(*** මහියංගණ රංජිත් කරුණාවීර)
මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දඹාන, උල්පත පදිංචි ඕ.එම්. ගුණවතී නමැති 62 හැවිරිදි හය දරු මවක බව ද පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුතකු සැක කරන බවත් පවසන පොලිසිය සැකකරු හය දරු මව ඝාතනය කර වැඩිමහල් සොහොයුරාටද තියුණු ආයුධයකින් පහරදී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
තුවාල ලබා සිටින ඔහු මහියංගණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කීය.
ඝාතනයට සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැකකාර පුත්‍රයා මීට වසර හතරකට පෙර සිය පියා ද කපා කොටා ඝාතනය කළැයි චෝදනාව මත මීට වසරකට පමණ පෙර සැකකරු බන්ධනාගාරයෙන් ඇප පිට නිදහස්ව පැමිණ සිටියදී මෙම ඝාතනය ද සිදු කර ඇති අතර, ඔහු කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයකු ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරි (SOCO) පරීක්ෂණ පැවැත්වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ.ඒ.ආර්.එල්. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් පරීක්ෂණ කටයුතු සිදු කරති.

2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරකට පෙර තාත්තා මැරූ පුතාගේ පොලු පහරින් අම්මාත් එතැනම
shan Monday, 22 June 2020 07:05 AM
මේ වගේ නරුමයන්ට උපරිම දඬුවම් දෙන්න ඕන.
Imesh Monday, 22 June 2020 08:04 AM
අපායෙන් මෙහා කොහේ යන්නද ළමයා... පව්..!!!
Perera Monday, 22 June 2020 09:52 AM
මේ පාර ඡන්දෙට සුදුසුකම් නම් සපුරලා තියෙනවා.
thilak Monday, 22 June 2020 10:48 AM
මේ කල පව ගෙවන්නට නම්, මුලු සංසාරයම මදි වෙයි.
සේන Monday, 22 June 2020 12:23 PM
වැරදි කරුවන් නැවත නැවත වැරදි කරන්නේ ඇප පිට ඉද්දි... රටේ නීතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි.
NAMDA Monday, 22 June 2020 12:47 PM
ආයෙත් ඇපදීලා එවන්න තව කීපදෙනෙකුට යන්න වෙයි.
sampath Monday, 22 June 2020 05:02 PM
මේ මනුස්සයාට පව් කරගන්න තියෙන ලොකුම පාපකර්මය කරගත්ත මුගලන් හාමුදුරුවන්ටත් දෙමව්පියන් මරපු එකේ පවා පව් විපාක දුන්නා. මුගලන් හාමුදුරුවන්ට අන්‍ය තීර්ථකයින් විසින් පොලු වලින් තලා ඝාතනය කළේ මීට ආත්ම 500කට එපිට තම දෙමව්පියන්ට එහෙම කරපු නිසයි. මේවට බලපාන සමාජ ආර්ථික හේතු නොසොයා නීතියට දොස් කියන්න එපා..
Sanjeewani Monday, 22 June 2020 11:47 PM
දස මසක් කුසේ දරා ලේ කිරිකර පොවලා මේ දෙමව්පියන් ලබා ගත් දෙය කුමක්ද? මේ වගේ කතා කලින් ඇසුනේ උතුරේ පමණි. පූරුවේ කරපු පාප කර්මයක් විය හැකියි.