ශ්රී ලංකවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දුයවන්නා ලෙස සැළකෙන චමින්ද වාස් මහතා පත්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් වාර්තා වේ.
බංග්ලාදේශ සංචාරයට පමණක් මෙම පත්කිරීම කර ඇති බව වාර්තා වන අතර චමින්ද වාස් පසුගිය වසරේ අගදී නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත වේගපන්දු පුහුණු උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.
වමතින් වේග පන්දුයවන 39 හැවිරිදි චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක් ද, එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් ද දවාගෙන තිබේ. ලෝක ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන චමින්ද වාස් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස පිළිගැනීමක් දිනා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා කණ්ඩායමට අපේ සුබ පැතුම්! (නි)
වාස්ව ගත්තත් ඒක ලොකු දෙයක්. සනත් කොහොමත් හරි තීරණ තමයි ගන්නේ....(ස)
අපේ කොල්ලෙක්. වාස් ඔබට සුභ පැතුම්.(නදී)
වාස් කැමති වෙලාද? (නි)
අම්මෝ! වැටුප නම් බොහොම වැඩියි. (නි)
අපේ අය අපට වටින්නේ නැති උනාට පිටරටවල මැච් දෙකතුනක් ගහලා අඩු අත්දැකිම් එක්ක පුහුණුකරු තනතුරට ආපු අයට හොදට ගෙවලා ලංකාවට ගන්නවා.අපේ සම්පත් වලින් අපි වැඩ ගන්න ඕන. (ස)
පිට රට පුහුණු කරුවන්ට අපි සල්ලි ගෙවනවට වඩා අපේ පලපුරුදු ක්‍රීඩකයෙක් යොදා ගැනීම හොඳ දෙයක්. අනික ලංකාවේ මෙතෙක් බිහිවූ අති සාර්තකම වේග පන්දු යවන්නෙක්. (ස)
ඕනෑම තැනක ඉහගෙන කන්නයි වවාගෙන කන්නයි බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. (නි)
මොකද මේ බංග්ලාදේශ් සංචාරයට පමනක් කියලා ඇහුනේ. මම හිතන්නේ සනත් එහෙම කරන්නේ නැහැ. (නදී)
ගාන වැඩ් නැහැ. පිටින් එක්කෙනෙක් ආවොත් ඔයිට වැඩිවෙයි ගාන.(නදී)
වාස් සහෝදරයා, සල්ලි පස්සෙම යන්න එපා.(නදී)
වාස් අපේ වටිනා වස්තුවක්.ඔබට සුබ පැතුම් (දී)
නියමයි සනත්. හොද තීරණයක් (දී)
ගාන තමයි වැඩි. ලක්ෂ නමය හමාරක් ඉල්ලවලු නේද?(නදී)
හොද වැඩක්. අපේ දේ අපිට වටිනවා. (දී)
වාස් කියන්නේ අපේ වටිනා වස්තුවක් ඒක රැක ගන්න ඕන දෙයක්. දිගටම තියාගන්න.(නදී)
ඔබට ජයවේවා!(නදී)
තරුණ ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න පුලුවන් කාලයක් ඇවිදින්.(නදී)
මේවට තමයි කියන්නේ සිරිලක දේ සිරිසැපදේ කියලා. ජයසූරියට හරි කෙලින් තීරන ගන්න ඉඩ දීම ගැන අපගේ සුභපැතුම්!(නදී)
වාස්. ඔබට සුබ පැතුම් (දී)
ඒකට විතරක් නෙමෙයි, හැමදාටම වාස්ව ඕනේ.(නදී)
දක්ෂ පන්දු යවන්නන් බිහි කිරීමට හොද අවස්ථාවක්. මේක ක්‍රිකට් ආයතනයේ වගකීමක්.(නදී)
සිය රට දේ සිරි සැප දේ නියම තීරණයක්!(නදී)
නියමයි වාස්!(නදී)
දිගටම තියාගන්න බලමු.. සුභ පැතුම්..!(නු)
ලංකා කණ්ඩායමට හොද කාලයක් (දී)
සුදුස්සාට නියම තැන ලැබිලා (දී)