මහනුවර, කැලණිය, හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල, හැඳල විහාරස්ථානවල ද නවගමුව, කටුවෙල, රන්කඩු, පත්තිනි දේවාලවලට පෙරහැරේ වසර පනහකට අධික කාලයක් ගමන් කළ බියගම සීතා ඇතින්නගේ (90) මළගම ආගමික චාරිත්‍රානුකූලව සිදුවිය.
සීතාගේ හිමිකරු ඩබ් පී දීප්ත කුමාර මහතා හා පවුලේ සාමාජිකයෝ මහා සංඝරත්නය කැඳවා මතක වස්ත්‍ර පූජා කළහ.
වත්තේ කැපූ වළක් ඇතින්නගේ අවසන් සයනය විය.
දොඹකරයක ආධාරයෙන් සිරුර වළේ තැන්පත් කැරිණි.
සීතාත් ගෙදර සිටින තවත් අලි දෙදෙනකුත් තම නෑයන් බව හැමවිටම සිතේයැයි දීප්ත කුමාර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණයා (දී)
ආදරෙන් රැක බලා ගත්ත සතෙක් වුනත් මියගියාම දැනෙන දුක හරියට ගෙදර කෙනෙකුට කරදරයක් වුනා හා සමානයි.(නදී)
සතෙකුට වුනත් කරඩුව වඩම්මවන්න පෙර කුසල් තියෙන්න ඕනෑ. මේ තරමි කාලයක් බුදුදහම වෙනුවෙන් කරන ලද වැඩ කොටස වෙනුවෙන් මතු ආත්මයක මිනිසත් බව ලැබේවා!(නදී)
ධම්මි ඔයත් බෞද්ධ චාරිත්‍ර වලට අකුල් හෙලන සත්ව හිංසාව කෙරෙහි කිඹුල් කදුළු හලන එන්.ජී.ඕ කාරෙයක්ද?(නදී)
මොහොමඩ්ලා වගේ අය ස්වභාවික මරණයක සහ ඝාතනය කිරීමක වෙනස දන්නෙ නැහැ. (නි)
මේ ඇතින්න රැස්කල පින්බලෙන් මතු බවයක මිනිස් ආත්මයක් ලබන්න වාසනාව ලැබේවා.(නදී)
උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා!(නදී)
අපිට නම් අලියා, හරකා කියලා කිසිම වෙනසක් නැහැ. දෙන්නම වටින සතුන්. (නි)
මෙහොමඩ්, ඔයා මැක්ෂි ජයවර්ධන මහත්තයගේ ‘බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපේ බඩ කට පුරවනවා‘ කියන ගීතය රසවිදින්න.(නදී)
එයාට නිවන් සුව ලැබේවා! (නි)
හැම දෙයකටම වඩා ඉඳහිට වුණත් තාමත් ලෝකෙ හොඳ මිනිස්සු ඉන්න බව දැනෙන මේ වගේ දේවල් දැකීම සතුටට හේතුවක්. (නි)
මේ මොහොමඩ් නමින් පෙනී සිටින්නේ සිංහලයෙක්. එයා ජාතිවාදී ප්‍රශ්ණ ඇති කිරීමට කොන්ත්‍රාත් ගත්ත කෙනෙක්. (නි)
මොහොමඩ්, සරත් ඔයාලගේ ආගම් ඒ විදියට අදහන්න. කාටවත් ගරහන්න එපා.(නදී)
ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපිද ඉක්මනින් නිවනට යන්න හේතු වාසනා වේවා (දී)
එයාට නිවන් සුව ලැබේවා! (නි)
එයාට නිවන් සුව පතමි (දී)
පව් අසරණ සතා (දී)
නැවක මෙවන් අලියෙක් වී ඉපදේවා!(නදී)
හරක් මරන්න එපා කියලා, අලින්ව මරෝ මරෝ පෙරහැරවල් වල එක්කගෙන යන එක හරිද? (නි)
අලියා මැරුණහම ඇයි හාමුදුරුවන්ට දානේ දෙන්නේ? (නි)
දේවාල පෙරහැරක් කියල සත්තුන්ට හිරිහැර කිරීම වැරදියි.(නදී)
සතෙක් උනත් බලන්නකෝ පින (දී)
මේ සතාට ආදරය කරපු හැම දෙනාටම නිවන් සුව පතමු.(නදී)
මියගිය ඇතින්න වෙනුවෙන් ඉකි බිදින ලදැරිය දෙස නෙත් යොමු කරන්න. ඉන් ඔබට දැනෙන වේදනාව කොපමනද?(නදී)
උතුම් වු නිවන් සුවය පතමි.(නදී)
මෙම තිරිසන් ආත්මයෙන් මිදීමට මෙතෙක් කල් කළ මෙහෙවර හේතු වාසනා වේවා! (නි)
මේ පින් බලයෙන් ඔබට නිවන් සැප ලැබේවා! (නි)
උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා! ඔබ රැස් කර ගත් පින් අනන්තයි. අප්‍රමාණයි. (නි)
හොද භවයක ඉපදේවා!(නදී)
ඇත්තටම දුකයි. ඒත් මොනවා කරන්නද? (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අනේ පව් (දී)
ඒ පින්වන්ත ඇතින්නට නිවන්සුව ලැබේවා. ඇයගේ හිමිකරුවන් කෙළෙහි ගුණ සළකන වැදගත් අය බව පෙනේ. (නදී)