කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් අනුව දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීම සීමා කිරීමට තීරණයක් තිබුණත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතාට පිට පිට හත් වැනි වසරටත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තාවේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25 වැනිදා පැවැත්වීමට දැන් තීරණය කර තිබේ. ඇමැති ඩිලාන් පෙරේරා මහතා වොලිබෝල් මුල් පුටුව හොබවන්නේ වසර 2005 සිටය. එදා සිට නිතරගයෙන් තනතුර හොබවන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඒ සඳහා තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කරයි. මෙවරත් ඇමතිවරයා වොලිබෝල් මුල් පුටුවට නිතරගයෙන් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මෙතෙක් දින යොදා ගෙන නොතිබුණත් වොලිබෝල් සම්මේලනයේ වත්මන් නිලධාරි මණ්ඩලය මෙවරත් තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවත් වාර්තාවේ. ඒ අනුව වත්මන් ලේකම් සුසිල් රණසිංහ මහතාත්, භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ මහතාත් තවදුරටත් එම ධුරවල කටයුතු කිරීම සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති. දැනට එහි උප සභාපති ධුර දරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම, පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා, සුගතදාස කී‍්‍රඩා පාලක සභාවේ සාමාජික මහින්ද බණ්ඩාර හා එයාර් වයිෂ් මාර්ෂල් රොහාන් පතිරගේ යන මහත්වරුන්ට අමතරව වොලිබෝල් සම්මේලනයේ මීට පෙර තනතුරු දැරූ හිටපු නිලධාරීන් කීපදෙනකුත් මෙවර උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති. එසේ වුවහොත් ගියවර නිලවරණයේදී මෙන් මෙවර නිලවරණයේදීත් උප සභාපති තනතුරු සඳහා තරගයක් පැවැතීමේ අවස්ථාවක් තිබේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25 වැනිදා පෙරවරු 10ට ඔලිම්පික් නිවසේදී පැවැත්වීමට දැන් සැලසුම් කර තිබේ. මේ අතර දේශපාලනඥයන් ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීමේ සීමා පැනවීම සම්බන්ධයෙන් ජාතික කී‍්‍රඩා සංගම් ගණනාවකින් එල්ලවූ විරෝධතා සැලකිල්ලට ගත් කී‍්‍රඩා ඇමැතිවරයා සිය අභිමතය පරිදි දේශපාලනඥයන්ට ඒ සඳහා අනුමැතිය දීමට එකඟවී සිටියි. ඇමැතිවරයා මීට පෙර අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට පැවසුවේ වොලිබෝල් පරිපාලනය වඩාත් හොඳින් පවත්වාගෙන යන ඇමැති ඩිලාන් පෙරේරා මහතා වැනි පුද්ගලයන්ට වන අසාධාරණය වළක්වා ගැනීම සඳහා සිය අභිමතය පරිදි ඔවුන්ට ජාතික කී‍්‍රඩා සංගම්හි තනතුරු දැරීම ගැන තමන් විරුද්ධ නොවන බවයි.
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වොලිබෝල් මුල් පුටුවට තරග වදින්න වත්මන් සභාපතිට කී‍්‍රඩා ඇමැති අනුමැතිය