බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටුපළේදී සිය ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් එහි බලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ බව වාර්තා වේ. එහිදී රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පෙරළා ඔහුට දිවයිනයට පැමිණීමට නොහැකි වූ බවත් කෙසේ වුවත් පසුව වෙනත් ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවත් දැනගන්නට ඇත. මොහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක ඉහළ තනතුරක් දරණ නිලධාරියකු බව ද පැවසේ. අදාල සිද්ධියේදී ශ්‍රී ලංකා නිලධාරියා සහ හීතෲ ගුවන්තොටුපළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ. පෙරළා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ පැය 10 කට අධික කාලයක් රැදි සිටිය ද එහිදී ද ආදාල නිලධාරියා කණ්ඩායමට එකතු වීම සඳහා පැමිණ නොසිටි බව වාර්තා වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ අදාල නිලධාරියාගෙන් හීතෲ ගුවන්තොටුපළේදී ප‍්‍රශ්න කිරීමක් කර ඇති බවත් පසුව වෙනත් ගුවන්යානයකින් ඔහු නැවත ලංකාවට පැමිණි බවත්ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපේ ශ්‍රී ලාංකිකයාගේ හොද සිරිතක් නේ මේ කනට ගහනකොට අනික් කන පාන එක. ඔවුන් මෙහාට ආ විට අපි ඔවුන්ව මල් මාල දාල පිලිගමුකෝ නේද අනේ.
ගුවන් ගමන් බලපත්‍රයෙ ගැටඵ නැත්නම් ජාත්‍යංතර ගුවන් තොටුපලවල් වලින් කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුඵවන්.
මොකද මොහු වැඩ කරන්නේ ලංකාවේ වැඩිපුරම අපරාද දූෂණ සිදු වන තැනක
මේවා සියල්ලම ජාත්‍යන්තර මටිටමෙ කුමන්ත්‍රණයන්ය. මන්දයත් ගුවත්තොටුපල නිලධාරීන්ට තමන්කැතිකෙනෙකු රදවාතබාගැනීමත් කැමති අයව පිටත්කිරීමත් ඔවුන්ගේ කාර්‍යභාර්‍යයි. නමුත් මෙවැනි දේ නිසියාකාරව සිදුකෙරෙනවාදැයි කියන පුශ්නයක් අප තුල පැණනගී.ජාත්‍යන්තර මටිටමෙි හොජාවාරමි කාරයින් සියල්ලන්ම පැමිනෙන්නේද ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් මාර්ගයෙනි. නමුත් ඔය කියනනිලධරයන්ට එවැනි අය අසුවන්නේ කලාතුරකිනි. ගුවන්තොටුපලවල වගකිවයුතු නිලදරයන්ගේ නීති සමිපාදනය කෙසේවෙතත් වැදගත් සමහරුන් පුභු වරුන්ගේ චරිතයන් ඝාතනය කිරීමටනමි හරි දක්ෂයන්බව මෙයින් තහවුරු වන කරුණකි.
ඔක මොකක්ද ? ෂාරුක් ඛන්ව පැය ගණනක් ඇමෙරිකාවේ ගුවන්තොටුපොළක පැය ගණනක් තියාගත්තෙ.
සුද්ධො අපේ අයට වඩා හොදයි. සුද්දො බලන්නේ බලපත්‍රය විතරයි. ලංකාවෙ ඔක්කොම බලනවා