ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ බුද්ධ වර්ශ 2556 (ශත වර්ෂ 2013) වෙසක් පිංකම පසුගියදා විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලාංකික මෙන්ම ඇමෙරිකා ජාතිකයන් සහ වොෂින්ටන් නුවර පදිංචි ඉන්දියානු, බංගලාදේශ,කාම්බෝජ, වියට්නාම, ලාඕස් සහ තායිලන්ත ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාලපිරිසක් සහභාගී වූ එදින පිංකම සඳහා දාන සීල භාවනා මෙන්ම ධර්ම සාකච්ඡාවන්ද ඇතුලත්විය.
විදෙස් ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගීවීම හේතුවෙන් පිංකමේ වැඩකටයුතු සිදුකිරීමට සිදුවුයේ ඉංග්‍රීසි භාෂාවෙනි.
එදින පෙරවරු නමයට වොෂින්ටන් විහාරයේ මහරගම ධම්මසිරි නායක මාහිමිපාණන්වහන්සේ ඇතුළු වැඩමකළ වදාළ සියලුම භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කරද්දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා විසින් බෞද්ධ කොඩිය එසවීමෙන් පින්කමේ කටයුතු ආරම්භ කැරිණි.
ඉන්පසුව ඇමෙරිකා ජාතික සැදැහැවතියක වන ලින්ඩා ස්පොල්දීන් විසින් ඇමෙරිකානු ජාතික කොඩිය ඔසවනු ලැබීය.
වොෂින්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ දරු දැරියන් විසින් විහාරස්ථානය අවට මහා මාර්ගයේ අලංකාර වෙසක් පෙරහරක් පවත්වනු ලැබීය.
පොහෝදින ධර්මානුශාසනාව මහරගම ධම්මසිරි නාහිමියන් විසින් පවත්වනු ලැබීය.
හලාවත පරමධම්ම පිරිවෙනාධිපති පුජ්‍ය මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ විසින් ආශීර්වාද පුජාව සහ දහවල බුද්ධ පුජා පිංකම මෙහයවූ අතර ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන් සමඟ තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත් හරවත් ධර්ම සාකච්චාවක් පවත්වනු ලැබීය. පිංකම සඳහා සහභාගීවූ ඇමෙරිකානු ජාතිකයින් ඉතා උනන්දුවෙන් එම සාකච්ඡාව සඳහා සහභාගිවනු දැකිය හැකිවිය.
වොෂින්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ඇමෙරිකා ජාතික දැරියක්වන දිලාන් ඩෙවේනි විසින් සිංහල භාෂාවෙන් කවි ගායනයක් ඉදිරිපත්කිරීම විශේෂත්වයක් විය.
විහාරස්ථ භාවනා උපදේශක මණ්ඩාවල පඥාවංශ හිමියන් විසින් භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබීය.
වෙසක් පිංකම වෙනුවෙන් විහාරස්ථ ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික ආරයට වෙසක් කුඩු, බෞද්ධ කොඩි සහ වෙනත් සැරසිලි වලින් අලංකාර කර තිබුණි.
වොෂින්ටන් නගරය පුරාම විහාරාරාම මෙන්ම වෙනත් බෞද්ධ මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ක්‍රයාත්මක වෙයි. මේවායේ දායකත්වය දරන්නේ වැඩිවශයෙන්ම බුදුදහම පිළිබඳව උනන්දුවක් ඇති ඇමෙරිකා ජාතිකයන්ය.
වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භකරන ලද්දේ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඥාසීහ මහනාහිමියන් වහන්සේවිසිනි. 1966 දී ආරම්භකෙරුන එය ඇමෙරිකාවේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනවා නම් මෙන්න වැඩ. ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයෙක් හැටියට මගේ සහයෝගය. අපි ෆුල් සපෝර්ට් මේ වගේ වැඩ වලට. (නි)
පළතුරු ටික නම් රස ඇති (නි)
වටිනා පිංකමක්..ධම්මසිරි හාමුදුරුවනේ මණ්ඩාවල හාමුදුරුවෝ වොෂින්ටන්ම නවත්වා ගන්න එපා. ඉතාලියටත් වඩින්න අවසර දෙන්න. (නදී)
තුනුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවන් වහනසේලාට, මෙවැනි පින් කටයුතු පවත්වනවාට. දිර්ගායුෂ සහ ධෛර්යය තවත් ලැබේවා! (නි)
බොහොම ආදර්ශමත් වැඩක්
ඉතා හරවත් වේදසටහනක් තෙරුවන් සරනයි (අ)
ලොකු හාමුදුරුවනේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට මොකද උනේ? දම් සක් පැවතුම් සුත්‍රය දේශනා කලේ උන්වහන්සේ නේද ? උන්වහන්සේගේ පින්තුරත් නැහැ විස්තරත් නැහැ. ටෙන්ට් ගහලා පන්සල සරසලා සියලු මුලික කටයුතු කලා පන්සලේ පොඩි හාමුදුරුවෝ ගැන වචනයක් වත් නැත්තේ මොකද? දහම් පාසල් ළමුන් බක්ති ගී ගායනා කලා නමුත් කිසිම සදහනක් නැහැ. සිංහල ගී ගායනා කල දැරිය දහම් පාසල් සිසුවියක් නොවේ.(නදී)
මමත් හිතුවා මහානාම ස්වාමින් වහන්සේ ගැන සදහනක් නැත්තේ මොකද කියලා? හැම වසරකම වෙසක් උත්සවය ඉතාම හොදින් පන්සලේ පැවැත්තුවා. මේ වසරේද එලෙසමයි (නි)
හොද වැඩක්
මහානාම හාමුදුරුවෝ වොෂින්ටන් විහාරයේ වැඩ ඉන්නවද? ඡායාරූප වල නැති නිසයි ඇහුවේ (නි)