අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග තීන්දුව කතානායකවරයාට භාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ කලබලයක් කළේය. ජෝන් අමරතුංග හා විජිත හේරත් මන්ත්‍රීවරුන් දෙදෙනා (කාරක සභාවේ හිටපවු නියෝජිතයන්) තීන්දුවට එරෙහිව කරුණු දක්වද්දී මර්වින් සිල්වා මහතා විපක්ෂය දෙසට පනින්නට උත්සාහ කළේය. වේත්‍රධාරී මැදිහත්වී ඔහු මෙල්ල කර ගත්තේය. විපක්ෂ මන්ත්‍රීන් සිව් දෙනා තේරීම් කාරක සභාවෙන් ඉවත්වූ පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් හත් දෙනාගෙන් සමන්විත කාරක සභාව සිකුරාදා මැදියම් රැය වනතුරු සාක්කි විමසා අවසන් වාර්තාව ලියා ඇත. අගවිනිසුරුවරිය ද කමිටුව වර්ජනය කැර සිටියාය. සභාපති යාපා මහතා වාර්තාව කතානායකට භාර දෙමින් පැවසුවේ අගවිනිසුරුවරියට උත්තර දීමට දින 20ක් කල් දුන් බවයි. කමිටුව දින අටක් රැස්වූ බවද , අගවිනිසුරුවිරිය විසින් ලේඛණ 139ක් ඉදිරිපත් කළ බවද, ඉන් දෙකක් කමිටුව විසින් පිළිගත් බව ද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෙහෙම කාලගෝට්ටි කරලා තියෙන්නේ කවුද අපේ යුවරජ තුමා නේද?(නු)
මෙයාලටත් ඕනි නැති දෙයක් නෑ (ස)
හැම වතාවෙම අපි ඔයාලා එක්ක හිටියා. ඒත් මේ වතාවේ සොරි තමයි. (නි)
දකුණේ කට්ටිය ඔහොමමයි. (නි)
හිස් බදුනින් මහත් ශබ්දයක් පිටවේ. (නි)
අනේ ඇත්තට පාර්ලිමේන්තුවටත් මේ වගේ අය යනවානෙ..!(නු)
විභූති ඔයා මේක කියන්නේ අධිකරණයට ආණ්ඩුවටද?(නු)
විභූති මේක කියන්නේ අධිකරණයටද පාර්ලිමේන්තුවටද?(නු)
ඇයි මෙයා කලබල වෙලා තියෙන්නෙ..!(නු)
කවුරු හිටියත් වැඩක් නැහැ, අහවලා නැතුව. (නි)
අගවිනිසුරුතුමිය ඔබ ඔය සිටි තීන්දුවෙම ඉන්න. මෙයාලට ස්වාභාවධර්මයෙන් පිළිතුරු ලැබෙයි.. ඔබට සදා ජය...!(නු)
"අර්ශාඩ් අගවිනිසුරුතුමිය ඉල්ලා අස්විය යුතුයි.. ලංකාවෙ සියයට 65ක මතය එයයි.. එතුමියට චෝදනා ගොඩක් තියෙනවා.. මම මලයාසියාවෙ ඉන්නෙ.." ඉඳහිට කවුරුහරි මේ වගේ විහිළුවකුත් කරන එක වටිනවා. මොකද නැත්නම් මේවා කියවලා අපේ ලේ නරක් වෙනවා.(නු)
ඔය දගලන අයටත් විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාවොත් නරකද?(නු)
මගෙ ලේ රත් වෙනවාවාවාවාවා....... (නි)
අෂාඩ්,ඔයා මැලේසියාවටම වෙලා ඉන්න. (නි)
අනේ මෙහෙමත් ඇමතිලා...? (නි)
අයියෝ සල්ලි
මොනවාද මේ විකාර වැඩ
විකාර කියන්නේ මේවාට තමයි (දී)
මේ අය කුලප්පු වෙච්ච ගමන්මයි කොයි වෙලාවෙත් (ස)
අපි ඉන්නේ ධර්මද්විපයේද ?(ස)
වස්-දොස් යන්නත් ඒක්ක ගරායක් නැටුම නටන්න ඇත්තේ (ස)
බලමු ඒක පාර්ශික තීන්දුව මොන වගේද කියලා (ස)
තමන්ගේ උගත්කම ප්‍රදර්ශණය කරන්න එපා..!(නු)
හැම වතාවෙම අපි ඔයාලා එක්ක හිටියා. ඒත් මේ වතාවේ සොරි තමයි (ස)
රටේ උත්තරීතර ස්ථානයත් දැන් පාතාල ක්‍රියා පිරුණු වනාත මූකලානක් වෙලා වගෙයි. (නි)
එහෙනම් එයාලා ජය ගත්තා..!(නු)
පාර්ලිමේන්තුවේම නීතියක්, විනයක්, හැසිරීමක් නැති මෙයාලා නිසා තමා රටේ අපරාධ වැඩිවෙලා තියෙන්නෙ....(ස)
අගවිනිසුරුතුමිය ඉල්ලා අස්විය යුතුයි.. ලංකාවෙ සියයට 65ක මතය එයයි.. එතුමියට චෝදනා ගොඩක් තියෙනවා.. මම මලයාසියාවෙ ඉන්නෙ..!(නු)
සංවරකමක් නැති කම..!(නු)
මොලෙන් බැරිනම් අතින් පයින් හරි වැඩේ දෙන්න එපැයි (ස)
කවදා හෝ සත්‍ය ජය ගනී (ස)
දෙයියෝ සාක්කි
මේක කාගෙවත් වාසියට කරන වැඩක් නෙමෙයිනේ නේද?(නු)
නියමයි නියමයි (ස)
භාරදුන්නු තීන්දුව රට වැසියෝ හැමෝම දන්නවා (ස)
හැම වතාවෙම අපි ඔයාලා එක්ක හිටියා. ඒත් මේ වතාවේ සොරි තමයි (ස)
කතාවේ හැටියටද කෙරුවාව? (නි)