IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විස්කම් සැත්කමෙන් පසුව

දෙපිරිසක් අතර සිදුවු ගැටුමක් බේරීමට ගොස් කඩුපහරකින් අත වෙන්වන තරමටම කැපී ගිය තරුණයා එසැණ පුවත් සමග පැවැසුයේ වෛද්‍යවරුන් යළි තමාට එම අත ලබාදුන් බවයි. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේදී මේ විස්මිත සැත්කමින් පසු ඔහු දැන් එහි සුවය ලබමින් සිටී. ඔහු පානදුරයේ කළුදෑවල 17 හැවිරිදි තරුණයෙකි. දොස්තර තුෂාන් බෙනරගමගේ මගපෙන්වීමෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන, වෛද්‍ය සුසිල් කුමාර හා වෛද්‍ය තුෂාර මුණසිංහ යන මහත්වරු මෙම අත බද්ධ කිරීමේ සාර්ථක සැත්කමට මූලික වූහ. ”බද්ධ කිරීම් කියන්නේ ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාවේ එක කොටසක් විතරයි. තව බොහෝ විශ්මිත සැත්කම් වර්ග තියෙනවා. ඒ ගැන ජනතාව දන්නවා අඩුයි. ලංකාවේ තියෙන එකම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය තමයි කොළඹ ජාතික රෝහලේ අප සේවය කරන මෙම ඒකකය. පහසුකම් අඩු වුවත් අපි උපරිම කැපවීමෙන් රෝගීන්ට අවශ්‍ය සියලූ සැත්කම් මෙහි සිදු කරනවා යැයි ප්ලාස්ටික් ශල්‍ය වෛ්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය. සමහර දවස්වලට පැය විසි හතරම අපි ඉන්නේ ශල්‍යාගාරයේ. එක දිගට ශල්‍යකර්ම කරනවා. අපිට හොඳ හෙද කර්ය මණ්ඩලයක් වගේම සුළු සේවක පිරිසකුත් ඉන්නවා. මෙම සැත්කම් පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම පිළීබඳ අපි මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. පූජනී ගුණසේකර හෙද සොයුරිය දිස්නා පණ්ඩිතරත්න, නිලූකා ගමගේ, ශාමා රාජපක්ෂ, අනෝමා හැන්දකුඹුර යන හෙද නිලධාරිනියෝද ජගත් පද්ම කුමාර ඇතුළු සුළු සේවක කාර්ය මණ්ඩලයද මෙම සැත්කම සඳහා විශාල මෙහෙයක් කළහ. දොස්තර තුෂාන් බෙනරගමගේ හෙද කාර්ය මණ්ඩලය. සැත්කම් කළ වෛද්‍යවරු    



අදහස් (0)

විස්කම් සැත්කමෙන් පසුව

රෝයි Monday, 04 June 2012 04:32 AM

මේ වගේ විශ්ව කර්ම දොස්තරලා ජාතියට ආඩම්බරයක්

:       0       0

සම්පත් Monday, 04 June 2012 04:36 AM

ඔබ පිළිබද ආඩම්බරයි. සුභ පතමි

:       0       0

ධම්මික Monday, 04 June 2012 07:34 AM

මෙවන් බැරෑරුම් සැත්කම් වල සුවිශේෂි වගකීමක් කරට ගෙන කටයුතු කරන නිර්වින්දන වෛද්‍යවරුන්ව අපේ කට්ටියට අමතක වීම කණගාටුවට කරුණක්

:       0       0

සාරංග Sunday, 10 June 2012 01:17 PM

නියමයි.නොපෙනෙන දෙවි ඔබයි

:       0       0

සමන්ත Monday, 04 June 2012 08:32 AM

ඔබගේ දෑතට සහ කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි දොස්තර මහතාණෙනි

:       0       0

ප්‍රියන්ත Monday, 04 June 2012 08:04 AM

මිහිපිට සිටින දෙවියන් දුටිමි

:       0       0

එරන්ද Thursday, 07 June 2012 08:59 AM

අපිට ආඩම්බරයක් ‍

:       0       0

එරන්ද Thursday, 07 June 2012 08:59 AM

අපිට ආඩම්බරයක් ‍

:       0       0

කුමාර Tuesday, 05 June 2012 09:29 AM

නර්ස්ලා ටික ෂෝක්

:       0       0

කොල්ලා Monday, 04 June 2012 09:28 AM

වෙද ඇදුරාණෙනි, ඔබට අප සැමගේ ගෞරවය!

:       0       0

වසන්ත Monday, 04 June 2012 10:03 AM

ස්තූතියි අපේ දොස්තර වරුන්ට !

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 04 June 2012 09:30 AM

‍මේ අපේ අල්ලපු ගමේ කොලුවාට ඉක්මන් සුචය ප්‍රාර්ථනා කරමි. ඒ සමගම මෙම විස්කම් සැත්කම කළ එඩිතර අපගේ වෛද්‍යවරුන්ට අපගේ උත්තමාචාරය පුදකරමු‍‍.

:       0       0

දීපාල් Monday, 04 June 2012 09:50 AM

රන්ඩුව බේරන්න ගියාද? රන්ඩුවෙන්න ගියාද?

:       0       0

ඉෂාර Thursday, 07 June 2012 09:14 AM

දොස්තරල ඇතුලු ඒ සියල්ලන්ටම නිවන් දකින්න මේ පිනම ඇති...

:       0       0

අනුර Monday, 04 June 2012 10:26 AM

ඔබගේ සේවය මිල කළ නොහැකි තරම් විශිෂ්ඨයි. ඔබගේ දෑතට සහ කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි දොස්තර මහතාණෙනි

:       0       0

අනුර Monday, 04 June 2012 10:30 AM

සේන , අපේ දොස්තරලා ගොඩක් දක්ෂයි

:       0       0

චමින්ද Monday, 04 June 2012 11:05 AM

මිහිපිට සිටිනා දෙවිවරු ඔබයි...

:       0       0

ශ්‍යාමා Tuesday, 05 June 2012 10:19 AM

ඔබලා මිනිස් වෙස් ගත් දෙවියන්ය.ඔබලාට දළදා සමිදු පිහිටයි

:       0       0

ජනක (බහරේන්) Monday, 04 June 2012 12:56 PM

ඔබ සියලු දෙනාට අපේ ප්‍රණාමය. තෙරුවන් සරණයි.!!!

:       0       0

සිංහලේ ගිය කරෝලිස් Thursday, 07 June 2012 03:49 PM

මේ කොමෙන්ට් දාන අයම නේද දොස්තරලා ස්ට්‍රයික් කරන කොට කෑ ගහන්නේ ?? අපේ රටේ පාලකයන් මේ වගේ දක්ෂ වෙද්‍යවරු ඉංජිනේරුවෝ රටේ තියාගන්න උත්සහ කරන්නේ නෑ.

:       0       0

සිල්වා Monday, 04 June 2012 01:57 PM

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ පහසුකම් වැඩි කර දීමට අපි උදව් වෙමු. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතාගේ හෝ දොස්තර තුෂාන් බෙනරගම මහතාගේ නැතිනම් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දුරකථන අංකයක දන්නා කෙනෙක් ඇත්නම් මේ ඊමේල් එකට එවන්න.( [email protected])

:       0       0

කුමුදු Wednesday, 06 June 2012 01:06 PM

මේ වගේ විශ්ව කර්ම දොස්තරලා ජාතියට ආඩම්බරයක් නිවන්දකින්න වෙන පින් අවශ්‍ය නැත.....

:       0       0

අලිබබා Sunday, 03 June 2012 03:46 PM

කොළඔ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දොස්තර තුෂාන් බෙනරගම මහතාට, ප්ලාස්ටික් ශල්‍යවෛද්‍ය අමිල සිරිවර්ධන මහතාට, වෛද්‍ය සුසිල් කුමාර මහතාට, වෛද්‍ය තුෂාර මුණසිංහ මහතාට, පුජනී ගුණසේකර හෙද සොහොයුරියට, දිස්නා පණ්ඩිතරත්න, නිලුකා ගමගේ, ශාමා රාජපක්ෂ, අනෝමා හැන්දකුඹුර සොහොයුරියන් ඇතුළු ජගත්පද්මකුමාර මහතා ඇතුළු සුළු සේවක කාර්ය මණ්ඩලයටත් සුවය ලබමින් පසුවන්නාවු තරුණ දරැවාටත්, අල්ලාහ් ඒකිය දෙවිගේ ආශිර්වාදය රැකවරණය නිරෝගීභාවය හිදායතය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.

:       0       0

ගැමුණු Sunday, 03 June 2012 05:23 PM

මුන්නැහේ කවදත් දක්ෂයා !

:       0       0

ලක්මාල් Monday, 04 June 2012 07:13 PM

ඔබ සියලු දෙනා අමිල වස්තූන්ය....

:       0       0

නාලිත විජේසුන්දර Friday, 08 June 2012 05:15 PM

ඔබ තුමන්ලා වගේ දොස්තර වරුන්ට ප්‍රමානවත් වැටුපක් ගෙවන්නට තරම් අපේ රට පොහොසත් නොවීම අපිට දුකක්. නිදහස් අධ්‍යාපනයෙන් සෙවන ලබා,ජීවිතේ බොහෝ දේ කැප කල ඔබ තුමන්ලා ගේ හැකියාවන් මුදලට මිලදී ගත් වෙදදුරන්ට සම කල නොහැක. ඔබ ජාතියටම වාසනවකි.

:       0       0

Hemantha Sunday, 03 June 2012 07:45 PM

මෙන්න නියම ජිවකයෝ.

:       0       0

වසන්ති Sunday, 03 June 2012 08:02 PM

ඔබලා මිහිපිට දෙවිවරුන්ය..

:       0       0

පැට්රික් Sunday, 03 June 2012 08:30 PM

ඔබගේ සේවය මිල කළ නොහැකි තරම් විශිෂ්ඨයි

:       0       0

අසේල Monday, 04 June 2012 07:52 PM

අපේ වීරයන්ට බුදු සරණයි

:       0       0

සිල්වා from london Sunday, 03 June 2012 08:02 PM

ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය. යහපතක්ම වේවා

:       0       0

සේන Sunday, 03 June 2012 08:09 PM

අත නියමෙට තියෙන්නේ.අපේ දොස්තරලා ගොඩක් දක්ෂයි

:       0       0

ප්‍රසාද් Sunday, 03 June 2012 08:10 PM

අපේ තරුණ දොස්තරලා ගොඩක් දක්ෂයි

:       0       0

ලසන්ත Sunday, 03 June 2012 08:17 PM

මේක ව්ශිෂ්ඨ රැකියාවක්...

:       0       0

සරත් Wednesday, 06 June 2012 02:51 AM

පහසුකම් තියෙනවා නම් මෙයටත් වඩා දේවල් කරයි අපේ දොස්තරල... ඔබගේ සේවය තවදුරටත් මව්බිමට ලබා දෙන්න කියා ඉල්ලනවා...

:       0       0

වීරසිංහ Sunday, 03 June 2012 08:34 PM

ඔබලා මේ රට දාලා යන්න නම් එපා

:       0       0

ප්‍රියදර්ශන Thursday, 07 June 2012 12:12 PM

රටටම වාසනාවක්

:       0       0

අමල් Sunday, 03 June 2012 09:11 PM

සැබැවින්ම ඹබලා දෙවිවරුය....නැවත අත ලද යහළුවාටද කියන්නට දෙයක් ඇත... මේ දුලභ වරමෙන් ලද අත තවත් නොවටිනා කාර්යයන් සදහා නොයොදවා...සාමකාමී අයෙක් ලෙස ජීවත්වන්න..

:       0       0

මොහොමඩ් නිසාම් Sunday, 03 June 2012 09:39 PM

දොස්තර මහතාණෙනි, ඔබට අපේ සුභ පැතුම්...

:       0       0

චමින්ද Sunday, 03 June 2012 11:02 PM

අපි මේ සාවොම සැබවින්ම අගය කළ යුතුයි

:       0       0

ලක්ෂ්මන් Monday, 04 June 2012 09:50 PM

හැන්ඩි කොල්ලො තුන් දෙනෙක් ....

:       0       0

පෙරේරා Sunday, 03 June 2012 11:27 PM

දෙවිවරු වන් වෛද්‍යවරු...

:       0       0

රුවන් Monday, 04 June 2012 10:30 PM

මෙ අපෙ සම්පත්........ මොවුන් රැක ගැනීම අප සතු යුතු කමයි......

:       0       0

සිරිවර්දන Sunday, 03 June 2012 11:37 PM

මෙවන් වෛද්‍යවරු මුලු රටටම ආඩම්බරයක්

:       0       0

හිරාන් Sunday, 03 June 2012 11:38 PM

මෙන්න නියම සිංහල කොල්ලෝ

:       0       0

තලගලගේ Monday, 04 June 2012 01:07 AM

මේ තමයි දෙවිවරු

:       0       0

තාරක Monday, 04 June 2012 12:28 AM

හොද වැඩක්

:       0       0

චාමි Monday, 04 June 2012 01:37 AM

ඔබගේ සේවය පූජනීයයි

:       0       0

මහින්ද Tuesday, 05 June 2012 12:20 AM

ඔබ වගේ දෙවිවරු තවතවත් ලොව උපදීවා.....

:       0       0

අහිංසක Monday, 04 June 2012 01:11 AM

සැත්කම සාර්ථකව සහ කඩිනමින් සිදු කල අපේ කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය!

:       0       0

ශානි Monday, 04 June 2012 01:13 AM

අඩුපාඩු දේවල් ගැන හොයලා මෙහෙම තැන් වැඩි දියුණු කරන්න ඕනි

:       0       0

අසිත Monday, 04 June 2012 01:45 AM

අපේ වීරයන්ට දේව ආශිර්වාදය!

:       0       0

ශානිකා Monday, 04 June 2012 02:34 AM

ගෞරවනීය කාර්ය මණ්ඩලයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 492 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 495 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 150 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1476 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1117 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 438 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site