IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සිසුවාගේ ජංගම දුරකථන අංකයට කතා කොට ටිකට්පතක් ඇණැවුම් කර වැල්ලවත්තේ ඔහුගේ නිවෙසට ගොස් ටිකට්පතද සමග සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ

චමත් Monday, 08 October 2012 08:52 PM

වැඩේනම් පව් ..පොලීසියට ලොකු හොරු අල්ලන්න බෑ.(ස)

:       0       0

දිල්ෂාන් Tuesday, 09 October 2012 12:49 PM

වෙළඳ ප්‍රතිපත්ති (ස)

:       0       0

අනුර Monday, 08 October 2012 03:56 PM

පොලිසිය වැඩක් නැති වැඩ වලට කාලය නාස්ති කරනවා. මොකක්ද මේකේ ඇති වැරැද්ද? (නි)

:       0       0

ලසන්ත Monday, 08 October 2012 04:10 PM

නියමයි ,(ස)

:       0       0

ෂෙරීෆ් Monday, 08 October 2012 10:27 PM

මේක පුදුම වැඩක්නේ. පහුගිය පල්ලෙකැළේ තරගය වෙලේ මම රුපියල් 5000ක් ලාභ තියාගෙන ටිකට් විකුණූවා. ඒත් පොලිසිය මට මුකුත් කිවුවේ නැහැනේ. (නි)

:       0       0

මාටින් Monday, 08 October 2012 04:14 PM

මොකක්ද මේකේ තියෙන වැරැද්ද? තමන් ගත්ත ටිකට් එක විකුණන්න කාගෙන්වත් අහන්න ඕනෑද? (නි)

:       0       0

සැලී Monday, 08 October 2012 04:19 PM

කැමතිනම් ඕනි ගාණක් ගත්තට මොකද වෙන්නේ ...මේක ගණු දෙනුවක් ,(ස)

:       0       0

හනේස් Monday, 08 October 2012 10:41 PM

පොඩි අයව මේවට ගාවගන්නේ නැතුව ඉන්නවා නම් හොදයි. හැමෝම දන්නවා ඇතිනේ කොහෙන්ද ටිකට් එළියට ආවේ කියලා. (නි)

:       0       0

සර්ෆාස් Tuesday, 09 October 2012 01:41 PM

තමන්ගේ දෙයක් විකුණන්න අවසර ඕන නැහැ.. මේවා අල්ලන අයට පුළුවං නේ අර හැංගිලා ඉන්න වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අය අල්ලන්න..!(නු)

:       0       0

ඉන්දික Monday, 08 October 2012 04:27 PM

පොඩි අයව බොරුවට අල්ලනවා. පිට්ටනිය ළග ටිකට් මිටි ගණන් විකුණපු අයට මුකුත්ම නැහැ. (නි)

:       0       0

යොහාන් Monday, 08 October 2012 04:39 PM

ඔයිට වැඩිය බිස්නස් කරනවා ලොකු ලොකු අය. (නි)

:       0       0

වරුණ Monday, 08 October 2012 04:43 PM

තරගයට වුණ දේට අපි තවමත් ඉන්නේ කම්පනයෙන්. (නි)

:       0       0

වරුණ Monday, 08 October 2012 04:45 PM

එතකොට ලක්ෂ 30-40ක් අරන් පෙට්‍රල් ෂෙඩ් අවසරපත් විකුණන්න හොදයි. (නි)

:       0       0

අශාන්ත Monday, 08 October 2012 04:46 PM

මෝඩයා, එකක් විකුණන්න හැදුවෙ මොකද? 100 විතර අරගෙන කාට හරි කොමිස් දීලා වැඩේ පටන් ගන්න තිබුණේ. අනේ පොලිසියේ හොදකම? මට හිනා. හැබැයි කටෙන් නෙමෙයි. (නි)

:       0       0

සමන්ත Monday, 08 October 2012 04:55 PM

තමන් ගත්ත ටිකටි එකෙන් තරගය බලන්න අකමැති නම් විකුණුවහම මොකද වෙන්නේ? (නි)

:       0       0

ලලිත් Tuesday, 09 October 2012 01:43 AM

මන්ත්‍රිවරුන්ට තීරුබදු රහිතව ලැබෙන වාහනේ කෝටි ගාණක ලාභයකට විකුණන්න පුලුවන්. පොඩි එකාට තමන්ගේ ටිකට් එක විකුණන්න බැහැ. (නි)

:       0       0

පීටර් Tuesday, 09 October 2012 02:54 AM

පොලීසිය හොඳයි . ඉඳලා ඉඳලා ගාගත්තම ගඳයි (ස)

:       0       0

සිරිපාල Monday, 08 October 2012 05:20 PM

තමන් ටිකට් එක සල්ලි දීල ගත්තම ඒකේ අයිතිය තමන්ට. අනික මේක ධනවාදී ආර්ථික ක්‍රමයක් තියෙන රටක්. ඉතින් දෙයියනේ තමන් ගත්ත දේ විකුණන්න බැරි නම් මැල්ලුමක් හදලා කෑවත් ඇති වරද මොකද්ද? මේකෙන් ඉතින් පේන්නේ වෙන දෙයක්. මේ වගේ පුංචි වැරදි කරන පොඩි උන්ව අත් අඩංගුවට ගන්න තමයි ඔක්කොම බලන් ඉන්නේ. (නි)

:       0       0

බුද්ධික Monday, 08 October 2012 05:27 PM

ලංකාවේ මෙච්චර දක්ෂ පොලීසිය අර ලේකම්ට ගහපු අයත් අත්අඩංගුවට ගන්නකෝ...පවු පොඩි එකා. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 05:34 PM

හරිම දක්ෂ පොලිස් නිලධාරීන් ටිකක්. මුලු ලෝකයේම පොලිසි වලට ආඩම්බරයක්. (නි)

:       0       0

චතුරංග Tuesday, 09 October 2012 06:27 AM

කඩකාරයො ඔක්කොම ටික අත්අඩංගුවට ගන්න.ඒ ඔක්කොම කරන්නෙත් ඉතින් ඕකමනෙ. (නි)

:       0       0

නදුන් Monday, 08 October 2012 05:51 PM

පොඩි එකාට කියන්න තිබ්බෙ " මට මතක නැහැ කියලා " (නි)

:       0       0

සුසන්ත Monday, 08 October 2012 06:03 PM

තමන්ට එපා නම් විකුණූවට කිසිම වැරැද්දක් නැහැ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 09 October 2012 08:04 AM

මුලින්ම පොලීසියට නීතිය උගන්වන්න ඕනි . මේ වගේ දේවල් නිසා මිනිස්සු කී ‍දෙනෙක් අසරණ වෙනවද ? (ස)

:       0       0

හිල්මි Monday, 08 October 2012 06:23 PM

පොඩි ළමයින්ව අල්ලලා කූඩුවට දාන්න තරම් පොලිසියට පිස්සු හැදිලද? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 09 October 2012 08:22 AM

අනවශ්‍ය වැඩක්... මැච් බලපු අය වැඩි හරියක් ටිකට් ගත්තේ ඔය විධියට... පොලිසියේ සමහර අයත් ග්‍රවුන්ඩ්ස් ළඟ මේ විදියට ටිකට් විකුණපු බව ආරංචියි. එක්කෙනෙක් විතරක් මෙහෙම අල්ලාගත්තේ ඇයි, විශේෂයෙන් ම ළමයෙක්? (ස)

:       0       0

ෆර්සාන් Monday, 08 October 2012 06:25 PM

14000 ට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ටිකට් එක ගනී. මේක ගණුදෙනුවක්. බලෙන් දෙන්න හැදුවෙ නැහැනේ. අනික මේක අත්‍යවශ්‍ය භාණ්ඩයකුත් නෙමෙයිනේ. (නි)

:       0       0

පාල Tuesday, 09 October 2012 08:51 AM

සුල මුල පස්සේ හෙලි වේවි (ස)

:       0       0

රංජිත් Tuesday, 09 October 2012 09:00 AM

20/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අපි මැච්එක විකුණපු පුවත පලකලේ නැත්තේ ඇයි ? (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 09 October 2012 09:12 AM

කොටස් වෙළඳපල කියන එකේ දිනපතා සිදුවෙන්නේ අඩු මිලකට ගත්ත දේවල් වැඩි මිලට විකුණන එක. මී කුනකින් පෝසත් වුණ බොසතාණන් කලෙත් ඔය ටිකමයි. පොලීසියේ ඉන්න අයට ඇයි මේකම අල්ලන්න රුදාවක් හැදුනේ? මිටි ගණන් ටිකට් හොරට විකුණන තැන ගැන ක්‍රිකට් රසිකයෝ මාධ්‍ය වලට කිවුවා. කෝ ඒ එක්කෙනෙක්ගෙන් වත් කටඋත්තරයක් ගත්තද? මේකෙනුත් පෙන්නේ ටිකට් ජාවාරමට පවා ඉහල තැන වල අනුබලයක් තියෙන බව නේද? (ස)

:       0       0

ජීවන් Tuesday, 09 October 2012 09:37 AM

මහරගම කොට්ටාව ප්‍රදේශයේ ඉන්න හොරු ටික අල්ලන්නේ නැතුව පොඩි ළමයින්ව තමයි අල්ල ගන්නේ i පොලීසියට පැමිණිලි කරාම හොරු අපිට අල්ලන්න කියනවා..අනේ මෙහෙමත් නාටක (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 07:05 PM

මෙහෙ මිනී මරනවා. මිනිස්සුන්ට මහ දවල් ගහනවා. කාන්තාවන් දුෂණය කරනවා. පෑත්ත පළාතෙ යන්නෙ නැහැ. පොඩි කොල්ලෙක්ව අල්ලන්න වීරයො වගේ දුවනවා. ලෑජ්ජයි! (නි)

:       0       0

හර්ෂණ Monday, 08 October 2012 07:53 PM

අනේ මොකට කියනවද? ලංකාවේ පොලිසිය... (නි)

:       0       0

ධර්මපාල හිමි Tuesday, 09 October 2012 11:14 AM

ලොකු අය ලොකු ලොකු හොරකම් කරන විය පොඩි කට්ටියටත් හිතෙන්න ඇති ,කවුරු උනත් දඩුවම් උපරිමයෙන් දිය යුතුයි (ස)

:       0       0

ශාන් Tuesday, 09 October 2012 11:26 AM

ඕන ගානකට ගන්න මිනිස්න් කැමති නම් පොලිසියට මොකද? ලොකු ලොකු දේවල් අල්ලන්නේ නැතිව මේ පොඩි ළමයා කියක් හරි හොයාගත්තාට මොකද?(නු)

:       0       0

සඳරුවන් Monday, 08 October 2012 08:10 PM

තෝරු මෝරු එලියේ ඉද්දි හාල්මැස්සෝ අහු වෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 3 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 53 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 87 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1856 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site