(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය භාර පොලිස් අධිකාරී විදුර ජයසිංහ සහ වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන මහත්වරු අනෙක් නිලධාරීන් දෙදෙනා බව පොලිසිය පවසයි.
පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු එම තඹ කම්හලේ සේවය කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලිසියේ හා කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ සිදුකළ මෙහෙයුමකදීය.
එයින් සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසියේ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් ඇප ලබා දීම සිදුවී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැල්ලම්පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
sarath Friday, 10 May 2019 01:17 AM
රටට ආදරේ කරන බොහොමයක් පොලිස් නිලධාරින් අතර ඉන්න අතලොස්සක් දෙනා මුස්ලිම් අයගෙන් මුදල් අරගෙන මෙවැනි අකටයුතුකම් වලට ඉඩ දෙන එක ප්‍රසිද්ධ රහසක්. අකුරණ පැත්තේ ගියොත් බලාගන්න පුළුවන් පොලිස් නිලධාරින් ඉදිරියේම රටේ නීතිය උල්ලංගනය කරන හැටි. එහෙම කරලා අහු උනොත් ඉස්සරවෙලාම එල්ලන්න ඕනේ ඔවුන්.
ගල්කටස් Friday, 10 May 2019 05:00 AM
ඕකට සම්බන්ධ අල්ලස් නැත්නම් සෘජු දේශපාලන බලපෑමක් විය යුතුයි. නැතිනම් ඔය තරම්ම නොසැලකිලමත් පොලිස් කොස්තාපල් වරයෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවේ නැත.
Chanak los angeles Friday, 10 May 2019 05:36 AM
ලංකාවේ පොලිසියේ ඉන්න කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ .......
කඩු එක්ක ලෙබ්බේ Friday, 10 May 2019 05:45 AM
දිගන සිදුවීමේ දී සිංහල තරුණයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයී. එහිදී දවස් එකසිය ගණන් සමහර අය අත්අඩංගුවේ පසුවුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා විශේෂ සැලකීමක් මේ අයට දක්වනවා කියලා .කොහොමද ඒක ..!
උපුල Friday, 10 May 2019 06:27 AM
අශ්වයා ගියපසු ඉස්තාලයේ දොර වහල වැඩක් තියෙනවද? පොලීසිය ප්‍රශ්නකරලා ඔවුන්ට දඬුවම්කලාට ගිය එවුන් අල්ලන්න පුලුවන්ද? මින් ජනතාවට වන අභාග්‍ය බලපෑම දේශපාලුවන්ට වැඩක් තියේවිද, ගණනකටවත් ගනීද, කුමක් කිරීමට හැකියාවක් තිබේද?
smith Friday, 10 May 2019 06:32 AM
ඔය කට්ටියගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා බලන්න....
padula Friday, 10 May 2019 06:42 AM
කලින්නුත් මාවනැල්ලේ සිද්ධියෙන් නිදහස් කරපු කෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධයි කිව්වා නේද. ඒ වගේ ආයිත් කොහේහරි බෝම්බයක් පුපුරවගත්තහම කියන්න මේ නිදහස් කර නමදෙනා ඒකට සම්බන්දයි කියලා. දැන් හොයාගන්න කඩු, කිනිසි පෙන්නන්නේ නැත්තේ මිනිස්සු බයවෙලා ළමයින්ව පාසල් යවන්නේ නැතිනිසානේ, තව කඩු තියෙන්නේ පල්ලි වල වල් කපන්නයි, ගැහැණු ළමයින්වයි ආරකෂා කරන්නනේ. ලංකාවේ වගේ අනුවණ දේශපාලුවන්ට යටවෙලා නීතියයි, ජන මාධ්‍යයි උන්ට ඕනේ විදිහට හසුරවන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. තවත් සිද්ධියක් උනහම කියන්න එකෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ඒ දේ නොවෙන්න කටයුතු කරනවා කියලා.
AsankaFriday, 10 May 2019 08:07 AM
මෙච්චර අසාධාරණයක් කරද්දිත් ඉවසන ජාතියක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. අන්න එයයි බුදුදහමින් අපි ලැබූ පෝෂණය...
ආනන්දFriday, 10 May 2019 12:15 PM
ඒ වුනාට අනේ... ඔයාලා හිත රිඳවාගන්න එපා කියලා මුස්ලිම් නායකයො ඉස්සරහ වැලපෙනවා... ජනාධිපති. එතකොට අපියි වැරදි..
duFriday, 10 May 2019 12:25 PM
ඔබ නිවැරදියි. ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය මුස්ලිම්වරු ආක්‍රමණය කර විනාශ කලේ රහතන්වහන්සේලා 10000 ක් එහි වැඩ සිටින විටයි. උන්වහසේලා ඒ අවස්ථාවේ මරණානුස්මෘතිය වැඩූ බව ලිඛිතයි. සියලු දෙනා සමූලඝාතනය කළා.
AdiriFriday, 10 May 2019 07:12 PM
ඒ බුදු දහම නෙමේ , ජාතික නායකයන් එකතුවක් නැති කමයි.
ranjith Friday, 10 May 2019 01:28 PM
පොලිස් නිලදාරීන් ගැන පරීක්ෂා කරන්න ඒ වුනාට නිදහස් කරපු මේ අපරාදකාරයෝ නැවත විධිමත්ව උසාවි ඉදිරිපත් කරලා දඩුවම් දෙන්න. මෙහෙම ලිහිල් බවක් තිබුනොත් අපි පාරේ බැහැලා යන්නේ කොහොමද? නිලදාරී මහත්තුරු ජනතාව අද පත්වෙලා තියෙන තත්වේ ගැන ගොඩක් හිතන්න
NuwanSaturday, 11 May 2019 10:32 AM
ඔහොම නලවලා බැහැ.. හමුදාවේ විනයාරක්ෂක හමුදාව වගේ පොලිසියේත් ඒකකයක් හදන්න ඕනෑ. පොලිස් හොරු අල්ලන්න. අල්ලලා දාන්න.
nali Friday, 10 May 2019 06:17 PM
හිතට හරි දුකයි...! මෙහෙම අවස්ථාවකදීත් ඔය වගේ නම් සාමාන්‍ය අවස්ථාවල කොහොම ඇතිද? අර කිව්වා වගේ මුන්ගේ වත්කම් සොයා බලන්නම ඕනේ...
Ruwan Saturday, 11 May 2019 09:05 AM
මතකනේ බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී. නඩුවට කට්ටිය දිව්ව දිවිල්ල? එතකොට මේ නඩුවලට ලොක්කෝ පෙනීසිටින්නේ නැද්ද? අන්තිමට කාව හරි මට්ටු කරලා ඔය නීතිඥ, පොලිස් මහත්වරු බේරේවි. රටේ නීතිය සිද්ධවෙන්නෙත් එ්කේ අයිති ගමරාලගේ වැඩ වගේමයි.
සෙනෙවි Saturday, 11 May 2019 01:21 PM
නඩුකාරයාගෙන්ද ප්‍රශ්න කළ යුතුයි
Ruwan Saturday, 11 May 2019 01:47 PM
ඉදිරියටවත් අත්අඩංගුවට ගන්න අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තා නම් මේ කිසිම බොරුවක් කරන්න වෙන්නේ නැහැනේ...
kriss Saturday, 11 May 2019 02:26 PM
රටේ පාලනය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. මේවායින් පෙනෙන්නේ රට ගැන, රටේ මිනිසුන් ගැන පාලකයන් තුළ කිසිඳු හැඟීමක් නැති බවයි...
Heshan Saturday, 11 May 2019 06:21 PM
මේ සිද්දිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත්වරයාත් වගකීම බාරගත යුතුයි. පොලිසිය මොනවා කිව්වත් එයාට තිබුනා නීතිපති උපදෙස් ලබාගන්න නිදහස් කරන්න පෙර.
dickie bird Monday, 13 May 2019 05:59 AM
පොලිසිය විසින් මෙම උදවියන් 9 දෙනා වහාම අත්අඩංගුවට ගත යුතුයි. වගකිව යුතු නිලධාරීන් සහ මහේස්ත්‍රාත් වහාම මාරුකර වැඩ අත්හිටුවන්න පරීක්ෂණය අවසන් වෙන තුරු.