IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෙස‍ක් අසිරිය රෝහලට

වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද බැති ගී ගායනා කළහ. වෛද්‍යවරු කණ්ඩායමක් බැති ගී ගයද්දී තවත් වෛද්‍යවරු පිරිසක් සංගීතය ලබාදුන්හ. රෝහලේ වාට්ටුවෙන් වාට්ටුව යමින් ඔවුහු ගී ගයමින් රෝගීන්ට සෙත් පැතූහ.



අදහස් (0)

වෙස‍ක් අසිරිය රෝහලට

අජිත් Wednesday, 22 May 2013 09:42 AM

තෙරුවන් සරන ලැබේවා ඔබ සැමට! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 22 May 2013 09:46 AM

රෝගීන්ගේ සිත් සතන් සතුටු කරන්න මෙම ක්‍රියාව ඉතා අගෙයි. (නි)

:       0       0

හේරත් Wednesday, 22 May 2013 03:10 PM

දොස්තරවරු මිහිපිට දෙවියන් ලෙස හැදින්විමට පුළුවන. ආයුරක්ඛන්තු ආවඩා! ඔබට ජය! (නි)

:       0       0

නීල් Wednesday, 22 May 2013 10:30 AM

වෛද්‍යවරු බෙරගහනවා, වෛද්‍යවරියන් ගායනා කරනවා. නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා නටනවා. තව කෙනෙක් රතු පටිය ඉනේ බැඳ තාලෙට අඩි තියමින් දුම්මල ගහනවා. බටහිර වෙදකම ලංකාවේ නොතිබුණු ඒ කාලෙත් ආතුරයන්ව සුවපත් කළේ ඔයවිදිහටම තමා. අපරාදේ මේ රටේ මිනිසුන්ගේ සල්ලි. (නි)

:       0       0

කසුන් Saturday, 25 May 2013 08:31 PM

ඔබ වහන්සේලාට බොහොමත්ම පින්. වෛද්‍යවරු සදසේ බැබලේවා, දිනේවා!. ලෝකෙම දුක නිවන්න යෝධ බල විර්යය ලැබේවා. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා, ලෝකයේ ඉහලම තැන හදවතෙත් මොල්යෙත් ඉහලම තැන ඔබලාය. අපි ගොඩක් අදරෙයි. ඒ වගේම ගොඩක් ගරු කරනවා.(නදී)

:       0       0

අනිල් Wednesday, 22 May 2013 10:56 AM

මේ ආදර්ශය උතුම් හොද වැඩක්. අනාගතයේ අපේ දරුවන් අම්මේ, වෙසක් කියන්නේ මොකක්ද , කියලා විමසන කාලයක් උදාවේවි .මේවා සැම වසරකම කලයුතු දේවල්. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 22 May 2013 10:59 AM

මම මේ අපහාසයට කියනවා නෙමෙයි, මොකද මම කියන්නේ තිත්ත, අපි අහන්න පිළිගන්න කැමති නැති, එහෙත් ඇතුලාන්තයෙන් අපිට දැනෙන ඇත්ත. මේ මිනිස්සුන්ගේ කිසිම "ලස්සනක්" නැහැ. ඇහැට ප්‍රිය නැහැ. මේ තමයි මට තේරෙන විදියට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට එක එකා නොරුස්සන්නෙත්, ඔය නෝනලා ඔහොම අද සින්දු කිව්වට හෙට ලෙඩ්ඩුන්ට බනින්නෙත් ඒක නිසා කියලා තමයි මට වැටහෙන්නේ. පැහැපත්, ලස්සන රුප ලක්ෂණ ලැබෙන්නේ පෙර කරපු පින්වල බලෙන් කියල තමයි බුදු බනේ තියෙන්නේ. මම හිතන්නේ අපි ඇවිල්ලා පෙර ආත්මවල පින් කරපු කට්ටිය නෙමෙයි. අපේ රූප ලක්ෂණ වලින් ඒක හොඳට පේනවා. (නි)

:       0       0

හේරත්-නිකරවැරටිය Wednesday, 22 May 2013 11:07 AM

මම දකින විදිහට දොස්තරවරු මිහිපිට දෙවියන්. අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන්ම නුවරඑලිය රෝහලේ මට උදව් කළ අයට මගේ හද පිරි ස්තුතිය. .දිර්ගායු වේවා! බොහොම පින්. (නි)

:       0       0

සැම් Thursday, 23 May 2013 12:14 PM

සල්ලි මත පදනම් වූ ජීවිත මිහිපිට අපායක් (අ)

:       0       0

මිගිද Thursday, 23 May 2013 01:16 AM

අර මාතරින් මාරු කරපු ලෙඩා මේ ගොල්ලෝ බාර ගන්න බැහැ කියලා පස්සේ කොළඹ යැවුවා. පස්සේ ඒ ළමයාගේ අතක් කපන්න වුණා. එදා ඒ දොස්තර නිවාඩු නැතුව ගමනක් ගිහිල්ලා. දැන් මේගොල්ලෝ සින්දු කියනවා ,බෙරගහනවා ,නටනවා. මිහිපිට දෙවියෝ ඉන්නේ ටිකයි . (නි)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 22 May 2013 11:50 AM

වෛද්‍ය වරුන්ට ඔයිට වැඩිය කාලෝචිත වැඩක් තියනවා කරනවානම් ජාතික රුපවාහිනියේ ඉරිදට යන නිර්සත්වයෝ කියන උසස් ගනයේ ටෙලි නාට්‍යය බැලුවනම්.(නදී)

:       0       0

සෑම් Wednesday, 22 May 2013 11:50 AM

නිලා වගේ අය ඉන්නේ මිනිසුන්ට ගරහන්න. අගය කළ යුතු අය අගය කරන්න නෙමෙයි.(නදී)

:       0       0

බුද්ධික Tuesday, 21 May 2013 11:22 PM

නියම ඉසිවරු.(නදී)

:       0       0

අනුරාධ. Tuesday, 21 May 2013 11:39 PM

ඔය නෝනලාත් මහත්වරුත් කරන වැඩ දෙකෙන්ම කරන්නේ මනුෂ්‍යන්ගේ සිතත් ගතත් දෙකම සුවපත් කරන එකයි. ඔබලාට පින්! (නදී)

:       0       0

රුසිරු Wednesday, 22 May 2013 05:01 PM

ටිරාන් මේක සිංහල බෟද්ධ රට. වෙසක් එකට භක්ති ගීත කියන්නේ නැතුව නත්තලට කියන්නද කියන්නේ. රෝහලේ ඉන්න බහුතරය බෞද්ධ නම් ඒ අය මේකට කැමතිනම් ඔයාට තියන ප්‍රශ්නේ මොකද්ද. සෞදිය මුස්ලිම්ලාගේලු, එංගලන්තේ ඉන්ග්රීසින්ගේලු. ඒ වගේ තමයි ලංකාව සිංහලුන්ගේ. අනිත් අයට සහයෝගයෙන් ඉන්න පුළුවන් හැබැයි අයිතිවාසිකම් කියන්න බැහැ. අන්න ඒක තේරුම් ගන්න.(නදී)

:       0       0

අනුර Wednesday, 22 May 2013 12:39 AM

මේ වෙසක් සතියේ අගය කළ යුතු වැඩක්. සියළු දෙනාටම පින්.(නදී)

:       0       0

චන්දි Wednesday, 22 May 2013 01:26 AM

ෂා! නියම දොස්තරලා ටිකක්නේ. අනේ වාසනාවන්, ලෙඩුන්ටත් හරි සතුටු ඇති නේද? අපිටත් සතුට දැනුනා. සුබ වෙසක් මංගල්‍යයක් වේවා, දොස්තර මඩුල්ලටත් ලෙඩුන්ටත් ලංකා වාසි සැමටත්! (නි)

:       0       0

රනුක ලසන්ත Wednesday, 22 May 2013 01:59 AM

ගොඩක් වටිනා පිංවන්ත ක්‍රියාවක්. ගතින් රෝග වී සිටින අසරණ අයගේ සිත සුවපත් වේවා. (නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 22 May 2013 02:03 AM

කෝ වර්ජනයක් තියනව කිව්වට භක්ති ගී ප්‍රසංගයක්නෙ තිබිල තියෙන්නෙ.(නදී)

:       0       0

චාමික Wednesday, 22 May 2013 05:14 AM

උසස් ක්‍රියාවක් මහත්වරුනි.(නදී)

:       0       0

ජෙරාඩ් Wednesday, 22 May 2013 06:52 AM

ඉතා හොඳ වැඩක්. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජෙයම් Wednesday, 22 May 2013 06:58 AM

නියම ඉසිවරු.උසස් ක්‍රියාවක් මහත්වරුනි. (නි)

:       0       0

රනිල් Wednesday, 22 May 2013 07:03 AM

ආදර්ශමත් වැඩක්! අගය කළ යුතුයි (නි)

:       0       0

අරුණ Wednesday, 22 May 2013 01:59 PM

මේ ඇතිවූ පහන් සිතුවිලි ,සේවා කාලය පුරාවටම අසරණ වූ ලෙඩුන් වෙනුවෙන් දෙන්න. එයයි නියම භක්ති ගීතය. සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

වරුණ Wednesday, 22 May 2013 07:56 AM

නමුත් හැමෝගෙම මුහුණු වල අවංක සිනාවක් තිබුනා නම් මේ කරපු දේ 100% සාර්ථක වෙනවා. මොකද ඒක රෝගීන්ටත් මානසික නැග්මක්, කරපු දෙය අගය කරනවා (නි)

:       0       0

හේමන්ත Wednesday, 22 May 2013 08:00 AM

බොහොම පින් ක්‍රියාවක්. හරිම සන්තෝෂයි. ආදර්ශමත් වැඩක්. (නි)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 08:25 AM

මේ කරුණා පෙරදැරි මානසිකත්වය වෙසක් සමයෙන් පසුවත් ඔබතුමන්ලා තුල පවතීවා! (නි)

:       0       0

අතුල Wednesday, 22 May 2013 08:57 AM

ඉතාමත් ශ්‍රේෂ්ට දෙයක්. වෙදකම වගේම මානසික සහනය දීමත් ලොකු පිනක්. (නි)

:       0       0

දිනුක Wednesday, 22 May 2013 09:14 AM

පවු අහිංසක ලෙඩ්ඩු ටික (නි)

:       0       0

ටිරාන් Wednesday, 22 May 2013 09:29 AM

මේ වගේ වැඩක් අන්‍ය ආගමකින් කලොත් නම් ඉවසන්නම බැරී වෙනවා අපේ ඇත්තන්ට (නි)

:       0       0

නීල් Thursday, 23 May 2013 11:08 AM

වැරදියට වටහාගන්න එපා. මම මිනිසුන්ට ගරහන්නේ නැහැ, එහෙත් විවේචනය කළ යුතු තැන එසේ කරනවා. මගේ බිරිඳත් වෛද්‍යවරියක්. ඇය නම් වෙසක් දිනයේදීත් කරන්නේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රෝගීන් බලාගැනීම. මේ සිදුවීම තොවිලයකට උපමා කලේ වෛද්‍ය ක්‍ෂ්ත්‍රයේ අඩුපාඩු උපහාසයට ලක්කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 921 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 432 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 942 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3440 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 610 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site