IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වාසනාව ඇත්නම් යන්න මරිනෝ

ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි සන් මරීනෝ සමූහාණ්ඩුවේ රැකියා දොර ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ට ලබන නොවැම්බරයේ උදාවෙතියි රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා එසැණට කීවේය. මහින්ද රාජපක්‍ෂ ජනපති හා මරිනෝ රජය සමග අත්සන් කැරුණු ගිවිසුමක් අනුව මරිනෝ මහා මැතිවරණයෙන් පසු මෙම අවස්ථාව ලැබීමට තිබේ. වර්ග කිලෝමීටර් 519ක් වන එරට ඉතාලියට වඩා පොහොසත් රටකි. ජනගහනය 32500කි. සාමාන්‍ය කම්කරුවකුගේ වාර්ෂික ආදායම යුරෝ 38000 (රුපියල් 634600)කි. ඉතාලි කම්කරුවකුගේ එම ආදායම යුරෝ 20000කි (රුපියල් 3340000කි).



අදහස් (0)

වාසනාව ඇත්නම් යන්න මරිනෝ

කොස්තා Thursday, 13 September 2012 12:57 PM

මීගමුවෙන් මගේ බෝට්ටුවක් තියෙනවා. ලක්ෂ 5යි. දවස් පහෙන් සන් මරීනෝ දොර ළග. කවුද එන්නේ යන්න? (නි)

:       0       0

තුෂාර Thursday, 13 September 2012 12:57 PM

ලංකාවට විතරක් නෙමෙයි, ඔය අවස්තාව හැම රටකටම දෙනවා. (නි)

:       0       0

ආරච්චි Thursday, 13 September 2012 12:55 PM

නියමයිනෙ. ඒත් අනේ අපේ ඇමතිතුමාට නම් කියන්න එපා. වැටුප 2500 කට අඩු කරන්න කියයි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 13 September 2012 12:57 PM

අපි දන්න විදියට නම් ඉතාලියේත් ලක්ෂයකට විතර රැකියා නැහැ. (නි)

:       0       0

අසිත Thursday, 13 September 2012 12:58 PM

ලංකාවේ පිරිමින් කී දෙනෙකුට භාර්යාවන් නැතුව හූල්ලන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

නන්දලාල් Thursday, 13 September 2012 06:03 PM

අන්න කරනවානම් වැඩේ

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 13 September 2012 01:12 PM

මං හිතන්නේ ලංකාවේ ගැහැණු පිරිමි අනුපාතය 15/1 ක් කියලයි. වැඩේ නම් හොදයි. හැබැයි පරෙස්සමින්. (නි)

:       0       0

විකුම් Thursday, 13 September 2012 01:16 PM

මම වැඩ කරන්නේ සෞදියේ. මගේ මාසික පඩිය රුපියල් ලක්ෂ 5යි. හොඳට ඉගෙනගෙන සෞදි අවොත්, හොඳට හම්බ කරන්න පුළුවන්. අපේ රටෙත් තෙල් විශ්ලේෂණය සම්බන්ධයෙන් උපාදියක් පටන් ගන්න ඕනෑ. එවැනි රැකියා වලට මෙහෙ ලොකු ඉල්ලුමක් තියෙනවා. (නි)

:       0       0

උදයංග Thursday, 13 September 2012 01:13 PM

රට යන්න හොඳම සුදුසුකම දේශපාලන බලපෑම, සුදුසුකම් වලට විතරක් මදි වෙයි. (ස)

:       0       0

ශ්‍රියන්ත Thursday, 13 September 2012 06:20 PM

"සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ තියෙන දිස්ත්‍රික්කයක්. "සන් මරිනෝ" වලට වෙනම රජයක් නැහැ. (නි)

:       0       0

අමිල Thursday, 13 September 2012 01:21 PM

මාසෙට කොච්චර දෙනවද

:       0       0

පි ඩි එම එස් Thursday, 13 September 2012 01:28 PM

මංගලිකා මොකක්ද ඔයාකරන ජොබ් එක....?

:       0       0

සජී Thursday, 13 September 2012 01:37 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නොවැම්බර් වල මොනවා හරි විශේෂ දෙයක් තියෙනවාද? (නි)

:       0       0

සරත් මිලානො Thursday, 13 September 2012 06:23 PM

මමත් එහෙ ගිය කෙනෙක්. එන්නකෝ, මෙහේ හරිම සනීපයි. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 13 September 2012 01:50 PM

රැකියා නැති තරුණයින්ට හොද ආස්තාවක්

:       0       0

ඉනෝකා Thursday, 13 September 2012 01:43 PM

හොද පුවතක්

:       0       0

නුවන් Thursday, 13 September 2012 01:55 PM

වාසනාවට පයින් ගහන්න එපා

:       0       0

කුමාර Thursday, 13 September 2012 01:49 PM

අපි කොහෙද එහෙ යන්නේ

:       0       0

ලාල් Thursday, 13 September 2012 02:03 PM

වාසනාව උරගා බලමුද

:       0       0

ලලිත් Thursday, 13 September 2012 02:03 PM

ඔන්න යනවනම් රට

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 06:59 PM

මමත් අහලා තියෙනවා. ඒ රටේ මදුරුවෝ, මැස්සෝ නැතිලු. බය නැතුව යන්න ඔයාලා. (නි)

:       0       0

ඉන්දික Thursday, 13 September 2012 02:06 PM

උත්සහ කරලා බලමු

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Thursday, 13 September 2012 02:15 PM

මමත් ඉන්නේ ඉතාලියේ, අවුරුදු 20 ක්. එහෙම අවස්ථාවක් තියෙනො නම්, මේ ඉතාලියේම දැන් ඉන්නවා දහස් ගණනක් ලාංකිකයන් රැකියා නැතුව. අනේ අම්මේ, අක්කේ, නංගියේ, මේවා අහලා ඔයාල තියෙන සබ්බ සකලමනාව විකුණලා හෝ උගසට තියලා එන්නනම් හිතන්න එපා. වැඩිම වුණොත් තුන් හතර දෙනෙකුට ඔය අවස්ථාව උදාවෙයි මයේ හිතේ. අනේ මේ මම දන්න නිසයි කිවුවේ, මේ අවස්ථාව පෙන්වලා ලංකාවේ ඉන්න ඉතාලියට වංචනිකව මිනිසුන්ව යවන වංචාකාර හොරු දැන් අපේ අහිංසකයන්ව හුරාගෙන කන්න හදයි. අහුවෙන්න නම් එපා. මම අභියෝග කරනවා, පුලුවන්නම් 10 ක් එවලා පෙන්වන්න කියලා. තානාපතිතුමා යමක් කරන්න උත්සාහ කරනවා ඇති. අපි එය අගය කරනවා. (නි)

:       0       0

රජිත් Thursday, 13 September 2012 02:24 PM

තාර බර ඇරලා ගන්න වෙයි. දැම්ම කවුරුත් හීන මාලිඟා මවන්න එපා. (ස)

:       0       0

අජිත්-ප්‍රංශය Thursday, 13 September 2012 02:22 PM

අපි මේ අල්ලපු රටේ ඉන්නේ. අපිටත් මේ රැකියාවක් නැතිවයි ඉන්නේ. අසිත පෙරේරා කියන විදියට පඩිය කීයක් විතර ලැබෙයිද දන්නෙ නැහැ නේද ? (නි)

:       0       0

බන්දු Thursday, 13 September 2012 02:35 PM

මොකටද ඔච්චර පඩියක්? රු 2500න් ඉන්න පුළුවන්නේ? (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 13 September 2012 02:30 PM

හොඳ අවස්තාවක් , නමුත් පඩියනම් බොරු.(ස)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Thursday, 13 September 2012 02:31 PM

මා දන්නා පරිදි "සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ ඇතුළේ තියෙන වෙන රටක් නොවෙයි,එය රට ඇතුළේ ඇති එක්තරා දිස්ත්‍රික්කයක් පමණි.ටිකක් මුහුදු මට්ටමේ සිට ඉහතින් පිහිටා ඇති බව නම් ඇත්ත. ඉතාලියේ ඇති එකම සහ ලෝකයේ කුඩාම රාජ්‍යය වන්නේ "වතිකන් රාජ්‍යය" පමණි. දැනට ඉතාලි ජාතිකයන් පවා විශාල රැකියා හිගයකින් පෙලෙන අතර,ලංකාවට එම පළාතේ රැකියා දෙන බව කීම එතරම් සාධාරනකමින් අඩු නැද්ද? හැකිනම් තානාපතිතුමා මාර්ගයෙන් මේ ඉතාලියේ විශාල ප්‍රමාණයක් රැකියා නැතුව ඉන්න වෙලාවේ ඒ අයට රැකියා සොයාදී [ලංකාවේ අය],ඉතිරියට ලංකාවේ අය ගෙන්වන්න කියා කියන්න. වගකීම කාටත් හොදයි. (නි)

:       0       0

සනත් Thursday, 13 September 2012 02:46 PM

වගකීමෙන්ද ඔය කියන්නේ? (නි)

:       0       0

රංජිත් Thursday, 13 September 2012 07:36 PM

මේ කතාව අහලා ඉතාලියේ ඉන්න, වෙන්නප්පු කට්ටිය මෙහාටත් ගිහිල්ලා ගම කයිද දන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Thursday, 13 September 2012 03:04 PM

අනිවාරයෙන්ම රිමාන්ඩ් කරයි . මොකද ලංකාවේ නීතිය කාටත් එකයි . ලොකු පොඩි බේදයක් නැහැ .(ස)

:       0       0

කෙවින්-ඉතාලි Thursday, 13 September 2012 03:08 PM

මුලු යුරෝපයම නැතිවෙලා, පිටරටවලින් කම්කරුවන් ගේනවලු. ඕව කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න. අපිට කියන්න එපා. (නි)

:       0       0

දයා-සවුදි Thursday, 13 September 2012 03:23 PM

රස්සාවල් වලට යනවා තියා මට නම් හිතනකොටත් බයයි. (නි)

:       0       0

කුරේ නාවලගේ Thursday, 13 September 2012 03:31 PM

අපායට ගියත් පළමුව යන්නා දිනුම්. (නි)

:       0       0

කෙවින් Thursday, 13 September 2012 04:55 PM

මම නම් යනවානම් යන්නේ ස්වාසිලන්තයට විතරයි. (නි)

:       0       0

ලංකා Thursday, 13 September 2012 09:51 PM

මට ඕනෑම දෙයක් කරන්න පුලුවන්. බෝම්බත් හදන්න පුලුවන්. ඒත් රැකියාවක් නැහැ. (නි)

:       0       0

කනිෂ්ක Thursday, 13 September 2012 12:26 PM

වාසනාවක් තියෙනවානම් ලැබෙයි

:       0       0

උපුල් Thursday, 13 September 2012 12:20 PM

ඔය වාසනාව තියෙන්නේ ඇත්තටම කාටද? (නි)

:       0       0

ශාන්ත Thursday, 13 September 2012 05:06 PM

අපිට කොහෙද වාසනාවක්

:       0       0

දයා-සවුදි Thursday, 13 September 2012 12:22 PM

ලංකා සේවකයෙකුට වැටුප රුපියල් 50,000ක් තරමට ලැබෙන නිසා මේ අවස්ථාව නම් හොදයි. (නි)

:       0       0

මංගලිකා Thursday, 13 September 2012 12:30 PM

නිකම් බොරු එපා. මගේ ආදායමත් 39500€ වෙනවා. (නි)

:       0       0

වරුණ Thursday, 13 September 2012 12:31 PM

මම නම් බලා ඉන්නේ ස්වාසිලන්තයේ රැකියා දොරටු විවෘත වෙනකල්. (නි)

:       0       0

ජයකොඩි Thursday, 13 September 2012 12:38 PM

කොරියා රැකියා වලට වුණ දේ දැක්කා නේද? (නි)

:       0       0

අනුරාධ Thursday, 13 September 2012 05:20 PM

ඉතාලියේ වටවී, ඊසාන දිග ඉතාලියේ මනස්කාන්ත කඳුකරයක පිහිටි "සන් මරිනෝ" කියන්නේ ඉතාලියේ ඇතුළේ තියෙන වෙන රටක් (ස)

:       0       0

වරුණ Thursday, 13 September 2012 12:47 PM

ඊළගට අපේ ගෑණු ටිකත් හොරෙන් බෝට්ටු වලට නගීද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 13 September 2012 12:51 PM

තමන්ගේ බිරිය හෝ සොහොයුරිය මෙහෙකාරකමට යවලා සල්ලි හොයන එක පිරිමිකමට සුදුසු නැහැ. ඇයි පාලකයන්ට බැරි මෙහේ රැකියා අවස්ථා විවර කර දෙන්න? (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 13 September 2012 12:46 PM

බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. (නි)

:       0       0

නන්දන පනාගොඩ Thursday, 13 September 2012 05:36 PM

කවුරු ආවත් කමක් නැහැ. අපේ රටේ නමට කැලලක් ඇති නොකරන්න වග බලා ගන්න.මෙහේ ඉන්න සමහර කට්ටිය වගේ කුඩු බිස්නස්, ගණිකා ජාවරම් වගේ දේවල් නොකර. (ස)

:       0       0

තුෂාර Thursday, 13 September 2012 12:48 PM

මිනිස්සුන්ව නිකන් ඇවිස්සෙන එකයි වෙන්නේ. (නි)

:       0       0

මධු Thursday, 13 September 2012 12:49 PM

අදහස නම් හොදයි වගේ. හැබැයි අනෙක් රටවල් කෑවා වගේ මෙහේ ගිහිනුත් අපේ රටේ නම නම් කන්න එපා. (නි)

:       0       0

වන්නි Thursday, 13 September 2012 12:56 PM

ජීවිතේම ගොඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 43 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 229 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 533 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 374 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1404 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site