රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව පොලිස් ස්ථානාධිපති වරුන් වන පොලිස් පරීක්‍ෂක තිලක් සුබසිංහ, පී. ආර් අබේනායක හා ඕසිත සිල්වාගේද මූන්දලම පොලිස් උප පරීක්‍ෂකවරයකුගේද වැඩ තහනම් කර ඇත.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක මහතාගේ නියෝගය අනුව මේ පියවර ගෙන ඇත. රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව තිදෙනා මීගමුව පොලීසියේ සිටියදී කතක හා ඇගේ දියණිය පැහැරගෙන ගොස් පහරදුන්නැයි මීගමුවේ සුගත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතා පොලිස්පතිට කළ පැමිණිල්ලක් ද විභාග වේ.
මූන්දලම කොල්ලයක පරීක්‍ෂණ හරිහැටි නොකළැයි මූන්දලම උප පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ පාතාලය නෙමෙයි පොලිසිය මර්ධනය කරන්න යනවා වගේ.!(නු)
අපේ හමුදාවට මල් මිටක්. (නි)
ඇපත් නැතුව යවන්න තියෙන්නේ හිරේටම. (නි)
අනෙක් අයටත් ඉගෙනගන්න හොද පාඩම්. (නි)
වරදනම් වරද දඩුවම් දිය යුතුයි (දී)
සාලියපුර ඉන්නවා තවත් කට්ටිය. (නි)
දින සුගත් ප්‍රනාන්දු කියන කෙනා වෙඩි තැබීමකින් මරුමුවට පත්වුණා. 2008 09 20
වරදට දඩුවම (දී)
බොහොම හරි වයඹ නියෝජ්‍ය පොලිස්පති තුමනි.. මේක විධිමප්ත පරිසරයකට සුභ ලකුණක්..!(නු)
ඇකි යාන්තම් දැං ඉතිං පොලිසිය සුද්දයි...!(නු)
මෙයාලා මහජනතාවට සේවය කරන්නෙ මෙහෙමද? මේ වගේ උදවිය පොලිස් දෙපාර්තමේන්තුවෙ තියාගන්නවත් බැහැ නේද?(නු)