IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී

සයිබර් බන්කර් නම් වූ පරිගණක ‍වෛරසයක් හා තවත්  වෛරස  කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත.

මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් අපහසුවට පත්ව සිටිති.

ලොව ප්‍රධානතම පරිගණක මෙහෙයුම් සහ ආරක්ෂණ පද්ධති පිහිටා ඇත්තේ යුරෝපයේ ලන්ඩන්, ජිනීවා හා වොෂින්ටන් නගරවලය. 

ලෝකයේ පරිගණක අඩපන කිරීම සදහා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ තත්පරයක් අතුළතදී ගිගා බයිට් 300 ක පමණ දත්ත අන්තර්ජාලයට එකතු කිරීමයි.

සර නිදසුනකින් දක්වතොත් මෙය කාමරයක  කුඩා දොරකින් තරබාරු පුද්ගලයින් 25 දෙනකු පමණ එකවිට ඇතුළු වීමට උත්සහ කිරීමක් වැනියැයි කියති.

2002 වර්ෂයේදී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.

මෙවැනි ප්‍රහාර සයිබර් ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි. මේ වෛරසය මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය බව විද්වත්හු කියති.

 



අදහස් (0)

වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී

මුතුකුඩ Sunday, 31 March 2013 01:25 AM

මේවා අනාගතයේදී කොහොමත් නැතිවෙනවා. (නි)

:       0       0

චන්දිම Friday, 29 March 2013 07:57 PM

˝හැතිකරය˝ කියන්නෙ ඔය වෛරස් මනින ඒකකය හඳුන්වන අන්තර් ජාතික නාමයයි. (නදී)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 08:16 PM

අනේ සයිබර් ඔය ඇටෑක් එක අපිට කරන්න නම් එපා. ළමයි පිටරට ඉගෙනගන්නේ සතියකට වරක් දෙකක් කතාකරන්න ඉඩහරින්න.(නදී)

:       0       0

මිලින්ද Friday, 29 March 2013 08:22 PM

වහාම නවත්වන්න (දී)

:       0       0

කුරුවිට Friday, 29 March 2013 09:00 PM

මොකටද සයිබරන් සීයේ අපට වද දෙන්නේ.(නදී)

:       0       0

සුගන්ධි Friday, 29 March 2013 09:12 PM

දැනුම්වත් කළාට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

සෞදි-සිංහ Friday, 29 March 2013 09:28 PM

ස්කයිප් හරහා නම් ආවේ මෙහෙම ඉවත් කරගන්න යන්න ඔප්ෂන්(option) ඊට පස්සේ ඇඩ්වාන්ස් (advanced) ඊට පස්සේ යටම තියෙන manage other program's access to skype ඊට පස්සේ ඇතුලේ තියෙන පණිවිඩය එක ඉවත්(remove) කරන්න (නි)

:       0       0

නලීන් Friday, 29 March 2013 10:06 PM

ඒක තමයි මේ ජංජාලේ... (නි)

:       0       0

ගයාන් Friday, 29 March 2013 10:18 PM

මගේ පරිඝණකයේ නම් කොහොමත් හැමදාම වෛරස්. (නි)

:       0       0

ලලිත් Friday, 29 March 2013 10:14 PM

ගෙවල් වල තියෙන ඒවාටත් වෛරස් එනවා වෙබ් අඩවි හරහා. (නි)

:       0       0

ගමගේ Friday, 29 March 2013 11:08 PM

ඒකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් (නි)

:       0       0

ආනන්ද Saturday, 30 March 2013 01:29 AM

එහෙම දැනුවත් කළාට මදිනේ. මේකෙන් බේරෙන්න කරන්න ඕනෑ දේවල් ගැන අදාල පුද්ගලයින්ව දැනුවත් කරන්න ඕනෑ (නි)

:       0       0

තිසල් Saturday, 30 March 2013 05:16 AM

සයිබර් ත්‍රස්තවාදය හරියටම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වගේමයි. (නි)

:       0       0

සුජා Saturday, 30 March 2013 08:16 AM

ඕක පරිඝණකයට නොවෙයි මිනිස් මොළයට ආ වෛරස් එකක් (නි)

:       0       0

හෝර්න් Saturday, 30 March 2013 08:14 AM

අන්තර්ජාලය මට නැති එකම හොදා. වි‍නාශ ලෝකේ... (නි)

:       0       0

කේ. හේමසර මිහි Sunday, 31 March 2013 10:48 AM

බුද්ධික ඔබට තුති. අපටත් මෙය බලපෑවා.(නදී)

:       0       0

මෙන්ඩිස් Sunday, 31 March 2013 11:00 AM

අන්තර්ජාලය පරිහරණය කරන අය පරිස්සමෙන් (දී)

:       0       0

හේවාවිතාරණ Friday, 05 April 2013 09:29 PM

ඇඟිලි දෙකෙන් වී අකුර පෙන්වන්නේ වෛරස් කියන එක මිසක් වික්ටරි කියන එක නොවේ (නි)

:       0       0

ප්‍රනාන්දු ප්‍රේමසිරි Saturday, 30 March 2013 09:44 AM

දැනටමත් ඇවිත් ද දන්නේ නැහැ (අ)

:       0       0

නුවන් Sunday, 31 March 2013 11:30 AM

විස්තරය දුන්නට ස්තුකියි.(නදී)

:       0       0

ජයනෙත්ති Saturday, 30 March 2013 10:28 AM

වෛරස්වලට තවම ප්‍රතික්‍රියාවක් නැහැ නේද? (අ)

:       0       0

අසන්ක Sunday, 31 March 2013 06:15 PM

මේක වෛරස් එකක්ද? ඩොස් ආක්‍රමණයක්ද? (නි)

:       0       0

දුලිප් මධු Saturday, 30 March 2013 11:51 AM

අපි වගේ ටැක්වලින් දුර්වල රටවල් වලට මෙහෙම ක්මෙන්ට් තමයි දාන්න වෙන්නේ. (අ)

:       0       0

ශශික Saturday, 30 March 2013 11:32 PM

හොඳ වෙලාවට මට ඉන්ටර්නෙට් නැත්තෙ (නි)

:       0       0

කොඩිකාර Saturday, 30 March 2013 02:32 PM

හෝර්න්, ඔබ මෙහි අදහස් දක්වන්නේ අන්තර්ජාලයෙන් නැත්නම් වෙන මොකෙන්ද? (නි)

:       0       0

බුද්ධික අනුරාධ Sunday, 31 March 2013 12:00 AM

සයිබර්බංකර් කියන්නේ වෙබ් අඩවි සදහා හොස්ටින්ග් පහසුකම නැතිනම් වෙබ් අඩවිය පවතවාගෙන යාමේ පහසුකම සපයන ආයතනයක්. ඔවුන්ට අන්තර්ජාලයේ සිදුවන අනවශ්‍ය තොරතුරු ගලායාම් නවතාලන ලාභ නොලබන ආයතනයකින් වූ අවහිරයක් නිසා ඒ දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලය තමයි මේ. ඔවුන් තත්පරයකට ගිගා බිට් 50 ක පමණ තොරතුරු හුවමාරුවක් දැරිය හැකි පරිගණක පද්ධතියක් වෙත තත්පරයකට ගිගා බිට් 300 ක් මුදා හැරියා. එවිට සිදු වූ තදබදයයි හැමෝටම බල පෑවේ. හරියට ඈත මුහුදේ ඇතිවන සුනාමියක් ඊට බොහෝ ඈත රටවලට බලපානවා වගේ. මේක වයිරස් එකක් නෙමෙයි.මිට පෙර ලොව ඇතිවූ ප්‍රභලම සයිබර් ප්‍රහාරය ගිගා බිට් 100 යි.(තොරතුරු හුවමාරුව මනින්නේ බිට් වලින්- ගිගා බිට්).තොරතුරු පරිමාව මනින්නේ බයිට් වලින් - ගිගා බයිට්) :) (නදී)

:       0       0

අමිළ Friday, 29 March 2013 07:35 PM

අපේ එකත් මාට්ටු. මට එපා වෙලා තියෙන්නේ. සම්බන්ධතාවය වෙනස් කරන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 276 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 225 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 918 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site