IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වැලිකතරේ සිට මව්බිමට තවත් 21 ක්

සෞදි අරාබියේ රැකියාවලට ගොස්  එහි රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  21 දෙනකු  මේ සතියේදී  ශ්‍රී ලංකාවට එවීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  පවසයි.

ඔවුහු සෞදියේ දමාම් කඳවුරේ රඳවා සිටියහ.

පසුගිය සතියේද සෞදියේ කඳවුරුවල රැදි සිටි අට දෙනකු ලංකාවට එවා  ඇතැයි  තානාපති කාර්යාලය කියයි.

රියාද් ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ  සිරිපාල ගමිමන්පිල මහතා කීවේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  බලධාරීන්ගේ නිගමනයට  අනුව සෑම සතියකටම  එක් නිළධරයකු  සෞදියේ කඳවුරු නීරීක්ෂණය කොට ඒවායේ සිටිනා ශ්‍රී ලාංකිකයන් ඉතා ඉක්මනින් ලංකාවට යවන බවයි.

දැනට දමාම්  ආගමන විගමන කඳවුරු වල ශ්‍රී ලාංකිකයන්  83 දෙනකු  රඳවා සිටින බවත්  ඉන් 23 දෙනකු  ශ්‍රී ලංකාවට එවීම සදහා සියලු කටයුතු සිදුකර ඇති බවත්  මෙම සියලු දෙනා සදහා සෞදි අරාබි රජය  ගුවන් ටිකට්පත්  ලබා දී ඇති අතර ඉතිරි දින  23 ඇතුලත ඔවුන් ලංකාවට යැවීමට හැකි බව  එම නිලධාරියා පැවැසිය.

මෙම කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්  බොහෝ දෙනකු මාස 2 ක සිට 6 දක්වා එහි  සිටින බව කියති.



අදහස් (0)

වැලිකතරේ සිට මව්බිමට තවත් 21 ක්

මානෙල් Wednesday, 24 April 2013 02:20 PM

මගේ රටේ සිටින කිසි කෙනෙකුට සෞදි අරාබියට යන්න දෙන්න එපා. (නදී)

:       0       0

රනිල් Wednesday, 24 April 2013 08:47 PM

ඇයි සෞදි යවන්න එපයි කියන්නේ? මේ ටික දෙනෙකු තමන් විසින්ම කරදරේ වැටුණාට තව කීදාහක් සෞදිය තුල රැකියාව කර යහතින් ජීවත්වන්නේ දැයි සිතාබලන්න.ඒ අතර අප රටතුලට ඇදී එන විදේශ විනිමය ඒ රටවල් වලින් ලැබෙන ණය ආධාර... මේවා ගැන නොසිතන්නේ මන්ද? (නි)

:       0       0

ෆසල් Wednesday, 24 April 2013 09:29 PM

මානෙල්, එහෙනම් ඔයාගේ රටේ ඉන්න කට්ටිය බෞද්ධ රටකට යවන්න. ඔයා දන්නේ නැද්ද රටේ ජාතික ආදායම මේක කියලා. ඔයා දැන් කෙලින් ඉන්නේ අරාබි රටවලින් එන සල්ලි නිසා තමයි. (නි)

:       0       0

සේපාල දහරාන් සව්දි අරාබිය. Wednesday, 24 April 2013 09:31 PM

මානෙල්, දන්නේ නැතුව බොරුවට බෙරිහන් දෙන්න එපා. මේ රටට බනින්න එපා. මගේ පව්ලේ සාමාජිකයන් සතුටින් ජීවත් වන්නේ සෞදි රස්සාව නිසා. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Wednesday, 24 April 2013 09:32 PM

ශ්‍රී ලංකා රජය හා මේ සම්බන්ධ බලවත් උදවිය ලැජ්ජා විය යුතුයි. මේ එන 23 දෙනාත් එන්නේ සෞදි රජයේ වියදමින්. ඉතුරු අයට එන්න වෙන්නේ තමන් වියදම් කරලා. ශ්‍රී ලංකා රජය තාම සාකච්චා කරනවා. කොරියාවේ ඉන්න අයව ගෙන්නන්න නම් අහස් යානාත් සුදානම්. මේ මැද පෙර දිගින් එවන විදේශ විනිමය කාලක්වත් කොරියාවෙන් එවනවද ? (නි)

:       0       0

නිමල් Wednesday, 24 April 2013 10:40 PM

සෞදි අරාබියේ ජවසාත් අරමුදලින් යවන අපේ ලාංකිකයන්ට ගුවන් ටිකට් පත් ලබා දෙන්නේද ජවසාත් අරමුදලින් නේද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 11:37 AM

අපි ඉපදිලා ඉන්නේ දුප්පත් රටක. අපි අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරම් ලංකාවේදී අපි උපයන මුදල් අපිට මදි. ඒ නිසා තමා බොහෝ දෙනා රට යන්නේ. විශේෂයෙන් සුළු මුදලක් වියදම් කරලා අපිට යන්න පුළුවන් වෙන්නේ මැදපෙරදිග රටකට තමා. රට යන අපේ වග කීම අපි යන්නේ කොහෙද. මගේ හැකියාව කුමක්ද? එහිදී මා කරන්නේ කුමක්ද? යන සියලුම සැලසුම් වලට ස්ථීර විසදුමකින් යන එක. කිසිම දෙයක් නොදැනුවත්ව තමාගේ යහළුවෙක් හෝ ඥාතියෙක් ලස්සනට රට ඉඳල ආපු එක දැකල අපිත් යනවා. යවන පුද්ගලයා තමාට ලැබෙන ආදායම ලබාගෙන අහිංසක මිනිස්සු අනාත කරනවා.මෙහිදී විශේෂ දෙයක් සදහන් කරන්න ඕනේ. තානාපති කාර්යාලය මැදපෙරදිග රටවල් වල කරන්නේ සේවයක් නොවේ පවක්. පිලිපීන තානාපති කාර්යාල වගේ හිටිය නම් මෙවැනි දේවල් අපේ අයට වෙන්නේ නැහැ. යතාර්ථය නොදැනේ අනුන්ට බැනල වැඩක් තියනවද? කසාද බැඳලා තම බිරිදට, දරුවන්ට කන්න දෙන්න බැරි නම් ඌ පිරිමියෙක්ද? අපේ සෙවනෙල්ල යටතට රැගෙන එන අහිසකය ගොඩක් බලාපොරොත්තු තබාගෙන තමා එන්නේ එයාගේ ආරක්ෂාව අපේ වගකීම. බිරිදව සතුටින් තබා ගැනීම තමා අපි කලයුත්තේ. රට යවල අපි ජොලි කරන්න නොවේ. (නදී)

:       0       0

පැතුම් Wednesday, 24 April 2013 04:52 PM

දැන්වත් අඩුම තරමින් සෞදියටවත් අපේ කාන්තාවන් යවන එක නවත්වන්න බැරිද? (නි)

:       0       0

ප්‍රිය Thursday, 25 April 2013 02:25 AM

රට යන අයටයි, රට යවන අයටයි තමා තලන්න ඕනෑ, මොකද හැමදාම කියනවා රට කරදරයි කියලා. එහෙත් යනවා. ගිහින් ලංකාවේ පිරිමින්ට ලැජ්ජා කරනවා ගෑනු රට යවනවා කියලා. විදෙස් සේවාව කියපු දේ හරි. අපි අතීතය වෙනස් කළා. අතීතයේදී ගෑනු අනනුන්ගේ ඉදුල් හෝදන්න ගියේ නැහැනේ. (නි)

:       0       0

සජිත් Wednesday, 24 April 2013 05:40 PM

මානෙල් ඒ කොයි රටද ? මේ ගොල්ලෝ අනාත වෙලා ඉන්නේ ඒ රට හින්දා නෙවේ ඒ ගොල්ලන්ගේ දාන්ගලේ හින්දා .(නදී)

:       0       0

හරින් Wednesday, 24 April 2013 01:34 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

කමල් Wednesday, 24 April 2013 01:46 PM

අර පහර දෙන විඩීයෝවේ පරීක්‍ෂණ ගැන ආරංචියක් නැහැ නේද? (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 24 April 2013 08:01 PM

ආ ඇත්තද?එහෙනම් මෙහෙ මිනිස්සු කන්නේ මංකොල්ල කාලද? කළත් ඒක හැමදාමත් හරියන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 0 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 274 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 722 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 275 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 729 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2069 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site