විල් ගමුවේ ග්‍රාමනිලධාරි වසම් 15 ක පමණ දැඩි නියඟයකට මුහූණ පෑමෙන් මහජනයා ද වන සතුන් ද දැඩි ලෙස පානිය ජල හිඟයකට මුහුණ පා සිටිති. ගහ කොළ ද වගාද වැනසි ගොසිනි. වස්ගමුව වනොද්‍යානයේ වල් අලි ද ජල හිගයකට ලක්ව සිටිති. ජලය සොයා ආ ඇතින්නකු මඩේ එරී සිටින්නීය. වැසියෝ ජලය සොයා කිලෝ මීටර ගාණක් දුර ඇවිදිති



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයක් තියෙන්නේ අහසට බැණ බැණ ඉන්න නොවෙයි. මෙවන් ජනතාවට බවුසර් වලින් හරි වතුර ගෙනිහින් දෙන්න. මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපායැ කොයි දේ කරන්නත්. (නි)
ටිකෙන් ටික රට විනාශ වෙමින් යනවා (නි)
දළදා කරඩුව එක පාරක් එළියට ගන්න බැරිද ?.අපේ ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නේද ? .එහෙම කලාට පව් සිද්ධ වෙන්නඋ නේද ? (ස)
මේවට ක්‍රියාමාර්ග ගන්න සල්ලි නෑ .අනිත් වැඩ හැම එකටම සල්ලි තියෙනවා ..රටකට ගිය කල (ස)
"සිල්වා රටපුරා නල ළිං තැනීමේ ප්‍රතිඵල" මෙහෙම කතාවක් නම් මේ ඇහුවමයි. නල ළිං තැනීමෙන් භූගත ජල සංචිත අඩුවීමේ ප්‍රවනතාවක් ඇති බව සැබෑවක් වුනත් අපේ රටේ මහා පරිමාන ජල හිඟයකට හේතුවන තරම් නල ළිං ඉදිකර ඇති බවක් මා නම් අසා නැහැ. මේ වතාවේ සිදුවී ඇත්තේ නියං කාලය දීර්ඝ වීම මිස භූගත ජලමට්ටමේ වෙනසක් නිසා ජලය සිඳී යාම නොවේ. මා වැරදි නම් කරුණු සහිතව නිවැරදි කලොත් පින්. අමිල කටුනායක, ඔබේ අදහස අනර්ඝයි. (ස)
ජලය සඳහා වහාම ඉඩ සළසා දෙනු (ස)
දේවෝ වස්සතු කාලේන................... රාඡා භවතු ධම්ම්කෝ (ස)
පාරවල් හැදිල්ල පැත්තකට දාලා ඔය ප්‍රෙද්ශ වලට ජල යෝජනා ක්‍රමයක් ගේන්න.. මෙය අනාගතය සදහා හොද ප්‍රතිඵලයක් වේවි..!(නු)
දෙවියනේ ඉක්මනින් වැස්ස ලබාදෙන්න..!(නු)
අනේ මේ ජනතාවට පිහිට වෙන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද? මේ පලාතේ වග කිවයුත්තන් කොහෙද ඉන්නේ..?(නු)
වැසි දෙවියනි දිවැස් හෙලක්ක.. නියංසාය නසාලන්න.. බත බුලතින් සරු කරන්න.. දොරේ ගලා වැසි වසින්න.. ආයුබෝ වේවා..!(නු)
විල්ගමුව මගේ ගම. කවදාවත් රජයේ අවධානය යොමු නොවුණු ප්‍රදේශයක්. මිනිසුන් පුදුම විදිහේ දුකක් විඳින්නෙ. සැතපුම් ගණන් ගෙවාගෙන බස් පාරට යන්නෙ. ලෙඩක් දුකක් හැදුනාම රෝහලට ගෙනියන කොට හුස්ම ගිහින්. විදුලිය ලැබුණෙ 2010. ජන්දෙට පෙර දේශපාලුවෝ ඇවිත් නොයෙක් පොරොන්දු දීලා ජන්දෙ ඇරන් පස්සවත් බලන්නෙ නැ. මිනිසුන් හැමදාම රැවටෙනවා. දුප්පත්කම නිසා අහිංසක වුණ මිනිස්සු. කුඹුරු බොහෝවිට අසාර්ථකයි. සරු වුණදාට වී මිල අඩුයි. වීවලට ස්ථාවර මිලක් කවදාවත් නෑ. හැමකෙනෙකුම පාහේ ණයයි. වැස්ස නියමිත පරිදි නෑ. කුඹුරුවලට අවශ්ය් ජලය ලබාගැනීමට ඇති ඇල පිළිසකර කළ යුතුයි. අලින්ගෙන් වගා පාලු වෙනවා, ජීවිත විනාශ වෙනවා. සමහරු ඇවිත් විවිධ පළාත්වල ඇති අතිපුරාණ නිධන් වස්තු මංකොල්ල කනවා. එහි විපාක ගමේ මිනිසුන්ට විඳින්න වෙලා. විල්ගමුවේ තියන තවත් විශාලම ප්‍රශ්ණයක් තමයි වකුගඩු රෝගය. මසකට වරක්වත් එක් අයකු වකුගඩු රෝගය නිසා මිය යනවා. කුඹුරුවලට ඉසින විෂ රසායනික ජලය මගින්, වාතය මගින් මිනිස් සිරුරට ඇතුළු වී වකුගඩු නරක් කරනවා. කුඩා ලේ පරීක්ෂාවකින් වකුගඩුවල තත්වය දැනගත හැකි වුණත් මිනිසුන් ඒ පිළිබඳව දැනුවත් නෑ හෝ උනන්දුවක් නෑ. මගේ පියණන් ද වකුගඩු රෝගයෙන් පීඩා විඳියි. ඔහුගේ වකුගඩු දෙකින්ම භාගයක් නරක්වී තිබේ. කල්තියා දැනගත් නිසා ඔහු අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. දැනට උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවේ සිටින මා ලබන වසරේ ලංකාවට පැමිණ වකුගඩු රෝගය පිළිබඳව විල්ගමුවේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඇතුළු අනිකුත් සියලු ගැටළු පිළිබඳව අපි රජය දැනුවත් කර ඇතත් අපට කිසිම විසඳුමක් මෙතෙක් ලැබී නෑ. (නු)
විල්ගමුව මගේ ගම. කවදාවත් රජයේ අවධානය යොමු නොවුණු ප්‍රදේශයක්. මිනිසුන් පුදුම විදිහේ දුකක් විඳින්නෙ. සැතපුම් ගණන් ගෙවාගෙන බස් පාරට යන්නෙ. ලෙඩක් දුකක් හැදුනාම රෝහලට ගෙනියන කොට හුස්ම ගිහින්. විදුලිය ලැබුණෙ 2010. ජන්දෙට පෙර දේශපාලුවෝ ඇවිත් නොයෙක් පොරොන්දු දීලා ජන්දෙ අරන් පස්සවත් බලන්නෙ නැ. මිනිසුන් හැමදාම රැවටෙනවා. දුප්පත්කම නිසා අහිංසක වුණ මිනිස්සු. කුඹුරු බොහෝවිට අසාර්ථකයි. සරු වුණදාට වී මිල අඩුයි. වී වලට ස්ථාවර මිලක් කවදාවත් නෑ. හැමකෙනෙකුම පාහේ ණයයි. වැස්ස නියමිත පරිදි නෑ. කුඹුරුවලට අවශ්‍ය ජලය ලබාගැනීමට ඇති ඇල පිළිසකර කළ යුතුයි. අලින්ගෙන් වගා පාලු වෙනවා, ජීවිත විනාශ වෙනවා. ලොකු ලොක්කන් ඇවිත් විවිධ පළාත්වල ඇති අතිපුරාණ නිධන් වස්තු මංකොල්ල කනවා. එහි විපාක ගමේ මිනිසුන්ට විඳින්න වෙලා. විල්ගමුවේ තියන තවත් විශාලම ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය. මසකට වරක්වත් එක් අයකු වකුගඩු රෝගය නිසා මිය යනවා. කුඹුරුවලට ඉසින විෂ රසායනික ජලය මගින්, වාතය මගින් මිනිස් සිරුරට ඇතුළු වී වකුගඩු නරක් කරනවා. කුඩා ලේ පරීක්ෂාවකින් වකුගඩුවල තත්වය දැනගත හැකි වුණත් මිනිසුන් ඒ පිළිබඳව දැනුවත් නෑ හෝ උනන්දුවක් නෑ. මගේ පියණන් ද වකුගඩු රෝගයෙන් පීඩා විඳියි. ඔහුගේ වකුගඩු දෙකින්ම භාගයක් නරක්වී තිබේ. කල්තියා දැනගත් නිසා ඔහු අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. දැනට උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවේ සිටින මා ලබන වසරේ ලංකාවට පැමිණ වකුගඩු රෝගය පිළිබඳව විල්ගමුවේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඇතුළු අනිකුත් සියලු ප්‍රශ්න පිළිබඳව අපි රජය දැනුවත් කර ඇතත් අපට කිසිම විසඳුමක් මෙතෙක් ලැබී නෑ. (ස)
මොනවා කරන්නද බලාගෙන ඉමු..!(නු)
අපේ රටේ දේශපාලඥයින් ගාණක් ලැබෙනවා නම් ලංකාවට ඉහළින් ඇති වැහි වළාකුළු ටිකත් වෙන පැත්තකට තල්ලු කරයි. (නි)
මේ පින්තූරේ දැක්කම මට හිතෙනවා වතුර ගෙනයාම ගැණුන්ට පමණක් අයිති වැඩක්ද කියලා. පිරිමි කෝ? ආ පිරිමින්ට වතුර ඕනේ නැනේ. කසිප්පු තියෙනවනේ බොන්න. (නි)
හිත හදා ගන්න . ඔක්කොම හරියාවි , ඔය මිනිස්සුන්ට උදව්කරන්න ශක්තිය හා ධෛර්‍ය ලැබේවා (ස)
ලසන්තට ඔලුවක් තියෙනවද කියලා මට සැකයි. (නි)
රටේ වෙන අපරාධ වලට දෙවියොත් කෝප වෙලා. (නි)
ඉක්මනින් වැස්ස ලැබෙන්න දෙවියනේ , පව් අසරණ මිනිස්සු (ස)
සොබා දහමට තව කෙනෙහිලිකම් කරන්න, ඒගොල්ලන් දෙන උත්ත්තර තමයි මේ. ගස් කපන්න, ගිනිතියන්න නියම සිංහලයින් ....(ස)
අපි මුලු හදවතින්ම දෙවියන්ට අඩගසමු (ස)
මෙච්චර වතුර තියෙන රටේ අහන්න වෙන දේවල් (ස)
රටපුරා නල ළිං තැනීමේ ප්‍රතිඵල (ස)
කැලේ කපලා හොර දැව ජාවාරම්කරුවෝ සැප විදිනවා , මේ මිනිස්සු අසරණ වෙලා දුක් විදිනවා (නි)
වැස්ස වලාහක දෙවියණි දිවැස් හෙලනු මැන (ස)
මගේ රටට මොන සාපයක්ද මේ වෙලා තියෙන්නේ දෙවියනේ (ස)
ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න වෙයි ඔය මිනිස්සුන්ට ඉදිරියට , මොකද දෙවියොත් කෝප වෙලා ඉන්නේ ඔය පැතිවල වෙන නිදන් මංකොල්ලය නිසා (ස)
වැසි දෙවියෙන් ඇයි මෙතරම් උරණ වෙලා අසරණ වැසියෝ දැන් මිය යයි තිබහ වෙලා අද හවසටම වැසි දෙනවද සිනහ සලා මතු බුදු වෙන්න ඒ පින ඇති සතුටු වෙලා (ස)
රජයක් මේ ප්‍රශ්න ගැන හොයල බලලා පුළුවන් විසදුමක් දෙන්න ඕන නේද.(ස)
ඉක්මනින් වැසි වසීවා (ස)