IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති

 
(ක. ග. කරුණාරත්න)

පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද(26) තහවුරු වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කලේය.

මෙම වෙද්‍යවරුන් දෙදෙනා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිට කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රාජකාරී සඳහා පැමිණ ඇත්තේ ඊයේ(25) දිනයේය. එසේ පැමිණ පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම වාර්තා ලැබෙන තෙක් රාජකාරී සඳහා යොමුවී ඇති බවත්, අද දිනයේ ලැබුණු එම වාර්තාවලින් ඔවුන්ට කෙරෝනා ආසාදිත බවට තහවුරුවී ඇතැයිද කියයි.

එම වෛද්‍යවරුන් දෙදෙනා මේ වනවිට ඒ රෝහලේම නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද
විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා කීය.

ඊට අමතරව මේ වෛද්‍යවරුන් සමඟ රාජකාරී කල ආශ්‍රිතයන් ලෙස හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන්
ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු දැනට හඳුනාගෙන සිටින බවත් ඔවුන් පොලොන්නරුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙක නිරෝධායනය සඳහා යොමුකල බවද පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයන් තවත් පිරිසක් හඳුනා ගැනීමට සිටින බවත් එම කටයුතු අවසන්වීමෙන් පසු එම පිරිසද නිරෝධායනය සඳහා යොමුකරන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 6 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 401 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 229 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 354 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 693 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site