපාලන බළල් අතක් කරගන්න නම් එපා (නි)
මල්ලි, වැඩපිළිවෙල අතාරින්න නම් එපා. තෑගි ගොඩක් ගන්න පුළුවන්වෙයි (නි)
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ. සැමට මෛත්‍රිය කරන්න ඕනෑ. (නි)
වරදට සමාවදීම දේව ගතියකි (නි)
එ්කත් එතරම්ම හොඳ වැඩක් නොවෙයි. (නි)
මෙවන් දක්ෂ දරුවන්ගෙන් ගතහැකි ප්‍රයෝජන බොහොමයි (නි)
මේ වගේ දරුවන් සුදුසු ලෙස වැදගත් වැඩ වලට යොදාගත යුතුයි (නි)
ඔබ නමින් විතරක් නොවෙයි ක්‍රියාවෙනුත් මෛත්‍රී බව ජනතාව තුළ සැකයක් නැහැ. නමුත් ඔබගේ ඔය අනුකම්පාසහගත මෛත්‍රිය ජනතා හතුරන් වෙත දක්වන්න ගියොත් ජනතාවට වෙනවා ඔබට අනුකම්පා කරන්න. අධිකරණ පද්ධතියකින් නඩු අසා දඬුවම් කරන ක්‍රමයක් ඇති රටක මෛත්‍රියෙන් පමණක් ප්‍රශ්න විසඳන්න ගියොත් ඔබව බලයට පත්කරන්න උදව් කළ අයත් අමාරුවේ වැටෙනවා. මා එසේ කියන්නේ දේශපාලන බල අරගලයක නිරතව සිටිමින් එවැනි ආධ්‍යාත්මික බලයක් ගොඩනංවා ගන්න ඇති ප්‍රායෝගික දුෂ්කරතාවය ගැන සිතායි. (නි)
ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුණවතෙක් (නි)
මේ දේවල් වලට තෑගි ලැබෙන්න ඕනෑ මේ දරුවා වෙනුවෙන් හඬනගපු අයටත්. (නි)
ඒ කාලේ වුණා නම් සිසුවා අතුරුදහන්. (නි)
වැරදි වැඩ අගය කිරීම හොඳ දෙයක්ද. එයින් නැවත නැවතත් වැරදි වැඩ කිරීමට අපි උනන්දු වෙනවා. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
අහස් යානයක් පැහැරගත් අයවත් වීරයෙක් වගේ පිළිගත් රටක මේවා මොනවද? (නි)
අරයගෙ කාලේ නම් ඉතින් සිසුවයි, දෙමව්පියෝයි දෙගොල්ලන්ටම අබ සරණයි තමයි (නි)
සමාවදීමට පෙර වරදේ බරපතලකමත් මෙතුමා ළමයාට පහදා දෙන්න ඇතැයි සිතනවා (නි)