නියඟය දුරුවී වැසි වසීවායි පතමින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දී අද දහවල් මහා සංඝරත්නයට දන් පිරිනැමිණි. එහි විශේෂත්වය වූයේ වැලිමඩ ශාන්ත ආනා ආසන දෙව් මැදුරේ ජගත් ෆොන්සේකා පියතුමා ද එහි පැමිණ මහා සංඝරත්නයට දන් පිරිනැමීමයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි නියඟ එන්නේ අවිචාරමත් පරිසර විනාශයන් නිසයි...
ඉන්ද්‍රජිත් බුදු හාමුදුරුවො ජීවමානව වැඩ සිටින කාලෙදිවත් දේශණා කලේ නෑ රාජ්‍ය සතුරන්ගෙන් බේරගන්න බුදු දහම තියෙන්නෙ, මොකටද හමුදාවක් කියල. රාජ්‍ය සතුරන්ගෙන් බේරා ගැනීම රජතුමාගේ යුතුකම හා වගකීමයි කියල දේශණා කලේ.ඒකට හමුදාවක් ඕනි මෙතනදි අවශ්‍ය වන්නේ ඒ හමුදා සෙබලුන්ගෙ සිතුවිලි හා චේතනා යහපත් කිරීමයි ඒකයි මෙතනදී බුදු දහමේ කාර්‍ය,අපේ සෙබලුන් එසේ හැඩගැසී තිබූ නිසා තමයි තමන්ගේ දිවි පරදුවට තියලඅසරණ දෙමළ මිනිස්සු බේර ගත්තෙ ඒක නිසා ඒ මිනිස්සු මිය ගියත් ලබන ආත්මෙ හොඳ තැනක උපදී ඒ ඒ මිනිස්සුන්ගෙ හිතේ පිරිසිදු චේතනාව නිසා,ඒකයි සිතේ බලය කිව්වෙ නැතුව බුදු දහම තියෙන්නෙ මිනිස්සු මැරෙන එක වලක්වන්න නෙවෙයි.
තෙරුවන් ගුණ සිහිකරන්න.....
මේ වගේ පිංකම් වලට අකුල් හෙලන මිනිස්සුන්ට අපි ඊ ලග ආත්මේ කාන්තාරයක නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා. අපි අතරේම ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා. මොකද එතකොට අපිට වහින වැස්ස ඒ අයටත් ලැබෙනවනේ
අනේ මේ ගස් කපන ඈයින්ට අරාබි දඬුවම් දෙන නීති හදන්න අපේ රටත් අරාබියක් වෙන්න කලින්, (නීති හදන අය) දැනුත් අප කොපමන පමාදැයි අප නොදනී.
ඔව් ඔව් පින්කම් වලට ලොකු බලයක් තියෙනවා හරියට කරොත්.... ඒවා හෑල්ලුවට ලක්කරන්න නරකයි....
වැලිමඩයෝ අපිට එපා.....
ආශාට මේ පිළිතුර. ලංකාවේ මහා නියඟයක් තියෙනවානම් ශුෂ්ක කලාපයේ පිහිටි හම්බන්තොට හා මන්නාරම වැනි පළාත් පළමුව වියලී යා යුතුයි මෙවර වගා පාලුවට හේතුව අක්‍රමවත් ජල කලමනාකරනය හා ජල විදුලිය වැඩියෙන් නිපදවා ලාභ පෙන්වීමට යාම මිස දේව කෝපයක් නොවේ. මිනිසුන්ගේ වරදින් සිදුවන හානි වලට දෙවියන්ගෙන් විසඳුම් පැතීම බුදු බණේ කොතනද ඉගැන්වෙන්නේ? මේවා සැබෑ ප්‍රශ්න යට ගැසීමට ඉටු කරන කොන්ත්‍රාත් යයි සිතෙනවා. අමිලාගෙනුත් අහන්න දෙයක් තියෙනවා. අයි එහෙනම් අපි ප්‍රභාකරන් අල්ලන්න මෙතරම් දිවි පිදුවේ?
අමිලා හා ආශා යන නම්වලින් පළවී ඇති කමෙන්ටු දෙකේ ඇති අදහස හා මමද එකඟ වෙමි.මන්ද බුදුන් ජීවමාන කාලයේදී ඉන්දියාවේ විශාලා මහ නුවර මෙවැනි දැඩි නියඟයකට හා දුර්භික්ෂයකට මුහුණපා ඇති අවස්ථාවකදී බුදුරදුන්ගේ උපදෙස් මත ආනන්ද හිමියන් ප්‍රමුඛ සෙසු රහතන්වහන්සේලා පිරිස රතන සූත්‍රය ප්‍රධාන සෙසු පරිත්‍රාණ දේශනා සජ්ඣායනා කරමින් ඒ නගරයතුළ ගමන්කර පිරිත් පැන් ඉස එම දුර්භික්ෂය නිමාකළ වැසි වැස්සවූ බව ත්‍රිපිටකයතුළ සඳහන් බැවිනි.එම නිසා පිරිත් දේශනා සුළුකොට තැකිය හැකි නොවේ.එහි අන්තර්ගතවන්නේ ත්‍රිවිධ රත්නයෙහි අසමසම ගුණයන්ය.සෑම දෙයක්ම භෞතික දෘෂ්ටිකෝණයෙන් බලා වැරදි තීරණ ගැනීමෙන් හා තමන්ගේ අත්තනෝමතිය ත්‍රිපිටක බුද්ධ දේශනා සම්බන්ධව භාවිතා කිරීමෙන් වළකින මෙන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුන්ගෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි.!!!!
මෝඩ කමට බෙහෙත් නැහැ නොවැ.
අමිලා ඔයා තමයි හරි....
පිංකම් කළාට වැස්ස ලැබෙන්නෙ නැහැ.. දීර්ඝ කාලයක් පායපු නිසා ළගදි වැසි ලැබෙයි..!!
දැන් කී පාරක් වැස්ස පතා දෙවියන්ට පින්දුන්නද , ලංකාවේ අපරාධ නිසා දැන් දෙවියෝ බලන්නෙත් නෑ.....
අමිලා ඔයා කියන කතාව හරි .....
අදහස් පළ කරන ගොඩක් අය පිංකම් හෑල්ලුවට ලක් කරලා.. මිනිසුනේ ඔයාලා සංඝං සරණං ගච්චාමි කියන්නෙ ඒකේ තේරැම නොදැනද? නැත්නම් සංඝරත්නයට දෙන දාණය හැල්ලුවට ලක් කරයිද? මේක ඉන්දියාවෙ ගෙඹි විවාහය වගේ නෙවෙයි.. මහා සංඝරත්නයට දානයක් දීල පිං දෙවියන්ට අනුමෝදං කරල වැහි දෙවියන්ගෙන් පිහිටක් ඉල්ලන්නෙ. ඔයාල කවදාවත් දෙවියන්‍ට පිං දීලා නැතිව ඇති පිංකමක් කරලා..
හිතේ අධිශ්ඨාණයෙන් කලොත් වැසි නොලැබ් තියෙන්නෙ නෑ මිනිස් සිත ඒ තරම් බලසම්පන්නයි.මෝඩයින්ට ඕව තේරුම් ගන්න අමාරුයි
මේවගේ පිංකමක් කරනකොට ඒකට ගරහල ප්‍රතිචාර දාන්න එපා...
අරාශ් එහෙනම් මැදපෙරදිග කාන්තාරවලට දීර්ඝ කාලයක් පායපු නිසා වහිද??
ගෙම්බො දෙන්නෙකුත් සම්බන්ධද?
දේවෝ වස්සතු කාලේන.....
පිංකම් කරල විතරක් ඔය ප්‍රශ්ණය විසදගන්න බැහැ.. රටේ වන සම්පතයි ජල සම්පතයි වැව් අමුණු ටිකයි රැකගන්න ඔන..