වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ කාමරයක මැරී සිටි තිදෙනා කොටගල ඩෙරික් ක්ලේයාර් වත්තේ විශ්‍රාමික රියැදුරකු වන සංගිලි කුමාරස් ස්වාමි (60) ඔහුගේ බිරිය ප්‍රබුදී (57) දියණිය අනිදි ප්‍රියා (23) වශයෙන් කොටහේනේ ඔවුන්ගේ සමීප ඥාතියකු හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. සංගිලිකුමාර් බිරිය සහ දියණිය සමග කොළඹ පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා බවත් සංගිලිකුමාර්ගේ පුත් ප්‍රසාන් (27) සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි. ඔහු ඖෂධවේදීයෙකි. කොළඹ මහේස්ත්‍රාත් හර්ෂා රණසිංහ මහත්මිය එහි ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ධම්මික ප්‍රනාන්දුට නියෝග කළාය. දින හතරකට කලින් මරාදමා ඇතැයි සැක කෙරේ. ඔවුන්ගේ සිරුරු එක්ම ඇඳක තබා පෙරෝනා වලින් වසා කපුරු බෝල පොරෝන මත තබා ඇතැයි මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. මෙය මිනී මැරුමක් බවට සාධක ඇතැයි පොලිසිය කියයි. ප්‍රසාන් පෙර දින කොටහේනේ සමීප ඥාතියකු හමුවූ බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය අප කාටත් උරුමයි.. පොදු ධර්මතාවයක්.. නමුත් මේ ජීවිත වල අකල් වියෝව කාගේ හෝ තෘෂ්ණාව වෛරය විය හැකිය...!!(නු)
මේවා කරන අය හොයල ප්‍රසිද්ධියේ අනිත් අයට පෙන්න දඩුවම් දෙන්න ඕන නැත්තම් මේ වගේ ජාතික අපරාද නවත්තන්න තියා අඩු කර ගන්නවත් බැරි වෙයි ...(නු)
රටේ නීතිය දැන් අවනීතියක් වෙලා (ස)
බණ්ඩාර හරි. (නි)
"ලොව සාමකාමීම රට ලංකාවයි." (නි)
යම් සමාජයක එම සමාජය යහමගට ගැනීමට එම සමාජයේ ජීවත්වෙන පුද්ගලයින්ගේ සාරධර්ම ගුණධර්ම දියුණු කිරීමට සිටින අයගේ වගකීම පැහැරහැරීම තුළ එම සමාජයේ අපරාධකරුවන් වර්ධනය වේ. සර්ව ආගමික පූජ්‍ය පක්ෂය මේ වගකීම නොපිරිහෙලා ඉටු නොකරන්නේ නම්, එයට පාලකයින්ගේද නොමද සහය නොලැබෙන්නේ නම් මෙවැනි අපරාධ කෙසේ නම් නවතීවිද? ඕනෑම සමාජයක ඕනෑම ආගමකට ජාතියකට අයත් පුද්ගලයෙකු පංචශීලය ආරක්ෂා කරන්නේ නම් එම සමාජය යහපත්ය. (නි)
මරන දඩුවම ක්‍රියාත්මක කළා න්ම නේද හොද? (නි)
ඇයි ලංකාවේ මෙහෙම මිනිසුන් මරන්නේ? 1.අධ්‍යාත්මය කඩා වෑටිම 2.එය ගොඩනැගිම හරිහැටි ලංකාවේ සිදු නොවිම 3.මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරිම 4.රටට ගෑළපෙන නීති පද්ධතියක් නොතිබිම 5. ජානමය සාධක (නි)
ඇයි දන්නේ නැහැ මැරුවේ? (නි)
ඇයි ලංකාවේ මෙහෙම මිනිසුන් මරන්නේ? (නි)
අපේ රටේ දැනට පවතින නීති පද්ධතිය වෙනස් විය යුතුයි.. (නු)
මෙහෙම දේවල් නැවත සිදු නොවෙන්න නම් අපරාධකරුවන් සොයලා නිසි දඩුවම් දිය යුතුයි. එහෙම නැත්නම් මේවා නැවත නැවතත් සිදුවීම වළක්වා ගන්න බැහැ. (නි)
නීතියට මිනිසුන් බය නැති වෙලා..!!(නු)
නීතිය කරන්න පොලිසියට උදව් වෙන්න..!!(නු)
අපරාධ රැල්ලක් නේ.. මුහුද විතරයි තියෙන්නෙ...!!(නු)
පුතාගෙ යුතුකමක්..!!(නු)
රට යන අත සොයා ගන්න බැහැ..!!(නු)
ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ... සමාජයේ පිරිහීම තමයි මේක.. !!(නු)
ආණ්ඩුව හරි හොදයිනෙ...!(නු)
අගය කළයුතුයි..!!(නු)
පුතාවත් අතුරුදහන් කරලා ද දන්නෙ නැහැ...!!(නු)
දැං ඒකටත් ආණ්ඩුවට බනී..!!(නු)