(ජයන්ත සමරකෝන්)
වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
ඒ සමඟම ඉකුත් දා සිරදඬුවම් නියමවූ කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.
මොවුන් තිදෙනා පොලිසියේ සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බවද ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් (පාලක) බන්දුල ජයසිංහ මහතා පැවැසීය.
බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට බන්ධනාගාර බුද්ධි අංශ මගින් ලබාදී ඇති වාර්තා අනුව තවත් සිරකරුවන් රැසක් ඉදිරි දිනවල මාරුකර යවන බවද ඒ මහතා කීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙලේ සුදා-පොට්ට නව්ෆර්-කංචිපානි බූස්සට
ගල්කටස් Sunday, 25 August 2019 12:20 PM
මාරු කරලා යැව්වට වැඩක් නැහැ. ඔවුන්ගේ සන්නිවේදන ක්‍රියාමාර්ගයන් අවහිර කළයුතුයි. විශේෂයෙන් දුරකථන ජෑමර් සවිකළ යුතුයි. සමහර ජේලර් මහතුන්ට සල්ලි දීලා අැතුළට ඕනෑදෙයක් ගෙන යා හැකි නිසා ඔවුන්ටත් එක්කම රැහැන් රහිත දුරකථන අවහිරකළ යුතුයි.
ගොන්ගාලේ ගොඩබණ්ඩාMonday, 26 August 2019 06:05 AM
බූස්ස කදවුර තිබෙන්නේ මුහුද ළග. මේ මේ වනවිටත් උමගක් හාරලාද කියල හොයලා බැලිය යුතුයි. බූස්ස කදවුරේ ඉදිකිරීම් කොන්තරාත්තුව කරන්නේ කවුද ? ඔවුන්ගේ සේවකයන් කවුද සොයා බැලිය යුතුයි. මත් ජාවාරම කියන්නේ ජාත්‍යන්තර ජාලයක්. ඔවුනට සහාය දෙන අය ඕනෑම මිලක් ගෙවා බේරා ගැනීම මගින් තව තවත් ජාවාරම් කාරයින් බදවා ගැනීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා මිලියන ගණනක් වියදම් කර හෝ සගයින් බේරා ගන්නට ලෝකයේ ඉහලම තාක්ෂණය දැනුම ලැබෙනවා. සමහර රාජ්‍ය නායකයින් සුපිරි ආයතන ප්‍රධානින් දේශපාලකයින් නළු නිලියන් ඔය ඕනෑම තරාතිරමේ අය සිටිය හැකියි. ඔවුන් සතු ගුවන් යානා, සබ් මැරීන, නැව් පවා තිබෙනවා. ඔවුන් සිටින්නේ ඉහළ තලයක. ඒ නිසා මේ සියලු දෙනා මුහුද ලගට ගෙනා හේතුව දෙස විමසිලිමත් ඇසින් බැලීම වරදක් නොවේ.
dasaMonday, 26 August 2019 12:01 PM
ලන්සා නම් තාම එළියේ.
Chathuri Sunday, 25 August 2019 12:41 PM
මේ තුන්දෙනාගෙයි ගෝඨාගෙයි ඇති වෙනස මොකක්ද? මේ තුන්දෙනා වැරදි කරපු නිසා ඒවාට වන්දි ගෙවනවා... නමුත් බලයක් නැහැ. ගෝඨා වැරදි කරලා කට්ටි පනිමින් අධිකරණය නොමග යවනවා බලය තියෙන නිසා... ඉදිරිපත් වෙන්න ඕනෑ විදුලි පුටුවට මිසක් ජනාදිපති පුටුවට නෙමේ... අයියලා, මල්ලිලාට මෙවර ඡන්දෙන් පෙන්වන්න ඕනෑ ජනතාවගේ බලය නීතිය කාටත් පොදුයි කියන එක... කිසිම රටක නොවෙන දේවල් අපේ රටේ වෙන්නේ..
සේනSunday, 25 August 2019 01:02 PM
මේ පුද්ගලයා L.T.T.E. ඩයස්පෝරාවෙන්ද නැත්නම් බටහිර N.G.O. නඩයකින්ද? පිස්සෙක්ද? අසත්පුරුෂයෙක්ද? ත්රස්තවාදීන්ගෙන් රටක් නිදහස්කර අපට නිදහසේ හුස්ම ගන්න ඉඩදීපු උතුම් නිලධාරියෙකුට මේ විදිහට ගරහන්න බෑ සාමාන්‍ය මනුස්සයෙකුට නම්...
Jake Sunday, 25 August 2019 03:07 PM
මෙයාලා වගේ කඩේ යන්න ඉගෙනගත්තා නම් ලංකාවට ජය ශ්‍රී..!! යුද්ධය ඉවර කලේ හමුදාව මිස දේශපාලකයන් නොව... දේශපාලකයන් 1983 සිටම කලේ යුද්ධය විකුණාගෙන කාපු එකයි. මහින්ද ඒ අවස්ථාවේ තේරුම් ගත්තා රටේ මහජනයා ඉල්ලන අන්තිම ඉල්ලීම යුද්ධය නැවත්වීම කියලා. ඒ වගේම ඔහු දැක්කා ලංකාව අලුත් දේශපාලන විපර්යාසයකට පිවිසීමට සූදානම් බව... ඉතින් ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. ඒ වගේම ඔහු වරද්දා ගත්තා රටේ ජනතාවගේ මානසික මට්ටම තේරුම් ගැනීමට. අද පාට දේශපාලනයට විරුද්ධ සංඛ්‍යාව වැඩියි ලෝකය දකින ජනතාව සංඛයාත්මකව ඉතා ඉහළයි. ඉතින් ඔහු සිතූදේ වැරදුණා. නමුත් ඔවුන් තාම උත්සාහ කරන්නේ යුද්ධය ගැන තලුමරන්න මිස වෙනත් දෙයක් නොවේ. මේ ටික තේරුම් ගත්ජනතාව දැන් වැඩි මිසක් අඩු නැත. තම කටුලෙවකන්නන් ඉතිරිවී සිටින බව ඉතා පැහැදිලියි. ඔය ටික දැන්වත් තේරුම් ගනිල්ලා ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන්ම එන්නේ බැටළු හම පෙරවාගත් වෘකයින්ය කියන එක විතරක්...
pathiranaSunday, 25 August 2019 01:18 PM
චතුරි කෙලින්ම කියන්නකෝ කාටද කතිරේ ගහන්නේ කියලා? ප්‍රේමදාස යුගයේ ඉපදිලා හිටියේ නැතිනම් දන්නා කෙනෙක්ගෙන් අහලා බලන්න. යූඑන්පී එකෙන් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් මම කතිරේ ගහන්නේ අනුර මල්ලිට...
mamath pathiranaMonday, 26 August 2019 03:14 AM
ඔබ හරි මාත් පතිරණ මාතර සිට
chinthakaMonday, 26 August 2019 03:30 AM
ඔන්න අපේ අයගේ මානසිකත්වය මේවගෙන් හොදට තේරෙනවා . ගෝටාට ඡන්දෙ දුන්නේ නැතොත් එයා යූ. එන්. පී. ඔය දෙකම නැතොත් එයා ජේ.වී.පී. . එහෙම තමයි අපේ අය හිතන් ඉන්නේ. හැමදාම එකම ටික මාරු කර කර ඉන්නකෝ . තව අවුරුදු 10ක් ගිහින් බැලුවත් රට එතනමයි . රාමුවෙන් පිට නොහිතන තාක් කල් ගොඩ ඒමක් නැහැ රටට. රට දාල යන අයට මොකුත් කියන්නත් බැහැ මේ වගේ අය ඉන්නකල් .
parakumSunday, 25 August 2019 01:41 PM
චතුරි මහත්මියගේ එඩිතර ප්‍රකාශය ගැන පසසමි. ගෝඨාභයට ඇති බිය නිසා පාඨකයින් දැන් සිටම ඔහු ගැන යමක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවන බව පෙනේ. සත්‍ය වශයෙන් පැහැදිලිව පෙනෙන දේවල් පවා බැහැර කරන බවක් පෙන්වීම නිවටකමක්ද, ඇම්බැට්ටකමක් දැයි නොදනිමි...
samanSunday, 25 August 2019 02:46 PM
ඒ කාලේ පැරකුම් කියල ටින්කිරි ජාතියක් තිබුණා.
samanSunday, 25 August 2019 02:44 PM
චතුරි ගිහින් දොස්තර කෙනෙක් හමුවෙලා මොලය පරික්ෂා කරගන්න. මොකද නිදහසේ හුස්මගන්න පරිසරය සාදාදුන් පුද්ගලයට ගරහන කොට එයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ..
ChathuriSunday, 25 August 2019 03:11 PM
අද නිදහසේ හුස්ම ටිකවත් ගන්න බැහැ. ඒ තරමට කුණු කුණු මදිවට, මොවුනුත් කරලියට. එන්න දඟලනවා... මගේ මොලේට ඔයාගේ මොලේ පරීක්ෂා කරලා බලන්න. ඇත්ත කියන්න බය මොකද කියලා පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් කවුද පුතේ රට යුද්ධයෙන් බේරාගත්තේ කියලා දරුවන් කියන්නේ. රණවිරු මාමලා කියලා මිසක්, ගෝඨා සීයයි, මහින්ද සීයයි. කියලා කියන්නේ නැහැ. අපේ රටේ සමහරුන්ට මොකද මේ වෙලා තියෙන්නේ... මේ තමන්ගේ රට, ඇයි අපි කාටවත් යටත් වෙලා ඉන්නේ.., අපි රැකියා කරනවා නම්, බදු ගෙවනවා නම්, මේ කිසිම දෙයක් නොකර, අපේ මුදල් හොරකමින් වැජඹෙන පුද්ගලයින්ට මේ රට පාලනය කරන්න දෙන්න. කිසිම වරදක් නැති උගත් බුද්ධිමත් කට්ටිය ඉන්නවනේ. අයියා ජනාධිපති වුණු ගමන් පරම්පරවේ සැවොම, උසස් නිලතල අතට ගත්තා.
anura UAEMonday, 26 August 2019 03:12 AM
ඔන්න ඕකයි තත්වේ කප්පම් ගත්ත කට්ටිය ගෝඨාභයට කැමති නැහැ. ඔහු නැති නම් ෆොන්සේකා නැති නම් ඔබ සහ අපි පොලව යට
ධනුෂ්කMonday, 26 August 2019 12:00 PM
චතුරි නියමයි ඔබේ දේශපාලන මතවාදය මම දන්නේ නෑ. නමුත් කාන්තාවක් විදියට ඔබ කොන්ද කෙලින් තියාගෙන අදහස් දැමීම එඩිතර ගතියක්. මේ රටේ ගොඩක් ඉන්නේ දේශපාලන වහලුන්. මේ වහල්ලු හිතාගෙන ඉන්නේ පාලකයන් තමන්ගේ වලව්වේ වත්තේ තියන පොල් කඩලා රට සංවර්ධනය කරනවා. යුද්ධ කරනවා කියලා. මේ වහල්ලු දන්නේ නෑ. මේ රටේ අන්තිම දුප්පතාගේ සිට කෝටිපතියා දක්වා ගෙවන දඩයි, බදුයිවලින් තමයි මේවා කරන්නේ කියලා. එ්ක පාලකයින්ගේ වගකීමක්. එ්කට තමා පාලකයින්ට සැප පහසුවට ඉන්න පහසුකම් සලසලා තියෙන්නේ. මේ දේශපාලන වහල්ලු දන්නේ නෑ. දේශපාලනය තුළ කළගුණ සැලකීම යනු අන්තිම භයානක දෙයක් කියලා. පාලකයන් මේ වහල්ලුන්ගේ හිතට දැනෙන්න එක හොඳක් කරලා ඊට වඩා සියගුණයක් විශාල වැරදි හිතට නොදැනෙන්න කලොත් අවුලක් නෑ. පාලකයා හොඳයි. මොවුන් භෞතික වශයෙන් විතරයි පිරිමි...
සුදත් Sunday, 25 August 2019 12:55 PM
Chathuriට විකාර වගේ... පරක්කු නොකර අංගොඩ ගෙනියන්න.
ChathuriSunday, 25 August 2019 07:07 PM
මට පිස්සු කියලා කියන පිරිමින්ගේ කොන්දට පත්තු බදින්න.කැමතියි මගේ මුදල් වලින් , කැමති නම් කියන්න ලැජ්ජයි කියන්න , පිරිමි කියන කතාද මේ , ගැහැණු මට තියෙන එඩිතර කම තම රට ගැන කැක්කුම මේ පිරිමින්ට නැති හැටි කඩේ යන කට්ටියට කියන්නේ , මෙහෙම ගියොත් අසරණ ජනතාවට රට අත් ඇරලා යන්න වෙන්නේ නැතිනම් මහා මුහුදට පනින්න වෙන්නේ පිරිමි කමටත් ලැජ්ජයි , පුවත් පත් නිතර බලන්නේ නැති කට්ටිය තමයි මේ මොලයක් තියෙනවනම් කල්පනාකරලා බලන්න මේ රටේ නිතිය මොනවගේද කියලා. ඒ දන්නෙත් නැතිව ඇති , මේ වගේ අයට කියල වැඩකුත් නැහැ බඩ ,විතරයි පපුවක් ,මොලයක් ඇතුළු දේවල් පිහිටලා නැහැ.
viks sudantha Monday, 26 August 2019 09:52 AM
යූ.එන්.පීයාට කඩේ යන ගැහැණුන්ගේ කොන්දට පත්තු බඳින්න. කැමතියි මගේ මුදල් වලින්, කැමති නම් කියන්න ලැජ්ජයි කියන්න මෙතරම් විනාශයක් කරලා මහබැංකුව හොරා කාලා ශ්‍රී ලංකන් එකේ ගුවන් යානා අවලංගු කරලා.. පත්තර බලන්නෙම නැතිව වැස්සට නොතෙමි යන්න කාර් ගන්න ඡන්දෙ දීපු...
කරුණාවති Monday, 26 August 2019 11:42 AM
ඔව් සුදත් චතුරිට අසාධ්‍යයි වගේ... ඉක්මණින්ම මනෝ වෛද්‍යවරයකු හමුවිය යුතුයි.
isurandi Sunday, 25 August 2019 12:58 PM
මේ අය ඡන්දෙ ඉල්ලුවෝතින් මොවුන්ටත් කතිරේ ගහන අය නැතුව නෙමෙයි මේ රටේ... පේනවනේ මේ දවස්වල කම්බ හොරුන්ට කඩේ යන හැටි මෙලෝ රහක් නැතුව...
kolam boss Sunday, 25 August 2019 02:00 PM
සිරකරුවන්ද මනුෂ්‍යයන් නිසා මේ අයට ජනපතිවරණයට ඉල්ලන්න අවස්ථාව දෙන්න විදියක් නැද්ද?
අමිල Sunday, 25 August 2019 02:10 PM
ඝෝඨාභය මහත්මයා කොහොමද මේවගේ රටට වින කරපු කාලකන්නි එක්ක සසඳන්නේ...? Chathuriත් නව පරපුරේ කෙනෙක්ද දන්නෙ නෑ
Kumar Sunday, 25 August 2019 05:08 PM
වැඩිකල් යන්න මත්තෙන් ඒ පැත්තේ කෝටිපතියෝ බිහිවෙන්න පටන්ගනී.
Prabha Sunday, 25 August 2019 06:45 PM
තව එක්කෙනෙක් දාන්න එතකොට කැරම් සෙල්ලම් කරන්න පුළුවන්
PA -RA Monday, 26 August 2019 01:17 AM
හොඳයි අපරාධ කාරයෝ එකට තිබ්බම සෙට් වෙයි තව අපරාධයකට.
Saman Monday, 26 August 2019 02:19 AM
චතුරි බය නැතුව ලියන්න ඕනදේ ලිව්ව.. පත්තරෙ බය නැතුව ඒක දැම්ම..
BamunuarachchiMonday, 26 August 2019 11:44 AM
පත්තරේ බය නැතුව දැම්ම නිසා මෙහෙම අය තමයි රට අගාධයට තල්ලු කලේ කියලා අපි දැනගත්තා. එ්කනේ එක හාල්පාරුවෙක් මානව හිමිකම් ගොස් ලංකාව යුද අපරාධ කළා කියලා පිළිගත්තේ...
ruwan Monday, 26 August 2019 03:30 AM
වෙලා තියෙන්නේ වෙන දෙයක්....
gas upali Monday, 26 August 2019 03:31 AM
අපි කන්ජිපානි මහතාට ඉක්මනින් නිදහස පතනවා. දුප්පතාගේ හිතවතා ජාති බේද ඔහු ළඟ නැහැ .
chamial Monday, 26 August 2019 03:37 AM
ඔයා හිතන්නේ රණවිරුවන්ට විතරක් යුද්ධ කරන්න පුළුවන් කියලද ? එහෙනම් හොයල බලන්න වඩමාරච්ච්චි මෙහෙයුම ගැන . ජෙනරාල්ව තුවාල වෙලා රත්මලානට අරන් එද්දී මොකද උනේ කියල . හමුදාවට ඕන පරිසරය හැදුවේ මහින්ද .
Nara Monday, 26 August 2019 05:00 AM
චතුරි.. අවුරුදු 30ක් යුද්දෙ තියනකොට ඔය හමුදාවම තමා ලංකාවේ හිටියෙ. ලංකාවෙ රණවිරුවො යකෙකුටවත් බය නැති උනාට නිවැරදි දේශපාලන නායකත්වයක් නැතුව හමුදාවට ඕන විදිහට යුද්ධ කරන්න බැරි බව නොතේරීම පුදුමයක්
APPUTuesday, 27 August 2019 09:06 AM
අන්න හරි මේ ගැනු ළමයිට ඕව තේරෙන්නේ නැහැ නොවැ
Anti-Bamuna Monday, 26 August 2019 07:06 AM
බමුණා විතරයි අඩු මෙතන
janahitha Monday, 26 August 2019 09:40 AM
වෙලේ සුදා, පොට්ට නව්ෆර්, කංචිපානි සහ 19 ව්‍යවස්ථාවට අත උස්සපු ඔක්කොම එල්ලුම් ගහට...
Amila Monday, 26 August 2019 09:55 AM
වෙලා සුදා සහයෝගය දෙනවා ඇත්තෙත් නන්දසේනට.. මොකද ඉතින් අර කුඩු සිල්වා ණයට සල්ලි අරගෙනත් තියෙනවානේ වෙලේ අයියාගෙන්.. ඒ වගේ ළඟම හිතවත්තු තමයි.
Prageeth Monday, 26 August 2019 11:05 AM
චතුරිකා වගේ කාන්තාවන් මේ රටට වාසනාවක්...
ANURA KUMARATuesday, 27 August 2019 09:09 AM
කඩේ යන හින්දද ?
Bamunuarachchi Monday, 26 August 2019 11:40 AM
"මෙයාලා වගේ කඩේයන්න ඉගෙනගත්තා නම් ලංකාවට ජය ශ්‍රී..!! යුද්ධය ඉවර කලේ හමුදාව මිස දේශපාලකයන් නොව..." හලෝ දන්නා මගුලක් කතා කරන්න. " දේශපාලකයන් නොව.." නම් 1983 සිට 2005 දක්වා හිටිය හමුදාවට තිබුණනේ යුද්ධය දිනා ගන්න. මොකද බැරි වුනේ? තව ගොඩක් ඔහෙට ඉගෙන ගන්න තිබෙනවා. මහින්ද පැරදුනේ ඔහෙලාවගේ 62ක් හිටියා ලණු කාපු අය... ඒ නිසයි අර චතුරිලා වගේ අය නිසා. නැතිනම් රට බේරා දුන්නු මහින්ද අමතක කරලා රට දෙමළාට පාවාදෙන්න හදපු රනිල්ට කඩේ යන්නේ කව්ද?
janatha anura UAE Tuesday, 27 August 2019 12:29 PM
ඔක්කොම හොරු තමා නමුත් වැඩ කරන මහබැංකුව වගේ කරටියම කඩාගෙන කන්නේ නැති කෙලින් වැඩකරන පාවා නොදෙන තක්කඩියා තෝරාගන්න එක ඔබලාගේ වැඩක්
Ruwan Tuesday, 27 August 2019 02:57 PM
ආවුද පෙන්වන්න. එක්ක යන්න. ඕන කාලකන්නි. එවුන් හිරේ තියන් අපේ සල්ලි වලින් කන්න දිදී සැප දීපල්ල තවත්..
sanka blumandal Wednesday, 28 August 2019 08:52 AM
වෙලේ සුද, කංජිපානි තමන්ගේ මිතුරියන්ට ජනතාවගේ සල්ලිවලින් මාසෙකට මිලියන 21ක් කවදාවත් ගෙවා නැත...