IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට

( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි නීතිපති අද (4) ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම සිදු කරනු ලැබුවේ බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

නඩුව අද කැඳවූ  අවස්ථාවේදී  නඩුවේ 10 වැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විනිසුරු මඬුල්ල සිතාසි නිකුත් කළේය.

තවද පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට මෙම මස 06 වැනිදා සිට ලබන ජනවාරි 06 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට අවසර ලබා දුන්නේය.

ඒ අනුව ඒ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ 25 බැගින් පෞද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට ද නියම කෙරිණි.

මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට අධිකරණය මඟ හරිමන් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට රජය යොමු කළ ලිපි ලේඛන සිංගප්පූරු දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි.

එසේම ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව රජයට දන්වා තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතියට අනුකූල දැයි සොයා බලා එරට අධිකරණයෙන් සුදුසු නියෝගයන් ලබා දෙනු ඇතැයි ද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සියලූ කරුණු සලකා බැලූ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.

2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 10.055ක වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීම , කුමන්ත‍්‍රණය හා ඊට ආධාර අනුබල දීම මඟින් පොදු දේපල පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් කර ඇතැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරන ලදී.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු  නියෝජ්‍ය මහ බැංකු අධිපති පී.සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප්  ඇලෝසියස්, එහි අධ්‍යක්ෂක වන අර්ජුන් ඇලෝෂියස්, එස්.කේ ගුණවර්ධන, රංජන් හුළුගල්ල, ඒ.ජී.පුංචිහේවා යන නැමැත්තන් මෙහි විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (15)

ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට

ධනා Wednesday, 04 December 2019 11:58 AM

සීයේට තුනටත් විනාස කරන්නනේ හදන්නේ ඔය

:       3       75

Gamarala Wednesday, 04 December 2019 03:48 PM

දැනට දැනගන්නට තිබෙන මාධ්‍ය තොරතුරු අනුව මෙයට සම්බන්ධයයි සැලකෙන තවත් අය විදේශගත වීමේ සුදානමක් තිබෙන හෙයින් විසදුමක් එන තුරු ඒවා තාවකාලිකව හෝ තහනම් කිරීම නුවනට හුරුයි.

:       2       185

පිටිගල මිලානෝ Wednesday, 04 December 2019 04:25 PM

අල්ලාගෙන ඇවිල්ලා කේ පීගේ දඬුවමම දෙන්න.

:       5       207

Perera Wednesday, 04 December 2019 09:13 PM

මේ වංචාවට සම්බන්ධ අය පමණක් නෙවි ලංකාවේ නුදුරු අතීතයේ සිද්ධ වෙලා තිබෙන සියලුම මහා පරිමානේ වංචා සහ ආන්දෝලාත්මක ප්‍රාණ ඝාතන සහ පැහැරගැනීම් අතුරුදහන් කිරීම් ආදී දේවල් වලට සම්බන්ධ පක්ෂ බේද වලින් තොර "ප්‍රභූ" කියන කිසිම කෙනෙකුට කිසිම දඬුවමක් විඳින්න වෙන්නේ නැහැ. ලංකාවේ මෑත යුගයේ දේශපාලන සම්ප්‍රදාය එයයි. මේවා සියල්ලක්ම ජනතාව පිනවන්න කරන දේවල්.

:       31       125

Chathuri Thursday, 05 December 2019 01:40 AM

මේගොල්ලෝ කලින් කට්ටියගේ හොරු අල්ලනවා. කලින් කට්ටිය මේ අයගේ හොරු අල්ලන්න ගියා අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ, අහපු නඩුවකුත් නැහැ, ඉතින් උදයන්ගවත් මේ විදියටම අල්ලන්න දැනුම් දෙන්න, තමන්ගේකම නෙමේ මෙතන තියෙන්නේ ඕන නීතිය. කාටත් පොදුයි කියලා පෙන්වන්න ඕන, ප්‍රභාකරන්ගෙන් රට බේරා ගත්තු දා පටන් පාලකයෝ කෙරුවේ මාරුවෙන් මාරුවට හොරා කාලා, බොරුවට නඩු කියනවා කියමින් රට ආපස්සට යන එක විතරයි. ලෝකේ අනිත් රටවල මෙන් හොරාකන පාලකයින්ව හිරගෙදරට යවන්න නීති තද කෙරුවනම් ඉවරනේ, මෙයට කිසිම පාලකයෙක් කැමති නැහැ. ඒ නීතිය ගේන්න. කවදාවත් මේ හොරුන්ව ලංකාවට ගේන්නේ නැහැ, ඒක වෙන්නෙත් නැහැ, මොකද පාලකයෝ ලෙඩට බෙහෙත් ගන්නේ ලංකාවෙන් නෙමේනේ. යන්නේ සිංගප්පුරු , ඒවා මතක් වෙන්න ලෙඩ වෙන්න ඕන

:       1       22

vidya Thursday, 05 December 2019 02:32 AM

අර්ජුන්, උදයංග, ජාලිය වික්‍රමසුරිය වැනි පුද්ගලයන් ගෙන්වලා වැරදි හෝ නිවැරදි කර රටේ නීතියේ ආධිපත්‍ය පෙන්වන්න.

:       2       71

Mahee Thursday, 05 December 2019 05:13 AM

රටක රජවිය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි. ජනතාව විසින් සම්මත කරන ලද නීතියයි. දියුණු රටවල පුද්ගලයාට ඉහලින් නීතිය තිබෙන නිසා නීතියේ ආධිපත්‍යය පවතිනවා. නීතියෙන් ගැලවෙන්න බැහැ. අපේ රටේ පවතින්නේ පුද්ගලයන්ගේ ආධිපත්‍යයයි. ඒ නිසා නීතියෙන් ගැලවෙන්න පුළුවන්. මේ අදහස්වල නම් සඳහන් කවුරුත් නීතියට ඉහලින් ඉන්න පුදගලයන් සමග සම්බන්ධ අය. ඒ නිසා මොවුන් කවදාවත් නීතියට අහුවෙන්නේ නෑ. ඒ ඔක්කොම ඉවසන්න පුළුවන් කියමුකෝ. ඒත් ඒ වැඩේ හරියි කියල හුරේ දාන වහල්ලුත් ඉන්නෙක තමයි ඉවසන්න බැරි.

:       1       218

isurandi Thursday, 05 December 2019 06:55 AM

ජනතාව ගොනාට අන්දවන්නේ නැතුව ඉතා ඉක්මනින් නිතිය බලාත්මක කරවලා රටේ සිද්ධ වෙන හා සිදුවුණා වූ සියලුම දුෂිත ක්‍රියාමාර්ගයන් දොස්/නිදොස් කලයුතුයි

:       1       8

Srimalee Thursday, 05 December 2019 08:04 AM

අයිතිකාරයා නැති මාලිගාවේ ඉන්න හොරාවත් අල්ලන්න. ඔට්ටුයි බෑ....!

:       8       56

Bamunuarachchi Thursday, 05 December 2019 08:20 AM

දැක්කද අපේ ආණ්ඩුවක් එන්න ඕන හොරු අල්ලන්නත්, හරි සතුටුයි කියන්න, යූඇන්පී හොරුන්ගේ කාලේ මලකඩ කාලා තිබුණු නීතියේ දැති රෝද හෙමින් හෙමින් කැරකෙන්න පටන් ගන්න හැටි දැකලා දැන් හොරුන්ට තරු විසිවෙලා ඇත්තේ.., ගෝඨාභය සර්ට ලෝකෙම ගරු කරනවා. ඉල්ලීමක් කළොත් නොසලකා හරින්නේ නැහැ.. පෞරුෂය කියන්නේ එ්කට..!

:       121       169

පිටිගල මිලානෝ Thursday, 05 December 2019 10:33 AM

ඔව් නේද...? කේ.පී. වත් යස අපූරුවට අල්ලලා එල්ලුවේ..!

:       10       126

Hafeel Thursday, 05 December 2019 08:23 AM

අවසානයේ වෙන්නේ නිදොස් කොට නිදහස් වෙනවා. මහජන මුදල් නාස්තියි. බදු ගෙවන සාමාන්‍ය ජනතාවට තමයි අදත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ...

:       34       123

Lebbe Thursday, 05 December 2019 11:35 AM

මංගලගේ ගෝලයෝ සෙට්එකම අදහස් දාලා...

:       30       60

athuraFriday, 06 December 2019 09:53 AM

හරි හරි ඔයා රෝහිතගේ ගෝලයෙක්නේ...

:       2       1

අමරේ Friday, 06 December 2019 08:48 AM

වෙනස සැපද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1452 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 284 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 537 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 768 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 552 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site