වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ සිය මව සහ පියා සහ එකම නැගනිය මරාදැමීයයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ප‍්‍රසාන් කුමාරස්වාමි (25) අද අලූත් කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණි. විවෘත අධිකරණයේදී පාපොච්චාරණයක් කිරීමට අකමැති බවත් එය මහේස්ත‍්‍රාත් නිල මැදිරියේදී කිරීමට අවශ්‍ය බවත් සැකකරු පැවසීය. ඒ අනුව මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ ඔහු ප‍්‍රකාශයක් කෙළේය. ලබන මස 11 වැනිදා දක්වා ඔහු නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද මේ එළුවවත් හලාවත බිලි පූජාවට යවන්න..?.(ස)
බෞද්ධ පරිසර වල හැදුනු, බෞද්ධ අය මිනී මරන්නෙ නැද්ද කෙනත්? මේකෙ චූදිතයා දෙමල කෙනෙක් වුන පලියට ආගම මෙතනට ගාවගෙන තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ලංකාවෙ බහුතරය සිංහල බෞද්ධ, ඒ නිසාම බහුතර අපරාධකාරයොත් සිංහල බෞද්ධයෝ. හාමුදුරුවරුම කීදෙනෙක් පහුගිය කාලෙ අපරාධ වලට අහු උනාද? යම්කිසි අපරාධයකට හේතු වෙච්ච පුද්ගල-සමාජ කාරණා හොයන්නෙ නැතුව, ඒක ආගමක ඉගැන්වීම් වලට ලඝු කරන එක, මොනවා හරි කියව කියව ඉන්න පුරුදු කරපු කූඩු වල ඉන්න ගිරවුන්ගේ වාචාලකම් වලට දෙවැනි නැහැ.(වි)
කෙනත් ඔබගේ ප්‍රකාශය ඉමහත්සේ අගය කරමි. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තුලින් දැක්වීම කදිමයි (වි)
එල්ලුම් ගහ හා හා පුරා කියලා මෙයාගෙන්ම පටන්ගත්තනම් හරි...(ස)
කෙනත් ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා....(ස)
අත පය කඩලා දාලා කුණූ වෙන්න දාන්නයි තියෙන්නේ. කෙනත් ඔබ හරි. (නි)
බොරු ඇමරිකන්කාරයෙක්.....(ස)
කෙනත් මහතා., ඇත්තටම ඔබගේ කමෙන්ට් අදහස මා ඉතා අගය කරමි. මාද ඔබේ මතයට ගරු කරමි. මොහුට මේයින්, (මේ ආත්ම භවයේදී හුදෙක් නීතිමය දඩුවමක් ලැබුවද,මේ ඔහුගේ අවසන් මනුෂ්‍ය ආත්මය බව මා අමුතුවෙන් පසක් කල යුතු නැත) ඔහුගේ ඉරණම, ඔහු විසින්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව සලසාගෙන හමාරය. .(ස)
හාපෝ! මාතෘ ඝාතනය සහ පීතෘ ඝාතනය කියන දෙකම කරලා. මෙයාව එල්ලන්න වටිනවා. (නි)
ශ්‍රීසාර් ඔයා දන්නේ නෑ වගේ බුදු රජාණන් වහන්සේගේ වටිනාකම....(ස)
මම ශ්‍රීසර සමග එකගයි. (නි)
වරුණ ඔබේ අදහසට මාත් එකඟයි....(ස)
ලෝකෙම සාමකාමී රට ශ්‍රී ලංකාව .(ස)
කෙනත් ඔබගේ ප්‍රකාශය ඉමහත්සේ අගය කරමි. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තුලින් දැක්වීම කදිමයි .(ස)
ජිවිතේ කලකිරිලා තමන් මැරෙන්න කලින් දෙමවුපියන්ව මරපු මිනිහ දැන් පොලිසියට මාට්ටු උනාට පස්සේ ජිවිතේ ගැන ආස හිතිලද ? මෙයා හැදුවේ දෙමවුපියන්ගේ සල්ලි ටිකටයි වෙන මිනිස්සුන්ගේ සල්ලි ටිකටයි විදලා කෙල්ලෝ එක්ක සැප විඳින්නයි ..... මිනිමරලා හරි සැප විඳින්න හදපු මිනිහෙක් ....මහා බයානක මිනිහෙක් ... පිට කෙනෙක්ව හදිසි කෝපයෙන් මරුවනම් සමාවක් දුන්නත් මේ වගේ සැලසුම් කරලා තම පවුල්ව මරපු කෙනෙක්ට සමාව දුන්නොත් කොහොම වෙයිද ? .(ස)
යමක් කළාට පස්සේ දොස් පවරන්න ලේසියි. ඒත් ඇයි කරන්න කලින් හිතන්න බැරි? (නි)
නියමයි
බැරිද මෙයාව පුදුකුඩුඉරිප්පු පැත්තේ හංගපු ආයුධ බලන්න එක්කගෙන යන්න? (නි)
දැන් හරිනේ
අනේ නඩුකාර හාමුදුරුවනෙ මේ මිනිහා එල්ලලා මරලා දාන්න. අම්මා අප්පා මරන්න පුළුවන් මෙවැනි අයට සමාජයේ තවත් මොනවද කරන්න බැරි. (ස)
මම දැක්ක කාලකණ්ණිම ජීවිතය. (නි)
දෙන්න තිබ්බේ තව
අයියෝ සල්ලි
ශ්‍රීසර , ඔබ මෙතන කරුණු පටළවාගෙන ඇත. මම කිව්වේ ටිකක් ගැඹුරු දෙයක්. බොහෝ අයට මේක වටහා ගන්න ටිකක් අමාරු බව ඇත්ත. බෞද්ධ අය මිනීමරනවා, හාමුදුරුවරු මිනීමරනවා කීමෙන්ම බෞද්ධකම ගැන ඔබේ ඇති අවබෝධය උප්පැන්නේ බෞද්ධ ලෙස සටහන් වීමෙන් එහාට ගිය එකක් නොවන බව පේනවා. මම කියා ඇත්තේ බෞද්ධ අබෞද්ධ වීම ගැන නොවේ. දෙතුන් පාරක් කියවා බලන්න. මම කියා ඇත්තේ පෘතග්ජන සහ ආර්ය ශ්‍රාවක (ගිහි පැවිදි ) වීමේ වෙනස හා තිසරණයෙහි අවබෝධයෙන් පිහිටීමෙන් සැළසෙන රැකවරණය ගැනයි. ඒ වගේම අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය සිවුරු දාගත් පමණින් හෝ බොදු පවුලක උපත ලද පමණින් නැති නොවේ. නමුත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක වීම සිදුවන්න සද්ධර්මය අවබෝධයෙන් ශ්‍රද්ධාසම්පන්නව තිසරණයට පැමිණීමෙන් පමණයි. අපරාධවලට හේතුව සමාජ කාරණා නොවෙයි, එයට හේතුව පුද්ගල සංයමයත්, ශීලය නැතිවීමත් යන කරුණුයි. සමාජයේ කන්න අදින්න නැතිවුණත්, බඩගින්නේ මළත් මේ වගේ සුළු ලාභයකට අම්මා තාත්තා මරන්නේ සමාජ ගැටළුවක් නිසාද අසත්පුරුෂ කම නිසාද ? මේක නුවණ ඇති අයට වැටහෙන දෙයක්, ඔබ මෝඩ යැයි කියන්නේ මට නොවෙයි. මේ ධර්මය වදාළ බුදුරජාණන් වහන්සේටයි, මොකද මම කිවුවේ මගේ මතයක් නොවෙයි, ඔබ ඒ ධර්මය සවන් දී නැති කෙනෙක් බව පැහැදිලියි. (නි)
කෙනත් ඔබේ පැහැදිලි කිරීම මම අගය කරමි. ෆාරු, මුස්ලිම් වුණා කියල ඒ මහත්මයා ඇත්ත කතාකරනකොට මෝඩ කතා කියන්න එපා. ඇත්ත, අපි හිතනවනේ ආත්මයක් නොනැසී තියෙනවා කියලා. එතකොට කෙනෙක් මැරුවට ආත්මය තියෙනවා . එතකොට ඇත්තටම මැරෙන්නේ නැහැ. ඒ නිසා පව් නැහැ. ඒ නිසා සත්තු මිනිස්සු මැරුවට පව් නැහැ. මේ මතය නිසා අපි නොදැනිම මරන්න පෙළඹෙනවා, නීතියෙන් දඩුවම් තියෙන නිසා තමයි ඒවා දැන් වෙන්නේ නැත්තේ. අපි හොද බුද්ධියකින් මේවා ගැන නැවත හිතන්න ඕනෑ. මමත් බුද්ධාගමේ ඉගැන්වීම් කියවන කෙනෙක්. (නි)
පින්වත් කෙනත්, ඔබ කදිමට සැගවී ඇති ඇත්තක් හෙළි කළා. ඉස්තරම්!!! මමත් දකින විදිහට මේ ලෝකේ ඉන්නේ බෞද්ධ , ක්‍රිස්තියානු, මුස්ලිම්, හින්දු අය නොවෙයි. ඉන්නේ ගොඩවල් දෙකයි. අශ්‍රැතවත් පෘතග්ජන අය හා ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයන් පමණයි ඉන්න ගොඩවල් දෙක . ලංකාවේ බෞද්ධ අය 65% වුණාට ආර්ය ශ්‍රාවක තෙරුවන් සරණ ගිය අය ඉන්නේ 2- 3 % විතරයි. අනෙක් අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. එක්කෝ කේන්දර සරණ ගොහින්, එක්කෝ ජොතිශය, එක්කෝ නැකත්, එක්කෝ බටහිර විද්‍යාව, එක්කෝ සමාජ විද්‍යාව, නැත්නම් කුල මල භේද, නැත්නම් ඔක්කොම ආගම එකයි කියන මතය, නැත්නම් ආගමක් නැහැ කියන මතය. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වරක් නියපොත්ත මතට පස් ස්වල්පයක් අරන් කිව්වේ "මරණින් මතු සුගතියේ යන පිරිස මේ නියමත ඇති පස් ස්වල්පය වගේ, පොළොවේ ඇති පස් ප්‍රමාණය වගේ පිරිසක් දුගතියේ යන බව, උන්වහන්සේට ලෝකවිදූ නුවණින් පෙනෙනවා කියලා". ඒ වගේම " මේ අතේ ඇති වැලි කැට ගණනට සමාන පිරිසක් තමයි මා කියන සියුම් ධර්මය වටහා ගන්නේ, මහා පොළොවේ වැලි කැට ගණනේ පිරිසකට මේක අවබෝධ වෙන්නේ නැහැ" කියලා කිවුවේ. (නි)
මෙවැනි අසත්පුරුෂ අමානුෂික මිනිසුන් හට සමාවක් නොදිය යුතුයි..!! (නු)
ඊට පස්සේ
තවත් මොනවා ප්‍රකාශ කරන්නද මේ වගේ අයට දඩුවම් දෙන්න තියෙන ඉහළම දඩුවම දෙන්න ඕන.. අනෙක් අයටත් පාඩමක් වෙන්න..!(නු)
මෙයාට නම් දෙන්න තියෙන උපරිම දඩුවම් දෙන්න ඕන.(නු)
මලානම් සැපයි නේද මල්ලි මැරි මැරී ජිවත් වෙනවාට වඩා... ජීවිත කාලෙම අවසාන මොහොත මාගේ.. පරකේ දෑස මානේ...!!(නු)
මෙවා අපිටත් අපේ දරැවන්ටත් හොද පාඩමක් මිත්ත්‍යවට රැවටිලා බොරැවට සල්ලිකාරකම් පෙන්නන්න ගිහින් මිනිසුන් දියුණු බව පෙන්නන්න ඕන තමන්ගෙ බුද්ධියෙන්...!!(නු)
මෙයාවනම් මරලත් මදි කරලා තියෙන දේට...!(නු)
පවුකාර දරුවා. ආයිත් නම් මිනිස් ආත්මයක් ලැබෙන්නේ නැතිවෙයි. (නි)
අනේ අනේ සැප...(ස)
මරලාම දාන්නයි තියෙන්නේ. අසරණ අම්මා මොනතරම් දුකක් විදින්න ඇද්ද? (නි)
තමන් වැදු මව මැරීම , හැදු පියා මැරීම කල්ප ගණන් මහා නිරයන්හි දුක් විදින්නට හේතු වෙන මහා ආනන්තරීය පාප කර්මයන්ය. ඔබේ මේ දකින්නේ එවන් අන්තයක් නොපෙනෙන, නිරය අනිවාර්ය වුණ පුද්ගලයෙකු මේ මොහොතේ භුක්ති විදින කෙටි මනුෂ්‍ය ජීවිත කාලයයි. නැතහොත් තව කල්ප සිය දහස් ගණනකට ඔහු ලබන අවසන් මනුෂ්‍ය භාවයේ ගතකරන කාලයයි. මේ සංසාරය ඉතා භයානකයි, අපි අතිනුත් මේ වගේ ඒවා වෙන්න පුළුවන්. යමෙක් පෘතග්ජන ස්වාභාවෙයෙන් මිදී, ආර්ය ශ්‍රාවක භාවයට තෙරුවන් සරණ ගොස්, පංච සීලයේ පිහිටීමන් පත්වෙනවා, එතකොට මේ වගේ ඒවා තමන් අතින් වෙන්නේ නැහැ. එයයි ධර්මයෙන් ලැබෙන මුල්ම රැකවරණය. "ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙයි කියන්නේ ඒකට"යි. (නි)
බලන්න, මෙයා හින්දු භක්තිකයෙක්. මේ අයට ක්‍රියාවකට මුල්වෙන චේතනාව අනුව කර්ම සකස් වෙන බව ඒ ධර්මයෙන් ලැබෙන්නේ නැහැ. නොනැසෙන ආත්මයක් ඇති බවයි හින්දු දහමේ උගන්වන්නේ. පුද්ගලයා මැරුවත් ආත්මය නැසෙන්නේ නැහැ කියලයි මේ අය පිළිගන්නේ. ප්‍රභාකරන් ලෝභ නැතුව මිනිස්සු මැරුවේ මේ නිසයි. මුන්නේශ්වරම් වල දහස් ගණන් අහිංසක සතුන් මරන්නේ මේ මිත්‍යාව නිසා, සත්‍ය නොදැකීම හේතුවෙන්. මුස්ලිම් අය ජිහාඩ් කියලා එයා වෙනුවෙන් මිනී මරන්නේ මේ දෘෂ්ටියේ සිටයි. මේක ලොවට විවර කරලා දුන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. බලන්න බුදු පියාණන් අප හට කොපමණ මහා කරුණාවකින් කරපු එළිදරවුවක්ද? අපව මේ අපා දුකින් ගළවා ගන්න උන් වහන්සේ නොකරපු දෙයක් නැහැ. සම්බුද්ධත්වය ලබලත් අව්වේ වියළෙමින්, වැස්සේ තෙමෙමින් දුහුවිලි ගහන මං මාවත් දිගේ වඩිමින් පුරා වසර 45 ක්, උන්වහන්සේට වයස 80 ක් වෙනකම් අසරණ සත්වයන් සසර දුකින් ගලවමින් වැඩ සිටියා. තවමත් ඒ උතුම් සද්ධර්මය පිවිතුරුව අපේ ලංකාවේ තිබෙනවා. ආර්ය මහා සඟ රත්නය වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් වැඩ හිටිනවා. හැමෝම ගිහින් උන් වහන්සේව වරක් හෝ දැක බලාගෙන වන්දනා කරගන්න. සසර පුරාවටම බුදු කෙනෙකුගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් දකින්න වෙන අන්තිම අවස්ථාවත් මේක වෙන්න පුළුවන්. (නි)
දෙමවුපියන් දුක් මහන්සියෙන් හම්බ කරලා උගන්නනවාට වැඩිය හොදයි කෙසෙල් ගහක් හිටවලා ඒකට සාත්තු කළා නම්. (නි)
නිදි පෙති මිළදී ගත්ත තැන බලන්නවත් එක්කගෙන යන්නේ නැද්ද? (නි)
පව් කමා කරලා නිදහස් කරනවාද? පෝරකේට යවනවාද?
වැඩක් නැහැ මහත්තයෝ
අන්න හොදයි
කවුද මෙයාට සුදු පාට ටී-ෂර්ට් එකක් දුන්නේ? (නි)
මෙවැනි අය ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. (නි)
මෙයාව මේ තරම් උස්මහත් කරන්න දෙමාපියන් කොච්චර මහන්සි ගන්න ඇද්ද? අනේ හිරේ ඉන්න අනික් මහතුනේ, දීපල්ලා මුට අම්මාගේ කිරි මතක් වෙන්න. (නි)
අයියො සල්ලි
මෙයාවත් එයාගේ පවුලේ අය ළගටම යවන්න. (නි)
නීතිය අකුරටම ක්‍රියාම්තමක වේවි යැයි විශ්වාස කරනවා. (නි)
මනුස්සකම් සල්ලි වලට, තනතුරු පට්ටම් වලට, බල තණ්හාවට, කම් සැපතට යටවන මේ අබුද්දස්ස කාලේ මේ වගේ දේවල් වලට පුදුම වෙන්න ඕනි නෑ. (ත)
තමන්ගේ මාරයා තමා විසින්ම උස් මහත් කර හදාවඩා ගන්න කාලයක් මේක...(ස)
දැන් ඔක්කොම හරි
කෙනත් ඔබේ කමෙන්ට් එක ඉතා වටිනවා...(ස)