සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උළෙලක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. ලබන ඉරිදා තෙක් එය පැවැත්වේ.
සාම ජාතක කතා පුවත රැගත් අඩි 16 ක් උස වෙසක් තොරණ, අනුරාධපුර ථූපාරාම අනුරුව, විදුලි පහන් කූඩු ආදිය දැක බලා ගැනීම සඳහා විහාරාධිපති හිමියන්ගේ හා දායක සභාවේ ආරාධනයෙන් වෙරෝනා දිස්ත‍්‍රික් රදගුරුතුමෝද පැමිණියහ. බත් දන්සලට තුන් දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. වෙරෝනා වීචෙන්සා මාන්තෝවා නගරයන්හි තරුණ පිරිස් මෙම නිර්මාණ ඉදිරිපත් කළහ. මේ වෙසක් සැරැසිලි නැරඹූ කිතුනුවෝ එහි ශාන්ත හා මනස නිවන ස්වභාවය දැඩිසේ අගය කළහ.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරෝණා බුද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු
සන්තෝසයි
හොද වැඩක්
ඇත්තටම සතුටුයි.අපි හැමදෙනාම එකතුවෙලා බුදු දහම රැකගන්න ඕන....
අපි සැම එක්ව අපේ බුද්ධාගම රැකගත යුතුයි
ලංකාදීපයටත්, චමින්ද මඩවල මහත්තයටත් ගොඩක් ස්තූතියි.මේ වගේ පුවත් ගෙන එනවට
ඇත්තටම සතුටුයි....බුද්ධාගම ලෝකයේ අනර්ගතම ආගම බව පැහැදිලියි....
අගය කල යුතු දෙයක්........... සාදු .... සාදු..........
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
ක්‍රිස්තියානි රටකි උවත් බෞද්ධ ආගමට සලකන විදිය හරි ආදර්ශමත්..
බොහොම ලස්සනයි...සාදු සාදු සාදු....
සාදු...සාදු...සාදු
ගොඩාක් සන්තොසයි....
බොහොම අගය කරන දෙයක් තමයි එරොප්පෙන් දකින්න ලැබෙන්නෙ. අනිත් රටවල නැති විදියට බොහෝම සාමයෙන් අනිත් අයට ආදර්ශමත් වෙන විදයට අනිත් ආගම් වලටත් අපේ ආගම ගැන තේරුම් කරල දැනුමක් ගන්න මට ගොඩාකි සතුටුයි.
හරිම ලස්සනයි...සාදු සාදු !!!!!!
බෞද්ධ දර්ශනය තුලින් ශ්‍රී ලාංකිකයන් හැටියට අගය කළ යුතු දෙයක්.....
ඇත්තටම හරිම සතුටුයි...බොහෝම පින්..