IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වොෂින්ටන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම

ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ බුද්ධ වර්ශ 2556 (ශත වර්ෂ 2013) වෙසක් පිංකම පසුගියදා විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

ශ්‍රී ලාංකික මෙන්ම ඇමෙරිකා ජාතිකයන් සහ වොෂින්ටන් නුවර පදිංචි ඉන්දියානු, බංගලාදේශ,කාම්බෝජ, වියට්නාම, ලාඕස් සහ තායිලන්ත ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාලපිරිසක් සහභාගී වූ එදින පිංකම සඳහා දාන සීල භාවනා මෙන්ම ධර්ම සාකච්ඡාවන්ද ඇතුලත්විය.

විදෙස් ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගීවීම හේතුවෙන් පිංකමේ වැඩකටයුතු සිදුකිරීමට සිදුවුයේ ඉංග්‍රීසි භාෂාවෙනි.

එදින පෙරවරු නමයට  වොෂින්ටන් විහාරයේ මහරගම ධම්මසිරි නායක මාහිමිපාණන්වහන්සේ ඇතුළු වැඩමකළ වදාළ සියලුම භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කරද්දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා විසින් බෞද්ධ කොඩිය එසවීමෙන් පින්කමේ කටයුතු ආරම්භ කැරිණි.

ඉන්පසුව ඇමෙරිකා ජාතික සැදැහැවතියක වන ලින්ඩා ස්පොල්දීන් විසින් ඇමෙරිකානු ජාතික කොඩිය ඔසවනු ලැබීය.

වොෂින්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ දරු දැරියන් විසින් විහාරස්ථානය අවට මහා මාර්ගයේ අලංකාර වෙසක් පෙරහරක් පවත්වනු ලැබීය.

පොහෝදින ධර්මානුශාසනාව මහරගම ධම්මසිරි නාහිමියන් විසින් පවත්වනු ලැබීය.

හලාවත පරමධම්ම පිරිවෙනාධිපති පුජ්‍ය මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ විසින් ආශීර්වාද පුජාව සහ දහවල බුද්ධ පුජා පිංකම මෙහයවූ අතර ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන් සමඟ තල්ගස්වැවේ සීලානන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත් හරවත් ධර්ම සාකච්චාවක් පවත්වනු ලැබීය. පිංකම සඳහා සහභාගීවූ ඇමෙරිකානු ජාතිකයින් ඉතා උනන්දුවෙන් එම සාකච්ඡාව සඳහා සහභාගිවනු දැකිය හැකිවිය.

වොෂින්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ඇමෙරිකා ජාතික දැරියක්වන දිලාන් ඩෙවේනි විසින් සිංහල භාෂාවෙන් කවි ගායනයක් ඉදිරිපත්කිරීම විශේෂත්වයක් විය. 

විහාරස්ථ භාවනා උපදේශක  මණ්ඩාවල පඥාවංශ හිමියන් විසින් භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබීය.

වෙසක් පිංකම වෙනුවෙන් විහාරස්ථ ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික ආරයට වෙසක් කුඩු, බෞද්ධ කොඩි සහ වෙනත් සැරසිලි වලින් අලංකාර කර තිබුණි.

වොෂින්ටන් නගරය පුරාම විහාරාරාම මෙන්ම වෙනත් බෞද්ධ මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ක්‍රයාත්මක වෙයි. මේවායේ දායකත්වය දරන්නේ වැඩිවශයෙන්ම බුදුදහම පිළිබඳව උනන්දුවක් ඇති ඇමෙරිකා ජාතිකයන්ය. 

වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භකරන ලද්දේ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඥාසීහ මහනාහිමියන් වහන්සේවිසිනි. 1966 දී ආරම්භකෙරුන එය ඇමෙරිකාවේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයද වෙයි.

 



අදහස් (0)

වොෂින්ටන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම

අජිත් Tuesday, 21 May 2013 08:53 PM

ඉතා හරවත් වේදසටහනක් තෙරුවන් සරනයි (අ)

:       0       0

හිල්මි Tuesday, 21 May 2013 01:03 PM

කරනවා නම් මෙන්න වැඩ. ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයෙක් හැටියට මගේ සහයෝගය. අපි ෆුල් සපෝර්ට් මේ වගේ වැඩ වලට. (නි)

:       0       0

දීපා Thursday, 30 May 2013 01:45 AM

මමත් හිතුවා මහානාම ස්වාමින් වහන්සේ ගැන සදහනක් නැත්තේ මොකද කියලා? හැම වසරකම වෙසක් උත්සවය ඉතාම හොදින් පන්සලේ පැවැත්තුවා. මේ වසරේද එලෙසමයි (නි)

:       0       0

සිල්වා Thursday, 30 May 2013 01:51 AM

හොද වැඩක්

:       0       0

වරුණ Tuesday, 21 May 2013 01:09 PM

පළතුරු ටික නම් රස ඇති (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 05:16 PM

තුනුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවන් වහනසේලාට, මෙවැනි පින් කටයුතු පවත්වනවාට. දිර්ගායුෂ සහ ධෛර්යය තවත් ලැබේවා! (නි)

:       0       0

සුභාෂි Thursday, 30 May 2013 05:53 AM

මහානාම හාමුදුරුවෝ වොෂින්ටන් විහාරයේ වැඩ ඉන්නවද? ඡායාරූප වල නැති නිසයි ඇහු‍වේ (නි)

:       0       0

නුවන් Tuesday, 21 May 2013 05:31 PM

බොහොම ආදර්ශමත් වැඩක්

:       0       0

නිලූ Thursday, 23 May 2013 09:06 AM

ලොකු හාමුදුරුවනේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට මොකද උනේ? දම් සක් පැවතුම් සුත්‍රය දේශනා කලේ උන්වහන්සේ නේද ? උන්වහන්සේගේ පින්තුරත් නැහැ විස්තරත් නැහැ. ටෙන්ට් ගහලා පන්සල සරසලා සියලු මුලික කටයුතු කලා පන්සලේ පොඩි හාමුදුරුවෝ ගැන වචනයක් වත් නැත්තේ මොකද? දහම් පාසල් ළමුන් බක්ති ගී ගායනා කලා නමුත් කිසිම සදහනක් නැහැ. සිංහල ගී ගායනා කල දැරිය දහම් පාසල් සිසුවියක් නොවේ.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 21 May 2013 03:37 PM

වටිනා පිංකමක්..ධම්මසිරි හාමුදුරුවනේ මණ්ඩාවල හාමුදුරුවෝ වොෂින්ටන්ම නවත්වා ගන්න එපා. ඉතාලියටත් වඩින්න අවසර දෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1613 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 695 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1548 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 7458 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 836 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 312 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25088 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 814 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site