IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී උදයට ශූරතා 3 ක්

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සහ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය එක්ව සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත්විය. තරගාවලිය ඉකුත්දා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. තරගාවලියේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගත් උදය එම වයස් කාණ්ඩයේ මිශ‍්‍ර යුගළ ඉසව්වේද ශූරතාව දිනා ගත්තේය. උදය වයස 15 න් පහළ (බාලක) ශූරතාව දිනා ගනිමින් ශූරතා ත‍්‍රිත්වයකට හිමිකම් කීවේය. ඔහු 18 න් පහළ වයස් කාණ්ඩයේ යුගළ ඉසව්වේ අනුශූරතාව හිමිකරගත්  ශ්‍රී ලංකා පිලට ද ඇතුළත්විය. උමායා තරුකී සහ එරන්දි වරුසවිතාන අතර පැවැති වයස 18 න් පහළ බාලිකා අවසන් මහා තරගයෙන් උමායා තාරුකී තරග වට 3/2 ක ජයක් ලබා ගත්තාය. එරන්දි සහ උමායා මෙම තරගාවලියෙන් පසුව චීනයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ. තරගාවලියට වයස් කාණ්ඩවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400 කට ආසන්න පිරිසක් සහභාගිවුහ. අවසන් තරග ප‍්‍රතිඵල: 18 න් පහළ (බාලක) උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ) විසින් නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (6/11, 14/12, 11/8, 11/7) 18 න් පහළ (බාලිකා) උමායා තාරුකී (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක* පරාජය කරන ලදී. (11/13, 7/11, 11/3, 11/4, 11/7) 18 න් පහළ (බාලක, යුගළ ඉසව්ව) චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ* විසින් උදය රණසිංහ සහ ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී. (9/11, 11/6, 10/12, 11/6, 11/6) 18 න් පහළ (බාලිකා, යුගළ ඉසව්ව) කසුනි පිටිගල සහ නදුනි සුරසිංහ (ගාල්ල සවුත්ලන්ඞ්) විසින් එරන්දි වරුසවිතාන සහ ටී.තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (13/11, 11/8, 8/11, 11/8) 18 න් පහළ (මිශ‍්‍ර යුගළ ඉසව්ව) උදය රණසිංහ (විද්‍යාර්ථ) සහ චන්දිමා මධුෂානී (මහනුවර මහමායා) විසින් ප‍්‍රසාද් ජේ.ද සිල්වා (විද්‍යාර්ථ) සහ බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව) පරාජය කරන ලදී. (11/7, 11/9, 13/11) 15 න් පහළ (බාලක) උදය රණසිංහ (විද්‍යාර්ථ) විසින් නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (16/14, 11/7, 11/7) 15 න් පහළ (බාලිකා) රුවිනි කන්නන්ගර (මියුසියස්) විසින් කාවින්ද්‍යා ශිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (12/10, 11/8, 11/9) 12 න් පහළ (බාලක) දිසන්ක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ) විසින් චමෝද් සන්දීප (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (11/5, 11/6, 13/11) 12 න් පහළ (බාලිකා) හංසනී පියුමාලි (නුගේගොඩ අනුලා) විසින් ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (12/10, 11/6, 9/11, 11/5) 10 න් පහළ (බාලක) විරෝන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (14/16, 11/9, 11/4, 11/8) 10 න් පහළ (බාලිකා) ඞී.එච්.කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී) විසින් අෂිකා සත්සරණී (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (9/11, 17/15, 11/9, 11/6) ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ.....  



අදහස් (0)

විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී උදයට ශූරතා 3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 127 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 361 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 544 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 463 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 677 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 768 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 519 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site