වෙසක් දන්සල් දෙන සියලු දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය නීති අකුරටම පිළි පැදීමේ වැදගත්මක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
සියලුම දන්සල් පරීක්ෂා කරන බවත්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 960 දෙනකු මේ සඳහා යොදවන බවත්, කෑමට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශ කර බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කළ යුතු වැඩක්. දනට දුන්නා කියා ලෙඩ බෙදන්න අවශ්‍ය නෑනේ..(ස)
ඉතාමත් පෑසසිය යුතු කරුණක්. (ස)
එතකොට සල්ලි දීලා කන ලංකාවේ හෝටල් වලට මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවද කියන එක නැවතත් සිතා බැලිය යුතුයි. අත යට ගනුදෙනු නිසා පාරිබෝගිකයාට කවදාවත් සාධාරණයක් නැහැ (නි)
03න් වතාවක් කෙල ගහළා වස් දොස් යවලලු ඕවා දෙන්නේ. අනික මන්ත්‍ර ජප කරලා පෙරේතෙයොත් ගෙන්නලාලු ඕවා බෙදන්නේ. (නි)
ලංකාවේ හෝටල් වලත් දන්සල් කියල හිතල පරීක්ෂා කරන්න. විශේෂයෙන් කෑම කඩ වටලන්න.(ස)
තරු පහේ හෝටල් වගේ කෑම බලාගෙන නෙවෙයි දන්සල් වලට එන්නේ. බොහොම ශ්‍රද්ධාවෙන් කරන පුජාවක්නේ. ඒවායින් කෑවට ලෙඩ වෙලා නැහැ කවුරුවත්.(නදී)
වැදගත්, මෙය කාගේත් සිත් නොරිදන පරිදි කල යුතුයි. විශේෂයෙන් දන්සැල් දෙන්නේ සද්භාවයෙන්, ඔවුන්ගේ ගෞරවය රැකිය යුතුයි. සංවිධායකයින් විසින්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට නිරීක්‍ෂකයින් ලෙස ආරාධනා කිරීම වැනි ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. ගැටුම් ඇතිවීම වලක්වමින් බුද්ධිය මෙහෙයවා කටයුතු කරමින් දන්සැල් දෙමු!.(නදී)
හොඳ තීරණයක්. විශේෂයෙන් අහර පිසීමට හා බීමට යොදා ගන්නා ජලය ගැන.(ස)
දන්සල් දෙන්නේ සර්ධා භක්තිය ඇතු. කෑම බීම ඉතා පිරිසිදුවට හදනවා. බීමට සපයන ජලය තමයි ප්‍රශ්නය. ඒක නිසා ජල සම්පත් මණ්ඩලය, නගර සභාවන් ඒ ගැන නිසි වැඩ පිළිවෙලකට යායුතුයි. විශේෂයෙන් පොසොන් වලට අනුරාධපුරේ දන්සල් වලට සපයන ජලය ගැන වැඩි සැළකිල්ලක් දැක්විය යුතු වෙනවා. (නි)