(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් ධනවත් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදලක් ලබා ගත් සිව් දෙනකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කප්පම් වශයෙන් ලබාගත් ලක්ෂ 70 ක මුදල හා එම පැහැර ගැනීමට කුලී පදනම මත ලබා ගත් වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
ව්‍යාපාරිකයා ඉකුත් 10 වැනිදින ආගමික වතාවත් ඉටු කිරීම සඳහා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පල්ලියක් වෙත යතුරුපැදියකින් යමින් සිටියදී සැකකරුවන් වෑන් රථයකින් පැමිණ මඟ හරස් කර ඔහු ඒවා වෑන් රථයට දමාගෙන අතපය සහ මූණ ගැටගසා නිවසකට රැගෙන ගොස් මරණීය තර්ජනය කරමින් කප්පම් ලක්ෂ 90 ක මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මිතුරකුට ඒ බව පවසා රුපියල් ලක්ෂ 70 ක මුදලක් කප්පම් කරුවන්ට ලබා දීමෙන් අනතුරුව ඔහු නිදහස් කර තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එම වෑන් රථය පයාගල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මාකොළ ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබා දෙන ස්ථානයකට වෑන් රථය ලබාදී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
අනතුරුව එම ස්ථානයට ගොස් ඒ පිළිබඳ විමසීමේ දී ඔහු මාවරමංඩිය ප්‍රදේශයේ පුද්ගලයකුට එම වෑන් රථය කුලී පදනම මත ලබා දුන් බවත් එම පුද්ගලයාද කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව කිරිබත්ගොඩ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව එම සැකකරුවන් සිව්දෙනා වත්තල මීගමු පාරේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් දෙදෙනකු සහ තීරෝද රථ රියැදුරන් දෙදෙනකු ද වන බවත් ඔහුන් මට්ටක්කුලිය මරදාන හා වත්තල පදිංචි පදිංචිකරුවන් බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාපාරිකයා පැහැරගෙන ලක්ෂ 70ක් කප්පම් ගත් කල්ලිය අල්ලයි