කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්‍රශ්නයකි.
බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
ඔහුගේ දුරකතනය - 071 183 38 78
මහජන බැංකුවේ කරවිට ශාඛාවේ ගිණුම් අංකය - (කේ එස් ලක්ෂිත විජේවන්ත) 478-209-062792-7

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අසරන දක්ෂ දරුවන්ට තමයි උදව් කරන්න ඕනේ. කමක් නැහැ මගේ පුතා කංගිලා දෙන්නටත් හොදට ඉගෙනගන්න උදවි කරන්න. හරිනම් ඔයයි ලංකාවේ පළවෙනයා.(නදී)
මේ දුප්පත්කම දවසක මේ දරුවාව උසස් තැනකට අරගෙන යනවා නියකයි. ඔබට සුබපැතුම්!.(නදී)
මෙවැනි සැගවුන මැණික් තව කොපමණ එද්ද? මේවා එළිකිරීම ගැන ඔබටට තුති !(නදී)
නුඹ රටක් වටිනා පුතෙකි. අපි කව්රුත් මේ දරුවට උදව් වෙමු.(නදී)
ලස්සනයි පුතා .(නදී)
පින්වත් අය මේ දරුවා කෙරෙහි අනුකම්පා උපදවල ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නත්, හොඳ නිවසක් සදාගන්නත් ඉදිරිපත් උනොත් හොඳයි. ලංකාදීපයෙන් ඉල්ලාසිටින්නේ මෙයට මූලිකත්වය ගන්න කියලයි.(නදී)
විමල් වීරවංශ මැති තුමනි, මේ දුප්පත් උගත් දරුවගේ නිවසට විදුලිය ලබා දීමට ඔබ තුමා පෙරමුණ ගන්න.(නදී)
ගිණුම් අංකයක් තිබේනම් කරුණාකර එය සඳහන් කරන්න.(නදී)
අපට උදව් කල හැක්කේ කෙසේද? සම්බන්ද කරගත හැක්කේ කෙසේද ?(නදී)
උත්සාහවන්තයෝ කවදත් ජයගන්නවා. දෙවියන්ගේ අඩවියේ ඔබට සමන් දෙවි පිහිටයි!(නදී)
උදවුකරන්න ලිපිනය ,බැංකු ගිණුම් අංකයක් තිබුනන නම් හොදයි.(නදී)
බැංකු ගිනුමක් අරින්න කියන්න. අපි මුදල් දාන්නම්.(නදී)
කව්රුහරි ගෙයක් හදලදෙනවානම් පින්.(නදී)
මෙන්න කරනවා නම් උදව්.(නදී)
තවතවත් ඉදිරියටම යන්න සුබපතනවා මල්ලි, සුබ අනාගතයක් ඔයාට.(නදී)
ලක්ෂිත පුතාගේ අප්‍රතිහත ධෛර්රය ගැන අනුකම්පාවකුත් කාරුණික භාවයකුත් ඇතිවෙනවා. !ලකුණු මට්ටමින් 5 වෙනියා උනත් උත්සාහයෙන් ඔබ 1 වෙනියා. ගිණුම් අංකයක් දුන්නොත් විදුලිය ගන්න අපිටත් සම්මාදමක් වෙන්න පුළුවන්. උණුවෙන හදවතක් ඇති ගරු ජනාධිපතිතුමා ඔබ පවුල ගැන කරුණාවක් දක්වනු නොඅනුමානයි.(නදී)
ඔහුගේ බැංකු ගිනුම් විස්තර එවන්න. (නි)
ඔබ හැමටම ආදර්ශයක් පුතා.සුබ අනාගතයක් පුතාට.(නදී)
ඔබටත් පවුලේ සැමටත් සුබ අනාගතයක් වේවා.(නදී)
රත්තරන් පුතේ මට නම් ඔබ තම ලංකාවේ පළවෙනියා. ඔය දුක් කරදරත් ඉවසගෙන ලංකාවේ පස් වෙනියා උනා කියන්නේ පුදුම මොලයක්. රත්තරන් පුතාගේ නංගිලා දෙන්නත් ඔය මගේම යන්නට මගේ පැතුමයි. ඔබගේ පාසල් ගමන නවතා තේ කම්හලේ රැකියාවට නොයවා ඔතනට ඔබව යොමුකළ ඔබගේ දිරියවන්ත මව පියා දෙදෙනාටත් හිස නමා ආචාර කරමි!(නදී)
ඔබට සුභ පැතුම් මල්ලී.(නදී)
කරුණාකර බැංකු ගිණුම් අංකය සදහන් කරන්න.(නදී)
ඔබ සැබැවටම විරයෙකි. ඔබට මෙන්ම ඉතිහාසයක් මටද ඇත. මම අද රටේ ජනප්‍රිය පුද්ගලයෙකි. ඉගෙන ගන්න. අනාගතය ජය ගැනිම ඔබට සිහිනයක් නොවේ.(නදී)
නුඹලා දෙමල මුස්ලිම් දුගී දුප්පත් ළමයින්ට මේවගේ උදව් කරන්න පෙරට එන්නේ නැත්තෙ ඇයි? (නි)
ජනපතිතුමනි, පුලුවන් නම් ඔහුට නිවසක් ලබා දෙන්න. ඔබට ගොඩක් පින්. (නි)
කරුණාකර මේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් අතහිත දෙන්න විදේශගත හිතහොඳ ශ්‍රී ලාංකිකයන්ට පෙනෙන්න ,ඔහුගේ බැංකු ගිණුම් අංකයක් පළකරන්න. (නි)
උණුවෙන හදවතක් ඇති ගරු ජනාධිපතිතුමා ඔබ පවුල ගැන කරුණාවක් දක්වනු නොඅනුමානයි. (නි)
ගිනුම් අංකයක් සමග ලියුම් ලැබෙන නිවරදි ලිපිනය සහ තැපැල් හල පල කරන්න. සුභ අනාගතයක්.(නදී)
ඔබට සුභ අනාගතයක්. කරුණාකර ගිනුම් අංකය දන්වන්න. ඔබට ජය!(නදී)
ජනාදිපති තුමා අනිවාර්යෙන් විමල් සර්ට කියාවි ගෙයක් හදල දෙන්න කියලා.(නදී)
පුතා, නුඹගේ චරිතය රටටම ආඩම්බරයක්. (නි)
ඔබට ජයෙන් ජය මල්ලියෝ! (නි)
පුතේ, නුඹට දෙවි පිහිටයි! ලංකාදීපයට තුති! (නි)
ලොකු පාසල් වලට යන දරුවන්ට හොද ආදර්ශයක්. පුතා, අපේ රටට අනාගත වටින වස්තුවක් ඔබ. (නි)
පුතේ, ඔයාට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ලංකාදීප හරහා මෙම දරුවට උදව් ලබා දීමට කටයුතු කරන ලෙස කතෘතුමාගෙන් ඉල්ලීමක් කරමු. (නි)
මැති ඇමතිවරුනි, මෙන්න කරනවා නම් වැඩක්. මේ දරුවාගේ ගෙය හදලා විදුලිය අරන් දෙන්න (නි)
විමල් වීරවංශ මැතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි! (නි)
කරුණාකරලා ගිණුම් අංකයක් තිබේ නම් එය සදහන් කරන්න. (නි)
ඔබගේ ගිණුම් අංකය කරුණාකර එවන්න. (නි)
මේ පුතාට අපි උදව් කරන්න කැමතියි. ලිපිනය ලබාදෙන්න. බුදුසරණයි. (නි)
උණුවෙන හදවතක් ඇති ගරු ජනාධිපතිතුමා දෙන්නෙත් අපේම සල්ලිනෙ. ගිණුම අංකයක් සඳහන් කලොත් අපිට කෙලින්ම පරිත්‍යාග කරන්න පුළුවන්. (නදී)
ගිණුම් අංකයක් ඉදිරිපත් කරන්න. සුළු උදව්වක් හෝ කරන්නම්. (නි)
ඔබගේ ගිණුම් අංකය සඳහන් කරන්න අපි උදව් කරන්නම් .(නදී)
අනේ පුතේ ජනප්‍රියත්වය පස්සෙනම් දුවන්න එපා. හොඳට ජීවිතය ඉගෙනගෙන රටට ලෝකෙට වැඩදායී මනුස්සයකු වන්න. ඔබ මනුස්සයෙක් වුනොත් ජනප්‍රියත්වය ඔබ පසු පස එනු නොඅනුමානයි. ඔය ලැබුණු පරිගණකය ඔබට කොපමණ වැදගත්දැයි මම දන්නේ නැහැ, නමුත් එය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ඔබට පරිගණකයකට වඩා අත්‍යවශ්‍ය දේ බොහොමයක් ඇති බවයි මගේ හැගීම. අපට උදව් කළහැකි ක්‍රමයක් තිබෙනවානම් ලංකාද්දෙපය කරුණාකර දන්වන්න. ඔබට ජය !(නදී)
දයාබර පුතේ ඔබ පස්වෙනියා නිමේ මටනම් ඔබ ලංකාවෙන්ම පලමුවෙනියා සියලු දෙවි පිහිටයි!(නදී)
පුතේ ඔයාගේ ගෙදරට විදුලිය ගන්න කියක් වියදම් වෙනවද බලලා මට මේල් එකක් එවන්න හැකි උපකාරයක් කරමි. [email protected]ඔබ සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් එවන්න ,ස්තුතියි .(නදී)
දුක හිතෙන වගේම සතුටු හිතෙන කතාවක්, පුළුවන් උදවුවක් කරන්න කමතියි. ගිණුම් අංකයක් එවන්න.(නදී)
මේ දරුවට උපකාර කරන්න ඕනෑ. කරුණාකරලා ලිපිනය හෝ ගිණුම් අංකය එවන්න. ඔබ අපේ රටට ආඩම්බරයක්. අපිත් දුක් විදලා ඉගෙන ගත්තේ. (නි)
මල්ලි, ඔබට සුබ පැතුම්! ඒ වගේම ඔයාගේ අම්මා දුක් විදලා මේ වගේ තත්වයකට ගෙනාපු එකට, අනාගතයේදී ඔයාගේ දස්කම් ලෝකයා ඉදිරියේ පෙන්නලා ඔයාගේ දෙමවුපියන්වත් උසස් ස්ථානයක තබන මෙන් ඉල්ලා සිටිනවා. (නි)
නලින් හරි.මල්ලි, ඔයාගේ බැංකු ගිණුම් අංකය දන්වන්න. ඔයාට උදුවක් කරන්න ලැබෙනවා නම් මට ලොකු සතුටක්. (නි)
ඔහුට මේ වෙලාවට ගැළපෙන යමක් කළා නම් තමයි වටින්නේ. (නි)
බැංකු ගිණුමක් නැද්ද? (නි)
නිවාස ඇමතිතුමනි, මෙන්න නිවසක් ලබාදිය යුතු පවුලක්. ඔබතුමාගේ අවධානය යොමුවේවා! (නි)
පුතේ ඔයාගේ ඉස්කෝලේ නොවුනත් මම ඉගෙනගත්තේ ඔයාගේ ගමේ ඉස්කෝලේ. ඒ හින්ඳ මම දන්නවා ඔයාගේ අමාරුකම් ගැන. අද ඔබ හැබෑ දක්ෂයෙක් . නමුත් මෙය ඔබේ ආරම්බය පමණි . උසස් පෙළ පටන් ගත් දා සිට හොඳින් අද්යාපන කටයුතු කර ලංකාවෙන්ම පළවෙනිය වෙන්න මගේ පුතේ. මම ඔයාට ඉතසිතින් ජය ප්‍රාර්ථනය කරනවා . (නදී)
පුතේ ඔයා අනිත් දරුවන්ටත් ආදර්ශයක්. ඉගනීමෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.(නදී)
කරුණාකර බැංකු ගිණුම් අංකය එවන්න.(නදී)
පුතාට දොස්තර කෙනෙක්වෙලා චැනල් කරලා ඇති තරම් හම්බරකන්න ලැබේවායි ඉති සිතන් පතමි.(නදී)
ගිණුම් අංකයක් හෝ මෙම දරුවාගේ පියා සම්බන්ධ කරගත හැකි විදියක් පළකරන මෙන් ලංකාදීපයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජනාධිපතිතුමාට ඔහුගේ නිවසට විදුලිය ලබා දිය හැක. ලැප්ටොප් පරිගණකය ත්‍යාග කිරීම ගැන එතුමාට ස්තුති වෙමි. නිවසේ විදුලිය නැති වූනත් පාසලේදී එය රීචාර්ජ් කර ගත හැක. (නදී)
ඔබ මගේ පුතා උතුම් !(නදී)
සුබ පැතුම්. විශිෂ්ට ජයක්! (නි)
මම කැමතියි මේ පුතාව අඳුරගන්න. මමත් රත්නපුරෙන් ඉගෙනගත්තු කෙනෙක්. දැන් ඉන්නේ කැනඩාවේ. මම සිවිල් ඉංජිනේරු කෙනෙක්. මේ පුතාට උදව් කරන්න කැමතියි. හැකිනම් විස්තර පළකරන්න. (නි)
සුබ අනාගතයක් මල්ලි. (නි)
කරුණාකර මේ දරුවාගේ විස්තර තව ටිකක් දාන්න, ටෙලිෆෝන් අංකය සහ බැංකු ගිණුම් අංකය සමග. ගොඩක් දෙනෙක් උදව් කරන්න බලාගෙන ඇති. විශේෂයෙන් පිට රට ඉන්න අය. (නි)
සුබ අනාගතයක් . අපි උදව් කරන්න කැමැතියි.(නදී)
ඔබට ජය වේවා. ලිපිනය එවන්න. ලංකාදීපය හරහා.
පුතේ නුඹ රටටම ආඩම්බරයකි.(නදී)
නුඹ රටක් වටිනා පුතෙකි. අපි කව්රුත් මේ දරුවට උදව් වෙමු.(නදී)
මේ දරුවාගේ ඇත්ත කතාව රටටම කිව්වට අපේ ප්‍රණාමය.(නදී)
රුවන් පුරෙන් මිනි කැටයක් ඔබට ජය! (නදී)
ගිණුම් අංකය ඊමිල් කරන්න. උදව් දෙන්න ඕන මේ ළමයට. (නදී)
කරුණාකර බැංකු ගිණුම් අංකය එවන්න.(නදී)
පුතේ, නුඹට ගරු ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. ඔබට ජය! (නි)
අපි මීට වඩා උදවු කළ යුතුය (නි)
ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න. (නි)
අපට පුතේ මගක් නැතේ මේ ගග හැර නොයන් පුතේ....... උඹට කවදාවත් වරදින්නේ නැහැ මල්ලී... (නි)
කරුණාකර මේ ළමයාගේ හෝ අම්මාගේ බැංකු ගිණුමක්, දුරකථන අංකයක් හෝ ලිපිනය පළ කරන්න යැයි ඉල්ලා සිටිමු. (නි)
මේ ගෙදර විදුලිය නැතිවීම මොන තරම් වාසනාවක් වුණාද මේ දරුවට. නැත්නම් අපේ සමහර අය වගේ දවසෙම අර මෝඩ පෙට්ටිය දිහා බලාගෙන ඉදලා රැල්ලට අහුවෙන්නට තිබුණා. (නි)
ජනාධිපති තුමා ලැප්ටොප් එකක් විතරද දුන්නේ මන් හිතන්නේ නමට දීල ඇති සල්ලි.(නදී)
මේ මල්ලිගේ විස්තර ලබාදෙන්න කටයුතු කරන වනම් හරිම පිනක්. (නදී)
පින්වත් පවුලක්.අම්මට තාත්තට කොපමණ සතුටු ඇද්ද? ඔබට ජය පුතේ. ලංකාවේ ගොඩක් මිනිස්සු හරිම හොදයි. ඔබට උදව් කරනවා. අපි පුළුවන් අයුරින් උදවු කරන්නම්. අවංක මිනිසෙක් වෙලා රටට යමක් කරන්න බලන්න පුතේ. (නි)
සුභ පැතුම් පුතේ! (නි)
අපිත් උදවු කරන්න කැමතියි. බැංකු ගිණුමේ අංකය එවන්න.(නදී)
ලැප්ටෝප්නම් නෙමෙයි ගෙයක් හදල දෙනවනම් හොදයි.(නදී)
ලක්ෂිතට සුභ පැතුම්! මේ වගේ බොහෝ දරුවන් ලංකාවේ සිටිනවා. දානපතියනි, ඔබගේ අවධානය යොමු කරන්න. පින්. (නි)
මෙම පුවත පළකිරීම පිළිබදව ලංකාදීපයට තුති. මමත් ඔබ වගේ ආර්ථික අපහසුතා මැද ජීවත් වුණා. ඔබ ගැන හරිම සතුටූයි. අනිත් දරු දෙදෙනාත් ඉතා දක්ෂයන් විය හැකිය. ජීවිතය ජය ගැනීමට හැකි එකම මග අධ්‍යාපනය පමණි. මම ඔබට උදව් කිරීමට කැමතියි. කරුණාකර ලිපිනය,ගිණුම් අංක දන්වන්න. ඔබලාට බුදු සරණයි. (නි)
මිණි කැටයකි ඔබ. ඔබට ඡය! (නි)
ඔබට ජය වේවා! සුබ අනාගතයක්! (නි)
ලැප්ටොප් දුන්නට ගෙදර කරන්ට් නැහැනේ චාර්ජ් කර ගන්න. පුලුවන් නම් කරන්ට් එකත් අරන් දෙමු. (නි)
මේක විශ්වාශ කරන්න අමරුයි. ලංකාව තවදුරටත් නොදියුනු රටක් නොවේ. දැන් ලංකාව 'මධ්‍යම මට්ටමේ' අදායම් තියෙන රටක්. දැන් ලංකාවේ ඒක පුද්ගල අදායම ඇ. ඩො. 2800 (රු.350,000).(නදී)
කරුණාකර ඔවුන්ගේ බැංකු ගිනුම් අංක ලබා දෙන්න.(නදී)
රටටම ආදර්ශයක්..(ස)
මෙයාව සම්බන්ද කරගන්න ලිපිනය සදහන් කරන්න ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු කර ගන්න උදව් කරන්න.(ස)
මෙයාව සම්බන්ද කරගන්න ලිපිනය සදහන් කරන්න. ඉදිරි අධයාපන වැඩ කටයුතු කර ගන්න උදව් කරන්න.(නදී)
මගේ පුතේ ඔබට මම හද පතුලෙන්ම සුභ පතනවා (දී)
මල්ලී අපිත් ඔයාට උදව් කරන්න කැමතියි....ඉගෙන ගැනීම මිස අපිට ඉහලට යන්න වෙන මගක් නැහැ........ලංකාදීප කතෘතුමනි, කරුණාකර මෙම සොයුරා සම්බන්ද කරගතහැකි ක්‍රමයක් සොයා පල කරන්න.(ස)
ඔබේ අධ්‍යාපන කටයුතු තව දුරටත් දියුණු කර ගනිමින් මේ රටට පලදායි සේවාවක් කිරිමට ශක්කිය ලැබේවා. “ මිනිසාට හරියන්න නම් දැනෙන්න රිදෙන්න ඕනි“..(ස)
මල්ලියේ, ඔය පරිඝනකෙ උනත් දුන්නෙ ජනතා මුදලින්. උඹේ අම්ම තත්තා පාන් ගෙඩියට සීනි 500ට ගෙවන බද්දෙන්. උඹට ගෙයකුත් හදලා දේවි. උඹ වගේ තව දහස් ගනනක් ඇති 5 වෙනිය වෙන්න බැරි උනාට. එහෙම වෙලා තියෙන්නෙ මේ සමාජ ක්‍රමයේ තියෙන වරදින් මල්ලියේ.(නදී)
අපි මේ ළමයට උදව් කරන්න කැමතියි. කරුණාකර සියලු විස්තර මගේ ඊ මේල් එකට එවන්න.(ස)
අපි පාසල්ගිය කාලෙත් අඩුපාඩු බොහොමයක් තිබුන පුතේ එත් බොහොම අමාරුවෙන් මම එය මඟ ගමන්කළ නමුත් වර්තමානයේ අතීතය සිහිවීමෙන් සියුම් සතුටක් දැනෙනවා. ඔබේ අනාගතය ජය ගන්න පින්කරන උදවිය ඔබට උදව් කරාවී ජයෙන් ජය...! (ස)
කරුණාකරදුරකථන අංකයක් හා බැංකු ගිණුම් අංකය දෙන්න..(ස)
නිකන් නැති ප්‍රශ්න ඇති කරනවට වැඩිය හොදයි මේ වගේ ළමයි හොයල උදව් කරනවානම්. එතකොට නිකම්ම අපේ රට දියුණු වේවි. (ස)
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.(නදී)
කෝ මේ රත්නපුරේ මැණික් මුදලාලිලා ටික. මේ මැණිකට උදව් කරන්න.(නදී)
නියම කොල්ලෙක්නේ.ජය වේවා මල්ලි.(ස)
මේ මල්ලිගේ උනන්දුව, උත්සාහය කොච්චරද කියල තේරෙනවා ලිපිය කියෙවුවම. එත් දැන් අලුත් ප්‍රවනතාවක් තියෙනවා ජනප්‍රිය පාසල් අතරේ සහ අමතර පන්ති ගුරුවරු අතරේ ඒ ගොල්ලොගේ නිසා තමයි ඒ ළමය ඒ තැනට අවේ කියල පෙන්න ගන්න. මේ වගේ දක්ෂ ළමයිගේ කැපවීම ජනප්‍රිය පාසල් සහ පෞද්ගලික පන්ති ගුරුවරු හොරකම් කරගන්න එක වැරදියි. මේ වගේ තවත් උදාහරණයක් අර කැලණිය පාලම යට ඒ 3 ගත්ත නංගී. (නදී)
විදුලිය ලැබුනත් අර වැඩකට නැති පෙට්ටිය දිහා බලා ඉන්න පුරුදු වෙන්න එපා. ගෙදර අනිත් අයත්, අහල පහල ඉන්න අයත් මේ ළමයට වැඩ කරන්න නොදී ටි වී දාන්න පටන් ගනී. විදිලි කණු ඉතා ඈත නම් උදවු කරන අය දෙන මුදල් වලින් සුර්ය කෝෂ ගෙන බල්බ් දල්වන්න පුළුවන්.(ස)
මට පුතේ ඔය ගැන කියන්න වචන නාහේ ,මුළු ලන්කෙක සිසු පරපුරටම අදර්ශමතම් සිසුවා ඔබයි. අම්මාගේ , තාත්තාගේ දුක හදුනා ගෙන මේ ලබපු ජයග්‍රහණය, ජයග්‍රහණයක් නොව විජයග්‍රහනයකි. හුනියන් පෙට්ටි ගෙදර තියාගෙන ටියුෂන් කඩ පස්සේ දුවන දෙමුපියන්ගේ ඇස් ඇරේවා...(ස)
මේ පුතාගේ ලිපිනය පැහැදිලිව පලකරන්න. අපිට උදව්කර හැකි ඉදිරි ඉගෙනීමේ කටයුතුවලට.(නදී)
ඔබට ජය! අපි හැමදාමත් කියන්නේ සබරගමුවට හුලං කියල මේකටයි . විදුලි බල ඇමති, උප ඇමති මෙහෙ වුනාට ඒත් එලිය නැහැ. දැයට කිරුල ඇමති මෙහෙ වුනාට ඒත් එක කිරුලක්වත් මෙහෙ නැහැ. එත් මේ කොල්ල ඉගෙනගෙක කිරුල රැකගෙන සතුටක් දෙනෙනවා.(නදී)
නියම කොල්ලෙක්. සුබ අනාගතයක්..! (ස)
හොඳ දේ කරන්න...(ස)
මල්ලි අපිට ගොඩ එන්න තියන එකම මග ඉගන ගන්න එක තමයි තව අවුරුදු 6ය 7කින් ඔය ප්‍රස්න ඔක්කොම හරි යයි, ඔබට සුබපැතුම් ජීවිතය ජයගන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනව... මගෙ ජීවිතෙත් ඔය වගේ තමයි මල්ලි අද කාර් පවා තියන මට මීට අවුරුදු 5 කට කලින් කැම්පස් යන්න අදින්න තිබුනෙ එක කමිසයයි එක ඩෙනිමයි.(නදී)
මේ ඉන්නේ ආඩම්බරකාර තාත්ත සහ ආඩම්බරකාර අම්ම . ඔයාට ජයෙන් ජය!!!(ස)
නවලෝක ක්‍රීඩා පිට්ය් වගුරු බීමෙන් ,උස්සස් පෙළ දිනු දිරිය දියණියත් , අප්පේ මේ රතනපුරේ පුතත් " යෞවනයේ පොපියන් චමත්කාරය "නොව , අනාගතයේ ලක් මවු ශක්තිමත් කරන ඉන්ද්‍රකීලයක් වැනි මහා පහන් ටැඹ වනු එ්කාන්තයි. ඔබලාට දීර්ගායු වේවා .සුබ අනගතයක් !(ස)
පුතා රටක් වටිනා පුතෙක් (ස)
නම ,දුරකථන අංකය,ගිණුම අංකය ලිපියේ සදහන්ව තියෙනවා ගොඩක් යට ඒවා පෙනෙන්නේ නැතිද මන්ද....? (ස)
ලසන්ත, ලංකාදීප. ඔබට බොහෝම ස්තුතියි මෙම ලිපිය පළකිරීම ගැන. (නි)
රජයේ වගකිවයුත්තන් මැදිහත් වී මොවුන්ට ස්ථිර නිවහනක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. (නි)
ටියුෂන් නැතිව, ලොකු ලොකු කොලීජිවල සරණ නැතිව, සිය දැනුමෙන් හා උත්සාහයෙන් දිවයිනේ 05 වැන්නා කියන්නේ එක ගත් අයට වඩා සිය ගුණයක් ඉදිරියෙන් ඉන්නවා කියන එකනේ දරුවා. ඔයා තමයි ලංකාවේ පළමු වෙනියා. මුලාවේ නොවැටී ඉතිරි ටිකත් ජයගන්න උත්සාහ කරන්න පුතාට තෙරුවන් සරණයි ! (ස)
බොරුවට නම දාගන්න අන්ධයෝ වගේ ගිණුම් අංක දුරකථන අංක ඉල්ලන යට ඇස පෙන්නේ නැතුවද ලියන්නේ. මේකේ පැහැදිලිවම විස්තරය ලියපු මහත්මය ගිණුම් අංකය සඳහන් කරලා තියෙන්නේ. උදව්වක් කරන්න ඔය තරම් අාස නම් කරන්න පුළුවන් නේද ? (ස)
මගේ පුතු හරි හපනා හෙට කොලඹට යනවා. ඔබට ජය ! (ස)
මේ පුතාගේ ගෙදරට විදුලිය ලබා දෙන්න, එක මහා පිනක් (දී)
අති ශ්‍රේෂ්ඨයි. ඔබයි පළවෙනියා ! (ස)
ඔබට සුබම සුබ අනාගතයකට සුබ පැතුම් හද පත්ලෙන්ම..! (ස)
ආදර්ශයක් ඔබ ලෝකෙටම (දී)
අපිට ආඩම්භරයක් ඔබ (දී)
ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මේ දේ පල කරාට. ඒ වගේම අපේ රටේ මේ වගේ අම්මරු කම් ඇති තව තවත් ළමයි ගැන විස්තර පලකරන්න. (ස)
රටේ ලොකු තැනකට එන්න පුතා, නිහතමානී ගුණයම ප්‍රගුණ කරන්න . බුදුසරණයි... (ස)
මටත් මතක් වෙනවා , මමත් පාස් වෙලාවේ මගේ අම්ම මට ලොකුම ලොකු කැවුම් ගෙඩියක් හදල දුන්න. තාත්තා රතින්න පෙට්ටියක් ගෙනෙත් දුන්න. එත් එයාල කවදාවත් අරක්කු බිව්වේ නැහැ . (ස)
මේ ජනප්‍රිය පුවත තව තවත් ප්‍රසිද්ධ කරන්න. (නි)
මොනවා කිව්වත් මගේ රට ගැන මට හරි ආඩම්බරයක් දැනුන මේ අදහස් කියෝනකොට... තමන්ගේ රටේ කෙනෙක්ගේ දුකේදී එකතු වෙන අපේ ශ්‍රී ලාංකීය ජාතිය ගැන හරිම ආඩම්බරයි.. (ස)
පුතේ දුප්පත්කම කියන්නේ අධෛර්ය වීමට වත් , ලැජ්ජා වීමටවත් කාරණාවක් නෙවෙයි . ඔබට නැති වූ ධනය ගැන නොව ඔබට දෙවියන්ගෙන් ලැබුණු දැනුම ගැන පමණක් විශ්වාසය තබන්න . දුප්පත්කම නැති කරන්න තියෙන එකම මාර්ගය තමයි අධ්‍යාපනය . ඔබ එයින් පළමු කඩයිම ජයගත්තා . දුප්පත්කම හමුවේ නොසැලී ඉදිරියටම යන්න . කෙතරම් දුප්පත් වුවත් තමන්ව තනි නොකළ , වැඩට නොයැවූ දෙමව්පියන්ට සැමදාම සතුටින් තියන්න . අනෙක් කඩයිමත් ජයග්‍රහණය කර සැවොම හොදින් බලාගන්න. බුදු සරණයි, ජේසු පිහිටයි . සියලු දෙවිවරුන්ගේ පිහිටයි. (ස)
නියම කොල්ලෙක් සුබ අනාගතයක් මල්ලියා ඉදිරියට යමු..! (ස)
ඉතාලියේ සිටින ශ්‍රී ලංකික පින්වතුන්ගේ ඇස් මේ පුවතට යොමුවේවා! (ස)
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා.(නදී)
ලක්ෂීත වගේ වීබාගය ඉහලින් සමත් නමුත් මුල් කිහිප දෙනාට පසුපසින් සිටින ආර්ථික ප්‍රශ්න තියන ළමුන් බොහොමයක් සිටිනවා. මම ළමුන් දෙදෙනෙකුගේ අඩයාපන කටයුතු වලට උදව් කරනවා. නමුත් ලක්ෂීතටත් උදව්වක් කරනවා. එවැනි ළමුන්ගේ විස්තර පල කරන්න. විදේශ රටවල සිටින අයට උදව් කිරීමේ හැකියාව තියෙනවා.(නදී)
විදුලිය නැති අපට මේ දුක දෙන්න එපා. (නි)
අපිත් ඉස්සර දුප්පත්. අමාරුවෙන් ඉගෙන ගත්තේ. මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඔයා හොඳට ඉගෙන ගන්න. අපිත් උදව් කරන්නම්. (නි)
බලන්න මල්ලි අපේ රටේ ජනයා කොච්චර කාරුනිකද කියලා. මොන අදහස් දැරුවත් කෙනෙකුට පිහිටක් ඕනෑ වෙලාවට නොපැකිළව පිහිට වෙනවා. ඒක තමයි අපේකම. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය. මට මල්ලි ඔයාගේ දක්ෂතාවය වගේම , අපේ රටේ ජනයාගේ කාරුනිකත්වය ගැනත් හරිම ආඩම්බරයි. අපේ කම තියෙනකල් ඔයා විතරක් නෙමෙයි, ඔයා වගේ දක්ෂයෝ කිසි කෙනෙක් තනි වෙන්නේ නැහැ මල්ලියේ. ජයවේවා ....!!! (නි)
අනේ වාසනාවන්! සතුටු වෙන්න පුලුවන් පුවතක්. උත්සාහයෙන් පිරි වාසනාවන්ත පවුලක්. පුතේ, නංගිලාටත් ඉගෙන ගන්න උදවු කරන්න. ලක්ෂිතටත් සිය පවුලටත් ශුභ අනාගතයකට හද පිරි ශුභ පැතුම්! (නි)
සුමිත්, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මෙය කියවපු 30 කට වැඩි දෙනාට ඇස් පෙනෙන්නේ නැත්තේ ඇයි කියලද අහන්නේ? වලිගෙ පාගගෙන නිකන් බොරුවට කෑ ගහන්න එපා. (නි)
කෝ ගිණුම් අංකය? මේ වැඩේ යට යනවා දැන්.(නදී)
මේ වගේ අහිංසක දුප්පත් අසරණ ළමයින්ට පිහිට වෙන එක ලොකුම ලොකු පිනක්.(නදී)
ලැප්ටොප් එක දුන්නවගේ විදුලියත් දුන්නොත් නේද වටින්නේ මේ ළමයට ඉගෙන ගන්න.(ස)
මෙන්න නියම මාධ්‍ය වගකීම මෙවැනි දරුවන් රටට හෙලි කිරීම ට ලංකාදීපයට ප්‍රනාමය. පුතේ ඔබට සමන් දෙවි පිහිටයි.. ! (ස)
මගේ පුංචි රටේ පාලකයන් මහා කයිවාරු ගසති. උත්සව තියා මුදල් කෝටි ගණන් වියදම් කරති. තරුපහේ හෝටල් වල මහජන මුදල් වලින් හොඳ හොඳ සාද පවත්වති. මිලියන් ගානක් ජනතාව වේල් තුන කන්න නැතුව බඩගින්න ඉවසති. පුතේ, නුඹේ දෙමාපියෝද එසේ හිඳිමින් නුඹට ඔය දුන්න පන්නරයෙන් තවතවත් ධෛර්යය වන්න. (නි)
මෙහි අදහස් පලකරන උදවිය බොහෝ දෙනෙකු පුතාට උදවු කිරීමට ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ධනය මුදල් වැඩි වැඩියෙන් ලැබුණාට පසු අධ්‍යාපනය ලැබුවත් ආධ්‍යාත්මික චින්තනයන් තමන් තුලින් පිරිහී යන්නේ නමි අතීතය අමතක කර අනාගතයට අවතීර්ණ වන්නේ නම් සිඹින්ට දුන් අත කපාදැමීමක් හා සමානය. (නි)
අපිට ආඩම්බරයි පුතේ නුඹ ගැන. (නි)
ගිණුම් අංකය ට පිට රටින් සල්ලි දමන්න බැරිය .අහි වරදක් තිබේ (ස)
පුතේ ඔබට ලැප්ටොප් දෙවි පිහිටයි.. ! (නදී)