විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සිසුවාගේ ජංගම දුරකථන අංකයට කතා කොට ටිකට්පතක් ඇණැවුම් කර වැල්ලවත්තේ ඔහුගේ නිවෙසට ගොස් ටිකට්පතද සමග සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය වැඩක්... මැච් බලපු අය වැඩි හරියක් ටිකට් ගත්තේ ඔය විධියට... පොලිසියේ සමහර අයත් ග්‍රවුන්ඩ්ස් ළඟ මේ විදියට ටිකට් විකුණපු බව ආරංචියි. එක්කෙනෙක් විතරක් මෙහෙම අල්ලාගත්තේ ඇයි, විශේෂයෙන් ම ළමයෙක්? (ස)
තෝරු මෝරු එලියේ ඉද්දි හාල්මැස්සෝ අහු වෙනවා (ස)
වැඩේනම් පව් ..පොලීසියට ලොකු හොරු අල්ලන්න බෑ.(ස)
මේක පුදුම වැඩක්නේ. පහුගිය පල්ලෙකැළේ තරගය වෙලේ මම රුපියල් 5000ක් ලාභ තියාගෙන ටිකට් විකුණූවා. ඒත් පොලිසිය මට මුකුත් කිවුවේ නැහැනේ. (නි)
පොඩි අයව මේවට ගාවගන්නේ නැතුව ඉන්නවා නම් හොදයි. හැමෝම දන්නවා ඇතිනේ කොහෙන්ද ටිකට් එළියට ආවේ කියලා. (නි)
මන්ත්‍රිවරුන්ට තීරුබදු රහිතව ලැබෙන වාහනේ කෝටි ගාණක ලාභයකට විකුණන්න පුලුවන්. පොඩි එකාට තමන්ගේ ටිකට් එක විකුණන්න බැහැ. (නි)
පොලීසිය හොඳයි . ඉඳලා ඉඳලා ගාගත්තම ගඳයි (ස)
කඩකාරයො ඔක්කොම ටික අත්අඩංගුවට ගන්න.ඒ ඔක්කොම කරන්නෙත් ඉතින් ඕකමනෙ. (නි)
මුලින්ම පොලීසියට නීතිය උගන්වන්න ඕනි . මේ වගේ දේවල් නිසා මිනිස්සු කී දෙනෙක් අසරණ වෙනවද ? (ස)
අනේ මොකට කියනවද? ලංකාවේ පොලිසිය... (නි)
සුල මුල පස්සේ හෙලි වේවි (ස)
20/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අපි මැච්එක විකුණපු පුවත පලකලේ නැත්තේ ඇයි ? (ස)
කොටස් වෙළඳපල කියන එකේ දිනපතා සිදුවෙන්නේ අඩු මිලකට ගත්ත දේවල් වැඩි මිලට විකුණන එක. මී කුනකින් පෝසත් වුණ බොසතාණන් කලෙත් ඔය ටිකමයි. පොලීසියේ ඉන්න අයට ඇයි මේකම අල්ලන්න රුදාවක් හැදුනේ? මිටි ගණන් ටිකට් හොරට විකුණන තැන ගැන ක්‍රිකට් රසිකයෝ මාධ්‍ය වලට කිවුවා. කෝ ඒ එක්කෙනෙක්ගෙන් වත් කටඋත්තරයක් ගත්තද? මේකෙනුත් පෙන්නේ ටිකට් ජාවාරමට පවා ඉහල තැන වල අනුබලයක් තියෙන බව නේද? (ස)
මහරගම කොට්ටාව ප්‍රදේශයේ ඉන්න හොරු ටික අල්ලන්නේ නැතුව පොඩි ළමයින්ව තමයි අල්ල ගන්නේ i පොලීසියට පැමිණිලි කරාම හොරු අපිට අල්ලන්න කියනවා..අනේ මෙහෙමත් නාටක (ස)
ලොකු අය ලොකු ලොකු හොරකම් කරන විය පොඩි කට්ටියටත් හිතෙන්න ඇති ,කවුරු උනත් දඩුවම් උපරිමයෙන් දිය යුතුයි (ස)
ඕන ගානකට ගන්න මිනිස්න් කැමති නම් පොලිසියට මොකද? ලොකු ලොකු දේවල් අල්ලන්නේ නැතිව මේ පොඩි ළමයා කියක් හරි හොයාගත්තාට මොකද?(නු)
වෙළඳ ප්‍රතිපත්ති (ස)
තමන්ගේ දෙයක් විකුණන්න අවසර ඕන නැහැ.. මේවා අල්ලන අයට පුළුවං නේ අර හැංගිලා ඉන්න වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අය අල්ලන්න..!(නු)
තමන් ගත්ත ටිකටි එකෙන් තරගය බලන්න අකමැති නම් විකුණුවහම මොකද වෙන්නේ? (නි)
නියමයි ,(ස)
මොකක්ද මේකේ තියෙන වැරැද්ද? තමන් ගත්ත ටිකට් එක විකුණන්න කාගෙන්වත් අහන්න ඕනෑද? (නි)
කැමතිනම් ඕනි ගාණක් ගත්තට මොකද වෙන්නේ ...මේක ගණු දෙනුවක් ,(ස)
පොඩි අයව බොරුවට අල්ලනවා. පිට්ටනිය ළග ටිකට් මිටි ගණන් විකුණපු අයට මුකුත්ම නැහැ. (නි)
ඔයිට වැඩිය බිස්නස් කරනවා ලොකු ලොකු අය. (නි)
තරගයට වුණ දේට අපි තවමත් ඉන්නේ කම්පනයෙන්. (නි)
එතකොට ලක්ෂ 30-40ක් අරන් පෙට්‍රල් ෂෙඩ් අවසරපත් විකුණන්න හොදයි. (නි)
මෝඩයා, එකක් විකුණන්න හැදුවෙ මොකද? 100 විතර අරගෙන කාට හරි කොමිස් දීලා වැඩේ පටන් ගන්න තිබුණේ. අනේ පොලිසියේ හොදකම? මට හිනා. හැබැයි කටෙන් නෙමෙයි. (නි)
පොලිසිය වැඩක් නැති වැඩ වලට කාලය නාස්ති කරනවා. මොකක්ද මේකේ ඇති වැරැද්ද? (නි)
තමන් ටිකට් එක සල්ලි දීල ගත්තම ඒකේ අයිතිය තමන්ට. අනික මේක ධනවාදී ආර්ථික ක්‍රමයක් තියෙන රටක්. ඉතින් දෙයියනේ තමන් ගත්ත දේ විකුණන්න බැරි නම් මැල්ලුමක් හදලා කෑවත් ඇති වරද මොකද්ද? මේකෙන් ඉතින් පේන්නේ වෙන දෙයක්. මේ වගේ පුංචි වැරදි කරන පොඩි උන්ව අත් අඩංගුවට ගන්න තමයි ඔක්කොම බලන් ඉන්නේ. (නි)
ලංකාවේ මෙච්චර දක්ෂ පොලීසිය අර ලේකම්ට ගහපු අයත් අත්අඩංගුවට ගන්නකෝ...පවු පොඩි එකා. (නි)
හරිම දක්ෂ පොලිස් නිලධාරීන් ටිකක්. මුලු ලෝකයේම පොලිසි වලට ආඩම්බරයක්. (නි)
පොඩි එකාට කියන්න තිබ්බෙ " මට මතක නැහැ කියලා " (නි)
තමන්ට එපා නම් විකුණූවට කිසිම වැරැද්දක් නැහැ. (නි)
පොඩි ළමයින්ව අල්ලලා කූඩුවට දාන්න තරම් පොලිසියට පිස්සු හැදිලද? (නි)
14000 ට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ටිකට් එක ගනී. මේක ගණුදෙනුවක්. බලෙන් දෙන්න හැදුවෙ නැහැනේ. අනික මේක අත්‍යවශ්‍ය භාණ්ඩයකුත් නෙමෙයිනේ. (නි)
මෙහෙ මිනී මරනවා. මිනිස්සුන්ට මහ දවල් ගහනවා. කාන්තාවන් දුෂණය කරනවා. පෑත්ත පළාතෙ යන්නෙ නැහැ. පොඩි කොල්ලෙක්ව අල්ලන්න වීරයො වගේ දුවනවා. ලෑජ්ජයි! (නි)