IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතු පෙන්වයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසා ඇත.

එම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

බාහිර ණය හිමියන් මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම් නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. පුද්ගලික අදායම් බදු සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති නව බදු අනුපාත මෙම අරමුණ ඉටු කරගැනීමේදී සහාය වන බව එම නිවේදනයේ දැක්වේ.එසේම මෙම බදු ප්‍රතිසංස්කරණ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කිරීමට උපකාරී වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තරය සමඟ සංසන්දනය කරන විට එය ජාත්‍යන්තර බදු අනුපාත සමඟද අනුකූල වන බව එම නිවේදනයේ දැක්වේ.

2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම සියයට 7.3ක් පමණක් වන අතර, ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පෙන්වා දී ඇත. අත්‍යාවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයා ගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව එම නිවේදනයේ දැක්වේ.නමුත් දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් බදු අයකරගැනීම් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් සිදු කළ යුතු බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් යන මහත්වරුන් පෙන්වා දී ඇත.

එසේම රජයේ වියදම් සඳහා අරමුදල් සොයා ගැනීමට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැරිය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමද වැදගත් බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (22)

ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතු පෙන්වයි

ඔස්තාර් Friday, 03 March 2023 11:28 AM

දැන් අපේ ඉන්න ෆැන්ටසි ආර්ථික ඔස්තාර්ලා මොකද කියන්නෙ.

:       6       103

ranfer Friday, 03 March 2023 11:31 AM

මේව තමයි තිත්ත ඇත්ත. ශ්‍රී ලාංකිකයන් මෙය නොතේරෙන තාක් සහ ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකාව සදාකාලිකවම එකම තත්ත්වයක තබනු ඇත.

:       7       92

Senaka Friday, 03 March 2023 11:42 AM

ලංකාවේ බුද්ධිමත් ජනතාවට ඕව තේරෙන්නේ නෑ. හොරා හොරා කිව්වම ලේසියෙන් තේරෙනව. ඒක නිසා ඒක තමයි පිලිගන්නේ. සර්වජන ඡන්ද බලයේ ප්‍රශ්න තමයි ඉතින් මොකද කරන්නෙ. එක්කො මිනිස්සුන්ට රාජ‍ය පරිපාලනය සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරනය කියල දෙන්න ඕන, නැත්තන් ඒව දන්න උන්ට විතරක් ඡන්ද බලය දෙන්න ඕන. එහෙම නොවුනම කසිප්පු කාරයොයි, කුඩු කාරයොයි, අන්තවාදී ජාතීවාදී පක්ශයි, මාල කඩන උන් තමයි පාර්ලිමේන්තු යන්නේ. ඒ දැනුම නැති මිනිස්සු තෝරගන්නෙත් දැනුම නැති මෝඩ සෙට් එකක්මයි. දැනුම නැති උන් ගියත් කමක් නෑ, දන්න මිනිස්සු පත් කරලා උන්ගෙන් හරියට උපදෙස් අරන් වැඩ කරනව නම්. එහෙම වෙන්නෙත් නෑනෙ. පවුලෙ ගොන්නු ටික උපදේශක වරු විදියට දාගෙන පවුල පිටින්ම හානව. ඔන්න බලන්නකො ඔය මෝඩ සෙට් එක ඊලඟට ජෙප්පො ටික ගෙනත් වෙනස්ම විදියකට කෙලව ගන්නව.

:       12       96

නිමේෂ් Friday, 03 March 2023 12:44 PM

මෙතෙක් කල රට පාලනය කරපු රනිල් , මහින්ද වගේ පාලකයොන් ගෙයි හෙන්චයියන් ගෙයි හොර කෑම , රාජ්‍ය මුදල් නාස්තිය වැනි දේවල් පාලනය කරොත් රටේ ආර්ථිකයේ සැහෙන්න වෙනසක් කරන්න පුළුවන් , උදා : ඊයේ දැනගත්තේ මෙච්චර අර්බුදයක් තිබෙදිත් පොලිස් මද්‍ය කොට්ටශයට මාසික කුලිය වශයෙන් ලක්ෂ 17 ගෙවාගෙන අලුත් කාර්යාලයක් කුලියට අරන් පවත්වාගෙන යන්න පිනා අවසර දීල තියනව කියලා , මේ එක උදාහරණයක් පමණයි

:       33       42

SenakaFriday, 03 March 2023 01:48 PM

රටේ ආර්ථිකයට දැනෙන වෙනසක් කරන්න අනිවාර්යෙන්ම කරන්න ඕන අපනයන ආදායම වැඩි කර ගන්න එක. මේ අර්බුධයට ප්‍රධානම හේතුව යුද්ධය. ඒක නිසා ලංකාවට මිනිස්සු 90,000ක් විතර නැති වුනාට අමතරව ඩොලර් බිලියන 220ක වියදමක් ගියා. ඒවත් ණයට තමයි ගත්තේ. (මතක තියා ගන්න අපි එකෙන් ඉල්ලන්නේ ඩොලර් බිලියන 2.9ක්) දෙවන ප්‍රධාන හේතුව තමයි අපි යුද්ධෙ ඉවර වුනාට පස්සේ ණය අරන් යටිතල පහසුකම් හදන්න විතරක් වියදම් කරපු එක. අපිට අපනයන වෙලඳපොල හදාගන්න ඒ මුදල් යොදවන්න තිබුනා. තුන්වනුව කොරෝනා නිසා මාස 6ක් රට වහල තිබ්බා, ඒ කාලේ බදු ආදායම් බලු වුනා. රට හිටපු හැම මනුස්සයම ලංකාවට ආවා. විදේශ ප්‍රේශණ නැත්තටම නැති වුනා. හතරවෙනි එක හොරාට බෝනස්, ඕටී අරන් වැඩ නොකර ඉන්න රාජ්‍ය සේවක සෙට් එක. පස්වෙනි එක තමයි හොරකම්. උඩ ඉඳන් පහලටම වෙන එක. ඒක ආර්ථික අර්බුදේට බලපෑවෙ 10%ක් විතර (ලොකු ගානක්. ඒත් අනිත් ඒවට සාපේක්ශව කුඩයි ). අපි පුලුවන් තරම් ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න ඕන. මිනිස්සු මේක තේරුම් නොගන්න තාක් රට හදනව බොරු. පක්ශ විපක්ෂ හැමෝම එකතු වෙන්න ඕන වෙලාවෙ බෙදිල කුලල් කාගන්න ගියාම වෙන්නෙ වටු වැද්දට අහු වුනු වටු කුරුල්ලන්ට උනු එකම තමයි.

:       2       55

75Friday, 03 March 2023 01:45 PM

අවුරුදු 75ක් ගැන කියවන අනුරලත් 88/89 කාලෙ කලේ රාජ්‍ය මුදල් නාස්තියක් තමයි.ඔයා වගේ ෆැන්ටසි ලෝකෙ ජීවත්වෙන පොඩි උන් ඕව දන්නෙ නැහැ.

:       10       44

ලුම්බිණි Friday, 03 March 2023 12:29 PM

මේ ආර්ථික අර්බුධය ඇති කරපු උන් තමයි දැන් රජයේ ආර්ථික උපදේශකයෝ වෙලා ඉන්නේ.

:       54       24

Akila Friday, 03 March 2023 12:35 PM

විශේෂ දෙයක් නැහැ IMF පොලි මුදලාලි මිනිහගේ දෙන්න හදන ණය එක ආපහු ලැබෙන එක ෂුවර් නැත්නම් ණය දෙන්න වෙන්නේ නැහැ කියලා බලපෑමක් කරලා විතරයි තියෙන්නේ , මිනිහට වැඩක් නැහැ ලංකාවේ දැන් තියන අදික උද්ධමනය , මිනිස්සු වේල් දෙකක් නොකා අමාරුවෙන් ජිවත් වෙන එක ..වගේ දේවල්

:       52       10

මැක්ස් Friday, 03 March 2023 01:11 PM

සියලු ආර්ථික ප්‍රශ්න හොරකමට ඌණනය කරන ළදරු වලිප්පු විප්ලවකාරයින්ට කණට ගැහුවා වගේ කතාවක්...!

:       11       64

C.K.LankaputhraFriday, 03 March 2023 03:00 PM

ආර්තික ප්‍රශ්නවල මුල හොරකම, හොරකමට උඩගෙඩි දීම, හොරුන් පෝෂණය කිරිම, අදූරදර්ශි පාලනය, අවනීතිය රජකරවීම තමා මේ රටට හෙන වදින්න හේතුව... කරුණාකර මේ ටික තේරුම් ගන්න...

:       48       7

ranjith Friday, 03 March 2023 01:22 PM

මේ රටේ අර්බුදයට ප්‍රධාන හේතුව 1977ට පස්සේ රටේ නායකයන්ගේ හොරකම් සහ අනුගාමිකයින්ට හොරකමට අනුබල දීමයි...

:       27       26

aravinda Monarawila Friday, 03 March 2023 01:32 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටනවා හැර වෙන කරන්න දෙයක් දන්නේ නැති රනිල් රාජපක්ෂගේ ගොබ්බ ආණ්ඩුවට මූල්‍ය අරමුදලින් සහතිකයක් දීලා තියෙනවා... අපේ පදේට මෙයා හොඳට නටනවා කියලා...

:       43       9

ප්‍රතිපත්තියFriday, 03 March 2023 04:27 PM

රනිල්ට ඒ ප්‍රතිපත්තිය හරි තියනවා... මේ තියන ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩ එන්න අනුරට තියන ප්‍රතිපත්තිය මොකක්ද? සහ අනුර එන්නේ ඇලඩින්ගේ පුදුම පහන දෝතින් දරාගෙනද?

:       7       41

සහන් Friday, 03 March 2023 02:33 PM

රනිල්ලා වගේ මිනිස්සු ඉද්දි ගෝට ආයේ ගේන්න එපා කියල කියද්දීත් අපිට බැනපු කට්ටිය දැන් රතු කට්ටිය ගේන්න පොරකනවා.රතු කට්ටිය කියන්න බලන්න මේ අයි එම් එෆ් එක කියන විදිහට වැඩ කරනවද කියල. නැත්නම් නම කුමාර හින්ද තාත්තාගෙන් ඉල්ලගෙන ඇවිල්ල රට හදනවද කියල අපට කියන්න.

:       7       42

කුමුදු Friday, 03 March 2023 02:35 PM

ඔය ජේවීපී ගේමු කියල කෑ ගහන පොඩි ළමයි කියන්න බලන්න රටේ දැන් තත්වෙ මොකක්ද කියල. සමහර පක්ෂ වල ඉතිහාසය දන්නෙ නැතුව මුන් දෙගොල්ල හොරකම් කළා කියල කියන කට්ටිය දන්නෙ නැහැ අරුන් කරපු විනාසෙටත් ගෙව්වෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියල

:       7       35

SamanFriday, 03 March 2023 03:58 PM

IMF යන්න වෙලා තියෙන්නේ මේ රට බංකොළොත් නිසා, එහෙම බංකොළොත් කරපු හොරු ටිකව තියාගෙන රට හදයි කියලා හීන ලෝකෙක ජීවත් වෙන වහල්ලු ඉන්නකම් මේ රට හදන්න බැහැ...

:       28       7

WeerasingheFriday, 03 March 2023 06:14 PM

සමන් කොළුවෝ, අහන්න ගිහින් අර 89/89 කාලේ මැරිච්චි කොල්ලො කෙල්ලෝ 70,000 ගැන. ඔවුන් තමයි මේ රටේ නායකත්වය ගන්න හිටපු නායකයින්. ජෙප්පන් ඔවුන්ගේ ඔලු කුණු කරලා අවි දීලා ඔවුන්ව මරවා ගත්තා. ඉතුරු නායකයින් ටික කොටි මැරුවා. ඒ මදිවාට අහුවෙන අහුවෙන හැමදේම ගිනි තිබ්බා.

:       7       15

චන්දිම ෆොන්සේකා Friday, 03 March 2023 08:15 PM

ඔක්කොටම කලින් මේ රටේ නුගත් දේසපාලුවෝ ටික හැන්ද තමන්ගේ අතට අරන් කරන මේ කුපාඩි වැඩ ටික නතර කරලා වැඩ පටන් ගන්න ඕනි. උන්ගේ පඩි පැන්ෂන් ඩියුටි ෆ්‍රී වාහන කාර්ය මණ්ඩල වරප්‍රසාද බලන්න වසරකට කොච්චර නාස්තියක්ද කියාලා. පැන්ෂන් ගිය ජනාධිපතිලා සැප විදින්න රටේ මුදල් කොච්චර මුදල් වයකරනවාද? ඒ මදිවට මන්ත්‍රී පඩිත් ගන්නවා. රනිල් පුද්ගලිකවම රටට හානි කල මුදල් කොච්චරද? මතකද කෘෂිකර්ම ගොඩනැගිල්ල මාරු කරලා කරලා රටට කල කොටි ගණනක අලාභය? දැන් බලන්න තෙල් නැවක් අවොත් ප්‍රමාද ගාස්තු අනිවාර්යයෙන්ම ගෙවනවා කොටි හත් අට සියක් විතර. ඔය වගේ පොඩිපොඩි වගේ පෙනුනට කොච්චර මුදල් නාස්ති රටේ වෙනවද? කෝ ඒවාට දඬුවම්? ඕවා ඔක්කොම ගණන් බලන්න ඕනි. එහෙම නැතුව මේ හැම එකටම හරියන ප්‍රතිකර්මේ විදියට උඹලා දැන් තිත්ත බෙහෙත් බීපල්ලා කියාලා අසරණ මිනිස්සුන්ගේ පඩි පතෙන් කපා ගන්න එකම නෙමෙයි හරි වැඩේ.

:       0       0

Ramendra Saturday, 04 March 2023 08:59 PM

ඔය ලිපියේ මුල, මැද හා අග හොඳට කියවලා තේරුම් අරගෙන, අදහස් දාන්න පුරුදු වෙන්න. එක එකාට කඩේ යන්නේ නැතිව.

:       0       0

fairoos Sunday, 05 March 2023 01:50 PM

ආණ්ඩුවට විරුද්ධ අදහස්වලට ඩිස්ලයික් දාන වහල්ලු තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන්නේ ඉතින් කරුමෙ තමයි...

:       0       0

ashok Sunday, 05 March 2023 05:41 PM

අපේ ගම්වලත් ඉන්නවා ණයවෙලා ගෙවා ගන්න බැරුව තමන්ගේ දේපල විකුණලා අන්තිමට ණය ගෙවන්නේ නැතුව ඉන්නවා... නැවත කොහොම හරි ණයක් අරන් කාලා බීලා ඉන්නවා. ඒ වගේ තමයි අද අපේ රටේ තත්වෙත්. මියන්මාරය, සැම්බියාවත් අද අපිට වඩා හොඳ තත්වේ පවතිනවා.. රටට ආදරේ කරන නායකයින් අද නැහැ. දැන්වත් ගම් මට්ටමෙන් කර්මාන්ත ඇතිකරලා පිටරටට දෙන්න පුළුවන් දේශීය නිෂ්පාදන පිටට යවලා ඩොලර් ගෙන්වා ගන්න බැරිද? හැමදාම ණය අරන් කරපු දේකුත් නැහැ...

:       0       0

Perera Monday, 06 March 2023 11:27 PM

හේතුව කපටි දේශපාලුවොයි පහසුවෙන් රවට්ටන්න පුළුවන මැටි මෝල් ගොන් බූරු බහුතර ජනතාවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 618 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 302 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 410 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1129 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 661 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4164 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site