දෙපිරිසක් අතර සිදුවු ගැටුමක් බේරීමට ගොස් කඩුපහරකින් අත වෙන්වන තරමටම කැපී ගිය තරුණයා එසැණ පුවත් සමග පැවැසුයේ වෛද්‍යවරුන් යළි තමාට එම අත ලබාදුන් බවයි.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේදී මේ විස්මිත සැත්කමින් පසු ඔහු දැන් එහි සුවය ලබමින් සිටී. ඔහු පානදුරයේ කළුදෑවල 17 හැවිරිදි තරුණයෙකි.
දොස්තර තුෂාන් බෙනරගමගේ මගපෙන්වීමෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන, වෛද්‍ය සුසිල් කුමාර හා වෛද්‍ය තුෂාර මුණසිංහ යන මහත්වරු මෙම අත බද්ධ කිරීමේ සාර්ථක සැත්කමට මූලික වූහ.
”බද්ධ කිරීම් කියන්නේ ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාවේ එක කොටසක් විතරයි. තව බොහෝ විශ්මිත සැත්කම් වර්ග තියෙනවා. ඒ ගැන ජනතාව දන්නවා අඩුයි. ලංකාවේ තියෙන එකම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය තමයි කොළඹ ජාතික රෝහලේ අප සේවය කරන මෙම ඒකකය. පහසුකම් අඩු වුවත් අපි උපරිම කැපවීමෙන් රෝගීන්ට අවශ්‍ය සියලූ සැත්කම් මෙහි සිදු කරනවා යැයි ප්ලාස්ටික් ශල්‍ය වෛ්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය.
සමහර දවස්වලට පැය විසි හතරම අපි ඉන්නේ ශල්‍යාගාරයේ. එක දිගට ශල්‍යකර්ම කරනවා. අපිට හොඳ හෙද කර්ය මණ්ඩලයක් වගේම සුළු සේවක පිරිසකුත් ඉන්නවා. මෙම සැත්කම් පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම පිළීබඳ අපි මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා.
පූජනී ගුණසේකර හෙද සොයුරිය දිස්නා පණ්ඩිතරත්න, නිලූකා ගමගේ, ශාමා රාජපක්ෂ, අනෝමා හැන්දකුඹුර යන හෙද නිලධාරිනියෝද ජගත් පද්ම කුමාර ඇතුළු සුළු සේවක කාර්ය මණ්ඩලයද මෙම සැත්කම සඳහා විශාල මෙහෙයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අපෙ සම්පත්........ මොවුන් රැක ගැනීම අප සතු යුතු කමයි......
මිහිපිට සිටින දෙවියන් දුටිමි
වෙද ඇදුරාණෙනි, ඔබට අප සැමගේ ගෞරවය!
ස්තූතියි අපේ දොස්තර වරුන්ට !
මේ අපේ අල්ලපු ගමේ කොලුවාට ඉක්මන් සුචය ප්‍රාර්ථනා කරමි. ඒ සමගම මෙම විස්කම් සැත්කම කළ එඩිතර අපගේ වෛද්‍යවරුන්ට අපගේ උත්තමාචාරය පුදකරමු.
රන්ඩුව බේරන්න ගියාද? රන්ඩුවෙන්න ගියාද?
ඔබගේ සේවය මිල කළ නොහැකි තරම් විශිෂ්ඨයි. ඔබගේ දෑතට සහ කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි දොස්තර මහතාණෙනි
සේන , අපේ දොස්තරලා ගොඩක් දක්ෂයි
මිහිපිට සිටිනා දෙවිවරු ඔබයි...
ඔබ සියලු දෙනාට අපේ ප්‍රණාමය. තෙරුවන් සරණයි.!!!
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ පහසුකම් වැඩි කර දීමට අපි උදව් වෙමු. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතාගේ හෝ දොස්තර තුෂාන් බෙනරගම මහතාගේ නැතිනම් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දුරකථන අංකයක දන්නා කෙනෙක් ඇත්නම් මේ ඊමේල් එකට එවන්න.( [email protected])
ඔබ සියලු දෙනා අමිල වස්තූන්ය....
අපේ වීරයන්ට බුදු සරණයි
හැන්ඩි කොල්ලො තුන් දෙනෙක් ....
ඔබගේ දෑතට සහ කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි දොස්තර මහතාණෙනි
ඔබ වගේ දෙවිවරු තවතවත් ලොව උපදීවා.....
නර්ස්ලා ටික ෂෝක්
ඔබලා මිනිස් වෙස් ගත් දෙවියන්ය.ඔබලාට දළදා සමිදු පිහිටයි
පහසුකම් තියෙනවා නම් මෙයටත් වඩා දේවල් කරයි අපේ දොස්තරල... ඔබගේ සේවය තවදුරටත් මව්බිමට ලබා දෙන්න කියා ඉල්ලනවා...
මේ වගේ විශ්ව කර්ම දොස්තරලා ජාතියට ආඩම්බරයක් නිවන්දකින්න වෙන පින් අවශ්‍ය නැත.....
අපිට ආඩම්බරයක්
අපිට ආඩම්බරයක්
දොස්තරල ඇතුලු ඒ සියල්ලන්ටම නිවන් දකින්න මේ පිනම ඇති...
රටටම වාසනාවක්
මේ කොමෙන්ට් දාන අයම නේද දොස්තරලා ස්ට්‍රයික් කරන කොට කෑ ගහන්නේ ?? අපේ රටේ පාලකයන් මේ වගේ දක්ෂ වෙද්‍යවරු ඉංජිනේරුවෝ රටේ තියාගන්න උත්සහ කරන්නේ නෑ.
ඔබ තුමන්ලා වගේ දොස්තර වරුන්ට ප්‍රමානවත් වැටුපක් ගෙවන්නට තරම් අපේ රට පොහොසත් නොවීම අපිට දුකක්. නිදහස් අධ්‍යාපනයෙන් සෙවන ලබා,ජීවිතේ බොහෝ දේ කැප කල ඔබ තුමන්ලා ගේ හැකියාවන් මුදලට මිලදී ගත් වෙදදුරන්ට සම කල නොහැක. ඔබ ජාතියටම වාසනවකි.
නියමයි.නොපෙනෙන දෙවි ඔබයි
දෙවිවරු වන් වෛද්‍යවරු...
මුන්නැහේ කවදත් දක්ෂයා !
මෙන්න නියම ජිවකයෝ.
ඔබලා මිහිපිට දෙවිවරුන්ය..
ඔබගේ සේවය මිල කළ නොහැකි තරම් විශිෂ්ඨයි
ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය. යහපතක්ම වේවා
අත නියමෙට තියෙන්නේ.අපේ දොස්තරලා ගොඩක් දක්ෂයි
අපේ තරුණ දොස්තරලා ගොඩක් දක්ෂයි
මේක ව්ශිෂ්ඨ රැකියාවක්...
ඔබලා මේ රට දාලා යන්න නම් එපා
සැබැවින්ම ඹබලා දෙවිවරුය....නැවත අත ලද යහළුවාටද කියන්නට දෙයක් ඇත... මේ දුලභ වරමෙන් ලද අත තවත් නොවටිනා කාර්යයන් සදහා නොයොදවා...සාමකාමී අයෙක් ලෙස ජීවත්වන්න..
දොස්තර මහතාණෙනි, ඔබට අපේ සුභ පැතුම්...
අපි මේ සාවොම සැබවින්ම අගය කළ යුතුයි
කොළඔ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දොස්තර තුෂාන් බෙනරගම මහතාට, ප්ලාස්ටික් ශල්‍යවෛද්‍ය අමිල සිරිවර්ධන මහතාට, වෛද්‍ය සුසිල් කුමාර මහතාට, වෛද්‍ය තුෂාර මුණසිංහ මහතාට, පුජනී ගුණසේකර හෙද සොහොයුරියට, දිස්නා පණ්ඩිතරත්න, නිලුකා ගමගේ, ශාමා රාජපක්ෂ, අනෝමා හැන්දකුඹුර සොහොයුරියන් ඇතුළු ජගත්පද්මකුමාර මහතා ඇතුළු සුළු සේවක කාර්ය මණ්ඩලයටත් සුවය ලබමින් පසුවන්නාවු තරුණ දරැවාටත්, අල්ලාහ් ඒකිය දෙවිගේ ආශිර්වාදය රැකවරණය නිරෝගීභාවය හිදායතය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.
මෙවන් වෛද්‍යවරු මුලු රටටම ආඩම්බරයක්
මෙන්න නියම සිංහල කොල්ලෝ
මේ තමයි දෙවිවරු
හොද වැඩක්
ඔබගේ සේවය පූජනීයයි
සැත්කම සාර්ථකව සහ කඩිනමින් සිදු කල අපේ කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය!
අඩුපාඩු දේවල් ගැන හොයලා මෙහෙම තැන් වැඩි දියුණු කරන්න ඕනි
අපේ වීරයන්ට දේව ආශිර්වාදය!
ගෞරවනීය කාර්ය මණ්ඩලයක්
මේ වගේ විශ්ව කර්ම දොස්තරලා ජාතියට ආඩම්බරයක්
ඔබ පිළිබද ආඩම්බරයි. සුභ පතමි
මෙවන් බැරෑරුම් සැත්කම් වල සුවිශේෂි වගකීමක් කරට ගෙන කටයුතු කරන නිර්වින්දන වෛද්‍යවරුන්ව අපේ කට්ටියට අමතක වීම කණගාටුවට කරුණක්