IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වසර 50කට පසු හිමි නමක් පෝරකේට

දහ නම හැවිරිදි ගොවියකු පිහියෙන් ඇන ඝාතනය කළ හිමි නමකට සහ ඔහුගේ මාමාට තංගල්ල මාහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඊයේ (21) මරණීය දණ්ඩනය නියම කළේය. 1962 ජූලි 07 වැනිදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ඝාතනයේ තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම කිරීමෙන් පසුව භික්ෂුවක මරණ දඬුවමට ලක්වූ මුල් අවස්ථාව මෙය බව මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය. මරණ දඬුවම නියම වූයේ කටුවන අඹගස්ආර පංසලේ ගොමඩියේ සරණ හිමිට හා ගොමඩියේ කරිවිල කන්දගේ විජේසිරි යන දෙදෙනාටය. ගොමඩියේ සරණ මහාධිකරණයේ සාක්කි දෙමින් කියා සිටියේ තමාට හරි හැටි අකුරු ලිවීමට හෝ කියැවීමට බැරි බවයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු රාජපක්ෂ මහතා පැවසූයේ කිසිවක් නොදන්නා මෙවැනි අය පැවිදි කිරීමෙන් සාසනයට හානියක් මිස යහපතක් නොවන බවයි. එම නිසා මෙම නඩු තීන්දුවේ පිටපත් සියලුම මහානායක හිමිවරුනට යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා ලේඛකාධිකාරීට නියෝග ක‍ළේය. ගොමඩියේ සරණ ගිහි කාලයේදී මේ අපරාධය කර ඇති බවත්, ඔහු එකළ මහකුඹුරගේ ජයතිස්ස හෙවත් හීන් පුතා යන නමින් හැඳින්වුණු බවත්, කටුවන උඩගොමඩියේ වැලෑනගොඩ පදිංචි වී සිටි බවත් නඩුවේදී කියැවිණි. කටුවන උඩගමඩියේ මැද කන්දේ පදිංචිව සිටි මහකුඹුරගේ ධර්මදාස (19) වසර 12 කට පෙර කටුවනදී මරා දැමීයැයි විත්තිකරුවෝ වැරදි කරුවෝ වූහ. මරණකරුගේ නැඟනියක සමග ගොමඩියේ සරණ ගිහි කාලයේදී ඇති කර ගත් ප්‍රේම සම්බන්ධය මේ ඝාතනයට හේතුවීයැයි නඩුවේදී සඳහන් විය.



අදහස් (0)

වසර 50කට පසු හිමි නමක් පෝරකේට

උපුල් නිශාන් Tuesday, 21 February 2012 05:52 PM

ඔය නියමය කළාට වැඩක් නැහැනේ... ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..

:       0       0

චන්දවිමල හිමි Tuesday, 21 February 2012 06:04 PM

මීනීමරුවො මහන කරපු අයටත් උපරීම දඩුවම් දෙන්න ඕන.. මහන කරන්න කලින් විනයට අනුව සොයා බලන්න ඕන..

:       0       0

sltk2004 Tuesday, 21 February 2012 06:12 PM

චිත්‍රපටයකට හොද කතාවක් මේක..

:       0       0

දලු බණ්ඩා Tuesday, 21 February 2012 06:19 PM

මිනී මැරුමෙන් බේරෙන්න මහන වෙන්න ඇති..

:       0       0

සුපුන් Tuesday, 21 February 2012 06:32 PM

අංගුලිමාලත් රහත් උනා නම්.මේ හාමුදුරුවන්ටත් සමාවක් දුන්නොත් හොදයි.

:       0       0

ගල් බණ්ඩා Tuesday, 21 February 2012 06:58 PM

පෝරකේත් ඉක්මණට ගෙනාවොත් තමයි හොද

:       0       0

සෝමපුර Tuesday, 21 February 2012 07:23 PM

චන්දවිමල හිමියනි, ඔබ හරි..

:       0       0

කොලිත් Tuesday, 21 February 2012 08:01 PM

මිනීමරුවන් මහණකිරීම නීති විරෝධී වැඩක්..

:       0       0

ගජන්99 Tuesday, 21 February 2012 08:21 PM

පව් හාමුදුරුකෙනෙක් පෝරකයට යවන්නේ..

:       0       0

අමල් Tuesday, 21 February 2012 08:25 PM

පව් නේද?

:       0       0

අතපත්තු Tuesday, 21 February 2012 08:41 PM

රජකම් කළත් කළකම් පළ දේ කියන්නේ මේවට තමයි..

:       0       0

දිස්නා Tuesday, 21 February 2012 09:03 PM

එයා මිණී මැරුවේ මහණ වෙන්න කලිනුයි.

:       0       0

හේගොඩ Tuesday, 21 February 2012 09:56 PM

මහණකරන්න කලින් සොයා නොබලපු අයට දඩුවම් කරන්න ඕන..

:       0       0

කෙනත් Tuesday, 21 February 2012 10:12 PM

අනේ එතකොට අංගුලිමාල මහා රහතුන්? මිනිස්සු 999 දෙනෙක් මැරුවට ගිහිකල අංගුලිමාල නම් ඇති දරුණු සංහාරකයා විනාශ කිරීමට කොසොල් රජු මහා සේනාවක් ගෙන යන ගමන් බුදු රජාණන් වහන්සේ බැහ දැකීමට පැමිණියා. " රජතුමනි, ඉතින් ඇල්ලීමට, මරාදැමීමට අපහසු, අසුවන් අග කිලිපොල යන අංගුලිමාල නම් සාහසිකය හසු උනොත් ඔබ මොකද කරන්නේ ?" සම බුදුන් ඇසූ සේක. "ස්වාමිනි, වහාම ඔහුව මරාදමනවා, පණපිටින් හසුඋනොත් උපරිම වැඩ සහිත දඩුවම් කරනවා, නමුත් ඔහු ඇල්ලීම අති දුෂ්කරයි, සේනාවක් තනිවම විනාශ කල හැකි තරම් ඔහු දරුණුයි" කොසොල් රජු කීය. "හොදයි මහරජ, ඉදින් ඔහු කදු මුගුරු ඉවත දා, සීලයහි පිහිටා, ප්‍රානගතයෙන් වෙන්ව, විදසුන් වඩන, දමනය වූ භික්ෂුවක් ලෙස ඔබට දකින්න ලැබුනොත් මොකද කරන්නේ" "අනේ ස්වාමිනි , එවිට මම ඔහුට නමස්කාර කෙරනවා" "භික්ෂුව මෙහි එන්න," බුදු පියාණන් අසල සිටි ඉතා සන්සුන් ඉදුරන් ඇති, සන්සුන් ගමන් ඇති, නිවීගිය හිත ඇති, උස මහත ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට ඇමතු සේක, "භාග්‍යවතුන් වහන්ස' කියමින් එම භික්ෂුව සම්බුදු පියාණන් ලගට වැඩියහ, "රජතුමනි, එහෙනම් මෙන්න ඔබ මහා සේනාවන් රැස් කෙරගෙන, අමාරුවෙන් ඇල්ලීමට යන ඒ දාමරික අංගුලිමාල ඔබ ඉදිරියේ සිටගෙන ඉන්නවා"!!! කොසොල් රජුගේ ඇග හිරිවටිනි, දණහිස් වෙව්ලා ගියේය, "අහෝ , මහා ආශ්චර්යයකි! සාදු සාදු !!!" රජු හා සේනාව අංගුලිමාල තෙරුන්ට නමස්කාර කොට හැරී ගියේය. අනේ ඒ බුදු පියාණන් හිටියානම් අද ප්‍රභාකරමුත් රහත්වෙලා සසරින් එතෙර වෙලා ! නමුත් තාම ධර්මය ජීවමානයි, සසරින් එතර කරවිය හැකියි!

:       0       0

පාලිත Tuesday, 21 February 2012 11:07 PM

භික්ෂුවක් මිනි මාරුවානම් සතර පරාජිකා කඩා ඔහු ඉබේම භික්ෂුත්වයෙන් නෙරපේ.

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Tuesday, 21 February 2012 11:16 PM

අනේ බුදු රුවනේ.. ලංකාවට ගිය කලක්. වහාම භික්ෂු සාසානය ප්‍රතිසංධානය කළ යුතුයි.

:       0       0

හිමරු Wednesday, 22 February 2012 01:43 AM

අංගුලිමාල කථාවස්තුව මතක නැද්ද? තමන් වැරදි කල පසු, නිවැරිදි දේ දැක ඒ මාවතට එළඹීමේ වරදක් නැත. නමුත් තමන් කළ කී දෑ වල ප්‍රතිඵල විඳීමට සිදුවේ. මේ කථාව කිසිදින නොමැරෙන්නන් ලෙස වැඩ කරන අයට හොඳ පාඩමක්.

:       0       0

kalu Wednesday, 22 February 2012 04:43 AM

මිනිමරා ඇත්තේ මහාකුබුරගේ ජයතිස්ස හෙවත් හීන් පුතාය ඒත් එල්ලුම් ගහට නියම වුනේ ගොමඩියේ සරන හිමිටය ? සිවුරු හැරලවා මහාකුබුරගේ ජයතිස්ස කරවා දඩුවම් කලයුතුය,

:       0       0

සංක Wednesday, 22 February 2012 04:48 AM

සමහරවිට පස්සේ වරද තේරුම් ගන්න ඇති.

:       0       0

ගමරාල Wednesday, 22 February 2012 05:28 AM

එතකොට අංගුලිමාලව මහන කරපු එකත් වැරදිද?

:       0       0

මාලනී Wednesday, 22 February 2012 08:19 AM

මේ වගේ අය නීතියට ගත් විගසම සිවුරු ගලවා දඩුවම් දෙන්න ඕන. බුද්ධ චීවරය තියෙන්නේ වැරදි හදා ගන්න මිසක් වැරදි වහගන්න නෙමේ..

:       0       0

කස්තුරි Wednesday, 22 February 2012 08:36 AM

මිනීමැරුමෙන් පසුව කළකිරීම නිසා මහන වෙන්න ඇති.

:       0       0

චාමර Wednesday, 22 February 2012 09:00 AM

අංගුලිමාල රහතන්වහන්සේ ගැන සිතන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 167 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 239 0

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 50 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 384 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 147 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 1190 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 719 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site