කමල් හසන් රඟපාන විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත නොකිරීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි. ජාති බේද ගැටුම් ඇවිලීයාමට එම චිත්‍රපටය හේතුවෙතියි රජය කියයි.
ඉන්දියා චරපුරුෂ කතාවක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයකි.
පූජා කුමාර්, රාහුල් දෝස්, අන්ද්‍රියා ජරමියා, ජයි දීප්, අහ්ලා වල්ට් එහි චරිත රඟපාති.
මෙම චිත්‍රපටය පෙන්වීමට එරෙහිව තමිල්නාඩු රජය තහනම් ආඥාවක් ලබා ගත්තේය.
ජනවාරි 25 වැනිදා තිරගත වීමට නියවී තිබිණු චිත්‍රපටය තහනම් කැරුණේ තමිල්නාඩුවේ විවිධ සුස්ලිම් කණ්ඩායම් ඊට විරුද්ධ වූ හෙයිනි.
කමල් හසන් ඊට එරෙහිව මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම්. ඒත්, අන්තර්ජාලය තුලින් ඕනෑම දෙයක් ප්‍රචාරය වෙනවා. (නි)
කමල් හසන් විතරද? එතකොට අර විජේ කියන නලුවා? (නි)
මිනිසුන් දැං කොහොමත් චිත්‍රපට බලන්න සිනමාහල්වලට එනවා අඩුයි... ඩී.වීඩී තියෙනවානේ..!(නු)
ඔබ හරි නිහාල් විජය කියන්නේ කොටි හිතවාදියෙක් තමයි..!(නු)
ඒක නම් හොදයි (දී)
ජාති බේද නම් එපා (දී)
මගේ අදහස නම් ඉන්දියානු චිත්‍රපට එකක්වත් අපේ රටේ පෙන්වීම නවත්තන්න ඕන..!(නු)
මොන අන්තවාදීකමක්ද? මේවද ආගම් තුලින් ඉගෙන ගන්නේ? ලැජ්ජයි. (නි)
අන්තර්ජාලයෙන් බලමු. (නි)
ඉක්රාම් නිවැරදියි. ඊට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ. (නි)
කමල් හසන් වැනි තවත් නලුවෙක් මේ ලෝකයේ ඉන්නවාදැයි යන්නත් සැකයි. (නි)
ඕක පෙන්නලා නැති ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නැහැ (දී)
අන්න ඒකටත් එක්ක ඇමරිකාව. කවුරු විරුද්ධ වුණත් අර චිත්‍රපටිය නැවැත්තුවේ නැහැ. අන්තර්ජාලයෙන් ඉවත් කළෙත් නැහැ. (නි)
ඒක හොදයි, අපිට මොකටද ආගමික ප්‍රශ්න (දී)
ඕවා බලන්න හෝල් වලට යන්නෙ කවුද? තහනම් කළා කියපු අර ඇමරිකානු චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැහැ. කොහොමත් මේ බලන්න එපා කියලා තහනම් කරන ඒවා සාමාන්‍ය ෆිල්ම් වලට වඩා ප්‍රචාරය වෙනවා. දැන් ඉතින් බලනකල් ඉවසිල්ලක් නැහැ. (නි)
ජාතිභේද ඇතිනොවනසේ නිර්මානයක් කළ යුතුයි..!(නු)
දැනට අවුරුදු දෙකකට විතර උඩදි ප්‍රභාකරන් නම් විත්‍රපටය සෑදු නිර්මාණකරුවාට තමිල්නාඩුවේදී පහරදුන්නා.. (නු)
ඉන්දියානු චිත්‍රපටි වල වැඩිපුර තියෙන්ටන් රටවල් අතර ගැටුම්. ඒවා බලද්දී ජාතිවාදී හැගීම් එනවා. (නි)
එතකොට අර ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතු ගාලා දාන්න ඕනෑ කියපු කෙනාගේ ෆිල්ම් වලට මොකද කරන්නෙ කියලත් කියන්න. (නි)
චිත්‍ර පටියක් නිසා මිනිස්සු දෙකඩ වෙන්නේ මොකටද (දී)
ඒක නම් හොදයි (දී)
ජාති වාදය නම් කොහාටවත් එපා (දී)
මේ චිත්‍රපටියේ අන්තර්ජාල ලින්ක් එකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ. දැන් නම් බලනකල් ඉවසුමක් නැහැ. (නි)
මේ චිත්‍රපටයෙන් ඉස්ලාම් ආගමට කිසිම දෙයක් කරන්න බැහැ.. ඒත් මේ වගේ චිත්‍රපට විකාශය කිරීමෙන් මිනිසුන්ගේ සිත් පළුදු වෙන හින්දා තමයි මේකට තහනම් කරලා තියෙන්නෙ... (නු)
සිංහල ජාතිවාදී වීරයින්ට දැන් කමල් හසන් වීරයෙක් වෙලා! කලකට ඉස්සර මෙයා කොටින් වෙනුවෙන් අදහස් දක්වපු බව එක්කෝ දැන් අමතකයි, නැත්නම් ඒකවත් නොදැනයි ජාතිය බේරගන්න පැනගෙන එන්නේ. සිංහලයින්ගේ වීරයින් කවුද කියා තීරණය කිරීමේ බලය දැන් ඇත්තේ මුස්ලිම් වරුන්ගේ අතේද ? සහෝදරවරුනි ඔබේ නිරුවත ගැන ලැජ්ජයි. (ස)
විශ්වරූපම් චිත්‍රපටය ලන්කාවේ තහනම් කලේ කමලහසන් එල්.ටී.ටී.සන්විධානයට හො ඊලාම් මතවාදයට සහයොගය දැක්වූ නිසා යයි සිතන්න බැහැ.රජිණි කාන්ත්,සරත්කුමාර්,විජය,සහ කමල් රගන සිනමාපට ලන්කාවේ රූපවහිනී නාලිකාවලින් පවා දිනපතා දකින්න පුලුවන්.ඔවුන් ලන්කා රජයට විරුද්ධව ඊලාම් මතවාදයේ සිට විවිධ කතා කී අය.කොහොම උනත් මේක බලන්න පුලුවන් උන දවසක ඒ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.(නු)
ඉල්ලන් කන්නේ මොකටද නේද (දී)
ඇයි එයාගේ චිත්‍රපටි තහනම් කරන්නේ? (නි)
ඔය චිත්‍රපටය විතරයි දැං ලංකාවට අඩු... අනිත් ඕක්කොම සම්පූර්ණයි..! (නු)
ලංකාව සම්බන්ද රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගනු ලබන්නේ මේගොල්ලන්ද. මෙය අවාසනාවන්ත තත්වයකි.මෙම චිත්‍රපටය තුලින් අන්තවාදී ආගම් වල නිරුවත හෙළි වන නිසා ලංකා රජය මෙය තහනම් කලද නැත්නම් අන්තවාදී ආගම් සදහා ලංකා රජය තවදුරටත් සහයෝගය දෙනවද යන්න පැහැදිලි කර කර ගත යුතු .මෙම කිසිවකින් ලොව යථාර්තය වසම් කල නොහැක .කවදා හෝ සත්‍ය ජයගනී.එදාට සිංහල අපි කමල් හසන් සමගයි. (නු)
රටේ මේ තරම් ගැටලු තියෙනවා ඒවා අමතක කරලා චිත්‍රපට ගැන තමයි මතක් වෙන්නේ..! (නු)
අනේ මෙහෙමත් වැඩ..! (නු)
කමල් හසන් කියන්නේ කොටි උදවු කරුවෙක් .මෙයාගේ ඔක්කොම චිත්‍රපටි මෙහෙ පෙන්වන එක නවත්ත්වන්න ඕනි. (නු)
අනිවාර්යයෙන්ම හොද වැඩක් මන්ත්‍රීතුමා කළේ.. රට ගැන හිතන්න..! (නු)
මෙයා එල්ටී.ටී.ඊ එකට සහහෝගය දැක්වූවානේද? (නු)
ලංකාවේ විවිධ මුස්ලිම් කණ්ඩායම් මේ සදහා විරෝධය දැක්වුවද සිංහල ජනයාට මෙය නොපෙන්වීමෙන් සිංහලයන්ගේ මානව හිමකම් කඩවීම ගැන වගකිවයුත්තන් මොනවද කියන්නේ? 1505 න් පසු ලංකාවේ වැඩිම අසාධාරණයට ලක් වී ඇත්තේ සිංහල ජනයා බව තවදුරටත් පෙනීයයි. (නි)
මුස්ලිම් ජනතාවට මෙතරම් බලයක් ලංකාව තුළ දැන් තිබේ නම් අනාගතයේදී ලංකාවද මුස්ලිම් රටක් වීම වැළැක්විය නොහැක. අප තේරුම් ගත යුතු යථාර්තය එයයි. (නි)
ඔහුගේ සියලුම චිත්‍රපටි තහනම් කරන්න යැයි මම ඉල්ලා සිටිනවා. (නි)
මම හිතුවා මෙහෙම වෙයි කියලා. (නි)
එතකොට ලංකාවට චිත්‍රපටය එන්න කලින්ම ( විවිධ කණ්ඩායම් වල හිත් රිදෙන නිසා හෝ ජාති බේද ගැටුම් ඇවිලීයාමට හේතුවක් වන නිසා ) චිත්‍රපටය තහනම් කරන්න ඉව තියෙන අයට බේරුවල බුද්ධ බාර් එක නවත්වන්න බැරි වුණා. බොදුබල සේනා නැත්නම් ලංකාව පුරාම බුද්ධ බාර්. (නි)
ශර්යා නීතියත් ක්‍රියාත්මක කරන්න තීරණය ගන්න.. නියමයි.. ඔහොම යං ඔහොම යං..! (නු)
ඒත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් කමල් හසන්ට මේකට අවසර දෙන්න ඕනෑ. (නි)
හරිනම් ඉන්දියාවෙන් එන සියලුම චිත්‍රපටි තහනම් කළ යුතුයි. (නි)
අපි ජාතිභේදයකින් තොරව මෙයාලගේ චිත්‍රපටි වලට කොච්චර උසස් ප්‍රතිචාර දක්වනවද? ඒත් මෙයාලා අපි ගැන එහෙම හිතන බවක් පෙනෙන්නේ නැහැනේ. (නි)
අනුන්ගේ ඔලුව කැක්කුම් වලට අපි අපේ ඔලු නරක් කරගන්න ඕනෑ නැහැ. (නි)
මෙහෙම දෙයක් ගැන කතාකරන්නේ, උනන්දු වෙන්නේ වෙන වැදගත් ප්‍රශ්න නැතුවටද? (නි)
අන්න හරි, මාගේ ප්‍රණාමය! මුස්ලිමුන්ට අපහාස වෙන දෙයක් නම් ලංකාවට එන්නත් කලින් නැති කරලා දාන්න. කිසිම මුස්ලිමෙකුට ප්‍රශ්ණයක් වෙන්න දෙන්න එපා. ක්‍රිස්තියානින්ට ඉතින් කොහොමත් ප්‍රශ්ණයක් නැහැනෙ. බෞද්ධයන්ට අපහාස වෙන දේවල් වලට කිසි ප්‍රශ්ණයක් දාන්න එපා. ඒවා වැඩි කරන්න. (නි)
ජාතිවාදය අවුස්සන සියලුම දේවල් තහනම් කළයුතුයි. (නි)
ඒත් තහනම් ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා බලත හැකියි. (නි)
එයාලගේ පාඩුවේ එයාලට ඉන්න දෙන්නෙම නැහැනේ. එක සැරයක් ඇමෙරිකාව එකක් හදලා අපිට කොළඹ පාරකවත් යන්න බැරි වුණා. ඒ පාර පටන්ගෙන වගේ තමිල්නාඩුවෙන්. (නි)
ලංකාවේ තරම් චිත්‍රපට පෙන්නන රටක් තවත් ලෝකෙම නැතුව ඇති. ඉතින් මොකටද තමිල්නාඩුවෙන් චිත්‍රපට? ලංකාවට කොන්දක් ඇතිව චිත්‍රපටයක් හදන්න බැරිවුණාට ඒවාට කොන්දක් තියෙන රටවල් කරන නිර්මාණාත්මක චිත්‍රපටි අපිට බලන්නවත් නැති එක ගැන කණගාටු වෙමු. (නි)
ඔය මොනවා කිවුවත් කමල් හසන්ගේ චිත්‍රපටි බලන්න හැමෝම හරි කැමතියි. (නි)
ඉන්දියාව කළ නිසා කියනවා නෙමෙයි. කවුරු කළත් කරුණු කාරනා තේරුම් අරගෙන කරනවා නම් හුගක් හොදයි. (නි)