ඉතාලියේ වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මෙවර ද මහත් හරසරින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද ස්වාමීන් මහන්සේගේ ආරාධනයෙන් ආධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක නැදගමුවේ විජය මෛත්‍රි නාහිමි ද එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලියේ නොයෙක් නගරවල වැඩවසන භික්ෂූන් වහන්සේලා ද මෙම පිංකමට වැඩම කළහ. වෙරෝනා අවට නගරයන්හි ජීවත්වන අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද, පැමිණ සිටියහ. වෙරෝනා බෞද්ධ විහාරස්ථානය මිලදී ගැනීමට ඉදිරි මාස කිහිපයේ කටයුතු කරන බවත් ඒ සඳහා දල වශයෙන් යුරෝ දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වැය වන බවත් පරිත්‍යාගශීලිනේග් උදව් උපකාර අපේක්ෂා කරන බවත් දැනට මාසික කුලිය වශයෙන් ගෙවන යුරෝ හයසීය මෙමගින් ඉතිරි කරගත හැකිවන බවත් දායක සභාව ද විහාරාධිපති හිමියෝ ද කීහ.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! (නි)
මෙම පිංකමට සහයෝගය දුන් සියළුම පින්වතුන්ට මාගේ හෘද්‍යාංගම ස්තුතිය පුද කරමි..!(නු)
ඔබ සෑම දෙනාගේ එකමුතුකම,සහයෝගය ලක්වෑසි සෑම දෙනාටම ඉමහත් ආදර්ශයක්. වෙරෝනා මෙම පණිවිඩය මුලු ලොවටම පෑතිරේවා! සාදු...........සාදු...........සාදු...........! (නි)
.වෙරෝනා අපි හැමෝගෙම මහන්සියෙ ප්‍රතිඵලයක් තමයි මේ. හැමෝටම ගොඩක් පින්. බුදු සරනයි. (අ)
දැක්කහම ගොඩක් සන්තෝෂයි. අපිට සෞදියේ මෙහෙම වාසනාව්ක නැහැනේ. (නි)
බොහෝම හොදයි. හැබැයි වෙන ආගමක දෙයක් මෙහෙ කලොත් ඔන්න ඔය කටින්මයි කියන්නේ "අන්‍යාගමික කුමන්ත්‍රණ" කියලා. අපි කොච්චර බැන්නත් යුරෝපීය රටවල් වල කිසිම ආගමකට හිරිහැරයක් කරන්නේ නැහැ. ඒත් ලංකාවේ සම(හරක්) හිතන් ඉන්නේ ලංකාවත් අරාබියක් කරන්නයි. (ස)
කඨින පින්කම සියලු පින්කම් වලින් උත්තරීතරයි.. ඉතාලි ජනතාවටද එසේමය සාධු සාධු සාධු !!!! (ස)
ඇත්ත අලි වෙරෝනාවෙ නෑ නේ. ඉතිං හීලෑකරන්න ඕනෙ නැති අලියෙක් අරං යන්නෙ හරියටම ඇත්ත එකෙක් වගේ - නියමයි - කඨින පූජෝත්සවය ඉතාලියේ පැවැත්වීමට කටයුතු කිරීම ගැන සමස්ත ශ‍්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේම ප‍්‍රසාදය හා ආශීර්වාදය පුදකරමු.(ස)
සාධු... සාධු... සාධු...! (නි)
බුදුදහම ලොව පුරා පැතිරේවා (ස)
සම මෙත් පිරි හදවත් පිනා ලොවේ බබළයි හැම තැනම අසිරිය සම්බුදු දහමේ (ස)
සාධු... සාධු... සාධු...! (නි)
ශ්රී ලාංකිකයින්ගේ එකමූතුකම බෞද්ධ ගුණාංග තුළින් කැපී පෙනෙන මෙවැනි දසූන් දුටු නෙත් වලට ඉපිලී යන සතුටක් ඇති වෙන බව නම් නොඅනූමානයි. සාදූ සාදූ සාදූ සාදූ..........!! (නි)
පී රත්නායක, කොහෙන්ද? සිරිකොත පැත්තෙන්ද? (නි)
හොද වැඩක්. ත්‍රිවිධ රත්නයේ සරණයි. (නි)
සාධු සාධු
හරිම අගෙයි. (නි)
පස්සේ අපි අලියෙකුත් ගනිමු (අ)
කිරිමැටි අලියෙක් නේද ? කරඩුන් වහන්සේ වඩම්මවන්නේ ...!(ස)
ආසයි ආයෙත් වෙරෝනා යන්න. (නි)
ශ්රී ලාංකීය අනන්‍යතාවය ලෝකයටම පෙන්වූ ඔබ සැමට ජයෙන් ජයම වේවා! (නි)
මේ ඉතාලියද ? ලංකාවද ? මෙච්චර ලංකාවේ කට්ටියක් ? ඉතා හොඳයි....සාදු සාදු සාදු !!!! (ස)