වෙසක් පොහොය නිමිත්තෙන් අද පවැත්වූ දන්සල් අතරින් 282 ක සංවිධායකයන්ට අවවාද කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා කියයි.
වෙසක් දින දෙක තුළ දන්සැල් පවත්වන්නේ නම් ඒ බව දන්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මීට පෙර ඉල්ලීමක් කර තිබිනි. ඒ අනුව දිවයින පුරා දන්සැල 4876 ක් පවත්වන බව එම සංවිධායකයින් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දන්වා ඇත. නමුත් ඊට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් රට පුරා පැවති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මෙසේ පවත්වා ගෙන ගිය දන්සැල් අතරින් දන්සැල් 2424 ක් අද දහවල් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කළහ. ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1200 ක් සේවයේ යොදවා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු බොහොම උනන්දුවෙන් දන්සැල් පරීක්ෂා කොට මහජනත්වට පිරිසිදු දානයක් ලැබීමට සැලැස්වීම ගැන සතුටුයි. මේ උනන්දුව හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් නොමැත්තේ මක්නිසාද? හෝටලයේ කුස්සියට යාමට පෙර කවුන්ටරයෙන් ලැබෙන යමක් ඉදිරි ගමන වලක්වන නිසාද? මෙම නිලදාරීන් මෙම වෙසක් පොහෝ දින වාර්තාවක් තබා ඇත. එක දිනක් තුල කළ වැඩිම වැටලීම් ප්‍රමාණය කිරීමෙනි. සාමාන්‍ය දිනකදී රට පුරා කරන වැටලීම් ප්‍රමාණය මෙයින් 1/10 වත් වෙනවා නම් අපායන් වැනි හෝටල් පිරිසිදු හෝටල් බවට පත්වෙනු නිසැකයි. මට නම් පෙනෙන්නේ යහපත් සිතින් යමක් කිරීමට උත්සාහ කරන රට වැසියන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් තම බලය පෙන්නා ඇති බවයි. (නි)
සෆ්රාස මහත්තයෝ උසස් නිලදාරීන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවනම් වැරදි කරන එක එකාගෙන් ගුටි කන්න වෙන්නේ නැහැ. මම ලබපු ඇත දැකීම් අනුවි මෙහෙම කියන්නේ. (අ)
අනේ පින් ඇති මහත්තුරුනේ කරපු දේ වැදගත්. නමුත් දන්සල් කියන්නේ මිනිස්සු නොමිලයේ කන්න දෙන තැන්නේ. දුර ගමන් සේවා බස් රියදුරන් මගීන්ගේ මුදලින් පිනට කන ආපන ශාලා ටිකත් පරීක්ෂා කරන්නකෝ. ඊයේ මම අනුරාධපුර සිට එද්දී වේවැල්දෙණියේ නෙව් බුහාරි හෝටලය ළඟ තමයි බස් එක නැවැත්තුවේ. රාත්‍රි 12 ට විතර ඇති මුත්‍රා කලේ මහා පාරේ අයිනේ. වැසිකිලි ඒ තරම්ම පිරිසිදුයි. බස් 5 ක් විතර නවත්වල තිබුනා. මට ඉතින් ඔබලාව විතරක් නෙවෙයි මේකට ගොඩනැගිලි අනුමැතිය දුන් වැඩ අදිකාරිය සහ පරීක්ෂකවත් මෙවැනි තැන් ගැන හොයනවා කියලා උඩු බුරන පරිපාලන ලොක්කන්වත් මතක් උනා.(නදී)
දන්සල් නිකන් දෙන්නේ. ඔය සල්ලි ගෙවලා කන තැන්වල හොයලා බලන්න. කුස්සියට ගියාම කෑම එපා වෙනවා. පිනට දෙන දෙවල් වලට හොම්බ දානවා.(නදී)
මෙයිට වැඩිය හොදයි හෝටල්වල පිරිසිදු කම ගැන සොයාබැලුවා නම්.(නදී)
දන්සල් හැමදාම නැහැනේ. දවසකට,දෙකට අපිරිසිදු වෙනවද? අර අවුරුදු ගණන් පල්වෙන හෝටල් ගැන තමා ඔය කියන පරීක්ෂකවරු හොයල බලන්න ඕනෑ.(නි)
සෆ්රාස් , ඔයා හිතවාද මුතුකුඩලා මෝල් ගස් වලින් ගුටිකයි කියලා. (නි)
මේවා බොරු වැඩ. වැඩක් ඇති දෙයක් කරන්න ඕනේ.(නදී)
මේ දන්සල් සෙල්ලමත් සල්ලි ගසා කන වෙළඳ ව්‍යාපාරයක්. වෙසක් කාලෙට සල්ලි එකතු කරලා කොටසක් තමන්ගේ යටි මඩියට දමා කෑමට නුසුදුසු ආහාර දෙනවා. ඒත් හැමෝම නෙමෙයි. අවංකව කරන කොටසක්ද සිටිනවා (නි)
කට්ටිය එහෙනම් දන්සල් 2000කින් විතර කාලා මේ කියන විදිහට.(නදී)
මේකටත් හොඳ වැඩක් කියලා දානවා, විශේෂයෙන් අනුර හැමදේටම(එහෙමයි). ප්‍රතිපත්තියක් නැහැ. අවුරුදු 2500 ක් තිස්සේ දන්සැල් දුන්න මේ රටේ මොකද මේ හදිස්සි පරීක්ෂණ? මේක මොකක්හරි කුමන්ත්‍රණයක්. අපිට තේරෙන්නෙ නැහැ, අවවාද දෙන්නේ හැමදාම දන්සල් දෙන්න කියලද (නි)
හොද වැඩක්. ඒත් පිළිවෙලට ,පිරිසිදුවට කලොත් ගොඩක් පින්. (නි)
ගොඩක් හොඳ වැඩක්.(නදී)
පරීක්ෂක වරු විරුද්ධව වැඩ කලොත් මෝල් ගස් ගුටි කන්න වෙන්නේ. මතකද මුතුර් වල ? (නදී)
අවවාද කරලා මොනවා කරන්නද? අයෙමත් හෙට නැහැනේ. බොරු වැඩ.(නදී)
නමුත් 365 දවසෙම ඇරලා තියෙන නගරවල ප්‍රසිද්ධ ස්ථානවල ඇති ආපන ශාලා , වල මුලුතැන් ගෙවල්වල් පිරිසුදුකම ඉතාම නරකයි. ඒවායේ වැසිකිලි වල තත්වය ශෝචනියයි. (නි)
වැඩේ නම් බොහොම හොදයි. අපෙන් සුබ පැතුම්!(නදී)