IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ක්

ශ්‍රී ලංකාව වටා වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ට වැඩි ප්‍රමාණයක් ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියයි. ඔහු පවසන්නේ 1983 වර්ෂයේ සිට ඉදිකරන ලද නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප මේ අතර වන බවයි. එවැනි ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා වාර්ෂිකව රුපියල් විසි ලක්ෂයක් රජයෙන් වෙන්කැර දෙතත් එය ප්‍රමාණවත් නැතැයි ද ඔහු කීවේය. වෙරළ සංරක්ෂණ පනත අනුව මෙවැනි ඉදිකිරීම් ඉවත්කිරීමට හැකියාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ක්

ජයසිංහ Friday, 07 June 2013 04:38 PM

ඔය කියන මහත් හොරු 99 බද්ද මත මින්ස්සු යොදවා දරුවන් පවුල් පිටින් පිටරට පටවලා බබලා වගේ කොළ වහලා ඉන්නේ.(නදී)

:       0       0

චාමර Friday, 07 June 2013 04:41 PM

එතකොට උනවටුන බීච් රෙසෝට් එකත් කඩනවද ? ජොබ් නැතුව තමයි යන්න වෙන්නේ.(නදී)

:       0       0

නීල් Friday, 07 June 2013 04:47 PM

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජන මුදල් වලින් අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නේ කුමටද යැයි මට නොතේරේ. ආරක්‍ෂිත භුමියේ අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකළ අයගෙන්ම අදාල වියදම අයකරගත යුතුයි නේද? ඒ සඳහා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම් වෙරළ සංරක්ෂණ පනත සංශෝධනය කළයුතුයි යැයි මම යෝජනා කරමි (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 04:45 PM

මේ නිවාස වෙරළබඩ දුම්රිය මාර්ගයේ යන මිනිස්සුන්ටත් මාරු කපොලු වෙලා තියෙන්නේ. මේ නිවාසවල වහලවල් තියෙන්නේ රේල් පාරේ ගැවි නොගැවී. දුම්රියේ යන මිනිස්සු වහලවල් වල හැපෙනවා. හැකි ඉක්මනින් මේවා ඉවත් කල යුතුයි (නි)

:       0       0

ලසන්ත Friday, 07 June 2013 04:54 PM

කරුණාකරලා වෙරල ආරක්ෂා කරනවා වගේ ගඟත් ආරක්ෂා කරන්න. මේ පානදුරේ ගගවල් හරියට හාරනවා, වැලි ගොඩදාන්න. ගඟ දෙපස හරියට ඛාදනය වෙනවා. ගෙවල්වල බිත්ති පුපුරලා. මේක ගැන බලදාරින් විමසිලිමත් වන්න. ලොකු විනාශයක් පරිසරයට (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 05:17 PM

අපි මෙතනදී කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කළ හැටි උදාහරණෙට ගත යුතුයි. (නි)

:       0       0

තිසා Friday, 07 June 2013 06:00 PM

කරුණාකර ඕවා ඉවත්කර වියදම් දඩ වශයෙන් ලබාගන්නට වැඩපිළිවෙලක් හදන්න (නි)

:       0       0

රසික Saturday, 08 June 2013 11:39 AM

ඇයි හදනකම් බලන් ඉන්නේ. දෙහිවල ස්ටේෂම ලග එක දිගටම හෝටල් වගයක් හදනවා මේ දවස්වල. කව්රුවත් ඒවා නවත්වන්නේ නැත්තේ ඇයි? (ස)

:       0       0

ගාමිණී-සිරි Friday, 07 June 2013 08:19 PM

ලංකාව කියන්නේ යුරෝපීය රටක් නොවේ , ආසියාතික රටක්. ඉන්දියාවේ ජනතාව ජීවත් වෙන අසරණභාවය අපේ රටේ ඇත්තෙම නැහැ .මුහුදයි ,වෙරළයි කියන්නේ රටේ ජනතාවට අයිති දෙයක්. තානායම්,හෝටල්,තාප්ප ඉදිකිරීමෙන් සිදුවන මුහුදු ඛාදනය ඒ ඇත්තෝ බලාගනී.පාරම්පරික ධීවරයින්ගේ බෝට්ටු, ලක්ස ගණන් වටිනා ධීවර ආම්පන්න තට්ටු නිවාස වලට ගෙනියන්නද ? නීති පැනවීමට වඩා ප්‍රමිතියකට සියලු ඉදිකිරීම් වලට ඉඩ දීම ගැන ප්‍රයෝගීව සිතීම, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් !! (නි)

:       0       0

ටෙනිසන් Friday, 07 June 2013 09:55 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මුහුද වටේටම තියෙන්නේ 1200 ද? හැබැයි රට ඇතුලේ ඇලේ,ඔයේ ,ගගේ ඉවුරුවල ලක්ෂ ගානක් ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 2 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 36 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 45 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2490 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1416 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2100 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site