වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල ලකුණු 43 ක් ලැබීය. තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. ලකුණු 35 ක් ලබාගත් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අනුශූරතාව ලබාගත් අතර සෙලාන් බැංකුවට (ලකුණු 30) තෙවැනි ස්ථානය හිමිවිය. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ද්විත්ව ශූරතා දිනාගත් අතර ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තාය. නිලූක, පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී සිය සොහොයුරු දිනුක කරුණාරත්න පරදවා ශූරතාව දිනා ගත්තේය. නිමා වු 60 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේද නිලූක ශූරතාව දිනා ගත්තේ දිනුක පරදවමිනි. නිලූක, මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය නියෝජනය කළ අතර දිනුක, හැටන් නැෂනල් බැංකු පිලට ක‍්‍රීඩා කළේය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය 21/15, 21/17 ක් ලෙස පහසුවෙන් නිලූක ජය ගත්තේය. ඔහු පිරිමි යුගල ඉසව්ව අයි. එදිරිසිංහ සමග ක‍්‍රීඩා කර ජය ලැබීය. සෙලාන් බැංකුව නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා, කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී නදීශා ගයන්ති (21/8, 21/13) පරාජය කළාය. චන්ද්‍රිකා, කාන්තා යුගල ඉසව්ව ද ජයගත් අතර එහිදී ඇයගේ සහායිකා ලෙස තිළිණි පරණවිතාන ක‍්‍රීඩා කළාය. ජාතික කාන්තා කේවළ ශූරතාව වැඩිම වරක් දිනා සිටින චන්ද්‍රිකා, ප‍්‍රවීණයන්ගේ කාන්තා ඉසව්වේද ශූරිය වුවාය. මෙවර තරගාවලියට ආයතන සහ සමාගම් 49 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 275 ක වාර්තාගත පිරිසක් සහභාගිවුහ. තරගාවලියට ඞී. සැම්සන් පුත‍්‍රයෝ සමාගම (ඞී.එස්.අයි.) බෙදාහරින ‘ලී නින්’ බැඞ්මින්ටන් ක‍්‍රීඩා නිෂ්පාදන අනුග‍්‍රහය දැක්වීය.
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට
බිමල් ජයසේකර Wednesday, 31 October 2012 08:46 PM
හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)