කල්පිටියේ දූපත් 14ක වැසියෝ දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මුහුදු වැල්ලේ වළක් හාරා ඊට එකතුවන ජලය පෙරා ඔවුහූ බීමට ගනිති. වාරකන් සමයේදී මේ අයුරින් වතුර ලබා ගැනීමටද නොහැකි බව දූපත් වාසීහූ කියති.
කල්පිටිය නගරයේ සිට මගී ප‍්‍රවාහන හා භාණ්ඩ ප‍්‍රවාහන යාත‍්‍රා ඔස්සේ ජලය ගෙන යාම මෙම ජනතාවට ජලය ලබා දීමට ඇති එකම විකල්පය වේ. එක් ජල බූලියක් රුපියල් තුන්සිය පනහේ සිට රුපියල් දහස දක්වා මිල නියම කර ඇත.
බත්තලන්ගුංඩුව, පල්ලියවත්ත යන දුපත් වල පමණක් සාමාන්‍යයෙන් පවුල් තුන්දහසක් පමණ වෙසෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දුපත් වල ජලය ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒවාට මුදලක් වැය වෙන එක හැබෑව. නමුත් ඒවා නියම විදියට කළ යුතුයි. දේශපාලනේ ඒවාට විසඳුම් නැහැ. (නි)
හේමන්ත, වළවල් කපලා තියෙන්නේ මුහුදු වෙරළේ. සිංහල තේරෙන්නේ නැද්ද. ඒකයි ළගම වතුර තියෙනවා වගේ පේන්නේ (නි)
විජේසිංහගේ ප්‍රකාශය හරිම වැදගත්, කාලෝචිතයි. (නි)
මෙයාලට කොහෙන් හෝ අපි තට්ටු නිවාස ලබාදෙමු (නි)
ඇස් ඇර බලනු මැනවි පාලකයිනි, නුඹලා කොයිතරම් පුරසාරම් දෙඩුවත් මගේ දුප්පත් රටේ ජනතාව විඳින සැපක් නැත (නි)
කෝ මේ ජල ඇමතිතුමා ? (නි)
මේ අයට පිහිට වෙන්න අපට ක්‍රමයක් නැද්ද? (නි)
කෝ පළාත් සභාවේ මන්ත්‍රීලා? (නි)
හරිම සෝචනීය පුවතක්. මේකට වගකිවයුතු අය සොයා බලන්න කරුණාකරලා. (නි)
මී ලඟ ජන්දයෙන් පසු පානීය ජල ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙනවලු (නි)
මේවා කරන්න කෝ සල්ලි? කාර් රේස් වලට වියදම් කරන්න වුණානේ (නි)
මේ අහිංසකයන්ගේ දුකට පිහිට වෙන්න මේ රටේ පාලකයන්ට බැරිද. මහජනයාට සේවය කිරීම සඳහා ඇමැතිවරුනම් කී දෙනෙක් ඉන්නවා ද ඒ වැඩක් නෑ. මේ මිනිස්සු සදා දුකේ තමයි. අඩුම ගානේ බොන්න වතුර ටිකක්වත් නෑ (අ)
අතුල, ගාමිනී, පාලකයන් ඕක පවරාගෙන හෝටලයක් නම් ගහාවි. (නි)
වාරකන් හැමදාම නැති නිසා, ගමේ අය සමගියෙන් ළිදක් කපා ගත්තොත් නරකද? පෙනෙන විදියට වතුර ළගම තියෙනවා. මේවට ආණ්ඩුවටම දොස් කියන්න එපා. (නි)
මම මේ දූපත් වලට ගිහින් තියෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඇත්තේ ඉතාමත් පහළ ම්ටටමක. (නි)
ඇත්තෙන්ම අතුල මේ කැබිනට් මණ්ඩලේ එක්කෙනකුටවත් බැරිවුණානේ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. පව් අහිංසක මිනුස්සු. (නි)
මෙවැනි දැවෙන ප්‍රශ්න තියෙද්දීත් අපි අහක බලාගෙන හලාල් වැනි නැති ප්‍රශ්න ඇති කර ගත්තනේ. අනේ අපොයි! (නි)
මෙන්න මේ වගේ දේවල්වලට කවුරුත් උදව් කරන්න ඉදිරිපත් නොවන්නේ ඇයි ? මේ කට්ටිය වතුර ටිකක් බොන්න කොච්චර මහන්සි වෙනවද, ලැම්බොගිනි, නයිට් රේස්, කැසිනෝ... දැන් මේ වගේ දේවල්ද මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියන්නේ ? (නි)
මේ පළාතේ ජිවත්වන අය කාටද ඡන්දය දුන්නේ? (නි)
මේක බොරුවක් ! ආශ්චර්යමත් ලංකාවේ මෙහෙම දේවල් වෙන්න බැහැ. (නි)
ඔය පම්පෝරි ගහන දේශපාලනච්චින්ට බැරිද අඩු තරමින් නලලින් ටිකක් වත් ගහල දෙන්ට. මලකඩ නම් පෙරලා ,උණුකරල හරි බොන්නේ නැතෑ (අ)