IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම සාමාජිකයන් සිවුදෙනකුට බසී

වසර ගණනාවකට පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් යන කණ්ඩායමක අඩුම සාමාජික සංඛ්‍යාව මේ වසරේදී  බව ජාතික ඔලිම්පික්  කමිටුව කියයි. එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ජුලි 27 වැනිදා ආරම්භ වන 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව  නියෝජනය කරන කණ්ඩායම මේ වන විට කී‍්‍රඩකයින් සිවුදෙනකුට සීමාවී  තිබේ. ශ්‍රී ලංකාවෙන් කිසිදු කී‍්‍රඩිකාවක් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සහභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ”ලන්ඩන් ” ඔලිම්පික් උළෙලට ශීී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු නිල කාලය හෙට (31) අවසන්වීමට නියමිත බවයි. ලන්ඩන්  ඔලිම්පික් උළෙල සුදුසුකම් ලබාගැනීමේ පරිසාධන මට්ටමට පැමිණ සිටින්නේ මෙරට කී‍්‍රඩකයන් දෙදෙනකු පමණි. ඒ මැරතන් කී‍්‍ර‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමග බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න දෙදෙනාය. ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන් හා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුවට  පරිසාධන මට්ටමට නොපැමිණි නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති. පරිසාධන මට්ටමට ළඟා නොවූ නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා අනුමැතිය ඉල්ලා සිටි පිහිනුම් කී‍්‍රඩක රෙෂිකා උඩුගම්පොළගේ අභියාචනාව ප‍්‍රතික්‍ෂේප වී ඇතැයිද වාර්තාවේ. මීට පෙර පැවැති ඔලිම්පික් උළෙලවලදී ලැබුණු ආකාරයට පිහිනුම් කී‍්‍රඩාවෙන් එක් කී‍්‍රඩකයකු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබේ. චීනයේ ”බිජිං” නුවරදී වසර 2000දී පැවැති 29 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  සහභාගි විය. කෙටි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහගේ නායකත්වයෙන් යුත්  එම කණ්ඩායමට නදිකා ලක්මාලි (මලල කී‍්‍රඩා), අනුරුද්ධ රත්නායක (බොක්සිං), ඊ.එම්. සේනානායක (ඉලක්කයට වෙඩි තැබීම), තිළිණි ජයසිංහ (බැඞ්මින්ටන්) චින්තන විදානගේ (බර ඉසිලීමේ) ඩැනියල් ලීහා මයුට් රහීම් (පිහිනුම්) 2008 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර නායකත්වය සඳහා වඩාත් සුදුස්සා බවට පත්ව සිටින්නේ ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන්  බව වාර්තා වේ. ඒ වැඩිම  අන්තර්ජාතික තරග මාලා ගණනාවකට සහභාගිවූ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා ලෙසය.  



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම සාමාජිකයන් සිවුදෙනකුට බසී

අනුෂ Wednesday, 30 May 2012 01:54 PM

හොඳ‍ වෙලාවට අපිට 2018 පොදුරාජ් මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බ නොවුනේ නේද.... මොකද එහෙම වුණා නම් අපිට වස ලැජ්ජාවක් වෙන්නේ. ඔලිම්පික් වගේ එකකට කල්තියා සුදානම් වෙන්න ඉතා විශාල මුදල් කන්දරාවක් ලැබෙන ජාතික ඔලිම්පික් කමිටුවක් තියෙනවා නේ..... අතිගරු ජනාධිපතිතුමනි, ගරු ක්‍රීඩා ඇමතිතුමනි.... මේ ඔබේ අවධානය පිණිසයි. කොහොම වුණත් තේරුණ අපේ ක්‍රීඩකයන්ට දළදා සමිඳුගේ පිහිටයි....

:       0       0

බණ්ඩාර Wednesday, 30 May 2012 01:56 PM

ක්‍රීඩා ඇමතිකම වැඩක් කරන්න පුළුවන් එකෙකුට දෙනවනම් ක්‍රීඩාවට කරන ලොකුම සේවයක් ඒක

:       0       0

ගැමුණු Wednesday, 30 May 2012 03:13 PM

අපේ රට වැසියා දස්කම් දක්වන අංග මේ උලෙළට ඇතුලත් කරල නැහැනේ. ( හොරකම් / මැරකම් / දුෂණ / ළමා අපචාර / මිනි මැරැම්..... ) කෙසේ උවත් ඔබ සිව්දෙනාට ලොව දිනන්නට් ශක්තිය.

:       0       0

උපුල් Wednesday, 30 May 2012 02:50 PM

ක්‍රීඩකයෝ හතර දෙනයි..., මගේ ප්‍රශ්නේ අනිත් කට්ටිය කොච්චරක්ද කියලයි.

:       0       0

ජනක Thursday, 31 May 2012 07:48 AM

2016 අපි දන්නෙනැ ඔලිමිපික් ගැන අපිට මතක් වෙයිද ? කියලත් ක්‍රිඩාවට ආශිර්වාදය ලැබුනුදා ඉදලා අපේ මලළ ක්‍රිඩාව ක්‍රිකටි- රගරුත් ගොඩේ ගොඩ .සුභ අ නාගතයක්.

:       0       0

ලසාක් Wednesday, 30 May 2012 10:30 AM

ලංනාවෙ කී‍්‍රඩා ක්ෂේත්‍රයේ දියුණුව ගැන මට හරිම සතුටුයි. ඔය විදිහටම යමු. එතකොට ඔලිමිපික් යන එක ලංකාවට හීනයක් වෙයි. හරි ඝෝක්.

:       0       0

සන්ජය Wednesday, 30 May 2012 04:55 PM

එතකොට නිලධාරීන් කීයක් යනවද???

:       0       0

සලා Thursday, 31 May 2012 10:31 AM

කියල වැඩක් නෑ.

:       0       0

කියුබානුවා Wednesday, 30 May 2012 05:46 PM

අපේ රටේ ක්‍රීඩාවට හරි දැක්මක් නෑ. පුහුණු කරුවෝ, ක්‍රීඩා නිලධාරීන් වගේම ක්‍රීඩකයෝත් ලැජ්ජා වෙන්න ඕනි.ඒ අයගේ දුර්වලතා නිසයි මෙහෙම වෙන්නේ.මීට වඩා හොද කැපවීමක් හැමෝම කරන්න ඕනි

:       0       0

අමිල Wednesday, 30 May 2012 12:37 PM

හතර දෙනාම සූරයෝ කියලා වැඩක් දෙමු මල්ලි.ජය වේවා!

:       0       0

රොහාන් Wednesday, 30 May 2012 01:22 PM

ආසියාවේ පරිහානිය..... ශ්‍රී ලංකාව මේවට වග කියන්න ඕනි ඉහළ ඇත්තෝ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 7 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 281 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 265 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 105 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1412 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1662 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site