‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තෙවැනි තරගය අද (24) හෝබාට්හි බෙලරිව් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගය බැගින් ඉතිරිව තිබේ. තරග පහකට සහභාගි වූ ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින අතර අද තරගයෙන් ජය ලැබුවහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඉන්දියාව තරග හයකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි. පළමු තරග පහට සහභාගි වූ හිටපු නායක රිකි පොන්ටිං අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කරමින් එම ස්ථානයට ආබාධයකට ලක්ව සිටි ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වෝට්සන් කැඳවා තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය: මයිකල් ක්ලාක් (නායක), ෂේන් වොට්සන් (උප නායක), ඬේවිඞ් වෝනර්, ඩෙනිල් ක‍්‍රිස්ටියන්, සේවියර් ඩුහටි, පීටස් ෆොරෙස්ට්, බෙන් හිල්ෆනවුස්, ජෝන් හොලන්ඞ්, මයික් හසී, ඬේවිඞ් හසී, බ්‍රෙට් ලී, ක්ලින්ට් මැකේ, මිචෙල් මාෂ්, රයාන් හැරිස් සහ මැතිව් වේඞ්.
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා තෙවැනි තරගය අද