(උපාලි ආනන්ද)
තම නිවස පරික්ෂා කර නිවසේ ශීතකරණය තුළ තිබූ ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස්, ඉබි මස් , ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනකු සහ ඇත් දළ වලින් සකසන ලද අත් පලදනාවක් අත් අඩංගුවට ගැනීම තුලින් වනජීවි නිලධාරීන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර අති බව පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර තමාට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා අනුරාධුපර ජය ශ්‍රි මහ බෝධියේ හිටපු ප්‍රධාන කපු මහතා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා එළැඹෙන 16 දින මානව හිමිකම් කොමිසන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වනජීවි දෙපර්තෙමින්තුවේ අනුරාධපුර සහකාර වනජීවි අධ්යක්ෂවරයාට වන සත්ව අඩිවි ආරක්ෂක නිලධාරීන් තිදෙනකුට වන සත්ව අඩවි සහකාර නිලධාරීන් දෙදෙනකුට සහ වන සත්ව නියාමකවරයකුට සිතාසි නිකුත් කළේය.
මෙසේ සිතාසි නිකුත් කොට ඇත්තේ වනජීවි දෙපාර්තෙමින්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්යක්ෂ චන්න සුරවීර පිඹුරත්තෑව අඩවි ආරක්ෂක බී. ටී. කේ. පෙරේරා රිටිගල වන සත්ව අඩිවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. බී. විජේසිංහ අඩවි ආරක්ෂක ජේ. ඒ. එන්. එල්. ජයසූරිය අඩවි ආරක්ෂක එස්. එස්. ඒ. වික්‍රමරත්න වන සත්ව අඩවි සහකාර එස්. ආර්. එම්. අධිකාරි සහ වන සත්ව නියාමක එස්. එම්. එස්. කේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ටය.
අනුරාධපර ජය ශ්‍රි මහ බෝධියේ හිටපු ප්‍රධාන කපුවා ලෙස කටයුතු කරන අනුරාධපුර විහාරපාලූගම විහාර කල්ලංචිය ලිපිනයේ බී. ජයවර්ධන මහතා ස්වකීය පැමිණිල්ල මගින් ශ්‍ර්‍රි ලංකා මානව හිමිකම් කොම්සන් සභාවට දැනුම් දී ඇත්තේ 2025 11 18 දින ගිනි අවි අතැතිව නිල ඇදුමින් සහ සිවිල් ඇදුමින් සැරසී පැමිණි වනජීවි නිලධාරීන් කන්ඩායමක් සිය නිවස පරික්ෂා කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd