IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි

මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු ප‍්‍රවේශපත‍්‍රය පසුගිය සෙනසුරාදා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පිරිනමනු ලැබිණ. කොළඹ ගාලූ මුවදොර කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම ප‍්‍රවේශ පත‍්‍රය නිකුත් කිරීමේ නිල උත්සවය නැරඹීමට කි‍්‍රකට් ලෝලීහු දහස් ගණනක් පැමිණ සිටියහ. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාට් මහතා විසින් කී‍්‍රඩා ඇමතිවරයාට මෙම ප‍්‍රවේශපත‍්‍රය පිරිනමන ලද අතර එම අවස්ථාවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතාද සහභාගි විය. -ආරම්භයේදී පටන්ම මෙම තරගාවලිය සම්බන්ධයෙන් කි‍්‍රකට් ලෝලීන් අති විශාල උනන්දුවක් දක්වනවා. ඒ නිසා අවසන් මොහොත දක්වා බලා නොසිට ඔබේ ප‍්‍රවේශපත් කලින්ම වෙන්කරවා ගන්න” යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා පැවසීය. විස්සයි-20 ලෝක කුසලාන පිරිමි තරගාවලිය කොළඹ ආර්. පේ‍්‍රමදාස, පල්ලෙකැළේ සහ හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර කාන්තා තරගාවලිය ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර පැවැති තරගාවලි තුන දකුණු අපි‍්‍රකාවේදී (2007), එංගලන්තයේදී (2009) සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී (2010) පැවැත්විණ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු උප නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කාන්තා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන කුසපත් ඇදීමේ අවස්ථාවට සහභාගි වූ අතර කී‍්‍රඩා ලෝලීන් 800 කට නොමිලයේම ප‍්‍රවේශපත් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය. ප‍්‍රවේශපත් අලෙවි කිරීම අද (26 වැනිදා) පෙරවරු 9.00 ට ආරම්භ කෙරේ. එහිදී ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන් සඳහා විශේෂ අනුග‍්‍රාහක දින 4 ක් හිමිවන අතර අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා ප‍්‍රවේශපත් අලෙවි කිරීම 30 වැනිදා ගි‍්‍රනිජ් මධ්‍යහ්න වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වේ. කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදීත්, මහනුවර දළදා වීදියේ අංක 5 ස්ථානයේ පිහිටි වෙළෙඳ මධ්‍යස්ථානයේදීත්, හම්බන්තොට තිස්ස මාර්ගයේ, අංක 103 ස්ථානයේ පිහිටි අශෝක වෙළෙද සැලෙහිදිත් අද පෙරවරු 9.00ට ප‍්‍රවේශ පත් අලෙවි කිරීම ආරම්භ කෙරේ. ලංකා බැංකුවේ ‘මනිගෑම්’ මධ්‍යස්ථාවලදීත් ප‍්‍රවේශපත්  අලෙවි කෙරේ. ප‍්‍රවේශපත් මිලදී ගන්නා සෑම අයකුම සිය අනන්‍යතාව සහතික කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතු වන අතර සුපිරි 8 දෙනාගේ වටය, අවසන් පූර්ව සහ අවසන් මහ තරගය සඳහා එක් අයකුට ප‍්‍රවේශපත් 4 ක් පමණක් අලෙවි කෙරේ. සෙසු තරග සඳහා අයකුට ප‍්‍රවේශපත් 6 ක් මිලදී ගත හැකිය. ප‍්‍රවේශපත් මිලදී ගන්නා සෑම අයකුටම ලදු පතක් ලැබෙන අතර අගෝස්තු මස 1 වැනිදා සිට ආරම්භ කෙරෙන ප‍්‍රවේශපත් නිකුත් කිරීමේදී මෙම ලදුපත ඉදිරිපත් කළ යුතුය. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාට් මහතා විසින් කී‍්‍රඩා ඇමතිවරයාට ප‍්‍රවේශපත‍්‍රය පිරිනමන ලද අවස්ථාව. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි

හූනා Tuesday, 27 March 2012 08:15 AM

බුදු අම්මෝ මේකෙ ටිකට් එකක රුපියල් 50,000 ක් වත් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 323 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 97 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 313 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 238 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 339 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’
2025 අප්‍රේල් මස 26 1350 6

’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 869 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site