මරණ දඬුවම හිමිව ඇති හිටපු ප්‍රසිද්ධ පුද්ගලයකු බැලීමට මහේස්ත්‍රාත්වරියක ගිය පුවතක් වැලිකඩ පැත්තෙන් ඇසෙනවාලු. ඇය මොහු බැලීමට ගිය දවසට පසුවදාම ඔහුට රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමටත් ඉඩ ලැබුණාලු.
බන්ධනාගාර රෝහලේ සිටි මොහු බැලීමට මහේස්ත්‍රාත්වරිය ගියේ මොන ඇයි හොඳැයියකටදැයි දැන් දැන් කවුරුත් කථා වෙනවාලු.
මරණ දඬුවම නියමවී මොහු බන්ධනාගාරයට ගෙන ආ දිනද ඇය එහි ගිය බවට වාර්තා තිබෙනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ හැම අංශයක්ම දුෂිත වෙලා. "වැටත් නියරත් ගොයම් කානම්...." කිව්වලු. කලියුගය පුතා කලියුගය. (නි)
අපි කවුරුත් දන්නවා මේ කවුද කියලා. (නි)
මාව ජනාධිපති කරනවා නම් එක දවසකට හරි මේ පාඨක තීරේ අපේ ගෝලයෝ බාලයෝ ටිකත් එක්ක එකතුවෙලා මම එල්ලුම් ගහට අත්සන් කරන්නේ ගෙදරටවත් නොයා. ඒ පැයේම ඔය මිනීමරුවෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ සියල්ලම එල්ලලා දමලා මේ ශ්‍රී ලංකාව පිරිසිදු බුදුන් වහන්සේගේ බෞද්ධ දේශයක් කරලා හොඳ ජනතාවක් දැහැමිව ඇති කරනවා. ඉන්පස්සේ මම මැරුණත් කමක් නැහැ (නි)
අද පොලිසිය, උසාවිය, රාජ්‍ය ආයතන හැම තැනකම දුෂිත නිලධාරීන් රජයන කාලයක්. යහපාලනය කාලයේත් මෙහෙම වන්නේ අපේ අහයපත් කාලය නිසා වන්නට ඕනෑ
1948න් පසුව අපේරට පාලනය කරපු සියලුම දේශපාලකයෝ කළේ මහජනතාවට කොකා පෙන්නලා අපිව රවට්ටන එක. නිතිය තියෙන්නේ පොඩි අපිට දඩුවම් කරන්න මිසක් ලොකු එයාලට විරුද්ධව පාවිච්චි කොරන්න නෙමේ . තව ටික දවසකින් මොනවා හරි සෙල්ලමක් දාලා දුමින්දව මෙයාල එලියට දානවා . මේ පොඩි මුට්ටියක් දාලා බලනවා ජනතාවගේ ප්‍රතිචාරේ (බ)
සම්මන්ත්‍රණයකට ගියාලු .බන්ධනාගාර රෝහල බලන්න ගියාලු .එහිදී අහම්බෙන් හමුවුනාලු. සැප දුක විමසුවාලු . අනේ මෙහෙම සත්ව කරුණාවක්. .(රේ)
සමහරු ආණ්ඩුව කියන්නේ මොකක්ද උසාවිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමා අදහස් දාන්නේ (නි)
දැන්නම් ඉතින් ඉවසුවා හොඳටම ඇති වගේ. මොකද පහුගිය ආණ්ඩුවත් දැන් ආණ්ඩුවත් කිසිම වෙනසක් නැහැ. ඉතින් මොකටද මෙහෙම අය පාලනයේ ඉන්නේ. (නි)
නදිස්, අනිවාර්යෙන්ම එ්ක වෙනවා. ඉතාම ළඟදී දුමින්ද එළියේ. පාර්ලිමේන්තුත් එනවා . තාමත් පෙර පාලනයමයි. බොරුවට වැනෙනවා (නි)
වැරදිකාරයෙකුට මරණ දඬුවම දෙන්නේ මරන්න. ඉතින් මරණ දඬුවම නියම වූ කෙනෙකුට ඔහොම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර දිදී සුවකරන්නේ මොකද? මහා පුදුම තීන්දු. (නි)
ජනාධිපති තරගයට ඉදිරිපත්වන රුපවති අක්කාට පළමුව ජයවේවා ! දෙවනුව රට සුද්ද කිරීමට මලපොරෝත්තුවන රුපවති අක්කාට නිවන් සැප ලැබේවා !! ඔය සිපිරි ගෙට ගියා කියන බවලතාත්, දළු නැති ගස දිහා බලා සිටින අපරාධකාරයත් අතර සමහර විට ඉතාම සමීප සම්බන්දයක් තිබෙන්න බැරිද ? හෙට අනිද්දා මේ පුද්ගලයා නිදහස් කරගෙන එක වහලක් යට ජීවත්වීමට මේ තැනැත්තිය සිහින දකිනවද ? (බ)
රූපවතී, බුදුන්ගේ දේශයේ ඇයි මෙතරම් අපරාධ? (නි)
අනේ හැබෑටම මෙහෙමත් රටක්! (නි)
මොනවා කරන්නද? යහපාලනය (නි)
හොර, මිනීමරු දේශපාලන හැතිකරය වනසා දැමීමට අපේ රූපවතී මහත්මියට ජයවේවා! නීතිගරුක ජනතාවට ඇති වේදනාව අපි හඳුනන්නෙමු. (නි)
අනේ රූපවතී, බෞද්ධයෙක් හැටියට එහෙම හිතන එක හොඳ මදි නේද? ටිකක් නැවතිල්ලේ හිතලා බලන්නකෝ. අපරාධකාරයෝ එල්ලලා මරන්න ගියාම ඒක පාපයක් නේද? අපි හිතමු අපරාධකාරයෝ හැමෝම මැරුවා කියලා. ඉන්පසු අපරාධකාරයෝ බිහිවෙන්නේ නැද්ද? හොඳම දේ තමයි පාසල් ළමයින් කුමන ආකාරයේ විෂයයන් ඉගෙනගත්තත් ඔවුන්ට ධර්මය ඉගැන්වීම. (නි)