විශ්වකර්ම මූර්ති ශිල්පියකු සේ සැලකෙන කලා කීර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතා තවත් අගනා කලා නිර්මාණයක් බිහි කරයි.
ගෞතම බුද්ධ ශීර්ෂය ඔහුගේ දෑතින් නිම වූ එම කලා කෘතියයි.
අඩි තුනයි අඟල් දෙක හමාරක් උසැති එම මූර්තිය ඝණ තඹ තහඩුවෙන් නිම කර ඔපමට්ටම් කර වැඩ අවසන් කිරීමට විවිධ බර මිටි වර්ග යොදා අඩු ගණනේ මිටි පහර දෙලක්ෂයක් පමණ ගසන්නට ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඇතුළු කලා කෘති රැසක් ඔහුගේ නිර්මාණයෝය.
දකුණු කළුතර වසන ඔහු ජනාධිපති සම්මාන ලාභියෙකි.
මිල කළ නොහැකි මෙම කලා කෘතිය වෙසක් පෝයට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිට තිලිණ කිරීමට අදහස් කරන බව ඔහු කියයි..jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කලාගාරයට හෝ දළදා මාලිගාවට දුන්නොත් මහජන උපහාර ලැබේවි. (නි)
ඔබතුමාගේ වීර කම ගැන ආඩම්බරයි.(ස)
සිසිරගේ අදහස හා එකඟයි. ඔබ හරි.(ස)
මෙය ශිල්පියාගේ කැමැත්ත වුවත් ඉන් පසු ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැන මදක් හිතුවනම්. මොකද නිර්මාණයක් රසවිඳින්දනයටත් බාදාවක්.(ස)
අපේ රටේ විශිෂ්ට නායකයාට ඕක දෙන්න. ඔබට ජය ! (ස)
රටේ මෙච්චර වැදගත් සිද්ධස්ථාන තියෙද්දි ඇයි ඔබතුමා මේ වගේ තීරණයකට ආවේ..? (ස)
සිසිර කියන දේ හරියටම හරි. අපිත් එකග වෙනවා ඔහුගේ අදහසට.(ස)
ඕක දහසක් පින්වතුන් වඳින කළුතර බෝධියට පූජා කරන්න. කලා කරුවන් ගේ සබැ අගය දන්නේ බල ලෝභී දේශපාලකයන් නොවේ, උදේ හවස මේ මහපොළොවේ පය ගහල ඉන්න පොදු ජනතාවයි.(ස)
ඕක රනිල් මහත්තයට දුන්නා නම් හොඳ නැද්ද? (නි)
සිසිර කියපු දේ තමයි මටත් සිතුනේ. කලාව බලයට යට වීම කලකෘතියට කරන අවමානයක්. (නි)
ගොඩක් කට්ටිය මෙතුමාගේ පිනෙන්ම කඩේ යන්න හදනවා වගේ (අ)
මට නම් හිතෙන්නේ බුදුන්ගේ සිරස නිර්මාණය කිරීම බලවත් වැරැද්දක් හා පාපයක් කියලයි (නි)
ඉතාම වටිනා අගය කල යුතු වැඩක්. අපේ තරුණ පරම්පරාවට හොද ආදර්ශයක්. ඔබතුමාට දීර්ඝායුෂ. (ස)
මිටි පාරවල් දෙලක්ෂයක් ගහන්නේ බුදු හිමියන්ගේ මුහුණට නමුත් මෙතැන චේතනාව පිරිසිදුයි. එනිසා අවදි සිහියෙන් සිටීම වැදගත්. උස්සස් නිර්මාණයක්. (ස)
බුදුන්වහසේ දේශනාකළේ තමන්වහන්සේගෙන් පසු එම තැන ගන්නේ බුදුදහම බවයි. එසේනම් වන්දනාව පිණිස භෞතික නිර්මාණයක් ලෙස වඩාත් යෝග්‍ය වන්නේ තම තමන්ගේ හැඩතල ආරෝපණය කර නිර්මාණය කරණ බුදුපිළිම වලට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරුපනයවන ධර්ම චක්‍රයයි.(ස)
මත්තල ගුවන් තොටුපොළේ වැඩ වසන පිළිම වහන්සේ දැක්කම තේරෙනවා රටේ මොන තරම් තරඟයක්ද තියෙන්නේ කියා නමුත් ඒවාට 'බුදු පිළිම' වලින් ලන්සු තැබීම හරිද? මෙම නිර්මාණ ශිල්පියාගේ උසස් නිර්මාණය මම ඉතා අගේ කරනවා.(ස)
නිදුක් නිරෝගී දීඝායු වේවා !(ස)
මෙහි අදහස් දමන සම"හරක්" අයට ජිවත් වන්නට ජිවය දුන් දෙමව්පියනුත් යමපල්ලන් විය හැකිය. ' එලියට ගොස් පණපිටින් ගෙදර එන්නට නොලැබෙන, ජිවත් වන රට අහිමි වෙමින් පවතින මොහොතක රටත් ජනතාවත් ගලවා ගන්නට එඩිතර තීරණයක් ගත් නායකයකුට එසේ අගෞරවය කළ හැක්කේ යමපල්ලකුගේ දරුවකුට හෝ ප්‍රබාකරන් නැමති මිලේජ්ජ ත්‍රස්තයකුගේ අනුගාමිකයකුට පමණි. මෙම අයට ප්‍රබාකරන්ව තමාගේ පියාණන් වගේ පෙනෙනවා ඇති. (නි)
'කෝ පෘෂ්ඨවංශික අපේ පිටකොන්ද?' (නි)
අපි නුගත් වෙන්න පුළුවන්. ඔය කට්ටිය මට මේක කියන්න, ඔය නිර්මාණය බුදුන් වහන්සේගේ නොවුනා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහොම යන්! (නි)
මමත් ජෙෆ් ගේ අදහසට එකග වෙනවා. (නි)
මේ නිර්මාණය අගය නොකර වෙන දේවල් කියවනවා.(නදී)
මේයා වගේම අපේ පරණ කලා කරුවොත් අවුකන, සමාධි, වගේ පිළිම රජගෙයි ඇතුලේ හැදුවේ නැත්තේ ඇයි?(නදී)
සිසිර, ඔයාගේ මෝඩකම මහමෙරටත් වඩා ලොකුයි. නිර්මාණයක වටිනාකම දෙන කෙනා අනුව වෙනස් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් ඔය කියන විදියට සමාධි පිලිමය දුන්නත් වටිනාකම වෙනස් වෙන්න එපායැ.මෝඩ අදහස් දමලා පල් වෙන්න එපා.ලංකාදීප බොහෝ දෙනෙක් බලනවා. (නි)
ඔබට දීර්ගායු ,ඔබ තුමා අපිට ආදර්ශයකි.(නදී)
ඇත්තටම ඔබතුම ජාතික සම්පතකි. මෙවෙනි නිර්මානයක වටිනාකම තක්සේරු කල නොහැකිය. මගේ සුභ පැතුම්!(නදී)
ඕක දළදා මාලිගාවේ තිබ්බොත් අපිටත් දැක බලාගන්න පුළුවන් වේවි. (නදී)
ශ්‍රී සම්බුදු ශීර්ෂය නිර්මාණය ඇත්තෙන්ම විශ්වකර්ම වැඩක්ම තමයි. ඔබ තුමාට දීර්ගායු වේවා! (ත)
මෙතුමා බෟද්ධයෙක් නේද? නැත්නම් අපේ සේනාවේ අය මේකෙත් වැරද්දක් දකී.(නදී)
ඔබ තුමාට වටින්නෙත් රජ ගේ විතරද ? සාමාන්‍ය ය තැනක තිබුනොත් අපිටත් දකින්න පුළුවන්.(නදී)
නියමයි.(නදී)
විශිෂ්ඨ නිර්මාණ කරුවෙක් උනත් ,වැඩේ කරලා තියෙන්නෙ ලකුණු දාගැනීමේ චේතනාවෙන්. නැත්නම් ඕක ඔය යමපල්ලෙකුට පූජා නොකර අඩුගානේ දළදා මාළිගය හෝ එවැනි පුජනීය තැනකට පූජා කරන්න තිබුනනෙ. ඕකෙන් වෙන්නේ නිර්මාණ කරුවා ගැන මිනිසුන් තුල නොපහන් සිතක් පහළවීම විතරයි.(නදී)
හරියටම මගේ හිතේ තිබුණු දේ සීසර හරියටම කතාවෙලා වගේ කියල තියනව.(නදී)
සිසිර කියන්නේ මහා නුගත් කෙනෙක් කියල මම අද දැනගත්තා.(නදී)
සිසිරට බනින්න එපා. අප අතර ඔය වගේ මන්ද බුද්ධිකයන් එමට ඇත. ඔහුගේ මන්ද බුද්ධිකභාවය ඔහු එලි දක්වා ඇත. කලාකිර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතාට අපගේ ප්‍රණාමය පුද කරමු. දිර්ගායුෂ ලැබේවායි පතමු! (නි)
අගේ කළ යූතූ කර්ථවයක්.(නදී)
නලින් ඔබත් හොදට කඩේ යන්න දක්ෂ කෙනෙක් වගේ මට පේන්නේ. සිසිර කියන දේ සහතික ඇත්ත. අපිත් ආසයි මේ වගේ උසස් කළා නිර්මාණයක් දැක බලාගන්න. එත් සාමාන්‍ය ජනතාවට රජ ගෙදර යන්න ඉඩක් නැහැනේ. දළඳා මාලිගාවට පූජා කලානම් මොන තරම් පිනක්ද?(නදී)
ලංකාවේ මිනිහෙක්ගේ යහපත් වැඩක්, යහපත් කෙනෙකු අතට පත්කිරීම කුහකකමින් දකින සිසිරලා වගේ පුද්ගලයෝ මෙම ලෝකෙට බිහිවුණේ මොන කරුමයකටද කියලා හිතා ගන්න බැහැනේ මට (නි)
සරත් කියන කෙනා ඊටත් වඩා නුගත් කෙනෙක්. සිසිර ඔබ අශිෂ්ටයෙක්. නැතිනම්, ඔබ කොටියෙක්, නැත්නම් කෙලෙහිගුනයක් නොදත් සිංහලයෙක්. (නි)
නලින් සිසිර නුගත් වන්න පුළුවන් එත් බුද්දිමත් කියල පේනවා .(නදී)
සිසිර නමින් පෙනී සිටියාට ප්‍රභාගේ නෑදෑයෙක්ද කොහෙද? එහෙමත් නැත්නම් අවුරුදු 30 විතර ලංකාවෙන් පිට රටක ඝන කැලෑවක ජීවත්වූ නූගත් මිනිහෙක්.(නදී)
සිසිර, ඔයා ගැනත් නොපහන් සිතුවිල්ලක්නේ පහල වුණේ අපිට. නිර්මාණය විශිෂ්ටයි. ප්‍රසිද්ධ තැනක තියන්න (දළදා මාලිගාවේ වගේ ) (නි)
සිසිර, සරත්, හරියටම මටත් මේ නිර්මාණය දැක්ක ගමන් හිතුනේ ඕකමයි. වටිනා කලා නිර්මාණයක් කළ ශ්‍රේෂ්ට කලාකරුවෙක් තමන්ගේ අගය අඩුකර ගත් හැටි. පව්!(නදී)
අයියෝ යමපල්ල කියන්න එපා. ඒක නින්දාවක්. නින්දාව කාටද කියල හිතා ගන්න. (නදී)
මෙතුමාගේ උත්සාහයට අපි අකුල් නොහෙලමු (නි)
සිසිර ඔබ හරි ඇස් නොපෙනෙන අය බොහෝ ඉන්නවා.(ස)