ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණයෙන් සහ ටී සදේෂ් කුමාර් නිෂ්පාදනයෙන් බිහිවූ ‘‘සුපර් සික්ස්’’ සඳහා එතරම් මුදලක් වැය වූයේ ඇයි? මේ චිත‍්‍රපටයේ ඇති විශ්මිත දේවල් මොනවාද? කතාව මොන වගේද? මෙම සිනමා නිර්මාණය රූගත කළේ කොහොමද? ‘‘සුපර් සික්ස්’’ තිරගත වන මොහොතක ඒ ගැන මෙහි අධ්‍යක්ෂ උදාර සහ නිෂ්පාදක සදේෂ් ගෙන් විමසා දැන ගනිමු. උදාර මේ ඔබගේ කී වැනි චිත‍්‍රපටයද? චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රදර්ශනය වන පළමු එක. ඊට පෙර තවත් නිර්මාණයක් කර තිබෙනවා. නමුත් පළමු චිත‍්‍රපටය වන්නේ මෙයයි. මෙම සුපර්සික්ස් සඳහා කතාව උපුටා ගැනීමක්ද? මෙහි කතාව නිෂ්පාදක සදේෂ් කුමාර්ගෙ. පිටපත අනුර ඒකනායකගෙ. දෙබස් සහ අධ්‍යක්ෂණය මගේ. මෙය හින්දි කොපියක් නොවෙයි. ලංකා පොළවේ පය ගහලා ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් වටා ගොනුවූ චිත‍්‍රපටයක්. එය නරඹන පිරිසට එය දැනෙන චිත‍්‍රපටයක්. ලංකාවේ වැඩිම මුදලක් වැය කර තැනූ චිත‍්‍රපටය මෙයද? ඔව්, නිෂ්පාදන වියදම පමණක් රුපියල් ලක්ෂ 990 ක්. ප‍්‍රචාරක වියදම ගැන තවම ගණන් බලා නැහැ. මෙතරම් විශාල ධනස්කන්ධයක් යොදා චිත‍්‍රපටයක් කිරීමට ඔබට බියක් හිතුනේ නැද්ද? ඇත්තටම ගොඩාක් අය ඒ ගැන අහනවා. මම නියැලී සිටින්නේ වෙළඳ ප‍්‍රචාරක සේවයේ, තත්ත්පර 30 ක දැන්වීමකට සමහර වෙලාවට අපට රුපියල් කෝටියක් පමණ වැය කරන්න සිදු වෙනවා. ගුණාත්මක දේ කරද්දී ඇත්තටම වියදමක් යනවා. ඉන්දීය චිත‍්‍රපටයක් කරන්න සමහරවිට අඩුම තරමින් ඉන්දීය රුපියල් කෝටි 150 ක්වත් යනවා. නමුත් අවසානයේ බිහිවන නිර්මාණය ගුණාත්මක බවින් ඉහළයි. ‘‘සුපර් සික්ස් ’’ ඒ වගේ චිත‍්‍රපටයක්. ඒ අනුව බලද්දී එතරම් මුදලක් වැය නොකළත්, හින්දි චිත‍්‍රපටයක් පරදන තරමට සියලූම තාක්ෂණ අංශ සහ කතාව ඇතුළු අනෙකුත් අංශ වලින් ගුණාත්මකව අපි මෙය කරලා තියෙනවා. කැත නැතිව ලෝකයේ ඕනෑම තැනක පෙන්වන්න පුළුවනි. මේ වියදම් කිරීම ඔබ කළේ මොන වගේ හරඹයක් වෙනුවෙන්ද? ඇයි මෙච්චර වියදම් කළේ? මට අවශ්‍ය වුනේ ඇදලා ගත්තා දමලා ගැහුවා චිත‍්‍රපටයක් කිරීම නෙවෙයි. අනෙක චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට අපි අමුත්තන් නෙවෙයි. මම චිත‍්‍රයට කලාව ගැන ඉගෙන ගත්තෙ පූනේ වලදී. එදා ඉඳලා හොඳ චිත‍්‍රපටයක් කිරීම තමයි මගේ අරමුණ වුණේ. ලංකාවට චිත‍්‍රපට කරන්න බැහැ කියලා දෙයක් නැහැ. චිත‍්‍රපට නරඹන සංඛ්‍යාවේ සිට සියල්ල සමීක්ෂණය කරලා තමයි මේ චිත‍්‍රපටය කළේ. අපි බොහෝ වෙලාවට නරඹන ලක්ෂ 60 ට වඩා අඩු ප‍්‍රමාණය ගැන තමයි කතා කරන්නේ. මේවා බැහැර විය යුතු දේවල් ඒ නිසා අපට ඕනෑ වුණේ පේ‍්‍රක්ෂකයන් ලක්ෂ 60ම සිනමා ශාලාවෙතට කැඳවාගෙන ඒමටයි. ආර් 4 කියන උසස්ම තාක්ෂණයේ කැමරා පවා අපි භාවිත කළේ ඒ නිසයි. දැනට වසර කිහිපයකට පෙරදී සල්මන්ඛාන් චිත‍්‍රපටයක් කළේ මේ කැමරා සහ කණ්ඩයාම සමගයි. මේ චිත‍්‍රපටයට දායක වුණෙත් එම කණ්ඩයාමයි. ඒ වගේම සෑම දෙයකටම වියදම දරන්න පූනා, අන්දමන් දුපත්වලට, ඉන්දියාවට සහ මැලේසියාවට පවා ගිහින් රූගත කිරීම් සිදුකළා. අර මා කී උසස් ගුණාත්මක බව ගන්නයි අපට ඕනෑ වුණේ. නිකම් පිස්සුවට මුදල් වියදම් කළේ නැහැ. නරඹන සියලූ දෙනාට තත්ත්පරයෙන් තත්ත්පරය මෙය දැනෙන චිත‍්‍රපටයක් ලෙස රූප රාමු පෙළ ගස්වා තිබෙනවා. මේ සියල්ල සමග කතාව ප‍්‍රබල වෙන්න එපායැ. කතාව ප‍්‍රබලද? මේ චිත‍්‍රපටය කරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නමුත් තව අවුරුදු ගාණකට මේ කතාව තරුණ තරුණියන්ට ගැලපේවි. අනිවාර්යයෙන්ම මෙහි කතාව ප‍්‍රබලයි. නමුත් ලංකාවේ තිබූ ප‍්‍රදර්ශන මාෆියාව නිසා මගේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම පස්සට දැමුවා. ඒවායින් අපි සැළුනේ නැහැ. මම හිතන්නෙ අද වෙනස්ම තේමාවක් යටතේ මෙය තිරගත වීම එක්තරා විදියක පේ‍්‍රක්ෂකයින් අවදි කිරීමක්. මම ධනාත්මක පුද්ගලයෙක්. ඒ නිසා සියල්ල ආශිර්වාද කොට සළකන්නෙ. චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර සෙනග ඇවිත් චිත‍්‍රපට ශාලාවලට එය නරඹන්න. ඔවුන්ට දිනත් අමතක වෙලා. එයින්ම පෙනෙනවානෙ මීට තියෙන ඉල්ලූම. කතාව සැකෙවින් කිව්වොත්. මොරටුව ප‍්‍රදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන තරුණ පිරිසක්. එයාලගෙ ජීවිත ගොඩනගා ගන්න උත්සාහ ගන්න හැටි තමයි විකාශය වන්නෙ. ඔවුන්ගේ රිද්මය හරි වින්දනාත්මකයි. යටින් එන පටු දේශපාලනය මේ අයගෙන් ප‍්‍රකාශ වෙනවා. ආදරණීයයි. වින්දනාත්මකයි. මෙයින් ඔබට අවශ්‍ය වුණේ කුමක් ප‍්‍රකාශ කරන්නද? කිසිම දෙයක් නෙවෙයි. සමාජයට හොඳට නෙතපුරා - හිතපුරා විඳින්න පුළුවන් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමටයි. සිනමාශාලාවලට එන්නෙ නැති පිරිස ගෙන්වාගෙන, තව වසර දහයකට විතර ගන්න බැරි අත්දැකීමක් පේ‍්‍රක්ෂකයින්ට ලබා දීමටයි. වාසනාවකට මේ චිත‍්‍රපටය සමග තවත් අලූත් සිනමාශාලා කීපයක්ම විවෘත කෙරුණා. මේ දැවැන්ත චිත‍්‍රපටය කරන්න ගිහින් මුහුණ දුන් දැවැන්ත ක‍්‍රියාදාමයන් මොනවාද? මේ චිත‍්‍රපටයේ මුල සිටම ලොකු ක‍්‍රියාදාමයක්. මුලින්ම මෙහි රූගත කිරීම් පටන් ගත්තෙ ත‍්‍රීකුණාමලයේදී. එහිදී හෙලිකොප්ටර් යොදාගෙන කළ දර්ශන තාක්ෂණික දෝෂයක් නිසා නැවත කරන්න සිදුවුනා. පසුව වෙනම වියදමක් දරා එය කළා. එක් අවස්ථාවක මැලේසියාවට ගිහින් පසුව අන්දමන් දුපතේ රූගත කිරීම් යොදාගෙන තිබුණා. එතැනට ගියේ ලංකාව කියන දුපතේ සිටයි. එතැන අන්දමන් දුපතට මලීකා සහ හේමාල් රණසිංහ රඟපාන ජවනිකාවක් සඳහා එහි ගියේ. අධිවේගී බෝට්ටුවල යන දර්ශන පෙළ රූගත කරද්දී අපි ජීවිතාරක්ෂක කට්ටල යොදා ගත්තේ නැහැ. එක්තරා අවස්ථාවක අපේ ජීවිත මිනීමරු කිඹුල් රංචුවකින් බේරුනේ අනූනවයෙන්. තවත් අවස්ථාවක හේමාල් සටන් ජවනිකාවකට පෙනී සිටියා. රැජිණි කාන්ගේ සටන් අධ්‍යක්ෂකවරයා තමයි සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ. ඒ නිසා හේමාල්ට සජීවීව ඊට පෙනී සිටීමට සිදුවුනා. ඒ නිසා හේමාල් කීප විටකදීම තුවාල ලැබුවා. ඒ අතරතුර අපි ඉන්දියාවට ගියාම තමිල්නාඩු ප‍්‍රශ්නය නිසා දින දෙකක් අපව හෝටලේ රඳවාගෙන සිටියා. ලංකාවේ කාටහරි මොකක්හරි වුණාම අන්තිමට කවුරුවත් නැහැ. එදා අපට අපි විතරයි. අපි සුහදව කතා කරල පණ බේරාගෙන ආවා මෙහි විශේෂතම පිරිවැයක් දැරූ දර්ශනය ගැන සඳහන් කළොත් රුපියල් ලක්ෂ 95 ක් විතර වැය කරලා කළ ගීත ජවනිකා පෙළ සඳහන් කරන්න පුළුවනි. ආරම්භයේදී ඇති ගීතය. ඒ සඳහා සහාය වුණේ ෂාරුක්ගෙ සහාය නර්තන පිරිවරට සිටින ඕස්ටේ‍්‍රලියාවේ ශිල්පිනියන් පිරිසක්. අපි ඒ අය එහෙන් ගෙන්වූවා. මෙවැනි මිල අධික දෙයක් මීට පෙර කරලා නැහැ. පබෝදා සහ සාරංග පෙනී සිටින ගීත ජවනිකා සඳහා බොහෝ විට යොදා ගන්නෙ හෙලිකොප්ටරයි. ඒ නිසා ඒවටත් විශාල වියදමක් ගියා. මේ විදියට මීට ගිය පිරිවැය අති විශාලයි. නමුත් ඒ සියල්ල අද ජනතාව සිතුසේ නරඹමින් පී‍්‍රතිවන බව පෙනෙනවා. සිනාවෙන සිනමාව නැවත ඇති කළ අභිමානය අද අපට දැනෙන දෙයක්.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඒකනම් සහතික ඇත්ත. කමෙන්ට් ටික නම් ගින්දර තමා. ඒක නෙමේ...ටීවී ඇඩ්වර්ටිස්මන්ට් දාන්නේ...නම් පවුලේ චිත්‍රපටියක් කියලා. ඒ වුණාට මේක කාමර ගානේ යන ඡෝඩු වලටනම් උත්තේජනයකි. ඇයි මේ වගේ දේවල් බලලා තමුන් අමාරුවෙන් උපයන තුට්ටු දෙක නැති කරගන්නේ. මේවා හදන අය මේවා කරන්නේ ජොලියට. ජනතාව ගොනාට අන්දලා. කුස පබා වගේ නියම සිංහල කම රැදුන් චිත්‍රපටියටතේ බනින අය ඉන්නවනේ. ඒ අය හයිබ්‍රිඩ් කට්ටිය. කවලං අවලං අය.
සුපර් සික්ස් හොඳයි..
script එක ලියන්න අ.ල. එකේ පොඩි මල්ලියි චූටි මල්ලිටයි දුන්නනන් ෆිලිම් එක ගොඩ...
මාත් බැලුවා. මෙලො රහක් නැති ෆිල්ම් එකක්. අපරාදෙ සල්ලි.
මේ වගේ විකාර හදන්න අධ්‍යක්ෂක කෙනෙකුත් ඕනද?
ෆිල්ම් එක බලන්න ඕනි නෑ. කමෙන්ට් දැක්කහම ඇති.........අනේ ශ්‍රී ලංකා..
ධර්මසිරි ගමගේ මහත්තය නම් දැන් ඉන්නේ දිවිය ලෝකෙලු? ගාමිණී ෆොන්සේකා ඉන්නේ කොහෙද දන්නේ නෑ. අන්න ඒ ලෝකෙට ගියානම් හොඳ සිංහල ච්ත්‍රපටියක් අයෙත් බලන්න පුලුවන්වෙයි.
ගීතා කාන්ති ජයකොඩි, රත්න ලාලිනී ජයකොඩි යන මහත්මියන්ට කව්රු හරි ටිකෙට් එකක් අරගෙන දුන්නොත් මේක බලන්න. හැබැයි ජැක්සන්ගෙන් මේ ගැන ඇහුවනම් මේ ගැන......................
මේ වගේ අය ඇමරිකාවට යවන්න තිබුණෙ...
මේ නළුවොද?? ලංකාවෙ සිනමාවට දවෙ පිහිටයි.. වැඩිම මුදලක් යෙදෙව්වෙ කෙල්ලන්ටද??
නිර්මාණයක වටිනාකම රදා පවතින්නේ එම නිර්මාණයට කොතෙක් වියදම් කළාද යන්න මත නොව එම නිර්මාණය මගින් රසිකයා උකහා ගන්නා පණිවිඩය මතයි. වර්තමානයේ උත්කෘෂ්ට නිර්මාණයක් නැරඹීමට වඩා මෙවැනි නිර්මාණ රසවිදින රසිකයන් වැඩි වී තිබීමෙන් රසිකයන්ගේ රසාස්වාදය පිළිබද සිතා ගත හැක.
අනේ අලි බබෝ මේක බලල මොනවා හරි ලියන්න...
අපේ අය දන්නේ මොනවා උනත් විවේචනය කරන්න විතරයි. මේ ප්‍රතිචාරවලින් ඒක පේනවා... මේ පුද්ගලයා තමන්ගේ රටේ ලොකු වෙනසක් කරන්න උත්සාහ කරල තියෙනවා. ක්ෂේත්‍රයෙ ප්‍රගතියට ඒකට ස්තුති කරන්නවත් එපා.. ඉතිං කොහොමද රට හදන්නේ...
සුදීර නරක දෙයකට හොදයි කියන්නේ මොඩ මිනිස්සු මේ වගේ ෆිල්ම් එකකට හොදයි කියනවා නම්.හොද ෆිල්ම් එකකට මොනවද කියන්නේ .මේ වගේ ෆිල්ම් එකකට හොදයි කියනවා නම් එක ක්ෂේත්‍රයෙ ප්‍රගතියට කරන මහා අපරාදයක්.
හොද එකක් අනික් හැම ඒවාටම වඩා
මීට වඩා හොඳයි කපුටොන්ට ආප්ප අරන් දුන්නනම්...
හොද කලාකරුවන් බිහි වූ පාසලකින් විසි වෙලා ගිය අයෙකුගේ වැඩක් වගේ
මම මෙම චිත්‍රපටය ලබන වසරේ ඔස්කාර් සම්මාන උළෙලට යෝජනා කරනවා.......
මම මේක බැලුවා. ලක්ෂ 990 ක් වටින්නෙ නැහැ. නමුත් අධ්‍යක්ෂකවරයාගෙ අදහස් නම් හෙඳයි. ඒ වටින අදහස් 100% ක්ම ක්‍රියාත්මක කර ගන්න බැරිවෙලා. උදයකාන්තගෙ හිරිපොද වැස්ස තාමත් මීට වඩා හොඳයි. චන්නගෙ අංජලිකාත් නරකම නැහැ. මේක නම් මට මතක හිටින එකක් නෑ.
දර්ශනතල කැමරාකරණය හා සංස්කරණය හොදයි..අනිත් කිසිම දෙයකින් වැඩක් නෑ.හේමාල් රණසිංහ වැනි දක්ෂ නළුවන් හදුන්වාදීම හොදයි. නමුත් ලංකාවම දන්න රංගනය නොදත් ඇග නිසා ජනප්‍රිය වුණු රංගන ශිල්පියා මේකට ගත්ත එක අපරාදෙ. මොකද ඔහු නිර්මාණ කනවා. ප්‍රේක්ෂකයන් සිනමාහල් වෙත ගෙන්වා ගැනීම සදහා ඔහු මෙම චිත්‍රපටියට ගන්න ඇති කියල තමයි අපිට පේන්නෙ.. කෙසේ වෙතත් හොද නරක කිව්වා... රංගනය දන්න කෙනෙක් තෝරන් හොද නිර්මාණ කරන්න කියල උදාර ඔයාගෙන් ඉල්ලනවා. මේක ඔයාගෙ පළමු නිර්මාණය නිසා කමක් නෑ.. ඒත් ප්‍රේක්ෂකයො වූ අපි මෝඩ නෑ..හොද නිර්මාණ ඉදිරියේදී කරන්න. ඔබට ජය..!
ගයාන් හරි. නමුත් ලංකාවම දන්න රංගනය නොදත් ඇග නිසා ජනප්‍රිය වුණු රංගන ශිල්පියා මේකට ගත්ත එක අපරාදෙ. මොකද ඔහු නිර්මාණ කනවා. ප්‍රේක්ෂකයන් සිනමාහල් වෙත ගෙන්වා ගැනීම සදහා ඔහු මෙම චිත්‍රපටියට ගන්න ඇති කියල තමයි අපිට පේන්නෙ..
අනේ මන්ද සමහර කමෙන්ස් කියෙව්වම අප්පිරියාවයි...
හොඳ ෆිල්ම් එකක්..
හොඳායි..........!!!
සිනමාව කියන්නේ කොට ගවුම් ප්‍රදර්ශනය කර අතරින් පතර වචන සෙට් කරන එකක්ද එතකොට?
මට බොහෝම සන්තෝසයි මහතයෝ..බලන්න මේ අපේ රටේ තරුණියන්ගේ අඩනිරුවත නේද මේ ලෝකයාට පෙන්නනේ..යස අගේට හිටපු කෙල්‍ලෝ නේද දැන් මේ බාගෙට ඇදන් නටන්නේ..මේවා දැක්කම මගේ අගේ මවිල් කෙලින් වෙනවා ...අපේ සංස්කෘතිය නේද මේ..අපි දියුණු වෙලා
මහ විකාරයක්..... සල්ලි අපරාෙද්... මීට වඩා හොදයි මරන්න ඉන්න හරක් ටිකක් බේරගත්තනම්.
මේවටද චිත්‍රපටි කියන්නේ?මිනිස්සුන්ව රවට්ටන්න එපා
මහත්තයාලා හම්බන්තොටට අලුත්ද?
මළ හොල්මන්
කලා රසය නෙමෙයි මට නම් මෙහි පෙනෙන්න තියෙන්නේ. (නි)
කුස පබා වගේ නිර්මාණ තමයි අවශ්‍ය වන්නේ ඉදිරි පරම්පරාව හදා ගන්න. super six නරකම නැහැ. එත් මෙක බැලුවම පංති යන පොඩි කෙල්ලෝ කොල්ලෝ පංති යන එන නවත්වලා කාමර ගානේ යනවා ආදරය උපරිමයෙන් කරන්න.
වී මිටි දෙක්ක වත් විකුණන්න වෙයි බලන්න
‘සුපර් සික්ස්ටි’ වගේ අඩි එකහමාරේ කොට්ට උර ඇදන් ඉන්නේ. මල් හතයි අනේ
මේක ‘සුපර් සික්ස්’ ද? ‘සුපර් සෙක්ස්’ ද? අපැහැදිලියි අපිට.
කෙල්ල ගෙට ගනින්. අපේ සංස්කෘතිය හින්දි සිනමාව කනෝ....................
අනේ මේ ෆිල්ම් එකේ නඵ නිළියෝ ඉන්නවද? මට තේරෙන්නනෙ නෑ අනේ ..
මේකට වඩා හොඳ ෆිල්ම් 1 ක් හැදුවනම් හොඳ ආදායමක් ගන්න තිබුණා...
අනේ මුල්ම ප්‍රශ්නෙට බොරුවක් නේ කියල තියෙන්නේ. මොහු අමු අමුවේ තමිල් චිත්තරපටියක් කොපි කරලා නේ. චෙන්නෛයි 600028 තමිල් චිත්තරපටිය තමඊ අරන් තියෙන්නේ. අපිව රැවටිය නොහැක.ම අවුරුදු 4 සිට චිත්තරපටි බලන රසිකයකි . http://en.wikipedia.org/wiki/Chennai_600028
මුලින්ම කියන්න තියෙන්නේ මේක "නිර්මාණයක්" නෙවෙයි. පාට ගොඩක් කවලම් වෙච්චි රූප රාමු අච්චාරුවක් මැද අතරමං වෙච්චි අධ්‍යක්ෂවරයෙක්. ඒකට කමක් නෑ මෙයාගේ පළවෙනි එකලු නේ. හැබැයි ලංකාවේ නව යොවුන් තරුණ පරපුරට හද්ද මෝඩයෝ කියලා හිතාගෙන කරන මේ වගේ "පෙර පාසල්" චිත්‍රපටි කවුරු බැලුවත් හෝල් එකෙන් එලියට එද්දී මොකක්ද බැලුවේ කියලා කාටවත් මතක නෑ. සල්ලිත් ගොඩාක් ගියාලු නේ. මට නම් පෙන්නේ චුටි බබෙක් නොතේරුම් කමට පන්දාහේ කොලයක් ඉරුව වගේ වැඩක් මේක. පව් ඉතිං !
ආධුනිකයෙක් වගේ 1 හා 2 ෆොටෝවල පොඩි පොඩි හිඩැස්වල සුදු පාට ඉතුරුකරලා පිචැර් එකත් ඔය වගේමද දන්නෙ නෑ.....අපරාදෙ මිලියන ගණන් සල්ලි බොරුවට වියදම් කරලා .....
අනේ මන්දා ලංකාවෙ ඉන්න උන් නම්...දෙයක් කලත් බනිනවා නැතත් බනිනවා...මේක හොද නිර්මාණයක්...අගය කරනවා...කුස පබා වගේ වැඩකට නැති නිර්මාණයක් නොවී වාණිජ සිනමාවට වැදගත් නිර්මාණයක් ලෙස මෙය හදුන්වන්න කැමතියි... දවසකට කෙල්ලෝ 6 දෙනෙක් දූෂණය වන මේ රටේ සිනමාවෙන් සංස්කෘතිය දූෂණය වෙන බව කියන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ....
කටුනායක පැත්තේ හෝල්නම් පිරිලා..
මෙලෝ වැඩක් නෑ..තේරුමක් නැති කතාවක්.. අපරාදේ බලන්න ගියේ...
උදාර ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ ? අපිට ඕනේ ඔයා වගේ අය තමයි නැතුව පරණ විදිහට හිතන හම්පඩ නාකි නෙමෙයි . ඔයාවත් අපේ සිනමාව ගොඩ දාන්න. අනිත් එක පුළුවන් තරම් ආදුනිකයන්ට තැන දෙන්න.
ලක්ශ 990 ගියෙ මොකටද කියල බලන්න ෆිල්ම් 1 බලන්න ඕනි....
මේක සුපර් මානසික ලෙඩක්. මේ මුදල කොහොමද හොයන්නේ සුපර් පිස්සෙක්
නිකං පෙන්නුවත් මම නම් බලන්නේ නෑ
මේක නම් "Super Six" නෙමෙයි "Super Sex"
ලංකා සිනමාවේ මෝඩ,තකතීරු,කම්මැලියෝ ටික ඉන්නකන් අපට බලන්න වෙන්නේ Hollywood නිර්මාණ පමණකි... Bollywood කියන්නෙත් කිසිම තේරුමක් නැති වෛවර්ණ චිත්තර පට නිපදවන ෆැක්ටරියකි...
ලක්ෂ 990 වියදම් කරලා ,මේකේ චරිත දෙන්නම් කියල කී දෙනෙක් රැවැට්ටුවද දන්නෑ..
මෙච්චර සල්ලියක් වියදම් කරලා මීට වඩා වානිජ සිනමාවට ගැලපෙන ෆිල්ම් එකක් කරන්න තිබුනා..මේ වගේ ෆිල්ම් එකක් කරන්නේ නැතිව....නොතේරෙන භාෂාවෙන් පොඩි ඇවුනට කුනුහරුප උගන්වනවා
මෙච්චර සල්ලියක් වියදම් කරලා මීට වඩා වානිජ සිනමාවට ගැලපෙන ෆිල්ම් එකක් කරන්න තිබුනා..මේ වගේ ෆිල්ම් එකක් කරන්නේ නැතිව....නොතේරෙන භාෂාවෙන් පොඩි ඇවුනට කුනුහරුප උගන්වනවා
බොලිවූඩ් කියන්නේ කිසිම තේරුමක් නැති අගක් මුලක් නැති ෆිල්ම්ස් හදන කර්මාන්තයක්. සුපර් සික්ස් බොලිවූඩ් කොපියක්.රා වන් ෆිල්ම් එක බලනකොට හිනා යනවා. එත් එක කොමඩි ෆිල්ම් එකක් නොවේ. ඇක්ෂන් ෆිල්ම් එකක්. හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම්ස් බලනකොට හිනා යන්නේ නැහැ. අපි නැබුරු විය යුත්තේ හොලිවුඩ් වල
හොද අසාර්ථක උත්සහයක්..... එපා වෙච්ච නළුවෝ/ නිලියෝ හැම ෆිල්ම් එකේම ඉන්න. අපිට තියන දේවල් වලින් හොද ෆිල්ම් එකක් කරන්න බැරිද? මචං අසාර්ථක නෑ නේද ?
හොද අසාර්ථක උත්සහයක්..... එපා වෙච්ච නළුවෝ/ නිළියෝ හැම ෆිල්ම් එකේම ඉන්න. අපිට තියන දේවල් වලින් හොද ෆිල්ම් එකක් කරන්න බැරිද? මචං අසාර්ථක නෑ නේද ?
හොඳින් මතක තියාගන්න ඉන්දියාවේ තරුණ පරපුරට වඩා අපේ තරුණයෝ බුද්ධිමත්.
හින්දි දෙමළ ෆිල්ම් වලින් හොදට කොපි කරලා තියෙනවා, "ඕම් ශාන්ති ඕම් " එකට පටන් ගත්ත එක හැමෝම කොපි කරනවා. සින්දුව යනකොට රටේ නැති නළුනිළියෝ එනවා. මේවා නම් අපිට සිගිති ආතල්, අලුත් දෙයක් නෙමේ හැමතැනම වෙන එකනේ, අන්තිමට මැච් එක දිනනවා. මුලදී සෙල්ලම් කරපු නැති අය අන්තිම මැච් එකේදී සෙල්ලම් කරනවා. සිංහාවලෝකනයේත් ඔය ටිකම තමා ලගාන් එකෙත් ඕකමයි . අනික පවුලේ අයත් එක්කනම් කොහොමත් බලන්න බෑ, කෙල්ලත් එක්ක බලන්නත් බෑ එයාල අපේ ඇස් දෙක වහනවා. මේ වගේ "පෙර පාසල්" චිත්‍රපටි කවුරු බැලුවත් හෝල් එකෙන් එලියට එද්දී මොකක්ද බැලුවේ කියලා කාටවත් මතක නෑ.
ගින්දර වීර ඔයා හරි පුතා..
කියල වැඩක් නෑ..නියම කමෙන්ට්ස් ටික.
අයියෝ සල්ලි ෆිල්ම් 1 බලපු....
මේ ෆිල්ම් එක Hollywood එකක්වත් Bollywood එකක්වත් නෙමෙයි මේක ලංකාවේ රියල් Heliwood එකක්.
මම බැලුව මෙලෝ රහක් නෑ අනේ...