මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609කු ඇතුළු කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.
2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් ගැටළුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන්නේය.
පෙරවසරවල විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගත්තේ සිසුන් 21500 කි. මෙවර සිසුන් 27100ට ආසන්න ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමට නියමිතයි.
තෙවැනි වරටත් පෙනී සිටි සිසුන්ට සිවු වැනි අවස්ථාව ද දෙන්නැයි නිර්දේශ කරන බවත් ඒ සඳහා ඇමැති මණ්ඩලය තීරණයක් ගත්යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය.
ඉසඩ් ස්කෝර් නඩුවේ තීන්දුව ඇසීමට උසාවි භූමියේ ඉදිරිපිට රැස්ව සිටි සිසුහු සහ දෙමව්පියෝ සතුට පළකළහ...







1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩයිම් ළකුණු නිකුත් වෙලා අඩු ඉසෙඩ් අගයේ අය වෛද්‍ය පීඨයටත්, වැඩි ඉසෙඩ් අගයේ අය විද්‍යා පීඨයටත් යද්දී තේරෙයි මේකේ රගේ. (නි)
ප්‍රයොගිකද මම අහන්නේ
කැම්පස් වලට ගන්න ප්‍රමාණය වැඩි කරපු එකනම් හොඳයි. දැන් ලංකාවේ හැමදෙයක්ම තීරණය කරන්න වෙන්නේ උසාවියෙන්. (නි)
හරියට හරි තරංග. මම උසස් පෙළ එක පාරයි කළේ. වැඩේ හරි ගියේ නැහැ. ඔබ කිවුවා වගේ වෘත්තීය සුදුසුකමක් ලබා ගත්තා. 1990 දි ජොබ් එකක් සෙට් වුණා. 1995 වෙනකොට මම විවාහ වෙලා ගෙයකුත් හදල ඉවරයි. මම එක්ක උසස් පෙළ කරපු කට්ටිය කැම්පස් අවුට් වුණේ 1995. පස්සෙ මම පිටරට අවුරුදු 2ක් ජොබ් කරලා දැන් මෙහේ ලක්ෂයක් පඩි ගන්න ජොබ් එකක් කරනවා. මමත් කැම්පස් ගියා නම් මටත් ඕකමයි වෙන්නෙ. (නි)
දැන් ජේ.වී.පී. එක මේකටත් හොට දායිද දන්නේ නැහැ. (නි)
තරංග, මට දැන් 22යි. උසස් පෙළ සමත්. මට කියන්නකෝ ප්‍රයිවට් උපාධියක් කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. (නි)
ඇරිස් කියන විදියට මහැදුරන්ට විරුද්ධව නෙවෙයි පෙළපාලි යන්න ඕනෑ,රජයට විරුද්ධවයි. කැම්පස් ආවම තේරෙයි හැමදේම, ඉන්න හෝල් එකක්, කන්න කැන්ටිමක් නැති වෙනකොට. (නි)
දැන් සතුටුයි සජී. ඒත් අපිට කවදද කඩයිම් ළකුණු දෙන්නේ? (නි)
නිවැරදි තීරණයක් අරන් තිබීම ගැන සතුටුයි. විභාග දෙපාර්තමේන්තුවේ සහ උසස් අධ්‍යාපන කොමිසමේ නිලධාරීන්ටත්, ඇමති දෙදෙනාටත්, විශේෂයෙන්ම 'විද්වත්' කොමිටියටත් දඩුවමක් දෙන්න ඔබතුමියට නොහැකිද? ඔබ නම් නියම මවක්. අපි ඔබ දෙපා නමදිමු. දිගාසිරි පතමු. (නි)
ශාලා වල ඉඩ තියෙනවාද
අහං ඉසෙඩ් ස්කෝර් සරණං ගච්ඡාමී. (නි)
බටහිර අධ්‍යාපනය ඔස්සේ දියුණුවෙන්නේ මොලේ හැදීමක් පමණයි.. (නු)
අනේ මන්දා? කලා විෂයන් කළ අයටත් ඔය විදියටම සාධාරණයක් වේවිද? (නි)
ආදරණීය නංගියේ මල්ලියේ ඔබලා යන්තම් දිනුවා... අයෙත් මෙවැනි අවාසනාවන්ත ඉරනමක් අත් නොවේවා කියා පතනවා.. රටේ අනාගතය අපි..!!(නු)
මනෝහරන්, ඔයා හිතන්නේ කැම්පස් එකේ නිකන් ඉගැන්නුවට වියදම් වෙන්නේ නැහැ කියලද? ලංකාවේ කාර්මික සංවර්දන අධිකාරියක් තියෙනවා. ඒකේ තියෙනවා ගොඩක් පාඨමාලා. අවශ්‍යතාවය තියනවා නම් ඕනෑ තරම් අවස්ථා තියෙනවා, අමතර ආදායමක් හොයාගන්න දෙයක් කරන්න. එන්.අයි.බී.එම්. වගේ එකක මුල් අවුරුදු 2 අද ගත්තොත් ඊළග අවුරුදු 2 තුළ ඉගෙනගන්න ගමන්ම රැකියාවක් කරන්න පුළුවන් . (නි)
ඒ වැඩේ මෝඩ වැඩක්
සුභපැතුම් ඔන්නහොද වැඩක්
අනේ මන්දා වැඩිපුර ගියාට කමක් නෑ. නංගිලා මල්ලිලා කචල් වැඩි කර නොගෙන යන කාරණේ හරියට කර ගන්නවනම්. (ස)
වැඩිපුර ගියාට කමක් නැහැ. නංගිලා, මල්ලිලා කචල් වැඩිකර නොගෙන යන කාර්යය හරියට කළොත් හොදයි. (නි)
තේරුමක් නැහැ. යන්න එපා කැම්පස් 3 වෙනි 4 වෙනි පාරට කරලා. අවුට් වෙනකොට ජොබ් වලට යන්න ඕනෑ වයස පැනලා. දුක විදලා ඉගෙන ගෙන ජොබ් එකක් හොයාගන්නත් එක එකා ට වදින්න වෙනවා. ස්පෙෂල් ඩිග්රියක් තිබුණත් ජොබ් එකක් හොයා ගන්න තවත් කට්ටක් කන්න වෙනවා. ඒක නිසා එක එකාගේ කටු වලට අහුවෙන්නේ නැතුව උසස් පෙළින් පස්සේ කරන්න ප්‍රයිවට් උපාධියක්. හදාගන්න වෘත්තීමය සුදුසුකම් ටිකක්. 23 වෙනකොට කසාදෙකුත් බැදලා 26 වෙනකොට ගේකුත් හදලා මනුස්සයෙක් වෙන්න පුළුවන් . (නි)
රජයේ ඉසෙඩ් අකුරෙන් පන්දාස් ගණනක් ගොඩ. මේ ඉසෙඩ් නාඩගමට ස්තූතියි. (නි)
ඉගෙන ගන්න එකා කොහොන්ම කලත් ඉගෙන ගන්නවා (දී)
ඒත් ගියාට වැඩක් නෑ නේ ? උගන්වන්නේ කවුද ? (ස)
ඔය තියෙන්නේ තීන්දු . ඉතින් 5 හේ ශිෂ්‍යත්වේටත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න.. (ස)
මමනම් කියන්නේ ඒ වැඩේ හරි
සිසිර උපාධි ගත්තට රස්සා දෙන්නේ කවුද ? (ස)
රටේ ඉගෙනීමේ ප්‍රමාණය වැඩිවන විට ගත් ඉතා හොද තීරනයක් (ස)
වැඩිපුර සිසුන් ගන්න අවශ්‍ය පහසුකම් විශ්ව විද්‍යාල වලට සපයන්න කියලා උසස් අධ්‍යාපන ඇමතිට ඔය ගමන්ම නියෝග කළා නම් තමයි වඩාත් හොඳ (ස)
මෙතරම් වැදගත් තීරණ ගන්න පුළුවන් රටේ අර මරන්න යන සත්තු ටික බේරන්න තීන්දුවක් ගන්න තියෙන අමාරුවක්... ඇත්තටම නීතිය හරි අමාරු විෂයයක්නේ. (ස)
සෑම වසරකම විශ්වවිද්‍යාල වලින් අවසන් වසර සඳහා පෙනීසිටින සිසුන්ගෙන් තුනෙන් එකක් අසමත්. මෙවර වැඩිපුර ගන්න අයගෙන් හතරෙන් තුනක් අසමත් වෙන එක නවත්වන්න බැහැ. උපාධි නැතිව වේලෙන්න වෙන්නෙ. ඒ පැත්තත් නැහැ. මේ පැත්තත් නැහැ. මොකද විශ්ව විද්‍යාල වල විෂය නිර්දේශ වෙනස් වන්නේ නැහැ. ඒ ගැන හිතලා තනි තනිව තීරණයක් ගන්න. අපරාදෙ කාලය නාස්ති කරගන්නෙ නැතිව. (නි)
විශ්ව විද්‍යාල වලට මෙපමණ වැඩිපුර ළමයි දාන්න ඉඩ තියෙනවා නම් මෙච්චර කලක් මොකද අඩුවෙන් ගත්තේ? මේ ප්‍රමාණයට ගන්න ළමයින්ට පහසුකම් කොහොමද වැඩි කරන්නේ? පඩි වැඩි කරන්න සල්ලි නැතුව ඉන්න එකේ දැන් මොකද්ද කරන්නේ කියල බලමුකෝ. (නි)
කවුරු මොනවා කිවුවත් ජීවිත ගණනාවක ඉරණම විසදෙන හොද තීරණයක්. (නි)
දැන් සතුටුයි නේද ළමයිනේ? (නි)
නඩු දමපු සිසුන්ගේ පිහිටෙන් 5000ක් ගොඩ. (නි)
නේවාසික ප්‍රශ්න එන්නේ නැද්ද
දැන් ළමයිනේ, මහැදුරන්ට විරුද්ධව පෙළපාළියක් ගියොත් නේද හොද? (නි)
අධිකරණය යනු ස්වාධීන ආයතනයකි. (නි)