කොළඹ මහානාම විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර කටුනායක ආයෝජන කළාප කී‍්‍රඩාංගණයෙදී පැවති 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 8 ක ජයක් හිමිකර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත්විය.
වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ් පළමු ඉනිමේදී ලකුණු 93 ක් රැස්කරමින් තම විදුහලේ ජයග‍්‍රහණයට පදනම දැමූ අතර මහානාම දෙවැනි ඉනිමේදී කඩුලූ 4 ක් දවාගනිමින් තම කණ්ඩායමට ජයග‍්‍රහණය කරා යාමට මාවත විවර කර දුන්නේය.
මහානාම විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 188
(ගිහාන් සංජීව 49, සුබුද්ධි කෞශල්‍ය 26, තනුල වික‍්‍රමසිංහ 24, පවන් දේවින්ද 21, දුලංජන සෙනෙවිරත්න 20, සචිත් පුෂ්පකුමාර 43/4, තිලාන් නිමේෂ් 48/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී 270
(ශානුක දුලාජ් 93, දිනේෂ ප‍්‍රනාන්දු නොදැවී 48, හසිත ලංකා 47, සචිත් පුෂ්පකුමාර නොදැවී 24. කී‍්‍රශාන් අපොන්සු 19, දිනුක චමත් 57/3, නයන ප‍්‍රභාත් 42/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 111
(සුබුද්ධි කෞශල්‍ය නොදැවී 32, පවන් දේවින්ද 26, කවිඳු ලක්ෂාන් 22, ශානුක දුලාජ් 26/4, තිලාන් නිමේෂ් 45/3)
වේල්ස් කුමර විදුහල දෙවැනි ඉනිම කඩුලූ 2 ක් දැවී 31
(කුසල් මෙන්ඩිස් නොදැවී 20)
**

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි වේල්ස් කුමරුවනි! (නි)
ඉදිරිටයන්න, ජයවේවා!(නදී)
නියමයි, මේ පාර බිග් මැච් එකටත් ගහමු ඔය වගේ.(නදී)
කොහේ ගහන්නද මේ පාරත් පරදිනවානේ ........................(ස)