ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි සන් මරීනෝ සමූහාණ්ඩුවේ රැකියා දොර ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ට ලබන නොවැම්බරයේ උදාවෙතියි රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා එසැණට කීවේය.
මහින්ද රාජපක්‍ෂ ජනපති හා මරිනෝ රජය සමග අත්සන් කැරුණු ගිවිසුමක් අනුව මරිනෝ මහා මැතිවරණයෙන් පසු මෙම අවස්ථාව ලැබීමට තිබේ. වර්ග කිලෝමීටර් 519ක් වන එරට ඉතාලියට වඩා පොහොසත් රටකි. ජනගහනය 32500කි. සාමාන්‍ය කම්කරුවකුගේ වාර්ෂික ආදායම යුරෝ 38000 (රුපියල් 634600)කි. ඉතාලි කම්කරුවකුගේ එම ආදායම යුරෝ 20000කි (රුපියල් 3340000කි).




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු යුරෝපයම නැතිවෙලා, පිටරටවලින් කම්කරුවන් ගේනවලු. ඕව කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න. අපිට කියන්න එපා. (නි)
අපි කොහෙද එහෙ යන්නේ
වාසනාව උරගා බලමුද
ඔන්න යනවනම් රට
උත්සහ කරලා බලමු
මමත් ඉන්නේ ඉතාලියේ, අවුරුදු 20 ක්. එහෙම අවස්ථාවක් තියෙනො නම්, මේ ඉතාලියේම දැන් ඉන්නවා දහස් ගණනක් ලාංකිකයන් රැකියා නැතුව. අනේ අම්මේ, අක්කේ, නංගියේ, මේවා අහලා ඔයාල තියෙන සබ්බ සකලමනාව විකුණලා හෝ උගසට තියලා එන්නනම් හිතන්න එපා. වැඩිම වුණොත් තුන් හතර දෙනෙකුට ඔය අවස්ථාව උදාවෙයි මයේ හිතේ. අනේ මේ මම දන්න නිසයි කිවුවේ, මේ අවස්ථාව පෙන්වලා ලංකාවේ ඉන්න ඉතාලියට වංචනිකව මිනිසුන්ව යවන වංචාකාර හොරු දැන් අපේ අහිංසකයන්ව හුරාගෙන කන්න හදයි. අහුවෙන්න නම් එපා. මම අභියෝග කරනවා, පුලුවන්නම් 10 ක් එවලා පෙන්වන්න කියලා. තානාපතිතුමා යමක් කරන්න උත්සාහ කරනවා ඇති. අපි එය අගය කරනවා. (නි)
තාර බර ඇරලා ගන්න වෙයි. දැම්ම කවුරුත් හීන මාලිඟා මවන්න එපා. (ස)
අපි මේ අල්ලපු රටේ ඉන්නේ. අපිටත් මේ රැකියාවක් නැතිවයි ඉන්නේ. අසිත පෙරේරා කියන විදියට පඩිය කීයක් විතර ලැබෙයිද දන්නෙ නැහැ නේද ? (නි)
මොකටද ඔච්චර පඩියක්? රු 2500න් ඉන්න පුළුවන්නේ? (නි)
හොඳ අවස්තාවක් , නමුත් පඩියනම් බොරු.(ස)
මා දන්නා පරිදි "සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ ඇතුළේ තියෙන වෙන රටක් නොවෙයි,එය රට ඇතුළේ ඇති එක්තරා දිස්ත්‍රික්කයක් පමණි.ටිකක් මුහුදු මට්ටමේ සිට ඉහතින් පිහිටා ඇති බව නම් ඇත්ත. ඉතාලියේ ඇති එකම සහ ලෝකයේ කුඩාම රාජ්‍යය වන්නේ "වතිකන් රාජ්‍යය" පමණි. දැනට ඉතාලි ජාතිකයන් පවා විශාල රැකියා හිගයකින් පෙලෙන අතර,ලංකාවට එම පළාතේ රැකියා දෙන බව කීම එතරම් සාධාරනකමින් අඩු නැද්ද? හැකිනම් තානාපතිතුමා මාර්ගයෙන් මේ ඉතාලියේ විශාල ප්‍රමාණයක් රැකියා නැතුව ඉන්න වෙලාවේ ඒ අයට රැකියා සොයාදී [ලංකාවේ අය],ඉතිරියට ලංකාවේ අය ගෙන්වන්න කියා කියන්න. වගකීම කාටත් හොදයි. (නි)
වගකීමෙන්ද ඔය කියන්නේ? (නි)
අනිවාරයෙන්ම රිමාන්ඩ් කරයි . මොකද ලංකාවේ නීතිය කාටත් එකයි . ලොකු පොඩි බේදයක් නැහැ .(ස)
වාසනාවට පයින් ගහන්න එපා
රස්සාවල් වලට යනවා තියා මට නම් හිතනකොටත් බයයි. (නි)
අපායට ගියත් පළමුව යන්නා දිනුම්. (නි)
මම නම් යනවානම් යන්නේ ස්වාසිලන්තයට විතරයි. (නි)
අපිට කොහෙද වාසනාවක්
ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි "සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ ඇතුළේ තියෙන වෙන රටක් (ස)
කවුරු ආවත් කමක් නැහැ. අපේ රටේ නමට කැලලක් ඇති නොකරන්න වග බලා ගන්න.මෙහේ ඉන්න සමහර කට්ටිය වගේ කුඩු බිස්නස්, ගණිකා ජාවරම් වගේ දේවල් නොකර. (ස)
අන්න කරනවානම් වැඩේ
"සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ තියෙන දිස්ත්‍රික්කයක්. "සන් මරිනෝ" වලට වෙනම රජයක් නැහැ. (නි)
මමත් එහෙ ගිය කෙනෙක්. එන්නකෝ, මෙහේ හරිම සනීපයි. (නි)
මමත් අහලා තියෙනවා. ඒ රටේ මදුරුවෝ, මැස්සෝ නැතිලු. බය නැතුව යන්න ඔයාලා. (නි)
මේ කතාව අහලා ඉතාලියේ ඉන්න, වෙන්නප්පු කට්ටිය මෙහාටත් ගිහිල්ලා ගම කයිද දන්නේ නැහැ. (නි)
මට ඕනෑම දෙයක් කරන්න පුලුවන්. බෝම්බත් හදන්න පුලුවන්. ඒත් රැකියාවක් නැහැ. (නි)
ලංකාවට විතරක් නෙමෙයි, ඔය අවස්තාව හැම රටකටම දෙනවා. (නි)
ඔය වාසනාව තියෙන්නේ ඇත්තටම කාටද? (නි)
ලංකා සේවකයෙකුට වැටුප රුපියල් 50,000ක් තරමට ලැබෙන නිසා මේ අවස්ථාව නම් හොදයි. (නි)
නිකම් බොරු එපා. මගේ ආදායමත් 39500€ වෙනවා. (නි)
මම නම් බලා ඉන්නේ ස්වාසිලන්තයේ රැකියා දොරටු විවෘත වෙනකල්. (නි)
කොරියා රැකියා වලට වුණ දේ දැක්කා නේද? (නි)
ඊළගට අපේ ගෑණු ටිකත් හොරෙන් බෝට්ටු වලට නගීද දන්නේ නැහැ. (නි)
තමන්ගේ බිරිය හෝ සොහොයුරිය මෙහෙකාරකමට යවලා සල්ලි හොයන එක පිරිමිකමට සුදුසු නැහැ. ඇයි පාලකයන්ට බැරි මෙහේ රැකියා අවස්ථා විවර කර දෙන්න? (නි)
බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. (නි)
මිනිස්සුන්ව නිකන් ඇවිස්සෙන එකයි වෙන්නේ. (නි)
අදහස නම් හොදයි වගේ. හැබැයි අනෙක් රටවල් කෑවා වගේ මෙහේ ගිහිනුත් අපේ රටේ නම නම් කන්න එපා. (නි)
ජීවිතේම ගොඩ
මීගමුවෙන් මගේ බෝට්ටුවක් තියෙනවා. ලක්ෂ 5යි. දවස් පහෙන් සන් මරීනෝ දොර ළග. කවුද එන්නේ යන්න? (නි)
වාසනාවක් තියෙනවානම් ලැබෙයි
නියමයිනෙ. ඒත් අනේ අපේ ඇමතිතුමාට නම් කියන්න එපා. වැටුප 2500 කට අඩු කරන්න කියයි. (නි)
අපි දන්න විදියට නම් ඉතාලියේත් ලක්ෂයකට විතර රැකියා නැහැ. (නි)
ලංකාවේ පිරිමින් කී දෙනෙකුට භාර්යාවන් නැතුව හූල්ලන්න වෙයිද දන්නේ නැහැ. (නි)
මං හිතන්නේ ලංකාවේ ගැහැණු පිරිමි අනුපාතය 15/1 ක් කියලයි. වැඩේ නම් හොදයි. හැබැයි පරෙස්සමින්. (නි)
මම වැඩ කරන්නේ සෞදියේ. මගේ මාසික පඩිය රුපියල් ලක්ෂ 5යි. හොඳට ඉගෙනගෙන සෞදි අවොත්, හොඳට හම්බ කරන්න පුළුවන්. අපේ රටෙත් තෙල් විශ්ලේෂණය සම්බන්ධයෙන් උපාදියක් පටන් ගන්න ඕනෑ. එවැනි රැකියා වලට මෙහෙ ලොකු ඉල්ලුමක් තියෙනවා. (නි)
රට යන්න හොඳම සුදුසුකම දේශපාලන බලපෑම, සුදුසුකම් වලට විතරක් මදි වෙයි. (ස)
මාසෙට කොච්චර දෙනවද
මංගලිකා මොකක්ද ඔයාකරන ජොබ් එක....?
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නොවැම්බර් වල මොනවා හරි විශේෂ දෙයක් තියෙනවාද? (නි)
රැකියා නැති තරුණයින්ට හොද ආස්තාවක්
හොද පුවතක්