වසර ගණනාවකට පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් යන කණ්ඩායමක අඩුම සාමාජික සංඛ්‍යාව මේ වසරේදී බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි. එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ජුලි 27 වැනිදා ආරම්භ වන 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මේ වන විට කී‍්‍රඩකයින් සිවුදෙනකුට සීමාවී තිබේ.
ශ්‍රී ලංකාවෙන් කිසිදු කී‍්‍රඩිකාවක් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සහභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ”ලන්ඩන් ” ඔලිම්පික් උළෙලට ශීී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු නිල කාලය හෙට (31) අවසන්වීමට නියමිත බවයි.
ලන්ඩන් ඔලිම්පික් උළෙල සුදුසුකම් ලබාගැනීමේ පරිසාධන මට්ටමට පැමිණ සිටින්නේ මෙරට කී‍්‍රඩකයන් දෙදෙනකු පමණි.
ඒ මැරතන් කී‍්‍ර‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමග බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න දෙදෙනාය.
ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන් හා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුවට පරිසාධන මට්ටමට නොපැමිණි නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.
පරිසාධන මට්ටමට ළඟා නොවූ නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා අනුමැතිය ඉල්ලා සිටි පිහිනුම් කී‍්‍රඩක
රෙෂිකා උඩුගම්පොළගේ අභියාචනාව ප‍්‍රතික්‍ෂේප වී ඇතැයිද වාර්තාවේ.
මීට පෙර පැවැති ඔලිම්පික් උළෙලවලදී ලැබුණු ආකාරයට පිහිනුම් කී‍්‍රඩාවෙන් එක් කී‍්‍රඩකයකු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබේ.
චීනයේ ”බිජිං” නුවරදී වසර 2000දී පැවැති 29 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය.
කෙටි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට නදිකා ලක්මාලි (මලල කී‍්‍රඩා), අනුරුද්ධ රත්නායක (බොක්සිං), ඊ.එම්. සේනානායක (ඉලක්කයට වෙඩි තැබීම), තිළිණි ජයසිංහ (බැඞ්මින්ටන්) චින්තන විදානගේ (බර ඉසිලීමේ) ඩැනියල් ලීහා මයුට් රහීම් (පිහිනුම්) 2008 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර නායකත්වය සඳහා වඩාත් සුදුස්සා බවට පත්ව සිටින්නේ ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන් බව වාර්තා වේ. ඒ වැඩිම අන්තර්ජාතික තරග මාලා ගණනාවකට සහභාගිවූ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා ලෙසය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංනාවෙ කී‍්‍රඩා ක්ෂේත්‍රයේ දියුණුව ගැන මට හරිම සතුටුයි. ඔය විදිහටම යමු. එතකොට ඔලිමිපික් යන එක ලංකාවට හීනයක් වෙයි. හරි ඝෝක්.
හතර දෙනාම සූරයෝ කියලා වැඩක් දෙමු මල්ලි.ජය වේවා!
ආසියාවේ පරිහානිය..... ශ්‍රී ලංකාව මේවට වග කියන්න ඕනි ඉහළ ඇත්තෝ තමයි
හොඳ වෙලාවට අපිට 2018 පොදුරාජ් මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බ නොවුනේ නේද.... මොකද එහෙම වුණා නම් අපිට වස ලැජ්ජාවක් වෙන්නේ. ඔලිම්පික් වගේ එකකට කල්තියා සුදානම් වෙන්න ඉතා විශාල මුදල් කන්දරාවක් ලැබෙන ජාතික ඔලිම්පික් කමිටුවක් තියෙනවා නේ..... අතිගරු ජනාධිපතිතුමනි, ගරු ක්‍රීඩා ඇමතිතුමනි.... මේ ඔබේ අවධානය පිණිසයි. කොහොම වුණත් තේරුණ අපේ ක්‍රීඩකයන්ට දළදා සමිඳුගේ පිහිටයි....
ක්‍රීඩා ඇමතිකම වැඩක් කරන්න පුළුවන් එකෙකුට දෙනවනම් ක්‍රීඩාවට කරන ලොකුම සේවයක් ඒක
අපේ රට වැසියා දස්කම් දක්වන අංග මේ උලෙළට ඇතුලත් කරල නැහැනේ. ( හොරකම් / මැරකම් / දුෂණ / ළමා අපචාර / මිනි මැරැම්..... ) කෙසේ උවත් ඔබ සිව්දෙනාට ලොව දිනන්නට් ශක්තිය.
ක්‍රීඩකයෝ හතර දෙනයි..., මගේ ප්‍රශ්නේ අනිත් කට්ටිය කොච්චරක්ද කියලයි.
එතකොට නිලධාරීන් කීයක් යනවද???
අපේ රටේ ක්‍රීඩාවට හරි දැක්මක් නෑ. පුහුණු කරුවෝ, ක්‍රීඩා නිලධාරීන් වගේම ක්‍රීඩකයෝත් ලැජ්ජා වෙන්න ඕනි.ඒ අයගේ දුර්වලතා නිසයි මෙහෙම වෙන්නේ.මීට වඩා හොද කැපවීමක් හැමෝම කරන්න ඕනි
2016 අපි දන්නෙනැ ඔලිමිපික් ගැන අපිට මතක් වෙයිද ? කියලත් ක්‍රිඩාවට ආශිර්වාදය ලැබුනුදා ඉදලා අපේ මලළ ක්‍රිඩාව ක්‍රිකටි- රගරුත් ගොඩේ ගොඩ .සුභ අ නාගතයක්.
කියල වැඩක් නෑ.