පාසැල් නිල ඇදුමෙන් ගොස් මතුගම නගරයේදී පාපැදි දෙකක් සොරකම් කළ බව කියන සිසුවෙක් මතුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
එක් පා පැදියක් රුපියල් හත්සීයකට විකුණා ඇත.
ළමයාගේ අනාගය ගැන සලකා මෙම සොරකම සමථ මණ්ඩලයට යොමු කළ බව පොලීසිය කියයි.
සිසුවා අට වසරේය. වයස අවුරුදු දාහතරකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ, හොරකම් කරන්න බලය තියෙන්න ඕනෑ. ඉස්සරලා බලය ගන්න විදිය බලන්න. මේ දරුවට හොද නරක කියල දීලා නිදහස් කරන්න.සුනාමි හොරකම එක්ක මේක මොකක්ද? (නි)
පාසල් සිසුවෙක් කියන්නත් ලැජ්ජයි, කරලා තියෙන වැඩේ දැක්කම. එහෙත් ලොකු මැති ඇමතිවරුන්ගේ පුත්තු කරන වැඩ බැලුවම මේක සුළු දෙයක් කියලා හිතෙන්නේ (නි)
හොරුන්ට මංකොල්ලකාරයින්ට සහ දරුණු අපරාධ කරන උන්ට අද රටේ හොද තැනක් විතරක් නෙමෙයි සමහරවිට රජයේ මැති අමතිලාගේ ආරක්ෂාවත් තියෙන නිසා පොඩි එකා කල්පනා කරන්න ඇති හොරකම් කරන එකත් වැදගත් රස්සාවක් කියල. (නි)
රුපියල් 700 ට දුන්නේ, ගනන් අඩු කරලා ඇති දැන් බයිසිකල් වල (නි)
මේ දරුවාට ඔය වෘත්තිය ගුවන් යානා දක්වාම දියුණූ කරගන්න බැරිවෙන එකක් නැහැ (නි)
මේ පාර නම් පොලිසිය පාඩමක් ඉගෙනගෙන වගේ, සමත මණ්ඩලයට දාපු එක හොදයි (නි)
දඬුවම් කලයුත්තේ පොඩි එකාට නොව බයිසිකලය මිලදී ගත් කෙනාටය. (නි)
වැරැද්ද කරපු ළමයාව සුද්ද කරන එක වැරදියි. ඒත් ඉතින් හොරුන්ට ගිය රටේ වෙන හොරකම් වල හැටියට මේ හොරකම මොකක්ද කියලයි මට තියෙන ප්‍රශ්නේ (නි)
අනාගතේ හොඳ සක්විත්තෙක් වෙන බව තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. (නි)
මේ ළමයාගේ පවුල් පසුබිම බැලුවොත් කණගාටුදායක කතාවක් ඇති. එහෙම වුණහම තමයි ළමයින් හුඟක් මේ වගේ නොමග යන්නේ. (නි)
අනාගතයට දැම්ම ඉදන්ම පුරුදු වෙනවද කොහෙද? මොකද ඉස්සරහට හොරුන්ටනේ තැන තියෙන්නේ (නි)
ඕක මොකක්ද? ඊයේ ප්‍රවෘත්තියක් තිබුනා වයස 13 ක් වයසැති සහෝදරයා වයස 14 ක් වයසැති අක්කව දුෂණය කලා කියලා (නි)
ළමයාගේ අනාගය ගැන සලකා මෙම සොරකම සමථ මණ්ඩලයට යොමු කිරීම පොලිස් නිලධාරීන් කර ඇත්තේ හොඳ ක්‍රියාවකි, මතකනේ පොල් හොරකම! (නි)
දේසේ හැටියටනේ වාසේ කියනවානේ. ලොකුම ලොකු අය කරන දිහා බලා ඉන්නකොට නිකමට හිතෙන්න ඇති. (නි)
සමථ මණ්ඩලයට දැම්මොත් මේ ළමයා තවත් මුරණ්ඩු වේවි. නියම අච්චුවක් නොලැබුණොත් අනාගතයේදී මහා හොරෙක් වේවි. (නි)
අනේ ඔව්. ළමයාගේ අනාගතේ ගැන හිතලා සමත මණ්ඩලේ නඩුව විසදලා හොද අවවාදයක් දීලා නැවත වැරදි නොකරන්න කියලා ළමය ගෙදර යවන්න. දුප්පත්කමට කරන්න ඇති. ඒත් වැඩේ වැරදි තමා (නි)
මේක හොරකමක් නෙවෙයි. වෘත්තීය පුහුණුවීම්. (නි)
පුතේ, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට මිසක් මේ වගේ වැඩ උඹලට කැප නැහැ. ඔය වැඩේට උපදෙස් දුන්න අයගේ නම ගම විස්තර පොලිසියට දීපන්. (නි)
දැන් කාලේ ඉන්න කොල්ලොත් එකයි. කෙල්ලොත් එකයි. කෙල්ලෝ පැනලා යනවා. කොල්ලෝ හොරකම් කරනවා. දුකට පත් වෙන්නේ අසරණ දෙමව්පියන්! (නි)
බයත් හිතෙනවා