IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට

චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය.

ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය.

 

 

ඡායාරූප - සූරියවැව දිලීප් ජයසේකර



අදහස් (39)

වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට

පිටිගල මිලානෝ Saturday, 01 February 2020 03:50 AM

ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, හපුතලේ වැසියන් ගෙවල්වලටම වෙලා මුඛවාඩම් දාගෙන ඉන්න. ඇයි මේ අයව ජනශුන්‍ය විල්පත්තුව වැනි ප්‍රදේශයකට ගෙනිච්චේ නැත්තේ? කාට හරි බයේද?

:       1665       19

dilanSaturday, 01 February 2020 11:44 AM

කියන්න ඉස්සර අඩුමගානේ ප්‍රවෘතිය කියවලාවත් බලන්න.

:       0       3

ChampaSaturday, 01 February 2020 03:26 PM

මොකක්ද මේ කතාව? වූහාන් වල ඉඳන් අරන් ආවේ අපේම රටේ දරුවෝ අපේම රටේ මිනිස්සු කියලා කිසි හැඟීමක් නැත්ද? මගේ කවුරුවත් චීනේ නැහැ. නමුත් ඔයාගේ කවුරුවත් චීනේ හිටියා නම් අද ඔය කතාව කියනවද? අපේ මිනිස්සු විතරක් නෙමෙයි චීනෙන් එළියට යන හැමෝම චීනේදීත් පරීක්ෂා කරලා තමයි එළියට යවන්නේ. ලංකාවේදීත් ඒක කෙරෙනවා. මිනිස්සු වුණාම ලෙඩ හැදෙනවා තමයි. ලෙඩ නොහැදෙන්න නම් දෙවිවරු වෙන්න එපෑයැ. ලෙඩක් හැදුණා කියලා චීන ජාතිකයෙක් හරි, ශ්‍රී ලාංකිකයෙක් හරි කොන් කරන එක මිනිස්කමට නිගාවක්. ඔබේ ආගම මොකක්ද? කිසි ආගමක කියන්නේ නැහැ මිනිස්සුන්ව කොන් කරන්න කියලා ලෙඩ වුණාම. ඔවුන්ට දයාව, කරුණාව දක්වන්න කියලා මිසක්... අනික ලංකාවේ තවම එක nCoV ලෙඩෙක් විතරයි හම්බ වුනේ. චීන කාන්තාවක්. එයාටත් හොඳ වෙලා. අපි ආඩම්බර වෙන්න ඕනේ ඒ ගැන... ලෝකේ පුරා චීන නිෂ්පාදන වර්ජනය කරන්න රැල්ලක් හැදීගෙන යනවා වගේ පේනවා. මුලිනුත් මං ලිව්වා ඇමරිකාව චීනෙට විරුද්ධව ලොකු වැඩපිළිවෙලක් ගෙනිච්චා. වෛරසය හැදුනේ කොහෙන්ද කියන එක තවම හරියට දන්නෙත් නැහැ. චීනෙට අපේ සහයෝගය දෙන්න ඕනේ මේ වෙලාවේ... චීනේ ඉඳන් ආපු අපේම මිනිස්සුන්වත් කොන් කරන්න කියලා ලියන එක ඉතා පහත් වැඩක්...

:       32       197

Wasantha Saturday, 01 February 2020 05:01 PM

මෙයා ලංකාවේ එක්කෙනෙක්ද? මෙයාව යවන්න ඕනේ චීනෙට...

:       0       13

kamal Saturday, 01 February 2020 03:52 AM

ගුවන් යානයක ගමන් කළ හැක්කේ මගීන් 33කටද?

:       461       10

Shiran Saturday, 01 February 2020 11:28 AM

ඇයි ඔයාටත් යන්න ඕනෙද?

:       35       181

AnandaRSaturday, 01 February 2020 01:23 PM

ඒ දරුවෝ 33 දෙනා වෙනුවෙන් ගුවන් යානයක් වෙන්කරපු එක පාපයක්ද? අනේ අපේ සිංහලයෝ!!!

:       6       346

NalakaSunday, 02 February 2020 03:10 AM

241ක් තව එන්න ඉඳිද්දී 33ක් විතරක් අරන් ආවේ නාස්තියක් නේද?

:       84       10

RamSunday, 02 February 2020 06:05 AM

නාලක, මේ 33 අවදානමක් ඇති කට්ටිය. ඔවුන් හිටියේ වූහාන් වලයි. අනික් කට්ටිය ඉන්නේ වෙන පළාත්වල. ඒ නිසා ඔවුන්ව වුහාන්වලින් ගෙනා කට්ටියත් එක්ක එකට දානවා කියන්නේ ඔවුන්වත් අවදානමට දාන එකයි. වූහාන් කට්ටියව වෙන් කරලයි තියන්න ඕනෑ...

:       0       28

RaveendraSaturday, 01 February 2020 02:57 PM

අනේමන්දා ඔබ පිළිබඳව අපට නම් ඇතිවුණු හැඟීම වචනවලට පෙරලීමට නොහැකි බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. කෙසේවෙතත් ඔබගේ සාමාන්‍ය දැනුම පිළිබඳව ඔබ විසින්ම තක්සේරු කරගැනීම වඩාත්ම උචිත වන බව නම් කියන්නෙමු. සමහරවිට ඔබ අදහස් කරන්නට ඇත්තේ හිස් ආසනවලට වෙනත් රටවල පුරවැසියන් රැගෙන ඒම විය හැකියි...

:       0       6

chandimaSaturday, 01 February 2020 03:12 PM

අන්න ඉඳල ඉඳලා ගොන් ප්‍රශ්නයක් ඇහැව්වා...

:       0       2

ලැවොයිසියර් Saturday, 01 February 2020 04:35 AM

රටවැසියන්ගේ ආරක්ෂාව ගැන කැක්කුමක් ඇති, ඒ වගේම අවස්ථාවට උචිත සුදුසු කඩිනම් පියවර ගන්න උතුම් ජනාධිපතිවරයකු ලැබී තිබීම ගැන ඇත්තටම ආඩම්බරයි

:       218       1451

citizen Saturday, 01 February 2020 04:47 AM

බොහොම පරිස්සමින් කරන්න. මේක පැතිරුණොත් ලංකාවම ඉවරයි. හොර දේශපාලුවන් ඔවුන්ගේ පවුල් පිටින් රටින් පැනලා බේරේවි.

:       311       259

නන්නාදුනන හාදයා Saturday, 01 February 2020 10:22 AM

ඔය වෛරස් එක කොහොම හරි දියවන්නාවේ "ගව ගාලට" ගිහින් දමන්න හැකිනම් 225ම සෙත්තපෝච්චි වෙලා මකබෑවෙලාම යාවි. රටට අලුත් පාලකයෙක් බිහිවෙලා රටට කිරියෙන්, පැණියෙන් උතුරාවි...!!! සත්තයි... මට හැදුණොත් නම් මම යන එක යනවා. මොන ක්‍රමයකින් හරි ඔය පාර්ලිමේන්තුවද? මොකක්ද කියන එක මකබෑවට. ගිහින් ඔය "නරි" දෙතුන්දෙනෙක් අාසාදනය කරනවා. මරාගෙන මැරෙනවා...!!!

:       338       236

Ratnamalala Saturday, 01 February 2020 05:21 AM

සද්ද බද්ද නැතුව කරන්න ඕනෑ දේ ගැන දැක්මක් ඇති ජනාධිපතිතුමාගේ දර්ශනය ගැන ආඩම්බරයි.

:       111       2157

Ruwan Saturday, 01 February 2020 06:59 AM

ස්තූතියි ජනාධිපතිතුමනි...,

:       112       786

Saman Saturday, 01 February 2020 07:49 AM

අර අපි ගැන බලන්නේ නැහැ කියලා චෝදනා කරපු අචාර්ය උපාධි අපේක්ෂකයත් එන්න ඇති කියලා හිතනවා. ඕස්ට්‍රේලියාවත් දැන් තමයි ගෙනෙන්නේ. අපේ රට ලාංකිකයන් ගැන හොයන එක මගහැරියා කියන්න බැහැ.. ඒ නිසා. අපේ රට මේ කර්තව්‍යයේ ඉදිරියෙන්ම ඉන්නවා...

:       111       667

ජල්තර ඕෂද Saturday, 01 February 2020 08:43 AM

අර වංශගේ පුත්‍ර රත්නය ගෙන්වා ගැනීමට ජනතා බදු මුදලින් ගුවන් සමාගම ගුවන් යානයක් ගුවන් තොටුපලට ගොඩ බෑ වගයි.

:       1211       134

maheeSaturday, 01 February 2020 11:42 AM

මඩ ගහන්න හරියට ඇත්ත දැනගෙන.

:       0       0

RamSaturday, 01 February 2020 12:35 PM

මෝඩකමට බෙහෙත් නැතේ. අනුන්ට බොරුවට අපහාස කරන්න කලින් පත්තරයක් දෙකක් බලන්න. කිසිම ඇමති කෙනෙක්ගේ දරුවෙක් මෙතන නැත.

:       0       0

RamSaturday, 01 February 2020 09:17 PM

ජල්තරයක්ම තමයි. බොරුවෙන්ම ජීවත්වෙන්න. එතකොට ඔබ බොරුවෙන්ම අවසන් වේවි. මේ වනවිට මුළු රටම දන්නවා විමල් වීරවංසගේ පුතා ජනවාරි මුල ඉඳන්ම ලංකාවේ බව. ඒ නිසා මේ වගේ බොරුබීජ පතුරන ඔබනම් කොරෝනාවටත් වඩා ලොකු විෂබීජයක්.

:       21       77

ටි ඉන්දික Saturday, 01 February 2020 09:21 AM

මොකටද මේ ළමයි වසංගත රෝගීන් ලෙස හඳුන්වන්නේ..? එහෙ හිටිය නිසා ටික දවසක් වෙන් කර තැබීම වැදගත් වුවත් මෙසේ ප්‍රසිද්ධ කර කොන් කිරීම අවැඩක්.. අවුරුදු දෙක තුනක් මෙරට හිටපු චීනෙක් ඉඳලා බස් එකෙන් බැහැලා ගිය කාලකන්නි ඉන්න රටක් මේක.. මේ අය කොන් කරන්න බැරි නෑ. එහෙම කාලකණ්නි ජාතියක් ඉන්නේ...

:       89       202

RaveendraSaturday, 01 February 2020 10:40 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. එහෙත් අප නම් කිසිදු තැනකදී දැක්කේ නැහැ මෙම සිසුන් කොන් කරනවා යන්න . කෙසේ වෙතත් අප සැවොම මෙහිදී සිහි බුද්ධියෙන් ක්‍රියා කලයුතු යන්න අපගේ අදහසයි. මෙම දරුවන් යම්කිසි කාලයකට වෙන්කර තැබීම මගින් ඔවුන්ව කොන් කිරීම ලෙස කිසිවෙකු හුවා දක්වන්නේ නම් සහ අපහසුතාවයකදී සමාජයෙන් කොන්කිරීමට කිසිවකු උත්සාහ ගන්නේ නම් එවන් මිනිසුන් තිරිසනුන් බව නම් කිවයුතුයි. අමතක නොකරන්න මේ ඔබේ, මගේ, අපේ දරුවන් බව...

:       0       446

De Saturday, 01 February 2020 10:00 AM

මෙන්න මේ වගේ හොඳවැඩ අගය කරන්නත්, නරකදේ විවේචනය කරන්නත් අප ඉගෙනගත් අයත් රට හොඳ අතටයි..

:       119       212

පිටිගල මිලානෝ Saturday, 01 February 2020 10:35 AM

පම්පෝරි ගහන්නේ නැති, බය නැතුව වැඩ විතරක් පෙන්නන ජනාධිපති කෙනෙක්...

:       113       857

Maitree parlour Saturday, 01 February 2020 11:22 AM

ඒ වුණාට කජු නං...

:       47       17

Gunarathna Saturday, 01 February 2020 11:45 AM

මේ ගෙනාපු අය අතරෙ මගෙ නම් කවුරුවත් නෑ. නමුත් මේ අපේම අය.

:       0       0

Ruhunu Saturday, 01 February 2020 12:15 PM

මේ වගේම මැදපෙරදිග ගිහිල්ලා අසරණවෙලා අනාථ කඳවුරුවල ඉන්න අපේ සහෝදරයන් ටිකත් රජය මැදිහත් වෙලා ගෙන්න ගත්තොත් හොඳයි නේද?

:       0       0

Lakmal Saturday, 01 February 2020 12:26 PM

උඩ සමහර කමෙන්ට් දැක්කාම පිළිකුලක් හිතෙනවා. මේ අය මිනිස්සුද කියලා හිතෙනවා. මේ අපේම රටේ දරුවෝ... අපි ඔවුන් ගැන බලන් නැතිනම් කව්ද බලන්නේ?

:       0       0

dinesha Saturday, 01 February 2020 01:50 PM

මෙතැන පිටිගල මිලානෝ නමින් දෙතුන් දෙනෙක් පෙනී ඉන්නවා වගෙයි. බලන්න එ්කේ තියෙන්නේ වෙනස් කතා දෙකක්...

:       2       153

MaheshSunday, 02 February 2020 02:29 AM

එජාපයේ ඉන්නේ ඔය වගේ දිව දෙකේ අය තමයි. දැන් එකක් තව ටිකකින් තව එකක් කියයි. ඔතන දෙන්නෙක් නැහැ. එකම තමයි සිරිකොතේ ඉදන් ලියන්නේ.

:       0       22

SamanSunday, 02 February 2020 08:02 AM

ඔරිජිනල් එකනම් දවල් රැය නොබලා යහපාලනෙට කඩේ ගියා. දැන් දිව පැටලෙනවා ඇති.

:       0       4

sam priyasad Saturday, 01 February 2020 02:06 PM

ආඩම්බරයි, දුප්පත් රටක් වෙලත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වීම... මේ වගේ දේවල් කලින් දේශපාලුවන්ට විතරයි තිබුණේ. ඉදිරියටත් ප්‍රවේසමින් හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       1

suranga Saturday, 01 February 2020 02:19 PM

මොන මගුලක් කරනවද මේ ආණ්ඩුව? මට සතියක් කතා කරන්න තිබුණු මාතෘකාව ඉවර කළා...

:       2       291

Chandima Saturday, 01 February 2020 03:18 PM

අපරාදේ ඉක්මන්වෙලා ජීව විද්‍යාත්මක අවිගැන පුහුණුවලත් විශේෂ ගුවන් හමුදා බලකායක් මේ වැඩේට යොදාගත්තේ.... අර සජි පුතාගේ කාර්යසාධක බලකායට වැඩේ බාරදෙන්න තිබුණානේ. අනේ මේ පුතාට රට බාරදීලා තිබුණු කාලෙක මේ දේ වුණා නම් රටත් විනාශයි. අපිත් විනාශයි.

:       0       35

Missaka Saturday, 01 February 2020 05:33 PM

අපේ රටේ වැසියන් චීනේ සංචාරය කරා නම් හෝ චීනෙන් එන පුද්ගලයින්ව අනිවාර්යයෙන්ම සුමාන දෙකකට හුදෙකලාව තබන එක තමා හොඳම විසඳුම...

:       0       1

සරත් බාලපටබැඳි Sunday, 02 February 2020 12:23 AM

යූ.එන්.පී ආණ්ඩුව මේ ගුවන් තොටුපල වී ගබඩා කිරීමට නිර්දෙශ කොට එසේ කළා. එහෙම තියෙද්දි මේ හරහා සිසුන්ව ගෙනා එක වැරදියි නේද ?

:       34       3

රජින්ද Sunday, 02 February 2020 05:04 AM

ජාතියේ ප්‍රණාම තමන්ගේ රටේ මිනිස්සු ගැන හිතන ශක්තිමත් නායකයෙක් වන ගෝඨාභය මහත්මයාට හිමිවිය යුතුයි. කුහකයින් කිහිපදෙනෙක් හිටියත් අපට අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යන්නට මාර්ගය සැකසී ඇති බව පෙනේ.

:       70       168

ධර්මරත්න Sunday, 02 February 2020 05:32 AM

එජාප රජය තිබුනා නම් මෙලහකට වසංගතය ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇයි තීරණ ගන්න කොන්ද ඇති අය හිටියෙ නැහැ.

:       32       55

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2025 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 386 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 673 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1005 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 178 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site