ස්වීඩනයේ ශ‍්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පිරිත් පින්කම් මාලාව මෙම මස 18 වෙනි සෙනුසුරාදා පස්වරු හයට ස්ටොක්හොල්ම් හි පිහිටි ස්වීඩන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම මහගු පුන්‍ය කර්මය සඳහා සහභාගී වන්නැයි ස්වීඩන්හි ශ‍්‍රී ලංකා තානාපති ඕෂධී අලහප්පෙරුම මහතා විසින් ස්වීඩනයේ වෙසෙන සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩින් තියන අදහස් දැක්කම පින් සිතිවිලි උපන් ගෙයිම මලා. (ස)
අපි වෙසක් එකට මෙම පිරිත් පින්කම් මාලාව කරන්නේ බෞද්ධයන්ට. අපේ ශාස්තෘන් වහන්සේ සිහිකරලායි කරන්නේ. මේ වගේ හොඳ වැඩ කරන අපි එදාට බාබේරියන්ස්ලා වගේ සත්තු මරන්නේ, වයින් බොන්නෙත් නැහැ (නි)
මාල දිවසිනෙත් තානාපති කාර්යාලයක් තියෙනවා. මෙලෝ වැඩක් නැහැ. අවුරුදු දෙකකින්වත් අවුරුදු උත්සවයක් නැහැ. වෙසක් එකට වත් ධර්මදේශනාවක් තියයිද දන්නේ නෑ.. හැබැයි ඒ අය සාජ්ජ නම් දානවා.(නදී)
ශිලා
මේවා කරන්න ඕනි වැඩ. සමහර රටවල එම්බසි තිබුනත් නැහැ වගේ. ඉන්දුනිසියාවේත් ඒ වගේ. මෙලෝ වැඩක් නැහැ. මේවට හරියට වැඩ කරන ලොක්කෝ දාන්න ඕනා.(නදී)
මේ වෙසක් මසයි. අපි හැමෝම පින් සිතුවිලි ඇති කර ගන්න ඕනෑ. මේවට විරුද්ධව ලියන්න එපා. මේවට කැමති නැති නම් නිහඩව ඉන්න. හැදු වැඩු දෙමුපියන්යන්ට බැනුම් අස්සවන්න එපා (නි)
ස්වීඩන් තානාපති ඕෂදී අලහප්පෙරුම කියන්නේ ඩලස් අලහප්පෙරුම ඇමති තුමාගේ බාලම මල්ලි.(නදී)
සීලා ,රානි ,පද්මා, සුදීර සිංහල නම් වලින් පෙනී සිටියට සිංහල කමක් නැහැ වගේ කියලයි ලියලා තිබෙන දේවල් දුටුවම හැගෙන්නේ (නි)
මේ ගොල්ලෝ ආගමික ප්‍රචාරයක් කරනවා කියන්න බැහැ. මොකද ඔයිට වැඩිය දේවල් තියෙනවා රට වෙනුවෙන් කරනවා නම්. චැනල් 4 පෙන්නුවා මෙහෙ ටීවී වල. එතකොට තිබුනනේ ආරක්ෂක අමත්‍යංශයේ වැඩ සටහනක් ගෙනැල්ලා අඩු ගනනේ ටීවී වලට දෙන්න. එතකොට ලංකාව මිනි කන්නන්ගේ දේශය විදිහට ලංකාව ගැන ඩෙන්මාර්කයේ පාර්ලිමේන්තුවේ ලංකාවේම අය ගිහින් කතා කළේ. ඒවාට එරෙහිව අවම මට්ටමකවත් වැඩ පිළිවෙලක් වෙන්න වුවමනායි. (නි)
බොහොම හොදයි ....
මේකට කියන්නේ ආගමික ප්‍රචාරයද, අන්‍යාගමිකකරණයද, හරවාගනිමද, සත්‍යාබෝධ කිරීමද?.(නදී)
කාලීන වැඩක් (නි)
සීලා ,රානි ,පද්මා, සුදීර කියවා බලා තේරුම් ගන්න. මෙය ශ්‍රී ලාංකිකයන්ට කර ඇති ආරාධනයක් පිරිත් සජ්ජායනයක් සදහා සහභාගී වෙන්නේ ශිංහල බෞදයන් පමණි. මෙය කෑමකට ආරාධනාවක් නොවෙයි.(නදී)
සුධිරට අම්මා කවුද පියා කවුද වගේම වම දකුණ පැටලිවිලා ඉන්නේ.(නදී)
ශීලා, ඕනෑම රටක තානාපති කාර්යාලයකට අයිතියක් තියෙනවා තම රටේ ආගමික සංස්කෘතික පිලිවෙත් කරන්න. ඒක කොහොමද ආගමික ප්‍රචාරයක් වෙන්නෙ? අනේ නොදන්න දේ කතා නොකර ඉන්නකෝ. (නි)
සුධීර කියලා එක එක නම් වලින් එන අන්‍ය ආගමිකයාට ලැජ්ජා නැද්ද? බෞද්ධයෙක් වගේ පෙනී හිටලා හැම තැනම මේ වගේ කැත කරන්න. ඔයාලගේ ආගමේ වැරදිම තමා මේ පෙන්නන්නේ (නි)
සේනාවට ලැජ්ජා හිතෙනවද දන්නේ නැහැ කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතිව කීවට. ලෝකේ රටවල් මොන තරං ආගම ගැන නිදහස් ප්‍රතිපත්ති අනුගමනය කරනවාද කියලා ඇමරිකාවෙන් වත් ඉගන ගෙන ආවානම් හොදයි.(නදී)
අන්න කුහක කම. මෙහෙ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පල්ලි වහන්ට කියල කෑගහන කටින්ම එහෙ පන්සල් ඇරලා බන දේශනා කරන ලස්සන.(නදී)
සුද්දන්ගේ රටවල් වල ආගමික ප්‍රචාරේ කරනවාය කියලා එහෙ සේනාව පාරවල් ගානේ හු තිය තිය යන්නේ නැද්ද.(නදී)