දඹුලු ඔයේ අතු ඔයක් වූ මිරිස්ගෝනිය ඔයේ වැලිගොඩ දමමින් සිටි දෙදරු පියෙක් ඉවුර කඩා වැටී මරණයට පත්විය. ඉවුරේ දෝණයක් කපා වැලි ඉවත් කරමින් සිටයදී මෙම අනතුර සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු පවුලක් අනාථ වීම නම් දුකක්. නමුත් මින් පරිසරයට කොපමණ නම් හානියක් සිදුව ඇද්ද? (නි)
මේ අදහස් දාන අය නම්...? පරිසරය වනසන අය ඉන්නේ මේ තැන්වල නෙමෙයි මහා මන්දිර වල.. එයාලට කිසි දෙයක් නැහැ.. මේ එදා වේල හොයාගෙන කන මේ වගේ අයට තමයි සේරම..!(නු)
මේ පුද්ගලයා එදා වේල හම්බකරගන්න තමයි මේ වැඩේ කරන්නෙ..!(නු)
රටේ සල්ලි ස්විස් බැංකු වලට නොයනවා නම් රට මීට වැඩිය දියුණුයිනේ. (නි)
මම හිතන්නේ සොබා දහම නියම දඩුවම දීලා තියනවා(ස)
රූපගේ මොලේ හොඳ නැද්ද . අර අසරණ දරු පවුල ගැන සොයා බලනවා වෙනුවට පරීක්ෂණ පවත්වන්න කියන්නේ (ස)
මේ වගේ දේවල් අහන්න ලැබෙනවා හැමදාම ,පුදුම දුකක් (ස)
මම හොදට දන්නා අදුනන අයෙක් තමයි මේ අයුරින් අවසානාවන්ත ලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ මිනිසුන් දිවි පරදුවට තියලා මෙවැනි දේවල් වලට යොමු වන්නේ දුප්පත් කම නිසයි මේ පාර යල කන්නයේ කරපු වගා ඔක්කොම විනාශ වෙලා නියගය නිසා මේ ආකාරයෙන් මිනිස්සු අසරණ වෙලා ඉදිද්දි මෙවැනි දේකට යොමු නොවී හොරකම් කරන්න,කසිප්පු පෙරන්න කියලද මේකේ අදහස් පළ කර ඇති සමහරුන් කියන්නේ සරත් ආනන්ද මහත්මාණෙනි ඔබට නිවන් සුව පතමි (ස)
මට පොඩි එකාගෙ මුහුණ දකිද්දි ඇස් වලින් කදුලු එනවා, මොවුන්ට රජය උපකාර කළ යුතුයි. (නි)
ජීවිතයත්, මරණයත් අතර සටනක් කරලා මේ අය ලබන්නේ සුලු මුදලක්. ලාභ ලබන්නේ අතරමැදියෝ. දැන් කවුද මේ දරු පවුල ගොඩදාන්නේ? (නි)
දුප්පත් වුණත් ස්වභාව ධර්මය විනාශ නොකළ යුතුයි. ස්වභාවධර්මය විසින් දඩුවම් දෙනවා මිනිස්සුන්ට. (නි)
අපිට දුකයි, කවුද දැන් මේ අසරණ දරුවට පිහිට වෙන්නේ (ස)
අර දරු පවුල අසරණ වෙනවා කියන්නේ හරිම පව් (ස)
දුප්පත් කම නිසා වැලි රැකියාවට යනවා අසරණ දරුවෝ දැන් තව අසරණ වෙනවා මරුවා ඇවිත් මේ ලෙස මා ගෙන යනවා අසරණයින්ට අත දෙනු මතු බුදු වෙනවා (ස)
දුප්පත් අසරණයන්ට තමයි හැම හෙණ ගෙඩියක්ම පහත් වෙන්නේ. (නි)
ජීවත් වෙන්න අරගලයක් කරලා කෙනෙකුගේ ජීවිතේ නැති වෙන එක හරිම දුක හිතෙන දෙයක්. (නි)
මරුවා සමග වාසේ. (නි)
පේනවද ? ලස්සනට තිබුණ පරිසරයට වෙලා තියෙන දේ ? කැලේ සත්තුන්ට බොන්න වතුර නැතුව මැරිලා වැටෙද්දි ඔය අපරාධ වලට ස්වබාදහමම දඩුවම් කරාවි (ස)