අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකැර ගත් කොළඹ විශාඛා විදුහලේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි උපහාර පිදීමේ උත්වසයක් ඇය මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම අනුර ආදර්ශ කනිටු විදුහලේ දී පැවැත්විණි. අලංකාර පෙරහරකින් ඇය උත්සව භූමියට කැඳවාගෙන එනු ලැබීය. උදේශිකාට මූලික අධ්‍යාපන දුන් නිරූපා අයිරාංගනී, පද්මිණි පෙරේරා සහා එන්.ඒ.ඒ. ජයලතා ගුරුවරියනට ඇය බුලත් හුරුලු දී උපහාරය පුද කළාය. විදුහල්පති උපාලි කරුණාරත්න මහතා හා ආචාර්ය මණ්ඩලය මේ උත්වසය සංවිධානය කෙළේය.
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විශාඛා සිසුවියට ගමේ පාසලෙන් උපහාර
ජගත් රන් දෙනිය Wednesday, 04 April 2012 11:14 AM
මුල අමතක කරන්න එපා දුව. ඔබට ජයෙන් ජය වේවා..
පෙරේරා එස්. ඒ Monday, 02 April 2012 05:14 PM
උදේශිකා දුවේ ඔබ ඉතා වටිනා දියණියක්. ඔබ මුල අමතක කෙළේය නැහැ. ඒ ගැන විදේශ රටක සිටියත් අපට ඉතාමත් ආඩම්බරය. අනෙක් සෑම කඩඉමක්ම ඉහළින් ජයගන්නට අප එකසිතින් ප්‍රර්ථනා කරමි.
ලක්ෂ්මන් Monday, 02 April 2012 05:35 PM
ඔබට සියළු ජයග්‍රහණ පැතුම් ඔබ විශිෂ්ඨයෙක්.
සිසිර Monday, 02 April 2012 06:35 PM
ඔබට සුබ පැතුම්. ඔබේ උසස් පෙළ විභාගයට සහ අනාගත විශ්ව විද්‍යාල ජීවිතයට
උස්වත්ත එච. පෙරේරා Monday, 02 April 2012 06:59 PM
ජයෙන් ජය පතමි මධුශානි දියණියට !
උපේන්ද්‍ර Monday, 02 April 2012 07:09 PM
ඇත්තටම මේ පින්තූර ටික දැක්කම මගේ ඇස්දෙකට කදුළු ආවා. අපේ ළමයි කොච්චර නිහතමානීද කියලා. මේ වගේ දේවල්වලින් ළමයින්ටත් දෙමාපියන්ටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
ඉනෝකා Monday, 02 April 2012 07:20 PM
ඔබ රටටම ආඩම්බර විය හැකි වටිනා දියණියක්. ඔබට සුබ අනාගතයක්. බුදු සරණයි.
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Monday, 02 April 2012 07:53 PM
විදේශ රටක සිටියත් අපේ ගමේ කෙනෙක්. ඉතාමත් ආඩම්බරයක්..
ප්‍රදීපා සේනක Monday, 02 April 2012 07:57 PM
ලංකාවේ පලවෙනි තැන ගත්තට වඩා මේ වැඩේ අගෙයි උදේශිකා..
ජූඩ් -ජේ පැරිස් නුවර සිට Monday, 02 April 2012 08:37 PM
උගතා මනා සිල්පය හරියට හදරුවොත් දුවේ ,පුතේ ...ඔබට මගක් ඇතේ...ඔබට ජය !!
සුනිල් ගමගේ Tuesday, 03 April 2012 01:16 AM
හොද වෙලාවට අධ්‍යාපන ඇමතිට ආරාධනා කරලා නැහැ.
කිත්සිරි Tuesday, 03 April 2012 11:39 AM
ඔබේ නිහතමානීකම සැමදා රැකගන්න.
වාසල Wednesday, 23 May 2012 01:02 PM
"මතු රැකෙනා ශිල්පයමයි උගත මනා"
අලිබබා Wednesday, 04 April 2012 01:22 AM
දුවේ ඔබ පාර්ලිමේන්තුවට නම් යන්න එපා..